Ads 468x60px

home

Showing posts with label ලොව වටා. Show all posts
Showing posts with label ලොව වටා. Show all posts

Friday 13 March 2015

911.අඟහරු මත ජනාවාස කිරීමේ Mars One ව්‍යාපෘතියට සහභාගිවන අවසන් 100 තෝරා ගැනේ.

අඟහරු මත ජනාවාස කිරීමේ Mars One ව්‍යාපෘතියට සහභාගිවන අවසන් 100 තෝරා ගැනේ.
Image result for The Mars 100 - Mars One Astronaut Selection Round Three
මෙම මෙහෙයුම සඳහා මිලියන කාලක් තරම් ඉතා විශාල පිරිසක් ඉල්ලුම් කර තිබෙන අතර වසර දෙකකට පසු අඟහරු ග්‍රහයා මත සදහටම ජීවත් වීමට ලැබෙන එම බලාපොරොත්තු සහගත අහස් ගවේෂකයන් 100 දෙනාගේ නම් ප්‍රසිද්ධියට පත් කොට තිබේ.

කලක පටන් දන්නා පරිදි පෘථිවිය මත මිනිසුන් සඳහා ජීවත් වීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය සහ අනෙකුත් සම්පත් ප්‍රමාණය සීග්‍ර ජනගහන වර්ධනයත් සමඟ ක්ෂය වෙමින් පවතී. මේ සඳහා විවිධ පිළියම් ඉදිරිපත් කර ඇති අතර පාවෙන නගර ඉදිකිරීම ඉන් එකකි. නමුත් මේ සියල්ල අතර වඩා ජනප්‍රිය අදහස වන්නේ අඟහරු ග්‍රහයා වෙත පියාසර කිරීමයි.

බැලු බැල්මට මෙය විහිළුවක් සේ යමෙකුට පෙනුනත් මේ සියවස මැදදී මෙය කලහැකි දෙයක් බව විශ්වාස කරන පිරිසකුත් සිටි. ඒ අතර මීළඟ දශකය තුල රතු ග්‍රහයා වෙත මිනිසුන් ගෙනයාමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර අවසානය. මෙය Mars One ලෙස හැඳින්වේ. මේ සඳහා අඟහරු ග්‍රහයා මත ජීවත් වීමට සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ක්‍රමයෙන් සිදු කෙරෙමින් පවතී.

2013 වසරේදී මේ ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් බාරගැනුණු අතර මේ සඳහා අපේක්ෂා සහගත අභ්‍යවකාශගාමින් 202,000 පමණ අයදුම් කර තිබුනේ මෙම සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට උපකාර වන අදහසිනි. මෙම ප්‍රමාණය පළමු වටයෙන් 1000කට අඩු කෙරුණු අතර පසුව 660කට අඩු කරන ලදී. ඉන් පසුව අන්තර්ජාලය ඔස්සේ පැවතී සම්මුඛ පරීක්ෂණය අවසානයේ මේ ප්‍රමාණය 100ක් දක්වා අඩු කර තිබේ.

තෙවන වටයෙන් තේරී පත් වුනු 100 දෙනාගේ කණ්ඩායමට කාන්තාවන් 50ක් සහ පිරිමි 50ක් ඇතුලත් වේ. මොවුන් වයස අවුරුදු 19 සිට 60 දක්වා වයස් පරතරයකට ඇතුලත් වේ. ඇමෙරිකානු ජාතිකයන් 39ක්, යුරෝපිකයන් 31ක්, ආසියානුවන් 16ක්, අප්‍රිකානුවන් 7ක් සහ ඕස්ට්‍රේලියන් ජාතිකයන් 7දෙනෙක් මේ කණ්ඩායමට ඇතුලත් වේ.

