Ads 468x60px

home

Friday 10 April 2015

944.අනාගතය දිනන්න ඔබට වැදගත් කරුණු 14 ක්

අනාගතය දිනන්න  ඔබට වැදගත් කරුණු 14 ක්

Image result for best life

පුංචි සංදියේ අකුරු එකිනෙක උගෙන ඉනික්බිත පාසල් ගමනට සමුදුන් සැනින් බොහෝ දෙනාගේ ඒ කායන අරමුණ වන්නේ අනෙකක් නොව අතට කියක් හෝ හරි හම්බ කරගෙන පවුල් ආර්ථිකයට දැනෙන ශකිතියක් විමටයි. නමුත් එි වෙනුවෙන් අනන්ත සුභ සිහින දකින ඔබ සැබැවින්ම පහත සඳහාන් ඊට අවැසි සාධකයන් සපුරා තිබේදැයි විමසා බලා නැතිනම් අද පටන් ආරම්භ කරන්න යෑයි ආදරයෙන් ආරාධනා කරමු.

1) ඔබට ගැලපෙන රැකියාව කුමක්ද ?

ඔනෑම කෙනෙක් රැකියාවක් කිරිමට කැමති වගේම උසස් යැයි සම්මත රැකියාවක නියතු විමට දක්වන්නේද වැඩි කැමැත්තක්. ඒත.. එවන් රැකියාවක් සදහා ඇත්තටම ඔබ සුදුසුද? ඔබ සතු දක්ෂතා මොනවාද? ඊට ගැලපෙන රැකියා අවස්ථා තිබෙද ? ඔබේ පුද්ගලික ගති ලක්ෂණ හා අඩුපාඩු නිවැරදි කර ගත හැකිදැයි සිතා බැලිම ඉතාම වැදගත්. ඒ අනුව ඔබට ගැලපෙන රැකියාව හා රැකියා ක්ෂේත්‍රය සොයා බලා තිරනය කරන්න.

2) සුදුසුකම් මොනවාද?

ඔබ සොයන රැකියාවට අවශ්‍ය වන සුදුසු කම් මොනවාදැයි හොදින් සොයා බලන්න. ඔභ ඊට අයදුම් කිරිමට පෙර අවම වශයෙන් එයින් සපුරාලිය යුතු අවම සුදුසුකම්වත් ඔබට ඇත්දැයි දැනගන්න. එම තනතුරට අවශ්‍ය අනෙකුත් ප්‍රායෝගික කුසලතා හා පළපුරුද්ද කොතෙක් දැයි විමසා බැලිම ද ඉතා වැදගත්.

3) ඔබ සපුරා ඇති ප්‍රමාණය කොතෙක්ද?

ඒ සියලු තනකුරුවලට අනුව ඉන් ඔබ සතු සුදුසුකම් ප්‍රමාණයමහා අවබෝධයකින් යුතුව ඊට ගැළපෙන පරිදි පමණක් අදාල තනතුරට අයදුම් කරන්නට වග බලා ගැනිමෙන් මානසිකව පවා ඔබ ලබන්නේ තෘප්තියක් සමග සැනසුමක්.

4) අදාල රැකියා ස්ථානය.

ඔබ සේවයේ නියතුවන්නට සුදානම් වන එම රැකියා ස්ථානය ගැන භාහිර සවිස්තරයක් ( ආරම්භයෝ පටන් මේ දක්වා) සොයා දැනුවත් විම ඊට යොමුවිමට පෙර වැදගත් සහා අවශ්‍යයි. මන්ද මේ වන විට විවිධ යහපත් මුහුණුවරින් යුතු අයථා ගණුදෙනු වෙනුවෙන් ඇරඹූණූ රැකියා ස්ථාන බහුලයි. එබැවින් ඒ ගැන සොයා බැලිම ඉතා අවශ්‍ය සහා අනිවාර්ය කාරණාවක්.

5) සේවා ස්ථානයේ පැවැත්ම හා ක්‍රියාවලිය.

ඒසේම එම සේවා ස්ථානයේ සාමන්‍ය පැවැත්ම සහා එහි ක්‍රියා පටිපාටිය සොයා බලා ඔබට ගැළපෙනවාද/ ඔබට ඊට අනුකුලව හැඩ ගැසිය හැකිදැයි අවබෝධයක් ලබා ගැනිම සුදුසුම කටයුත්තක්.ඉන් ඔබ එකවර රැකියාවට යෑම නිසා ඇතිවිය හැකි මානසික පිඩනය අවම කරන්නට සමත්.

6) ආයතන ප්‍රධානියාව හරි හැටි හදුනා ගැනිම.


එමෙන්ම රැකියාවට ගියා පසු අදාළ රැකියා ප්‍රධානියාගේ ස්රූපය ගැන ( ගතිගුණ හා හැසිරිම් රටා ආදිය ) මනා අවබෝධයක් ලබා ගන්න. එය ඔබගේ රැකියාව අපහසුතාවයකින් තොරව කරගෙන යෑමට ලැබෙන අපුරු අත්වැලක්.

