නිවසේ ඇති WiFi ජාලය වඩා ආරක්ෂාකාරී එකක් කරගනිමු
ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු ,හතර වැනි ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ.මුල් ලිපි බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.
1 , 2 , 3
1 , 2 , 3
ඔයාලා හැමෝම WiFi ගැන ගොඩක් අහලා ඇති කියලා හිතනවා. අහල විතරක් නෙවෙයි. සමහරු ගොඩක්දේවල් දන්නවත් ඇති. ගොඩක් අය එදිනෙදා ජීවිතේදි WiFi නිතර භාවිතා කරනවත් ඇති. කොටින්ම කිව්වොත් ඔයාලගෙ ගෙදර WiFi Network එකක් ඇතිනෙ. Slt එකෙන් ඇවිත් Router එක හයි කරලා ගියාට පස්සෙ ඔයාල ඒක පාවිච්චි කරා මිසක් ඒකෙ ආරක්ෂාව ගැන නිකමට වත් හිතුවෙ නෑ නේද?
එතකොට අද කතාව තමයි ඔයගොල්ලො හැම කෙනෙකුගෙම වගේ ගෙදර තියන WiFi Network එකේ ආරක්ෂාව වැඩි කරගන්නෙ කොහොමද කියන එක.
විශේෂත්වය තමා අපි මේකට කිසිම අමතර මෘදුකාංගයක් වගේ දෙයක් භාවිතා කරන්නෙ නෑ. කරන්න යන්නෙ අපේ Router එකේ තියන සැකසුම් (settings) කිහිපයක් වෙනස් කරන එක විතරයි. පියවර කිහිපයකින් වැඩේ කරගන්න පුලුවන්.
මේක කරද්දි උදාහරණ විදිහට මම පාවිච්චි කරන්නෙ Slt එකෙන් දෙන සාමාන්ය ZTE router එක. ඉතින් screen shots එහෙම දානකොට ඒකට අදාලව තමා දාන්නෙ. ඔයගොල්ලන්ගෙ router වල user interface මීට වඩා ටිකක් වෙනස් වෙයි සමහරවිට. ඒත් මම පාවිච්චි කරන වචන එහෙම ගොඩක් විට ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඒ හින්දා ඔයාලට ලොකු ගැටළුවක් වෙන එකක් නෑ.
1. මුලින්ම අපි අපේ Router එකට log වෙන්න ඕනෙ
2. Router එකේ passowrd එක වෙනස් කරගැනීම
පලවෙනි පියවර විදිහට අපි කලේ router එකට log වෙන එකනෙ. ඒක ඇත්තටම ආරකෂක පියවරක් නෙවෙයි. මෙතන ඉඳන් තමයි ඇත්තටම ආරක්ෂක පියවරයන් පටන්ගන්නෙ.
හරි. අපේ router එකට log උනාට පස්සෙ මුලින්ම අනුගමනය කරන්න ඕනෙ ආරක්ෂක පියවර තමා router එකේ password එක මාරු කරගන්න එක. මොකද නැත්නම් අපි මෙතනින් එහාට මොන විදිහෙ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරත් වැඩක් නෑ. වෙන කෙනෙකුට අපේ router එකට log වෙලා එයාලට ඕනෙ විදිහට ඒව වෙනස් කරගන්න පුලුවන්. හරියට අපි අපේ ගෙදර වටේටම ලොකු තාප්පයක් බැඳලා ගේට්ටුව ලොක් කරන්නෙ නැතුව තියනව වගේ. හොරාට කිසිම කරදරයක් නැතුව ගේට්ටුවෙන්ම ඇවිත් හොරකම් කරගෙන යන්න පුලුවන්
මම මෙතනදි පාවිච්චි කරන මාදිලියෙ නම් Maintenance යටතේ තමයි ඒක කරන්න තියෙන්නෙ.
ඔයාලගෙ router වල සමහරවිට මීට වඩා ටිකක් වෙනස් ඇති. කරන විදිහ හොයාගන්න බැරි උනොත් User manual එක කියවලා බලන්න. බැරිම උනොත් පහලින් comment එකක් දාලා අහන්නකො.
