Ads 468x60px

home

Showing posts with label ලොව වටා. Show all posts
Showing posts with label ලොව වටා. Show all posts

Friday 23 January 2015

834.ලොව පළමු ඔටෝමැටික් දුම්රිය එන්ජිම

ලොව පළමු ඔටෝමැටික් දුම්රිය එන්ජිම



ලොව පලමු ස්වයං චලන එන්ජිම (first self-propelling steam engine) හෙවත් ප්‍රථම දුම්රිය එන්ජිම (first steam locomotive) 1801 දී ”Pen-y-Darren iron works” කර්‍මාන්තශාලාවෙහිදී නිර්මාණය විය. තවත් වැඩිදියුණුකිරීම් වලින් අනතුරුව 1804 පෙබරවාරි මස 13 දින යකඩ ටොන් 10 ක්, දුම්රිය පෙට්ටි 4 ක් සහ මිනිසුන් 70 දෙනෙක් සමග පෙනිඩැරන් ”Penydarren” සිට ඇබසිනන් ”Abecynon” දක්වා සැතපුම් 9.7ක දුරක් පැය 4 කුත් විනාඩි 5 ක කාලයක් තුල පැයට සැතපුම් 2.4 ක මධ්‍යන්‍ය වේගයක් සහිතව සාර්ථකව ගමන් කරන ලදී. මෙහි නිර්මාණකරු වූයේ රිචඩ් ට්‍රෙව්තික් ”Richard Trevithick” නැමැත්තායි (මොහු ගැන ලිපියක් පසුව බලාපොරොත්තු වන්න ). මෙම දුම්රිය එය නිර්මාණය කල කර්මාන්තශාලාවේ නමින්ම නම් කරන ලදී. එනම් ”පෙනිඩැරන්” ලෙසයි.

එකල තිබූ මහා මාර්ග වල තත්වය එතරම් සුදුසු නොවූ නිසා තමා නිර්මාණය කල එන්ජිම ගමන් කරවීමට රේල් පාරක් යොදාගැනිමට ට්‍රෙව්තික් කල්පනා කලා. මීට කලින් තිබූ වාශ්ප එන්ජින් වල භාවිත වූයේ අඩු පීඩනයක් සහිත හුමාලයයි, නමුත් පෙනිඩැරන් හි අධික පීඩනයක් සහිත හුමාලය මගින් පිස්ටනය චලනය කිරීම සිදුවිය.මෙහි තිබූ තවත් විශේෂත්වයක් වූයේ හුමාල සිලින්ඩරය හා පිස්ටනය තිරස්ව පිහිටා තිබීම යි.මෙහි එක් පැත්තකින් ජව රෝදය තීබුණු අතර දුම්රිය සමබර කිරීම සඳහා විශාල දැතිරෝදයක් අනෙක්පස සවිකොට තිබිණි.


මේ තියෙන්නෙ පෙනිඩැරන් වැඩකරන හැටි තියෙන පොඩි ක්ලිප් එකක්.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

831.සුවබර දිවියකට තාක්‍ෂණික උපකරණ

සුවබර දිවියකට  තාක්‍ෂණික උපකරණ



 කියන්න යන්නේ fitness කරන යට ඉතාම වැදගත් Activity Tracker වර්ගයේ උපාංග කීපයක් ගැනයි. මේ උපාංග  ඉතා සිත් ඇදගන්නාසුලු ආකාරයෙන් නිපදවා තිබෙන නිසා මෙය විලාසිතාවටත් ගැලපෙයි. මේ ජාතියේ උපකරණ රාශියකින් කිහිපයක් තමයි මම කියන්න යන්නේ.

1. Misfit Flash Activity Tracker




මෙය සාමාන්‍යයෙන් මිල අඩු උපාංගයකි. මෙය ජලයට ඔරොත්තු දෙන නිසා පිහිනිඉම් කරන යටත් ඉතා වැදගත්. මෙය විවිධ වර්ණ වලින් නිපදවේ. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 49 ක් වෙයි.

2. Jawbone Up Move



මෙයත් පෙර උපාන්ගයී මිලම වෙයි. එනම් ඇ.ඩොලර්  49 කි. නමුත් මෙය ජලයට ඔරොත්තු නොදෙයි. මෙය ඔබගේ ශරීරයට ඇතුල් වෙන caffeine ප්‍රමාණය මැන පෙන්වයි. මෙය තමාගේ නින්ද ද පෙන්වයි.