7) වෙලාවට වැඩ කිරිම.

නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරිම, නියමිත වේලාවට රැකියා කටයුතු ඇරඹිම ද අනිවාර්ය සාධකයක්. ඉන් ආයතනයට සේම ඔබටත් ඇතිවන්නේ පමසුවක්. වැඩ ගොඩ ගැසිම වැළක්විම ඉන් ප්‍රධානයි. කාලයක් අපතේ නොයවා කාලය අරපිරිමැස්මෙන් යුතුව යොදමින් සිය රාජකාරි යුතුකම් ඉටු කිරිමට අවකාශය සාදයි.

8) තම පමණ දැන කටයුතු කිරිම. 

සේවයට වාර්ථා කළ සැනින් ඒ ගැන දුර නොසිතා අවම වශයෙන් තමා ගැනවත් නිවැරදි අවබෝධයක් රහිතව දෙන ඔනෑම කාර්යක් බාර ගැනිමෙන් වළකින්න. එහිදි බොරුවට සෑම වැඩක්ම කළ හැකි බව පවසා බාරගෙන කරන්නන් වලේ නොකට ඔබගේ තත්වය දැන කළ හැකි දේ පමණක් කරන්න.

9) ඉලක්කය සපුරාලිමට කැප විම.

ඔබ ඔබටම නිවැරදි ඉලක්කයක් ලබාදෙමින් ඒවා ඉටු කරගැනිම වෙනුවෙන් කැපවිමට උත්සහා කරන අතරතුර යහපත් සේවයක් හැමවිටම ලබා දෙන්න. ඉන් ඔශභ වෘත්තිකයකු ලෙස සාර්ථකත්වයට පත් වන්නේ නිපුණත්වයට පත් කරමින්

10) ලැබෙන වැටුපට ණයකරුවකු නොවිම.

ඔභගේ රැකියාවට හිමි සියළු වගකිම් හා යුතුකම් දැන හදුනාගෙන ඒ වෙනුවෙන් ලැබෙන වැටුප ණයකරුවකු නොවන්නට කටයුතු කරන්න. *අයිස් ගහන* චරිතයෙන් ඉවත්ව ලැබෙන වැටුපට සරිලන මනා සේවයන් ලබා දෙන්නට තරම් රැකියාවට අවංක වන්න.

11) රැකියාව වෙනත් අයුතු දෑ සදහා යොදා නොගැනිම.

 ඔබගේ රැකියාවේ ස්වාභාවය හා ඊට හිමි බලතලවල ප්‍රමාණය කෙසේ වුවත් ඒවා ඔබගේ පුද්ගලික වාසියට නොයවා සමස්ථ යහපතට පමණක් යොදන්න. වැඩියෙන් හම්බ කරගන්නට ලැබුණ වරමක් ලෙසින් නොසිතා කළ යුත්ත පමණක් කරමින් රැකියාවේ ගෞරවය රකින්න.

12) අවංක, කාර්යශුර රැකියා ලබියෙක් විම.

ඔබ ඔබටම මෙන්ම ඔබගේ රැකියාවට ඒ ස්ථානයට අවංක සේවකයෙක් වෙන අතරම සැවොම සමග සුහදව සිනා මුවින් වැඩ කරන කාර්යශුර රැකියා නියුක්තිකයෙක් වෙන්න. ආදර්ශමත් ලෙස රැකියාවේ නියතු වන්න.

13) දැනුම හා පළපුරුද්ද ඇති කර ගැනිම. 

රැකියාව කුමක් වුවත් ලැබුණු දා පටන් ඉන් නික්ම යන තුරුම රැකියාවේ එකම තැන සිටිය යුතු නැත. සොයන්න ඔබ, හැමවිටම ලැබෙන හැම වේලාවකම, අලුත් දැනුමක් ඉන් ඉදිරියට අවශ්‍ය වන, හදා ගන්න ඉඩක් ඒ වෙනුවෙන් කැපවිමෙන්. මෙසේ සොයා ගත් දැනුමෙන් ලබන්න පළපුරුද්ද ඔබ තවත් දියුණුවන්නට රැකියාවෙන්.

14) උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් සිත පෝෂණය කිරිම.

ඔබේ දියුණුවට මං අහුරනවායැයි සිතන අයට කෙණෙහෙළිකම් කිරිමෙන්, වලවල් කැපිමෙන්, කේලම් කිමෙන්, දෙපාර්ශ්ව කෙටවිමෙන්, පෙත්සම් ගැසිමෙන් අනිවාර්ය ඈත්ව සහාමුලින්මඉවත් කරන්න. උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් ඔබේ සිත සුපෝෂිත කරගනිමින් ලැබුණ, සොයන, සිටින රැකියාවට නිවැරදි සේවය ලබාදී අවංක සේවකයෙකු වන්න. ඉන් ඔබගේ දියුණුවත්, සතුටත්, සැනසුමත් සේම ආර්ථික හයියත් නිබඳවම ලැබෙන බව නම් කිව යුතුමය.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-