සටහන:
Password එකක් දානකොට අනුගමනය කරන්නඕනෙ කරන්න පුංචි පුංචි දේවල් ටිකකුත් කියන්නම්.
3. ගුප්ත කේතන ක්‍රමයක් යෙදීම (බය වෙන්න එපා Encryption ගැන කියන්න යන්නෙ)
හරි, මෙච්චර වෙලා කතා කලේ WiFi router එකේ එහෙමත් නැත්නම් අපේ ජාලයේ භෞතික ආරක්ෂාව ගැනනෙ. අපේ තුන්වෙනි පියවරෙන් තමා WiFi Network එකේ තාර්කික (Logical) ආරක්ෂාව ගැන කතාකරන්න පටන්ගන්නෙ.
Encryption එහෙමත් නැත්නම් “ගුප්ත කේතනය” මගින් වෙන්නෙ අපේ ජාලය ඇතුලෙ සන්නිවේදනය වෙන දත්ත බාහිර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගන්න එක. ඒ කියන්නෙ පිටින් ජාලයට සම්බන්ද වෙන්න උත්සහ කරන කෙනෙකුට අවසරයකින් තොරව ජාලයත් එක්ක තොරතුරු සන්නිවේදනය කිරීම අවහිර කිරීම.
ඔයාලගෙ router එකේ wireless settings වල Authentication settings යටතේ මේ සැකසුම ඇති. එතන ප්‍රධාන Encryption type දෙකක් දැකගන්න පුලුවන් වෙයි. ඒ තමා WPA කියන type එකයි WEP කියන type එකයි. මේ අතරින් WEP කියන්නෙ අද වෙනකොට පහසුවෙන් crack කරන්න පුලුවන් ක්‍රමවේදයක්. ඒකනිසා ඔයාල තෝරගන්න ඕනෙ WPA කියන ක්‍රමවේදය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ WPA 100%ක් ආරක්ෂාකාරී කියලා. WPA-2 කියලා එකක් ඔයාලගෙ ලිස්ට් එකේ තියනවනම් ඒක තෝරගන්න. හැබැයි ටිකක් පරන wireless උපකරණ මේ WPA-2 ක්‍රමවේදයට සහය දක්වන්නෙ නෑ.
කතාව ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක screen shot එකක් දාන්නම්
Authentication type එක නිවැරදිව තෝරගත්තට පස්සෙ Network එකට key එකක් දාගන්න ඕනෙ. ඊට පස්සෙ network එකට සම්බන්ද වෙන හැම වෙලාවෙම මේ key එක එහෙමත් නැත්නම් password එක ලබාදීලා තමා සම්බන්ද වෙන්න ඕනෙ. Key එක නැතුව අනවසරයෙන් ජාලයට සම්බන්ද වෙන්න බෑ.
(මගෙ screen shot එකේ හැටියට නම් Authentication type ලිස්ට් එකට වැහිලා තියන Pre-Shared key කියන තැන තමා මේ කියන key එක ලබාදෙන්න ඕනෙ)
නිවැරදි විදිහට password එකක් දාගන්න විදිහ ගැන පොඩි සටහනක් “පියවර 2” අවසානයේ තියනවා. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
4. ජාලයට නමක් ලබාදීම (Network SSID)
( මගෙ කලිං screen shot එකේ හැටියට නම් Authentication type එකට උඩින් තියෙන්නෙ) මේ SSID එහෙමත් නැත්නම් Service Set Identifier මගින් තමා අපේ ජාලය පිටත ඉන්න කෙනෙක් හඳුනාගන්නෙ. සරලව කිව්වොත් මේක තමා අපේ network එකේ නම. මෙතනට නම් ඉතින් ඔයාලට හඳුනාගන්න පහසු නමක් ලබාදෙන්න පුලුවන්.