මෙම වාසනාවන්ත 100 දෙනා වෙන වෙනම තම හැකියාවන් හා සුදුසුකම් ඉදිරිපත් කර ඇති මුත් දැන් ඔවුන්ට පැවරී ඇත්තේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පෙන්වීමටයි. එම නිසා 4වන වටයේ අභියෝගය වන්නේ කණ්ඩායම් අභියෝගයක්. අඟහරු ග්‍රහයා මත මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග වලට මුහුණ දෙන ආකාරය පුහුණු කිරීම මෙහි අපේක්ෂාවයි. මෙහි අවසන් කණ්ඩායම Mars One හි සේවය කරන අජටාකාශගාමින් 24දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් 2025 වසර වන විට අඟහරු මත ජනාවාස ඇති කිරීමට දායක වෙයි.

අඟහරු වෙත ගමන මාස 7ක් ගන්න දීර්ග ගමනක් වන අතර මෙම චාරිකාවට පෙර සන්නිවේදන චන්ද්‍රිකා මගින් මිනිසුන් ජීවත් වන සහ කටයුතු කරන ප්‍රදේශ තීරණය කරනු ඇත.

ඔයාටත් හිතෙනවානම් අපිටත් යන්න තිබ්බනං හොඳයි කියලා දුක් වෙන්න එපා. නුදුරු අනාගතයේ දී ආයිත් පාරක් අයදුම්පත් කැදවයි ! එතකන් බලන් ඉන්න.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday 4 March 2015

901.අන්තර්ජාලයෙන් විනාඩියක්

අන්තර්ජාලයෙන් විනාඩියක්


අන්තර්ජාලය තුල දෛනිකව හුවමාරුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය අතිමහත් ය. ඒ අතුරින් විනාඩියක් තුල අන්තර්ජාලය හරහා සිදුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දක්වා ඇත.


මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ හුවමාරුවන දත්ත ප්‍රමාණය ගණනින් 1,572,877GB වේ.


වෙළද දැන්වීම් මිලියන 10ක් ප්‍රචාරය වේ. ට්විටර් වෙබ් අඩවිය හරහා විනාඩියකට ට්විටර් පණිවුඩ  347,222 ක් මුදාහැරේ.

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරෙන වෝල් පෝස්ට් ප්‍රමාණය මිලියන 3.3ක් වන අතර හුවමාරුවන  පුද්ගලික පණිවුඩ ප්‍රමාණය මිලියන 6.9 කි.


අන්තර්ජාලය හරහා හුවමාරුවන දත්ත තොරතුරු අතරින් හරි අඩක් යූටියුබ් සහ නෙට්ෆ්ලික්ස් හරහා හුවමාරුවන දත්ත වේ. (නෙට්ෆ්ලික්ස් යනු රූපවාහිනි වැඩසටහන් නැරඹිම සඳහාම වෙන්වූ වෙබ් අඩවියකි. දැනට මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

චීන සම්භවයක් සහිත ඔන්ලයින් බිස්නස් වෙබ් අඩවියෙ වැඩකරන දිනක දී විනාඩියක් තුල වෙළඳ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 400 කි.

අන්තර්ජාලයේ විශ්වකෝෂ ලෙස පිළිගැනෙන විකිපිඩියා හි විනාඩියක් තුල පරිශීලනය වන වෙබ් පිටු ගණන 438,801 කි.

විනාඩියට හුවමාරු වන කෙටි පණිවුඩ (SMS) ප්‍රමාණය මිලියන 34.7 කි.

වීචැට් (weChat) හරහා හුවමාරු වන පණිවුඩ ප්‍රමාණය මිලියන 10 කි.

ජංගම දුරකථන සදහා බාගත කර ස්ථාපනය කරනු ලබන ඇප්ස් ගණන 194,064 කි.

අන්තර්ජාල වෙළඳාම හරහා ඇමසන් වෙබ් අඩවිය විනාඩියකදී සිදුකරන ගනුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 133,436 කි

පැන්ඩෝරා වෙබ් අඩවිය හරහා විනාඩියක් තුල ධාවනය වන සංගීත කණ්ඩ ප්‍රමාණ තනි පුද්ගලයකු ශ්‍රවනය කරන්නේ නම් ඒ සඳහා පැය 31,773 ගතවේ.

ඉන්ස්ටග්‍රැම් සමාජ වෙබ් අඩවියට අලුතින් එකතුවන ජායාරූප ගණන 38,194 කි.

