Ads 468x60px

home

Monday 20 July 2015

1009.මොකක්ද මේ වින්ඩෝස් "Rating" කියන්නේ?

මොකක්ද මේ වින්ඩෝස් "Rating" කියන්නේ?

Image result for rating windows

 ඔබේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතිය "Windows 7" නම් ඔබ අහල ඇති "Windows Rating" කියලා දෙයක් ගැන.  අද කියලා දෙන්න යන්නේ "Windows Experience Index" මගින් පෙන්වන මේ "Rating" කියන්නේ මොකක්ද කියලා.

 මුලින්ම මේක බලන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට කියලා දීලා ඉන්නම්. ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය මත ඇති "Computer" අයිකනය මත ඩබල් ක්ලික් කිරීමෙන් විවෘත වන වින්ඩෝවෙහි ඉහළ වම් පසට වන්නට ඇති System Properties" නම් ටැබ් එක මත ක්ලික් කළ විට විවෘත වන වින්ඩෝවෙහි "System" යන්න ඉදිරියේ ඇති "Rating" යටතේ ඔබේ පරිගණකයේ දැනට පවතින "Rating" අගය දැකගත හැකිය.




 එම ස්ථානයේ කිසියම් අගයක් දැකගත නොහැකි නම් ඉන් අදහස් වන්නේ ඔබේ පරිගණකය තවමත් "Rate" කර නොමැති බවයි. "Rate" කිරීම සඳහා "Rating" යන්නට ඉදිරියෙන් ඇති "Rate This Computer" මත ක්ලික් කිරීමෙන් පරිගණකය "Rate" කරගත හැකිය.

 "Rate" කරගැනීමෙන් අනතුරුව  "Rating" යන්න ඉදිරියේ ඇති "Windows Experience Index" මත ක්ලික් කිරීමෙන් විවෘත වන වින්ඩෝවෙහි "Rate and improve your computer's performance" යටතේ ඔබේ පරිගණකයේ ඇති ප්‍රධාන දෘඩාංග කොටස් වලට අදාළ "Rating" අගයන් දැකගත හැක.



 සරලවම මේ මගින් කරන්නේ ඔබේ පරිගණකයේ ඇති දෘඩාංග (Hardware) හා මෘදුකාංග (Software) සැකසුම් වල හැකියාව (Capability) මැනීම සහ එම මිනුම "Base Score" නම් අගයක් මගින් ප්‍රකාශ කිරීමය. පරිගණකයේ "Rating" එක හැටියට හඳුන්වන්නේ මෙන්න මේ "Base Score" නම් අගයයි.

 සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයේ "Base Score" එක ඉහළ අගයක් නම් එයින් අදහස් වන්නේ ඔබේ පරිගණකය අඩු "Base Score" අගයක් සහිත පරිගණකයකට සාපේක්ෂව වඩාත් හොඳින් මෙන්ම වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බවයි. ඒ වගේම විශේෂයෙන් උසස් (Advanced) හා වඩාත් තීව්‍ර (resource-intensive) පරිගණක කටයුතු වලදී ඉතා හොඳින් ක්‍රියාත්මක විය හැකි බවයි.

 "Windows Experience Index" මගින් පරිගණකයේ ඇති එක් එක් දෘඩාංග කොටසට වෙන වෙනම එහි හැකියාව පිළිබඳ මිනුමක් ලබාදේ. එය "Subscore" ලෙස හැඳින්වේ. වඩාත් වැදගත්ම කාරණය වන්නේ ඉහත කී "Base Score" අගය නිශ්චය වන්නේ අවම "Subscore" අගය මත වීමයි. එනම් අවම හැකියාව සහිත දෘඩාංග කොටස මත ඔබේ පරිගණකයේ "Rating" එක තීරණය වන බවයි. උදාහරණයක් විදිහට අවම "Subscore" අගය (lowest subscore) එක සහිත දෘඩාංගයේ අගය 2.9 නම් ඔබේ "Base Score" අගය වන්නේ 2.9 යන්නයි. මෙමගින් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ "Base Score" අගය යනු සියලුම "Subscore" අගයන්ගේ මධ්‍යන්‍ය (average) අගයක් නොවන බවයි.

 කෙසේ වෙතත් "Subscore" මගින් ඔබට අවශ්‍ය එක් එක් දෘඩාංග කොටස් ක්‍රියාත්මක වීමෙහි හැකියාව ඔබට බලාගන්න පුළුවන්. මෙමගින් ලැබෙන වාසියක් වන්නේ එම දැනට පවතින හැකියාව වැඩි කළ (upgrade) යුත්තේ කුමන දෘඩාංග කොටස් වලද යන්න අපට හඳුනාගත හැකි වීමයි. ඒ වගේම මෙම "Base Score" අගය මගින් ඔබේ පරිගණකයට ගැලපෙන්නේ කුමන පරිගණක වැඩසටහන්ද යන්න තෝරාගැනීමට උදව්වක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබේ පරිගණකයේ "Base Score" අගය 3.3 නම් ඔබට "Base Score" අගය 3 හෝ ඊට අඩු අගයක් අවශ්‍ය මෘදුකාංග හෝ වෙනත් පරිගණක වැඩසටහන් තෝරාගැනීම වඩාත් සුදුසු වනවා ඇති.

 දැනට (currently) වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ මෙම අගයන් (Base Score) පවතින පරාසය වන්නේ 1.0 සිට 7.9 දක්වාය. "Windows Experience Index" වැඩසටහන තුළින් බලාපොරොත්තුවන අමතර වැදගත්කමක් නම් එය පරිගණක තාක්ෂණික කටයුතු වලට ප්‍රයෝජනවත් වීමය.

 ඔබේ පරිගණකයට වඩා වේගවත් අලුත් දෘඩාංග එක් කර "Windows Experience Index" හි ඇති "Re-run the assessment" මත ක්ලික් කිරීමෙන් ඔබ එක් කරන ලද නව දෘඩාංග හේතුවෙන් වැඩිවී ඇති නව "Base Score" අගය ලබා ගත හැකිය. එනම් ඔබ එක් කරන දෘඩාංග ක්‍රියාකාරීත්වයෙන් හා වේගවත් බවෙන් ඉතා ඉහළ නම් ඔබට වැඩි "Rating" අගයක් ලබා ගත හැක. නමුත් එක් එක් මට්ටම් වලට අදාල ප්‍රමිතීන් (standards) සාමාන්‍යයෙන් නියමිත ආකාරයෙන්ම පවතී.


 කෙසේ නමුත් සමහර අවස්ථා වලදී ඔබ එක් කරන දෘඩාංග සැකසුම් නිසා ලැබෙන "Base Score" අගය අඩු වීමටද හැකියාව ඇත. මේ නිසා ඔබේ පරිගණකයේ සමස්ථ සැකසුම්වලටම ගැලපෙන දෘඩාංග හා මෘදුකාංග කොටස් ඔබ විසින් තෝරා ගත යුතුවේ. එසේම ඒ ඒ දෘඩාංග කොටස් වලට අදාල නවතම "Driver" මෘදුකාංග, ඔබ විසින් පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමද ඉතා වැදගත්වේ.


- -
 
-