Broadcast SSID මගින් ඔයාලගෙ Network SSID එක අනිත් අයට පෙනෙන විදිහට හරි නොපෙනෙන විදිහට හරි තියන්න පුලුවන්. Broadcast SSID off කලොත් WiFi network එකක් search කලාට ඔයාගෙ network එක අහු වෙන්නෙ නෑ. හරියට Bluetooth වල තියන Discoverable වගේ. ඒත් Hide කරලා තියන SSID හොයාගන්න ඕනෙ තරම් ක්‍රම තියනවා කියලත් මතක තියාගන්න.
කොටින්ම කිව්වොත් මේක නම් ඉතින් සෘජුවම ජාලයේ ආරක්ෂාවට බලපාන්නෙ නෑ. ඒත් ඉන්ටනෙට් එකේ සැරිසරනකොට මේ SSID එක network එකේ ආරක්ෂාවට බලපාන්නෙ කොහොමද කියලා පොඩි ලිපියක් කියවන්න ලැබුනා. ඒකෙ තිබුනු ප්‍රධානම අදහස තමා,
“අපි අපේ SSID එක විදිහට default SSID එකක්, ඒ කියන්නෙ router එකෙන් auto දාගන්න SSID එකක් පාවිච්චි කලොත් hacker කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ network එකේ SSID එක වත් වෙනස් කරලා නැති හින්දා මේක එච්චර ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැති ජාලයක් කියලා. ඒ හින්දා මේක ලේසියෙන් hack කරන්න පුලුවන් වෙයි කියලා පෙළඹීමක් ඇතිවෙන්න පුලුවන්”
ඉතින් අපි මොකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නේද?
ඔන්න ඔය වගේ කතාවක් තමා ඒකෙ තිබුනෙ. පෙනුමට නම් ඒක මහ විහිලුවක් වගේ තමා පේන්නෙ. නමුත් ඒකෙත් ගතයුත්තක් තියනව කියල මට හිතුන හින්දා ඔන්නඔහෙ දැම්මා
5. MAC Address Filtering
මේ මාතෘකාව නම් සිංහලෙන් කියන විදිහක් මට හිතාගන්න බෑ. කොහොමහරි කතාව තේරෙනවනෙ? Filtering කියන එක නම් හැමෝටම තේරෙන්න ඇති. ඒත් MAC Address කියන එක නම් ඔයාලට අළුත් වචනයක් වෙන්න ඇති නේද? දන්න අයත් ඇති. ඒත් කතාව පටන්ගන්න කලින් MAC Address කියන්නෙ මොකද්ද කියලත් ටිකක් කියල ඉන්නම්.
“MAC Address එහෙමත් නැත්නම් Media Access Control Address කියලා හඳුන්වන්නෙ ලෝකෙ නිශ්පාදනය කරන හැම ජාලකරන උපකරණයකටම අනන්‍ය වෙන ලිපිනයක්. කවදාවත් එකම ලිපිනයක් උපකරණ දෙකක පිහිටන්නෙ නෑ. හරියට අපේ ජාතික හැඳුනුපත් අංකය වගේ.
මේ MAC Address උපකරණ වලට ලබාදෙන්නෙ යම්කිසි ප්‍රමිතියක්ට යටත්ව. ඒ ප්‍රමිතිකරණ සම්පාදනය කරන්නෙ විදුලි හා විද්‍යුත් ඉංජිනේරුආයතනය (IEEE) මගින්.
මේ MAC Address එක ගබඩා කරලා තියෙන්නෙ අදාල ජාලකරන උපකරණයේ Read Only Memory එකක. ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා අපිට ලෝකෙ තියන ඕනෙම ජාලකරන උපකරනයක් අනන්‍යව හඳුනාගන්න පුලුවන් වෙනවා.”
හරි. දැන් කතාකරමු මොකක්ද මේ MAC Address Filtering කියන්නෙ කියලා. කලින් කිව්වා වගේ ලෝකෙ තියන හැම ජාලකරන උපකරනයකටම අනන්‍ය වූ ලිපිනයක් තියන නිසා අපිට පුලුවන් අපිට අවශ්‍ය උපකරන වල MAC ලිපින හොයාගෙන ඒවට විතරක් අපේ ජාලයට සම්බන්ද වෙන්න අවස්ථාව ලබා දෙන්න.