පින්ටරෙස්ට් (Pinterest) වෙබ් අඩවියේ වෙබ් පිටු 57,870 ක් විනාඩියක දී පරිශීලනයට ලක්වේ


ගුගල් වෙබ් අඩවිය හරහා මිනිත්තුවකට මිලියන 4.1 සෙවුම් ප්‍රමාණයක් සිදු කරනු ලබයි.

විනාඩිය ට යූටියුබ් වෙබ් අඩවියට අලුතින් එක්වන විඩියෝ ප්‍රමාණය නැරඹීමට පැය 100ක් ගත කළ යුතු අතර  පැය 138,889 කට අදාල විඩියෝ ප්‍රමාණයක් විනාඩ්යක් තුල නරඹනු ලබයි.

නෙට්ෆ්ලික් වෙබ් අඩවියේ විනාඩියට නරඹන විඩියෝ ප්‍රමාණය එක් පුද්ගලයකුට නැරඹිට පැය 23,148 ක් ගත වේ. 








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Thursday 26 February 2015

892.මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.

මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.

Image result for horseshoe crab blue blood
අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.



සාමාන්‍යයෙන් ලේ රතු පාටයි කියල කිව්වට මෙගොල්ලොන්ගේ ලේ දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි මෙගොල්ලොන්ගේ ලේ වල ඔක්සිජන් ප්‍රවාහනය කරන්න උදව් වෙන්නේ තඹ (copper) අන්තර්ගත hemocyanin (හීමොසයනින්) නම් සංයෝගයක් වීම. අපේ , ඒ කියන්නේ පෘෂ්ඨවංශිකයන්ගේ ලේ රතු පාටින් පේන්නේ haemoglobin (හිමොග්ලොබින්) කියන යකඩ වලින් හැදුන සංයෝගයක් නිසා. සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන සුදු රුධිරානු වෙනුවට බොහෝ අපෘෂ්ඨවංශිකයන්ගේ රුධිරයේ හමුවන්නේ amebocytes නම් සෛල විශේෂයි. එම සෛල සැලකිල්ලට ගන්නා කල මෙම කකුළු විශේෂයෙන් හමුවන සෛල වලට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.

අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.


මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ !






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 23 February 2015

889.ලෝකයේ අමුතුම විදියේ පාරවල් 10ක්

ලෝකයේ අමුතුම විදියේ පාරවල් 10ක් 

Image result for STREET

අපි මේ කියන්න යන්නේ අමුතුම විදියේ පාරවල් 10ක් ගැනයි. ලෝකයේ දිගම, පළල් ම, ඒවගේම ඉතා පටුම , ඉතාම අවදානම් ආදී වූ විවිධ ආකාරයේ මාර්ග ගැන අපි මේ ලිපියෙන් ඔබ සමීපයට ගෙන එනවා.

1. ලෝකයේ වැඩිම ආනතියක් නැත්තන් බෑවුමක් සහිත මාර්ගය – BALDWIN STREET, DUNEDIN, NEW ZEALAND

නවසීලන්තයේ ඩනේඩින් වල පිහිටා ඇති මෙම මාර්ගයේ තිරස්ව ගමන් ගන්න සෑම මීටර 5කටම 1එක් මීටරයක් සිරස්ව ගමන් කරන ආකාරයෙන් නිමවී තිබේ. මෙම මාර්ගයේ ඇති වැඩිම බෑවුම ලෙස සැලකෙන්නේ 19° ක්. මෙය සංචාරකයන්ගේ සිත් ඇදගන්න ස්ථානයක්.

2. ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර – LOMBARD STREET, SAN FRANCISCO, UNITED STATES

ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.

3. ලෝකයේ පළල්ම විදිය – 9 DE JULIO AVENUE, BUENOS AIRES, ARGENTINA

ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.

4. ලෝකයේ පටුම මාර්ගය – SPREUERHOFSTRASSE STREET, REUTLINGEN, GERMANY

                                         











ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.

5. ලෝකයේ දිගම පාර – YONGE STREET, ONTARIO, CANADA AND THE PAN-AMERICAN HIGHWAY


යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්. නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි.
නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.


