Ads 468x60px

home

Saturday 8 August 2015

1024.Windows 10 Auto Update වීම නතර කරමු.

Windows 10 Auto Update වීම නතර කරමු.

Image result for windows 10 operating system

අද වෙනකොට ගොඩක් අය Windows 10  දාගෙන ඉන්නේ.නොමිලේ දෙන නිසා ගොඩක් අය දාගෙන ඇති.නමුත් ඉදිරියට කුමන බලාපොරොත්තුවක් microsoft එකට තියද කියල තාම නිශ්චිත තොරතුරක් නම් නැ.විවිද අය විවිද අදහස් පලකරනවා බලමු ඉදිරියට කුමක් වේවිද කියලා.කොහම උනත් දැනටමත්   Windows 10 පාවිච්චි කරන සහ ඉස්සරහට දාන්න ඉන්න අයට වැදගත් වෙයි. සමහරු කියනවනේ Windows 10 වල Auto Update වෙන එක නවත්වන්න බෑ කියලා. ඉතින් දැන් කියන්න යන්නේ Windows 10 වල  Auto Update වෙන එක නවත්වන්නේ කොහොමද කියලා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ.



මෙහමයි වැඩේ කරගන්නේ.

* Start >>> Setting ක්ලික් කරන්න.

(රුප ලොකු කර බැලිමට ඒ මතclick කරන්න​.)




* දැන්  Setting Window එකේ " Control Panel " කියලා Type කරන්න.



* දැන්  Control Panel එකේ " Administrative Tools "  ක්ලික් කරන්න.




* ලැබෙන  Administrative Tools Window එකේ " Services " ඩබල් ක්ලික් කරන්න.



*  ලැබෙන  Services Window එකේ " Windows Update " ඩබල් ක්ලික් කරන්න.



* Windows Update Properties Window එකේ

Startup Type කියන එක  " Disabled "  කරන්න



කරන්න තියෙන්නේ ඔච්චරයි..... Windows Auto Update වෙන එක දැන් නතර වෙලා ඇති.



- -
 
-