Ads 468x60px

home

Sunday 27 December 2015

1071.එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

එකවුන්ට් කීපයක මේල් එකකට ගෙන්න ගන්න - Email Forwarding.

Image result for Email Forwarding

සාමාන්‍යන් පුද්ගලයෙක්ට ඉමේල් ගිනුම් දෙකක් හෝ ඊට වැඩි ගනන්ක් තිබෙන්න පුලුවන්.පුදිගලික ඊ මේල් ඇඩ්රස් එකකුත් එදිනෙදා පාවිච්චියට වෙනම මේල් එකක් පාවිච්චි කරනවා. එතකොට ඒ මේල් බලන්න එක මේල් එකකින් ලොග් අවුට් වෙලා අනිකට ලොග් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්රෝව්සරයක් පාවිච්චි කරන්න ඕනේ.එහෙම නැත්තන් පොඩි ක්‍රමයක් තියෙනවා ඊමේල් ෆොර්වඩ්න්ග් (Forwarding) . ඊමේල් ඇඩ්රස් කීපයක් පාවිච්චි කරන අයට මේ ක්‍රමය ප්‍රොයෝජනවත් වෙයි. 

මේ ක්‍රමය හැම ඊමේල් එකකම වගේ නොමිලේ ලබාදෙන සේවාවක්. කොහොම නමුත් ජීමේල් තවත් ජීමේල් එකකට ඊමේල් ෆොර්වොර්ඩ් කරන විදිය දැනට කියන්නම්.

මෙහෙම හිතමු, අපි ගාව ඊමේල් ඇඩ්රස් දෙකක් තියෙනවා මේවගේ,

1. test@gmail.com 

2. test1@gmail.com

අපිට දැන් ඕනේ test@gmail.com එකට එන ඔක්කොම මේල් ටික test1@gmail.com කියන මේල් ඇඩ්රස් එකට ගෙන්න ගන්න. 
හරි වැඩේ ලේසියි. එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලම test@gmail.com එකට ලොගින් වෙන්න. එකෙන් දැති රෝදයක් වගේ තැනින් සෙටින්ග්ස් (Settings) වලට ගිහින් Forwarding and POP/IMAP තෝරාගන්න. 
පහලින් තියෙන පින්තුරේ බලන්න.

(පින්තුර ලොකුකර බැලිමට ඒ මත click කරන්න​?)




ඔතනින් Add a Forwarding Address කියන තැනි ක්ලික් කරන්න. එතකොට පහලින් පෙන්නන පින්තුරේ වගේ එකක් එයි.  



ඔතනට ඊමේල් ගෙන්නගන්න ඕන ඇඩ්රස් එක නැත්නම් test1@gmail.com දාන්න. ඊට පස්සේ "Next" කරන්න. එතකොට කන්ෆර්ම් කරන්න කියයි. 



මෙතනදි ගුගල් සේවය බලාපොරොත්තු වෙන්නේ මේ අදාල ඊමේල් ගිණුම් දෙකම ඔයාට අයිති හෝ ඔයාට ලොගින් වෙන්න පුලුවන්ද කියන එක හොයලා බලන එක විතරයි. 

ඔතනදි කරන්න ඕනේ යටින් තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා,  මේ මේල් එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා test1@gmail.com එකට ලොගින් වෙන්න. එකට ඊමේල් එකක් ඇවිත් තියෙයි. 
ඔකේ තියෙනවා කන්ෆෙර්මේෂන් කෝඩ් එකක්. එක කොපි කරලා අපහු test@gmail.com එකට ලොගින් වෙලා Confirmation Code කියන තැන පේස්ට් කරලා Verify කරන්න.

ඊටපස්සේ Forward a copy of incoming mail to (test1@gmail.com) and Mark Gmail’s Copy as read කියන එක අනිවාර්යෙන්ම තෝරන්න. 

Mark Gmail’s Copy as read :
  
Mark Gmail’s Copy as read කියන ඔප්ෂන් එකකේ කරන්නේ, test@gmail.com මේල් ඇඩ්රස් එකට එන මේල් test1@gmail.com එකට ෆොර්වර්ඩ් උනහම ඒ අදාල ඊමේල් එක "කියෙව්වා" කියලා ලකුණු කරන එක. 

දැන් වැඩේ හරි. යටින්ම තියෙන තියෙන සේව් බටන් එකෙන් සේව් කරලා, test1@gmail.com එකට ලොගින් වෙලා බලන්න.
මේල් දැන් ෆොර්වර්ඩ් වෙන්න ඕනේ.
ඔක්කොම මේල් එන්නේ ඉන්බොක්ස් එකට එකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. වෙනම ෆෝල්ඩර් එකක් හදලා එකට යන්න හදන්නේ. වැඩේ කරන්න කලින් test@gmail.com එකෙන් ඔයාට ෆොර්වර්ඩ් උන මේල් එකක් හොයාගන්න



මේ පින්තුරේ විදියට ඒ මේල් එක විතරක් ටික් එක දලා තෝරාගන්න. ඊට පස්සේ උඩින් රතු පාටින් කොටුකරලා තියෙන තැනින් Create New තෝරාගන්න. 

පහල පින්තුරේ බලන්න.





ෆොර්වර්ඩ් වෙන මේල් දාන්න වෙනම හදන්න යන ෆෝල්ඩර් එකට කැමති හෝ ගැලපෙන නමක් දාගන්න.  
නම් විතරක් දලා වෙන මුකුත් කරන්නේ නැතුව Create කරන්න. එතකොට ඔයාට ඉන්බොක්ස් එක යටින් ඔයා හදපු ෆෝල්ඩර් එක පෙනෙයි. 

පසුගිය දිනයන්හි අදික කාර්ය බහුලත්වය නිසා අකංඩව ලිපි ලබාදිමට නොහැකි උනා.දැනට එමතත්වය පහවයමින් පවතිනවා ඉදිරියේදි සුපුරුදු පරිදි අලුත්ම දේවල් ගොඩක් සමගින් අලුත් ලිපි දිගටමලබාදිමට පුලුවන් වේවි අපිත් සමග දිගටම රැදෙන්න​...

_____________________

 
-