6. මාර්ගයක පිහිටා ඇති දිගම උමග – LÆRDAL TUNNEL, NORWAY

මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.

7. ලෝකයේ භයානකම පාර – THE DEATH ROAD, BOLIVIA

බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.

8. ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර – MCMURDO SOUTH POLE HIGHWAY, ANTARCTICA

ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.

9. ලෝකයේ කිසිම වෙනසක් නැති පාර – THE EYRE HIGHWAY, AUSTRALIA

ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ.

10.ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර – MILLAU VIADUCTBRIDGE, FRANCE


                 



ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday 11 February 2015

867.මෙවර ලෝක කුසලානය ගැන ඔබ නොදත් තොරතුරු ටිකක්

මෙවර ලෝක කුසලානය ගැන ඔබ නොදත් තොරතුරු ටිකක්




මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පිලිබද තොරතුරු ටිකක් කියන්නයි මේ ලිපිය වෙන් වන්නේ. මෙවර කුසලානය දිනා ගැනීම සදහා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලින් 14 ක් තෝරාගෙන තියෙනවා. ඒ රටවල් කොටස් දෙකකට බෙදී මූලික වටයේ තර පැවැත්වෙනවා. එහි 

“ඒ“ ඛාණ්ඩය සදහා ශ්‍රී ලංකාව, එංලන්තය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අයත් වනවා. 

“බී“ ඛාණ්ඩය සදහා දකුණු අප්‍රිකාව, ඉංදියාව, බටහිර ඉන්දිය කොදෙව්, පකිස්ථානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ සවුදි අරාබිය එක් වෙනවා.


මෙවර තරග පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසිලන්තයේ තණනිලි වලයි. මේ සදහා තණනිලි 14 ක්යොදා ගන්නවා. එයින් 7ක් ඕස්ට්‍රේලියාවේ වන අතර තවත් 7 ක් නවසීලන්තයේ වනවා. මෙම තරග පෙරවාරි 14 වන දින ශ්‍රී ලංකා නවසීලන්ත තරගය සමගින් අරාම්භ වී මාර්තු මාසයේ 29 වන දින ලෝක කුසලාන අවසන් තරගය සමගින් නිමාවට පත්වනවා. සම්පූර්ණයෙන් තරග 49 ක් මේ කාලය අතර පැවැත්විමට සංවිධානය කර ඇත. මෙහි අවසාන දිනයේ තරගකරනු ලබන කණ්ඩායම් දෙකෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව අපේ විශ්වාසයයි.



මෙවර ලෝක කුසලානය මධ්‍ය අයිතිය ලබා ගනු ලබන්නේ ESPN සහ STAR නම් ක්‍රීඩා සමාගම් දෙකයි. ඒ සහා ඩොලර් බිලියන දෙකක මුදලක් ඔවුන් අන්තර් ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවනු ලබනවා. 2015 ක්‍රිකට් ලෝක කුසලාන සන්නාම තානාපති ලෙසින් ICC ය තෝරාගෙන ඇත්තේ ඉංදිය සුපිරී ක්‍රිඩක සචින් තෙන්දුල්කාර්ය.



මෙවර ලෝක කුසලානය දිනාගනු ලබන කණ්ඩායම සදහා ඩොලර් 3,975,000 ක්ද දෙවන ජයග්‍රහක කණ්ඩායම සදහා 1,750,000 ක්ද ත්‍යාග ලෙසින් ලබාදෙනු ඇත. එමෙන්ම අවසන් පූර්ව වට සදහා එක් වන අනෙක් කණ්ඩාම් දෙකට එක් කණ්ඩායමකට ඩොලර් 600,000 බැගින් ඩොලර් 12,000,000 ක්ද ලබාදෙනු ඇත. අවසන් අටදෙනා සදහා එක් කණ්ඩායමකට ඩොලර් 45,000 බැගින් මිලියන 1.2 ක් බෙදා දෙනු ඇත. සහබාගීවූ සියළු කණ්ඩායම් සදහා 35.000 බැගින් ලබාදෙනු ඇත. මේ අනුව බෙදාදෙනු ලබන මුළු ත්‍යාගයන්ගේ වටිනාකම ඩොලර් 10,225,000 වනු ඇත.