එහෙමත් නැත්නම් අපට අනවශ්‍ය ජාලකරන උපකරණ වලට අපේ ජාලය අවහිර කරන්න පුලුවන්.
සරලව කිව්වොත් ඕක තමා MAC Address Filtering.
ඔයාලගෙ router එකේ wireless settings වලට ගියාම මේ පහසුකම තියනවනම් මෙන්න මේ වගේ දැකගන්න පුලුවන් වෙයි.
Active කියන එකෙන් වෙන්නෙ මොකද්ද කියල කියන්න ඕනෙ නෑනෙ. Action කියන තැනින් Allow association ලබාදීමෙන් අපි ලබා දෙන MAC ලිපින වලට පමණක් ජාලයට සම්බන්ද වීමට හැකි වන ආකාරයටත්, Deny association මගින් ලබා දෙන ලිපින සදහා ජාලය අවහිර කිරීමට පුලුවන්
මේ MAC Address එක බලාගන්න නම් ඉතින් එක එක ක්‍රම තියෙනවා. Phone එකක වගේ නම් WiFi settings වල ඇති. පරිගනකයක නම් ඔයාලගෙ Network device එකේ විස්තර බලන්න. එතනින් හොයාගන්න පුලුවන්. Windows මෙහෙයුම් පද්ධතියෙ නම් “පියවර 1” කියල තියන විදිහට commad prompt එකේ ipconfig විධානය භාවිතා කරලා හොයාගන්න පුලුවන් (Physical address කියලා පෙන්නන්නෙ MAC Address එක)
Linux වල නම් Terminal එකේ $ /sbin/ifconfig | grep HWaddr කියන විධානය භාවිතා කරන්න.
6. රැහැන් රහිත පාලනය ඉවත් කිරීම (Disable wireless administration)
අවසාන වශයෙන් අපේ router එක දුරස්ථව පාලනය කිරීම අවහිර කරන්න ඕනෙ. මේකෙන් වෙන්නෙ අපේ log in password එක දැනගත්තත් බාහිර පුද්ගලයෙකුට අපේ WiFi network එක හරහා router එක පරිපාලනය කිරීමෙ හැකියාව අවහිර කිරීම.
මේක නම් ඉතින් විවිද උපකරණ වල විවිධ විදිහට තමා කරන්න තියෙන්නෙ. සමහර උපකරන වල මේ හැකියාව නෑ. පොඩ්ඩක් ඔයාලගෙ User manual එක කියවලා බලන්න. මේකෙන් වෙන්නෙ WiFi network එක හරහා අපේ router එක administrate කිරීමේ හැකියාව නැති කිරීම. එතකොට router එක administrate කරන්න පුලුවන් රැහැන් වලින් සම්බන්ද වෙලා තියන උපකරණ වලට විතරයි.
හ්ම්ම්… ඔහොම තමා කතාව. මේ පියවර 6 අනුගමනය කලොත් ඔයාලගෙ ගෙදර තියන WiFi network එක වඩා ආරක්ෂාකාරී එකක් බවට පත් කරගන්න පුලුවන්. හැබැයි ඒකෙන් 100% ආරක්ෂිතයි කියලා අදහස් වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න.
-

මේකට අපි පාවිච්චි කරන්නෙ අපේ Web Browser එක. Firefox ද Chrome ද නැත්නම් වෙන එකක්ද කියන එක ප්‍රශ්ණයක් නෑ. කොටින්ම කිව්වොත් ඔයා කැමති Web browser එකකින් වැඩේ කරගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ browser එකේ address bar එකේ ඔයාගෙ Router එකේ Gateway IP address එක ටයිප් කරලා enter ඔබන එක.
