Ads 468x60px

home

Monday 21 September 2015

1052.Log On Screen එකේ තියෙන පින්තූරෙ හැක් කරමු.

Log On Screen එකේ තියෙන පින්තූරෙ හැක් කරමු. 

Image result for Windows 7 Logon Changer

 අද දෙන්න යන්නේ පොඩි tool එකක්. මේකෙන් කරන්නේනම් ඉතිං ඔයාලගෙ Windows Log On Screen එකේ තියෙන පින්තූරෙ වෙනස් වෙන එක තමයි. තව දෙයක් කියන්න ඕනි. මේක වැඩ කරන්නේ Windows 7 වලට විතරයි. හරි එහෙනම් අපි දැන් බලමුකෝ මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා...

ඉස්සෙලල්ම ඔයාල  පහලින් දීළ තියෙන Link එකට ගිහින් software එක download කරගන්න. ඊට පස්සේ ඒක තියෙන්නේ RAR file එකක් විදිහට. ඔයාට ඒක Extract කරගන්න වෙනවා. Extract කරලා ඉවර උනාට පස්සේ Folder එක ඇතුලට ගියපුවහම ඔයාට පේයි Windows 7 Logon Changer කියලා Software එක තියෙනවා. ඉතිං මුලින්ම ඒක උඩ double click කරලා හරි මොනයම් ක්‍රමයකට ඒක open කරගන්න. ඊට පස්සේ Change Logon Screen කියන එක උඩ click කරන්න.  එතනින් අලුත් ඩයලොග් බොක්ස් එකක් open වෙලා ඔයාට අවශ්‍ය කරන පින්තූරය තෝරලා දීල Open කියන එක උඩ click කරන්න. සමහර විට ඔයා තෝරගත්තු පින්තූරයේ size එක ලොකු වැඩියි කියලා Message එකක් එන්න පුලුවන්. එතකොට ඒ එන එක YES කරන්න. ඊට පස්සේ ඉතිං ඔයාට Test එකක් බලාගන්න ඕනිනම් පහළින් තියෙන Test කියන එක click කරලා ඔයාගෙ අලුත් Logon screen එක බලාගන්න පුලුවන්.

ඒ වගේම ආයෙත් පරණ එහෙමත් නැත්නම් Windows install කරපුවහම එන Screen එක ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ Revert To Default Logon Screen කියන එක Click කරන්න. එතකොට හරි.

ඔන්න එහෙනම් පහලින් Software එක බාගන්න.

__________________________________



 
-