මේ අනුව ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම තරගාවලිය අවසන් වන විට සියළුම තරග ජයග්‍රහණය කලේ නම් ඩොලර් 4,245,000 ලබාගනු ඇත. මේ මුදල අපේ රටට ගෙන ඒමට හැකිවනු ඇතිය අපගේ ප්‍රාර්ථනයයි.



ඉහලම තරග නර්ඹන්නෝ පිරිසක් රැස්විය හැකි ක්‍රීඩාංගනය වන්නේ ඕස්ට්‍රේලියාවෙහි මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. එහි නරඹන්නෝ 100,024 ක් සදහා ආසන ඇත. අඩුම නරඹන්නෝ ප්‍රමාණයක් එක්විය හැක්කේ නවසීලන්තයේ නෙල්සන් ප්‍රෙද්ශයේ පිහිටි සැක්ස්ටොන් ඕවල් නම් ක්‍රීඩාංගනයයි. එහි පහසුකම් ඇත්තේ 5000 ක් සදහා පමණි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -



මෙයDeepHE අඩවියේ ඵලවු ලිපියක් වන අතර,මුල් කතුවරයාට සම්පුර්න ස්තුතිය හිමිවිය යුතුය​
මෙතනින් යන්න​

Sunday 8 February 2015

862.පුදුම සොබාදහම

පුදුම  සොබාදහම 




          
 ඇමේසන් වැසි වනාන්තරය

                                ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ හරහා ගලායන ඇමේසන් නදියද විශ්මජනක වේ .දකුනු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන ඇමේසන් බ්‍රසීලය ,පේරු ,වෙනිසියුලාව ,කොළොම්බියාව,ප්‍රංශ ගයනාව ,ඉක්වදෝරය ,බොලීවියාව ,ගයනාව සහ සුරිනාමය යන රටවල් පුරා පැතිරී පවතී .මෙම වැසි වනාන්තරය ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන අතර දැනට ලබගෙන ඇති දත්ත අනුව මෙම වනාන්තරයේ වර්ග කිලෝමීටරයක ඇති ශාක වල මුළු බර ටොන් 90,740 පමණ වන බව සඳහන් වේ .
                               වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ මෙම වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000 ක පුරා පැතිරී ඇති අතර ඒ තුල යෝධ කුහුඹු කන්නා,ටේපරයා,ජගුවරයා ,ඇලිගේටරයා ,පිරන් හා මත්සයන් ,විදුලි ආදා ,ලේ උරා බොන වවුලා වැනි විවිදාකාර සතුන් මිලියන ගණනාවක් ජීවත් වේ .එමෙන්ම වනචාරී මිනිසුන් බොහෝ පිරිසකගේ වස භුමිය බවටද ඇමේසන් පත්ව තිබේ .

                 හා ලෝන්ග් බොක්ක  

                                           වියට්නාමයේ පවතින හා ලෝන්ග් බොක්ක වර්ග කිලෝමීටර  1553 ක ප්‍රදේශයක හුණුගල් සමුහයකින් හා නිසල ජල තලයකින් යුක්තව ස්බාවිකවම නිර්මාණය වන ලද්දකි .පැරණි පුරාවුර්ත වලට අනුව මකරකුගේ  පුරාවුර්තයකට අනුව මෙම බොක්කට හා ලෝන්ග් යන නම ලැබී තිබේ .විසිතුරු මුහුදු තීරයකට සහ විසිතුරු ගල්ගුහ රාශියකට උරුමකම් කියන මෙහි විශාලම ගල්ගුහාව ලෙස සන් ෂොට් හැදින්වේ .මුහුදු පතුලේ ඇති රමණීය කොරල් පරය සහ මනරම් මුහුදු තිරය නිසා ලොව පුරා සංචාරක ආකර්ෂණය මේ සඳහා ලැබී තිබේ .