3. Garmin’s Forerunner 15




මෙය ඉතාම හොඳ වර්ගයේ activity tracker එකකි. මෙය විශේෂයෙන්ම සාදා ඇත්තේ  දිවීම කරන අයටයි. මෙය දිවීමේ වේගය ආදී සියල්ල track කරයි. කෙසේවෙතත් මෙහි මිල නම් ඉතා අධිකයි. එනම් මිල ඇ.ඩො. 149 පමණ වෙයි. මෙය තමා විසින්ම තමාම මන ගැනීමට උපකාරී වෙයි.

4. Ithlete Finger Sensor


මෙය ඇඟිල්ලට දමා ipad හෝ iphone උපාංගයට සම්බන්ධ කල හැකි, හර්ද ස්පන්දනය මන ගත හැකි උපාංගයකි. මෙමගින් තමාගේ සිරුර වෙහෙසී ඇති ප්‍රමාණය හා තව වැඩ කල හැකි ප්‍රමාණය පෙන්වයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 21 January 2015

828.විශ්මිත පාසලේ දි ඔබ ඉගන නොගත් දේවල් 15ක්

විශ්මිත පාසලේ දි ඔබ ඉගන නොගත් දේවල් 15ක්



1. අයිස් ක්‍රීම් කෝන් හදන්නේ මෙහෙමයි


2. බෝන්චි වැලක් හැදෙන විදිහ


3. ගොඩනැගිල්ලක තට්ටුවක WI-FI විහිදී තිබෙන ආකාරය


4. හිරු කිරනෙන් සම ආරක්ෂා කිරීමට අලේප කරන ක්‍රීම් වලින් ඇත්තටම වෙන්නේ මේකයි


5. කැමෝ හිස් ආවරණ සාදන්නේ මෙහෙමයි


6. මයිකල් ජැක්සන්ට ගුරුත්වකර්ෂණය නැති කිරීමේ හැකියාව ලැබුනේ මෙහෙමයි


7. බල්ලෝ වතුර බොන විදිහ


8. කාසි යන්ත්‍රයක කාසි වෙන් වන අයුරු


9. විකුර්ති වූ දත් කුට්ටම ප්ලේට් එකක් මගින් හැඩගස්වන ආකාරය


10. සිනමාවක් කොළ පහැති පසුබිමක පටිගත කරන ආකාරය


11. යතුරක් දොරට දැමු විට සිදුවන දේ


12. මිනිසා යම් දියරයක් ගිලින විට


13. පේපර් ක්ලිප් සදෙන ආකාරය


14. ගුවන් යාන ගමන් මාර්ග දවස පුරා වෙනස් වන අයුරු


15. ගර්බාශය තුල මිනිසාගේ මුහුණ සදෙන අයුරු කෙතරම් භයන්කාරද



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

827.One Direction ඉතිහාසය වෙනස් කරයි සිව්වැනි ගීත ඇල්බමය ඇමරිකාවේ ඉහලටම

One Direction ඉතිහාසය වෙනස් කරයි සිව්වැනි ගීත ඇල්බමය ඇමරිකාවේ ඉහලටම 

    ලොව පුරා තරුණ තරුණියන් අතර ඉමහත් ආදරයට පත් සංගීත කණ්ඩායමක් වන One Direction සංගීත කණ්ඩාමමෙහි සිව්වන ඇල්බමයද ඇමරිකානු සංගීත ලැයිස්තුවල ඉහලටම පැමිණ ඇත. මේවන විට බිල්බෝඩ් ගීත දර්ශකයෙහි අංක එක ස්ථානය දරන්නේ One Derection සංගීත කණ්ඩාමමෙහි ගීත ඇල්බමයයි.

BBC වාර්ථා වලට අනුව නිකුත් කර සතියක් ඇතුලත පිටපත් 387 000 කට වඩා අලෙවි වී ඇත. ටේලර් ස්විෆ්ට් ගේ ‘1989‘ ඇල්බමයට පසුව වැඩිම අලෙවියක් සදහන්වූ ඇල්බමය වන් ඩිරෙක්ෂන්ගේ ‘Four‘ ඇල්බමයයි. ‘1989‘ ඇල්බමයෙහි පිටපත් මිලියන 1.28 ක් පළමු සතියේදී අලෙවි විය.

එංගලන්ත ගීත ලැයිස්තු සියල්ලේම මෙන් මෙම ඇල්බමය අංක එකට පත්ව ඇත. එමෙන්ම හොදම රොක්/පොප් ගීත ඇල්බමය සදහා ඇමරිකානු ගීත සම්මාන උලෙල සදහා නිර්දේශද වී ඇත. එමෙන්ම හොදම කලා නිර්මාණය උදෙසා සම්මානයද පසුගියදා හිමිවිය.

