Ads 468x60px

home

Tuesday 4 August 2015

1021.Command Prompt මගින් පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Command Prompt මගින් පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Image result for Command Prompt
        ගොඩක් අය තමන්ගේ පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරන්නේ, Start menu එකේ තියෙන power button එක භාවිතා කරලා. එහෙමත් නැත්නම් පරිගණකයේ බාහිරින් තිබෙන physical power button එක භාවිතා කරලා. මේවා තමයි සාමාන්‍ය ක්‍රම. ඒත් මේ ක්‍රම වලට අමතරව ගොඩක් වැදගත් ක්‍රමයක් අද  ඔයාලට කියලා දෙනවා. ඒ තමයි ඔයාලගේ පරිගණකය Command Prompt එක භාවිතා කරලා ක්‍රියා විරහිත (Shutdown) කරන්නේ කොහොමද කියලා.

මෙහි ඇති වැදගත්කම තමයි, ක්‍රියා විරහිත (Shutdown) කිරීමට අමතරව ඒ සඳහා කාලයක් ලබාදීමත් මෙමගින් කළ හැකි වීමයි. ප්‍රධාන වශයෙන්ම Shutdown කරන ආකාරයත් ඊට අමතරව Restart හා Log Off කරන විවිධ ආකාරයන් කීපයකුත් මෙම ලිපිය මගින් ඔයාලට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.


පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කරමු...

මෙම සියලුම ක්‍රියාවලීන් සිදු කිරීමට නම් පළමුවෙන්ම Command Prompt විවෘත කරගන්න ඕන. ඒ සඳහා යතුරු පුවරුවේ Windows Key + R යන යතුරු තද කරලා Windows Run විවෘත කරගන්න. ඊට පස්සේ එහි CMD ලෙස ටයිප් කරන්න. විවෘත වන Command Prompt එක තුළ shutdown -s ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී ක්‍රියාත්මක වන විධානය ලෙස "shutdown" යන්නත් "-s " මගින් පරිගණකයට එය දැනුම් දීමත් සිදු කරයි. අවසන් ප්‍රතිඵලය ලෙස පරිගණකය ක්‍රියා විරහිත වේ.




පරිගණකය Restart කරමු...

පෙර පරිදිම Command Prompt විවෘත කරගන්න. shutdown -r ලෙස එහි ටයිප් කරන්න. යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-r " යන්න මගින් shutdown වීමෙන් අනතුරුව Restart වන ලෙස පරිගණකයට දැනුම් දෙයි.




දැන් භාවිතා වන ගිණුම ක්‍රියා විරහිත කරමු (Log off the Current User Account)...

Command Prompt තුළ shutdown -l ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-l " මගින් පරිගණකයට Log off වීමට විධානය ලබා දෙයි.




පරිගණකය ඔබ දී ඇති කාල සීමාවකට පසු ක්‍රියා විරහිත (Shutdown) කරමු...

Command Prompt තුළ shutdown -s -t 60 ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී පරිගණකය ක්‍රියා විරහිත විය යුත්තේ කොපමණ කාලයකට පසුවද යන්න " -t " මගින් පරිගණකයට දැනුම් දෙයි. ඉහත 60 ලෙස ඇත්තේ එම කාලය තත්පර වලිනි. මෙම අගය ඔබට කැමති අගයකට වෙනස් කරගත හැක. මේ ආකාරයට ක්‍රියා විරහිත වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමක් ඔබේ පරිගණක තිරය මත දර්ශනය වනු ඇත.




පරිගණකය ක්‍රියා විරහිත වීමේදී ඒ පිළිබඳ පණිවිඩයක් පරිගණක තිරයේ දිස් වීමට සලස්වමු...

Command Prompt තුළ shutdown -s -c "I am tired. I don't want to work anymore." ලෙස ටයිප් කර යතුරු පුවරුවේ Enter යතුර තද කරන්න. මෙහිදී "-c " මගින් පරිගණකය ක්‍රියා විරහිත වීම සඳහා ඔබ විසින් ලබා දුන් හේතුව පරිගණක තිරයේ දිස්වීමට පරිගණකයට විධානය සපයයි. ඔබ ලබාදෙන පණිවිඩය ඉහත I am tired. I don't want to work anymore. ලෙස සඳහන් කර ඇති ස්ථානයේ ඒ වෙනුවට යෙදිය යුතුය. එනම් "Replace" කළ යුතුය. එය ඇතුළත් කළ යුත්තේ උදෘත පාඨයක් ලෙස බව මතක තබාගන්න. ඒ වගේම මෙය විනෝදය උදෙසාද භාවිතා කළ හැකි බව ඔබට වැටහෙනු ඇත.





ඉහත සඳහන් කර ඇති සියලුම ක්‍රියාවලි සුදුසු ලෙස එකට එක්කරද භාවිතා කළ හැක. එසේම විධානයන් "Note pad" තුළ ටයිප් කර සුදුසු නමක් යොදා එහි අගට .bat යන දිගු නාමය සහිතව All files යන file type එක යොදා Desktop හි save කර එම save කරන ලද ගොනුව ඩබල් ක්ලික් කිරීමෙන්ද පහසුවෙන් ඕනෑම අවස්ථාවක එම විධාන ක්‍රියාත්මක කළ හැකිය.

- -
 
-