දැන් ඉතින් Gateway IP address කියන්නෙ මොකද්ද කියලා බය වෙන්න එපා. ගොඩක් router වල එන්නෙ 192.168.1.1 කියන IP address එක. ඒක හරියන්නෙ නැත්නම් හරියටම බලාගන්න නම් ඔයාගෙ router එකේ user manual එක කියවන්න. ඒකෙ ලියල ඇති. User manual එකත් නැත්නම් router එකට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන් හොයාගන්න පුලුවන් වෙයි
Windows පාවිච්චි කරන කෙනෙකුට නම් command prompt එකේ ipconfig/all කියන command එක පාවිච්චි කරලත් ඔයාගෙ Gateway IP address එක හොයාගන්න පුලුවන්. මේ පින්තූරය බැලුවහම හොයාගන්න විදිහ තේරුම්ගන්න පුලුවන් වෙයි.
Linux භාවිතා කරන කෙනෙකුට නම් Terminal එකේ $ route -n විධානය භාවිතා කරන්න. මේකට screenshot දාන්න ඕනෙ නැතිවෙයි. හොයාගන්න හරිම ලේසියි.
කොහොමහරි Gateway IP එක හොයාගත්තට පස්සෙ ඔයාගෙ web browser එකේ address bar එකේ ඒ හොයාගත්තු IP address එක ටයිප් කරලා enter කරන්න.
දෑන් පොඩි pop-up window එකක් මතුවෙයි Router එකට log වෙන්න. ඒකෙ user name එකයි password එකයි ටයිප් කරන්න ඇති.
එතනදිත් ගොඩක් Router වල default user name විදිහට එන්නෙ admin කියලා. Password එකත් admin ම තමා.
ඒක හරියන්නෙ නැත්නම් ඔයාගෙ Router එකේ user manual එකෙන් හරි ඒ සමාගමේ වෙබ් අඩවියෙන් හරි හොයාගන්න පුලුවන්.
· Router එකේ password එක කලින් වෙනස් කරලා නම් default password එකෙන් log වෙන්න බෑ. ඒ වෙනස් කරපු password එක දෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් Router එක reset කරන්න ඕනෙ.
Reset කරොත් router එක default settings වලට පත් වෙනවා. සියළුම අන්තර්ජාල සැකසුම් අවලංගු වෙනවා. ඒවා හදාගන්න දන්නෙ නැත්නම් reset කරන්න එපා!
2. Router එකේ passowrd එක වෙනස් කරගැනීම
පලවෙනි පියවර විදිහට අපි කලේ router එකට log වෙන එකනෙ. ඒක ඇත්තටම ආරකෂක පියවරක් නෙවෙයි. මෙතන ඉඳන් තමයි ඇත්තටම ආරක්ෂක පියවරයන් පටන්ගන්නෙ.
හරි. අපේ router එකට log උනාට පස්සෙ මුලින්ම අනුගමනය කරන්න ඕනෙ ආරක්ෂක පියවර තමා router එකේ password එක මාරු කරගන්න එක. මොකද නැත්නම් අපි මෙතනින් එහාට මොන විදිහෙ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරත් වැඩක් නෑ. වෙන කෙනෙකුට අපේ router එකට log වෙලා එයාලට ඕනෙ විදිහට ඒව වෙනස් කරගන්න පුලුවන්. හරියට අපි අපේ ගෙදර වටේටම ලොකු තාප්පයක් බැඳලා ගේට්ටුව ලොක් කරන්නෙ නැතුව තියනව වගේ. හොරාට කිසිම කරදරයක් නැතුව ගේට්ටුවෙන්ම ඇවිත් හොරකම් කරගෙන යන්න පුලුවන්
මම මෙතනදි පාවිච්චි කරන මාදිලියෙ නම් Maintenance යටතේ තමයි ඒක කරන්න තියෙන්නෙ.
ඔයාලගෙ router වල සමහරවිට මීට වඩා ටිකක් වෙනස් ඇති. කරන විදිහ හොයාගන්න බැරි උනොත් User manual එක කියවලා බලන්න. බැරිම උනොත් පහලින් comment එකක් දාලා අහන්නකො.
සටහන:
Password එකක් දානකොට අනුගමනය කරන්නඕනෙ කරන්න පුංචි පුංචි දේවල් ටිකකුත් කියන්නම්.