සම්පූර්ණ ගීත ඇල්මය මෙහි ඇත. ඔබේ මනාපයත් හිමිවේවිද කියන්න.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Sunday 18 January 2015

822.දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)

 දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)



ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....
මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි..


කියන්න යන කතාවේ පින්තූර ටික නම් බොහෝම දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.. 

ඒත් ඒක පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.
වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන....  

පින්තුරයේ මාතෘකාව එලෙසම තිබෙන්නට හැරියේ මුලු ලෝකයම එය හදුන්වනනේ එම නමින්ම හින්දයි! 

Sudan Famine UN food camp (1994)

එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙණ ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.. 

දැකලා පුරුදුයි නේද??  

බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..
1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා..  

Afghan Girl (1984)
Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා 

ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. 
එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..
ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.
ඇය නැවත 2010 ගත් ජායාරූපයක්.. 


Palestinian Martyr (2000)
තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය 

ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා..  
ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා. 

BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත. 

Tourist Guy (2001)
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. 

පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා..  

Burning Monk – The Self- Immolation (1963)
ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි.

Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා.. 

ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි. 

The last Jew in Vinnitsa (1941)

Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]
ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. 


ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ. 
ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි. 


Reichstag flag [1945]
1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය 


ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි. 

Nagasaki [1945]
“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.. 


1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. 
ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ. 


Body of Che Guevara [1967 ]
1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි. 

එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.
සදාකාලික යෞවනය - චේ" 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 14 January 2015

811. වසරේ හොඳම ආලෝක ප්‍රදර්ශනය!

 වසරේ හොඳම ආලෝක ප්‍රදර්ශනය!


අභ්‍යවකාශයේ ඉදන් පෘථිවිය දිහා බැලුවම පේන විදිහ දැකල තියෙනවද ?

යුරෝපියානු අභ්‍යවකාශ සමාගමෙහි අනුග්‍රහය ඇතිව, ගගනගාමී Alexander Gerst විසින් නිර්මාණය කරනු ලැබු “Time – Lapse “ විඩියෝව මෙයයි . Alexander Gerst , ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැත්නම් “International Space Station “ හි මාස හයක් සිටියදී ගත් ඡායාරූප 12000 වැඩි ප්‍රමාණයක් මෙය සැදීමට භාවිතා කරගෙන ඇත . මෙහිදී පෘථිවිය පුරා ආරෝපිත කුඩා අංශු වලින් ඉහල අහසේ සැදෙන  “Borealis” අරුණලු ද දැකගත හැක .







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday 11 January 2015

806.ලෝකේ තියන අමුතු මංගල චාරිත්‍ර

ලෝකේ තියන අමුතු මංගල චාරිත්‍ර




1.මනාලිය කලු කිරීම – ස්කොට්ලන්තය.

මනාලියගේ පවුලේ අයයි යාලුවොයි ඇයට කොච්චර ආදරේද කියල පෙන්නන්නේ අමුතුම විදිහකට. ඒ ලෝකේ තියන හැම කුණු දෙයම මනාලියගෙ ඇඟට වක් කරලා. පරණ වෙච්ච මාලු වල ඉඳන් නරක් වෙච්ච කිරි, තාර, සෝස්, සොසේජස්, මඩ,පිටි වල මිශ්‍රණයක් තමා මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ අසරණ මනාලියව ගහකට බැඳලා බොන්න ගෙනියනවා. ඒ අය විශ්වාස කරන්නේ මේක දරාගන්න පුලුවන් කෙනෙක්ට කසාද ජීවිතේ ඕන අභියෝගයක් ජයගන්න පුලුවන් කියලා.



2. ප්‍රැක්ටිස් කරලා ඇඬීම – චීනය.

චීනේ තුජිආ වංශයට අයත් කාන්තාවන් බඳින්න මාසෙකට කලින් අඬන්න ප්‍රැක්ටිස් කරනවා. මංගල දවසට හරියටම මාසෙකට කලින් මනාලිය දවසට පැයක් ගානේ අඬන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ.ඊට දවස් 10කට පස්සේ මනාලියගේ අම්මා මේ ඇඬීමට එකතු වෙනවා. ඊට දවස් 10කට පස්සේ අත්තම්මා එකතු වෙනවා. මේ විදිහට අඬන විදිහ හොඳට ප්‍රැක්ටිස් කරලා වෙඩින් එක දවසට වෙනස් ස්වර වලින් පවුලේ හැම කාන්තාවම අඬනවා. මේක සතුට ප්‍රකාශ කරන විදිහක් හැටියට තමා ඒ අය විශ්වාස කරන්නේ.



3. ගහක් කසාද බැඳීම – ඉන්දියාව.