· අකුරු දෙකේ තුනේ password පාවිච්චි කරන්න එපා. අඩුම තරමින් අකුරු 8ක් 10ක් වත් පාවිච්චි කරන්න.
· නමක් හරි තේරුමක් තියන වචනයක් හරි වගේ දෙයක් යොදාගන්න එපා. එතකොට වෙන කෙනෙකුට ඒක උපකල්පනය කරන්න පුලුවන් අවස්ථාව වැඩියි. ( Dictionary attack වලට එහෙම ලක් වෙන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් ඉදිරි post එකකින් කියන්නම්)
· අහඹු ලෙස තෝරගත්තු අකුරු, ඉලක්කම්, සංකේත වගේ හැම එකක්ම යොදාගන්න.( උදාහරනයක් විදිහට “J*pd Mk_b@Ad#uh527t dG{?” )
· අකුරු අතරට space යොදාගැනීමත් හොඳ ක්‍රමයක්
· කොටින්ම කිව්වොත් හොඳ password එකක් කියන්නෙ මතක තියාගන්න අමාරු password එකක් කියලා මතක තියාගන්න
3. ගුප්ත කේතන ක්‍රමයක් යෙදීම (බය වෙන්න එපා Encryption ගැන කියන්න යන්නෙ)
හරි, මෙච්චර වෙලා කතා කලේ WiFi router එකේ එහෙමත් නැත්නම් අපේ ජාලයේ භෞතික ආරක්ෂාව ගැනනෙ. අපේ තුන්වෙනි පියවරෙන් තමා WiFi Network එකේ තාර්කික (Logical) ආරක්ෂාව ගැන කතාකරන්න පටන්ගන්නෙ.
Encryption එහෙමත් නැත්නම් “ගුප්ත කේතනය” මගින් වෙන්නෙ අපේ ජාලය ඇතුලෙ සන්නිවේදනය වෙන දත්ත බාහිර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගන්න එක. ඒ කියන්නෙ පිටින් ජාලයට සම්බන්ද වෙන්න උත්සහ කරන කෙනෙකුට අවසරයකින් තොරව ජාලයත් එක්ක තොරතුරු සන්නිවේදනය කිරීම අවහිර කිරීම.
ඔයාලගෙ router එකේ wireless settings වල Authentication settings යටතේ මේ සැකසුම ඇති. එතන ප්‍රධාන Encryption type දෙකක් දැකගන්න පුලුවන් වෙයි. ඒ තමා WPA කියන type එකයි WEP කියන type එකයි. මේ අතරින් WEP කියන්නෙ අද වෙනකොට පහසුවෙන් crack කරන්න පුලුවන් ක්‍රමවේදයක්. ඒකනිසා ඔයාල තෝරගන්න ඕනෙ WPA කියන ක්‍රමවේදය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ WPA 100%ක් ආරක්ෂාකාරී කියලා. WPA-2 කියලා එකක් ඔයාලගෙ ලිස්ට් එකේ තියනවනම් ඒක තෝරගන්න. හැබැයි ටිකක් පරන wireless උපකරණ මේ WPA-2 ක්‍රමවේදයට සහය දක්වන්නෙ නෑ.
කතාව ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක screen shot එකක් දාන්නම්
Authentication type එක නිවැරදිව තෝරගත්තට පස්සෙ Network එකට key එකක් දාගන්න ඕනෙ. ඊට පස්සෙ network එකට සම්බන්ද වෙන හැම වෙලාවෙම මේ key එක එහෙමත් නැත්නම් password එක ලබාදීලා තමා සම්බන්ද වෙන්න ඕනෙ. Key එක නැතුව අනවසරයෙන් ජාලයට සම්බන්ද වෙන්න බෑ.
(මගෙ screen shot එකේ හැටියට නම් Authentication type ලිස්ට් එකට වැහිලා තියන Pre-Shared key කියන තැන තමා මේ කියන key එක ලබාදෙන්න ඕනෙ)
නිවැරදි විදිහට password එකක් දාගන්න විදිහ ගැන පොඩි සටහනක් “පියවර 2” අවසානයේ තියනවා. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
4. ජාලයට නමක් ලබාදීම (Network SSID)
( මගෙ කලිං screen shot එකේ හැටියට නම් Authentication type එකට උඩින් තියෙන්නෙ) මේ SSID එහෙමත් නැත්නම් Service Set Identifier මගින් තමා අපේ ජාලය පිටත ඉන්න කෙනෙක් හඳුනාගන්නෙ. සරලව කිව්වොත් මේක තමා අපේ network එකේ නම. මෙතනට නම් ඉතින් ඔයාලට හඳුනාගන්න පහසු නමක් ලබාදෙන්න පුලුවන්.
Broadcast SSID මගින් ඔයාලගෙ Network SSID එක අනිත් අයට පෙනෙන විදිහට හරි නොපෙනෙන විදිහට හරි තියන්න පුලුවන්. Broadcast SSID off කලොත් WiFi network එකක් search කලාට ඔයාගෙ network එක අහු වෙන්නෙ නෑ. හරියට Bluetooth වල තියන Discoverable වගේ. ඒත් Hide කරලා තියන SSID හොයාගන්න ඕනෙ තරම් ක්‍රම තියනවා කියලත් මතක තියාගන්න.
කොටින්ම කිව්වොත් මේක නම් ඉතින් සෘජුවම ජාලයේ ආරක්ෂාවට බලපාන්නෙ නෑ. ඒත් ඉන්ටනෙට් එකේ සැරිසරනකොට මේ SSID එක network එකේ ආරක්ෂාවට බලපාන්නෙ කොහොමද කියලා පොඩි ලිපියක් කියවන්න ලැබුනා. ඒකෙ තිබුනු ප්‍රධානම අදහස තමා,
“අපි අපේ SSID එක විදිහට default SSID එකක්, ඒ කියන්නෙ router එකෙන් auto දාගන්න SSID එකක් පාවිච්චි කලොත් hacker කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ network එකේ SSID එක වත් වෙනස් කරලා නැති හින්දා මේක එච්චර ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැති ජාලයක් කියලා. ඒ හින්දා මේක ලේසියෙන් hack කරන්න පුලුවන් වෙයි කියලා පෙළඹීමක් ඇතිවෙන්න පුලුවන්”
ඉතින් අපි මොකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නේද?
ඔන්න ඔය වගේ කතාවක් තමා ඒකෙ තිබුනෙ. පෙනුමට නම් ඒක මහ විහිලුවක් වගේ තමා පේන්නෙ. නමුත් ඒකෙත් ගතයුත්තක් තියනව කියල මට හිතුන හින්දා ඔන්නඔහෙ දැම්මා
5. MAC Address Filtering
මේ මාතෘකාව නම් සිංහලෙන් කියන විදිහක් මට හිතාගන්න බෑ. කොහොමහරි කතාව තේරෙනවනෙ? Filtering කියන එක නම් හැමෝටම තේරෙන්න ඇති. ඒත් MAC Address කියන එක නම් ඔයාලට අළුත් වචනයක් වෙන්න ඇති නේද? දන්න අයත් ඇති. ඒත් කතාව පටන්ගන්න කලින් MAC Address කියන්නෙ මොකද්ද කියලත් ටිකක් කියල ඉන්නම්.
“MAC Address එහෙමත් නැත්නම් Media Access Control Address කියලා හඳුන්වන්නෙ ලෝකෙ නිශ්පාදනය කරන හැම ජාලකරන උපකරණයකටම අනන්‍ය වෙන ලිපිනයක්. කවදාවත් එකම ලිපිනයක් උපකරණ දෙකක පිහිටන්නෙ නෑ. හරියට අපේ ජාතික හැඳුනුපත් අංකය වගේ.
මේ MAC Address උපකරණ වලට ලබාදෙන්නෙ යම්කිසි ප්‍රමිතියක්ට යටත්ව. ඒ ප්‍රමිතිකරණ සම්පාදනය කරන්නෙ විදුලි හා විද්‍යුත් ඉංජිනේරුආයතනය (IEEE) මගින්.