ඉන්දියාවේ සමහර කොටස් වල විශ්වාස කරන දෙයක් තමා මන්ග්ලික් කුලයට ඉපදුන කාන්තාවන් ශාප ලත් අය කියලා. ඒ අය බඳින පිරිමි කෙනා ඉක්මනට මැරෙනවා කියලත් ඒ අය විශ්වාස කරනවා. ඒ නිසා මේ ශාපේ ඉවත් කරන්න මනාලිය ඉස්සල්ලම ගහක් කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ගහ කපලා දානවා.



4. මනාලයාගේ කකුල් වලට ගැහීම – කොරියාව.

කොරියාවේ මංගල රාත්‍රියට කලින් යටි පතුල් වලට වේවැලකින් හරි මාලුවලින් හරි ගහනවා. මේක ගොඩක් රිදුනට ටික වෙලාවකටයි කරන්නේ. ඒ නිසා මනමාලයාගේ යාලුවන්ට මේක ගොඩක් විනෝද දෙයක්.



5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.

ඉන්දුනීසියාවේ යුවලක් කසාද බැන්දට පස්සේ දවස් තුනක් ටොයිලට් එකට යන්නේ නැතුව ඉන්න ඕනේ. මේ දෙන්නව ගෙදරක දාලා වැඩිය කන්න බොන්න දෙන්නේ නැතුව තමා තියාගෙන ඉන්නේ. ඒ රටේ වැඩිහිටියෝ විශ්වාස කරන්නේ මේ චාරිත්‍රයෙන් යුවලට හොඳ ළමයි හම්බවෙනවා කියලා.



6. සපත්තු හොරකම් කිරීම – ඉන්දියාව.

ඉන්දියාවේ කසාද බඳින දවසේ පෝරුවට නගින්න කලින් මනමාලයා එයාගේ සපත්තු දෙක ගලවලා තියන්න ඕනේ. එතකොට මනමාලියගේ පැත්තේ අය මේ සපත්තු දෙක හොරකම් කරන්න උත්සහා කරනවා. ඒත් මනමාලයාගේ පැත්තේ අය සපත්තු දෙක ආරක්ෂා කරන්න ඕනේ. මේ චාරිත්‍රය නිකන් පැත්තක ක්‍රීඩකයෝ 300 ගානේ ඉන්න රග්බි මැච් එකක් වගේ. මනාලියගේ පැත්තේ අය සපත්තු දෙක හොරකම් කරොත් ඒක ආපහු ගන්න මනාලයා කප්පමක් ගෙවන්න ඕනේ.



7. මනමාලියට කෙළ ගැසීම – කෙන්යාව.

කෙන්යාවේ මසායි ගෝත්‍රයට අයත් මනමාලියන්ට ඒ අයගේ තාත්තා ආශිර්වාද කරන්නේ කෙළ ගැසීමෙන්. ඊට පස්සේ මනමාලිය ඇයගේ සහකාරයත් එක්ක ගමෙන් පිටවෙන්නේ ආයිමත් හැරිලා බලන්නේවත් නැතුව. ඒ ගල් වීමේ බයට.



8. මනමාලියව පැහැර ගැනීම – රොමේනියාව

රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.



9. මනමාලියට දුන්නෙන් විදීම – චීනය.

චීනේ යුග චාරිත්‍ර වලට අනුව මනමාලයා තමන්ගේ මනමාලියට තුන් වතාවක් දුන්නෙන් විදින්න ඕනේ. ඒත් මේ දුනු වල තියුණු හිසක් නැහැ. ඊට පස්සේ මේ දුනු දෙකට කඩන්න ඕනේ. මේ චාරිත්‍රයෙන් යුවල එකිනෙකාට හැමදාම ආදරය කරන බවට පොරොන්දු වෙනවා.



10. පිඟන් කැඩීම – ජර්මනිය.

පෝල්ටර්බෙන්ඩ් කියන මේ චාරිත්‍රයෙදී අලුත් යුවල තමන්ට තෑගි වශයෙන් ගෙනාපු ඔක්කොම පිඟන්, තැටි, හැඳි, ගෑරප්පු පොලවේ ගහලා කඩනවා. ඒ අය විශ්වාස කරන්නේ මේ සද්දෙට ඔක්කම දුශ්ට ආත්ම ඒ අයගෙන් දුරස් වෙනවා කියලා.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.





- -







උපුටාගැනිම යකෝ වෙබ් ආඩවිය​

මෙතනින් යන්න​

Thursday 8 January 2015

801.ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස්

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 




ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.

Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.




Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.



Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.





Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. 




SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !


Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.


iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.


Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.



GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.


PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.


Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් Mozilla සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.


Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ


මෙතනින් යන්න​
 
-