මේ MAC Address එක ගබඩා කරලා තියෙන්නෙ අදාල ජාලකරන උපකරණයේ Read Only Memory එකක. ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා අපිට ලෝකෙ තියන ඕනෙම ජාලකරන උපකරනයක් අනන්‍යව හඳුනාගන්න පුලුවන් වෙනවා.”
හරි. දැන් කතාකරමු මොකක්ද මේ MAC Address Filtering කියන්නෙ කියලා. කලින් කිව්වා වගේ ලෝකෙ තියන හැම ජාලකරන උපකරනයකටම අනන්‍ය වූ ලිපිනයක් තියන නිසා අපිට පුලුවන් අපිට අවශ්‍ය උපකරන වල MAC ලිපින හොයාගෙන ඒවට විතරක් අපේ ජාලයට සම්බන්ද වෙන්න අවස්ථාව ලබා දෙන්න.
එහෙමත් නැත්නම් අපට අනවශ්‍ය ජාලකරන උපකරණ වලට අපේ ජාලය අවහිර කරන්න පුලුවන්.
සරලව කිව්වොත් ඕක තමා MAC Address Filtering.
ඔයාලගෙ router එකේ wireless settings වලට ගියාම මේ පහසුකම තියනවනම් මෙන්න මේ වගේ දැකගන්න පුලුවන් වෙයි.
Active කියන එකෙන් වෙන්නෙ මොකද්ද කියල කියන්න ඕනෙ නෑනෙ. Action කියන තැනින් Allow association ලබාදීමෙන් අපි ලබා දෙන MAC ලිපින වලට පමණක් ජාලයට සම්බන්ද වීමට හැකි වන ආකාරයටත්, Deny association මගින් ලබා දෙන ලිපින සදහා ජාලය අවහිර කිරීමට පුලුවන්
මේ MAC Address එක බලාගන්න නම් ඉතින් එක එක ක්‍රම තියෙනවා. Phone එකක වගේ නම් WiFi settings වල ඇති. පරිගනකයක නම් ඔයාලගෙ Network device එකේ විස්තර බලන්න. එතනින් හොයාගන්න පුලුවන්. Windows මෙහෙයුම් පද්ධතියෙ නම් “පියවර 1” කියල තියන විදිහට commad prompt එකේ ipconfig විධානය භාවිතා කරලා හොයාගන්න පුලුවන් (Physical address කියලා පෙන්නන්නෙ MAC Address එක)
Linux වල නම් Terminal එකේ $ /sbin/ifconfig | grep HWaddr කියන විධානය භාවිතා කරන්න.
6. රැහැන් රහිත පාලනය ඉවත් කිරීම (Disable wireless administration)
අවසාන වශයෙන් අපේ router එක දුරස්ථව පාලනය කිරීම අවහිර කරන්න ඕනෙ. මේකෙන් වෙන්නෙ අපේ log in password එක දැනගත්තත් බාහිර පුද්ගලයෙකුට අපේ WiFi network එක හරහා router එක පරිපාලනය කිරීමෙ හැකියාව අවහිර කිරීම.
මේක නම් ඉතින් විවිද උපකරණ වල විවිධ විදිහට තමා කරන්න තියෙන්නෙ. සමහර උපකරන වල මේ හැකියාව නෑ. පොඩ්ඩක් ඔයාලගෙ User manual එක කියවලා බලන්න. මේකෙන් වෙන්නෙ WiFi network එක හරහා අපේ router එක administrate කිරීමේ හැකියාව නැති කිරීම. එතකොට router එක administrate කරන්න පුලුවන් රැහැන් වලින් සම්බන්ද වෙලා තියන උපකරණ වලට විතරයි.
හ්ම්ම්… ඔහොම තමා කතාව. මේ පියවර 6 අනුගමනය කලොත් ඔයාලගෙ ගෙදර තියන WiFi network එක වඩා ආරක්ෂාකාරී එකක් බවට පත් කරගන්න පුලුවන්. හැබැයි ඒකෙන් 100% ආරක්ෂිතයි කියලා අදහස් වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.