                           ඉගුආසු ඇල්ල
                          

                           බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පළාතටත් අයත් ඉගුඅසු ඇල්ල,ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශනීයම ස්ථානයකි.විවිද ප්‍රමාණයේ දියඇලි 270 කින් නිර්මාණය වී ඇති මෙම දියඇලි සංකීර්ණයේ සම්පුර්ණ පළල මීටර 2700 පමණ වේ.ඇල්ලේ පළලින් මීටර 1900 ක් බ්‍රසීලයටත් ඉතිරිය අර්ජන්ටිනාවටත් අයත් වේ.මෙහි උසම ඇල්ලේ උස මීටර 82 වන අතර බහුතරයක උස මීටර 64 ක් පමණ වේ.
                             ඉගුආසු අල්ලේ ප්‍රදානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුර නමින් හැදින්වෙන ඇල්ලයි.ඉංග්‍රීසි U අකුරේ හැඩයට පිහිට ඇති මෙම ඇල්ලේ පළල මීටර 150 ඉක්මවයි.මෙම ඇල්ල පිහිට ඇත්තේ බ්‍රසීලයත් අර්ජන්ටිනවත් වෙන්කරන සීමාවේ වීමද විශේෂත්වයකි.තත්පරයකට ජල ලීටර 15000 ක තරම් ජල ප්‍රවාහයක් අද හැලෙන මෙම දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ ඇමේසන් හි ජීවත් වන සතුන් වැනි දුර්ලබ සතුන් ජීවත් වේ. 

                               කොමොඩෝ 


          
                                    බාලි දිවයිනට නාවික සැතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික වන උද්‍යානය මේ ලෝකයේ සම්පුර්ණයෙන්ම වෙනස් වුවක් වැනිය.යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති අතර රෝස පැහැ වෙරල තීර දිස්වෙන මෙම දුපත වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කොමොඩෝ මකරු ජීවත් වන නිසාවෙනි.වෙරල තීර වල දිස්වන මෙම රෝස පැහැයට හේතුවන්නේ රතු සහ සුදු මුහුදු වැලි මිශ්‍ර වී ඇති නිසාවෙනි.
                           වර්ග කිලෝමීටර 390 ක භුමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම දුපත ඉන්දුනීසියාවට අයත් දුපත් අතරින් එකකි.


                                       පුර්ටෝ ප්‍රින්සෙසා භූගත ගංගාව 

                                               
                                        පුර්ටෝ ප්‍රින්සේසා  භූගත ගංගාව සහිත ජාතික වන උද්‍යානය පිහිටන්නේ පිලිපීනයේ  පුර්ටෝ ප්‍රින්සේසා  නගරයට කි.මී 50 කට පමණ ඔබ්බෙනි.ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටයි.
                                             මෙම වන උයනේ සුවිශේෂී අංගය වන්නේ කි.මී. 8 දුරට විහිදුන භූගත ගංගාවයි.ලොව දිගම භුදත ගංගාව ලෙසද  පුර්ටෝ ප්‍රින්සේසා  නම් දරයි.
                                     යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසටද නම් කරනු ලැබූ මේ භූගත ගංගාව සහ වන උද්‍යානය සුන්දර වනගහන්යක්ද වේ.කුරුළු විශේෂ 165 ක්‌ ක්ෂීරපායි විශේෂ 30 ක් උරග විශේෂ 19  ආදී වශයෙන් නොයෙක් සත්වයින්ගෙන්ද ශාක විශේෂයන්ගෙන්ද මෙම වන ගහනය සමන්විත වේ.

                                       ටේබල් මවුන්ටන් 

                  
                                       ටේබල් මවුන්ටන් ලෙස නම් කෙරුණු කඳු ලෝකයේ බොහෝ ස්ථාන වල ඇතත් ලෝක පුදුමයක් ලෙස නම් කෙරුනේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම් ගත් කඳුවැටිය පමණි.උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිද නම් වලින් හඳුන්වනු ලබයි.සිංහ හිස,මේස කන්ද,යක්ෂගේ කන්ද,රිදී මුහුණත ඉන් ප්‍රදාන වේ.
                                              ඉහල කඳුවැටියේ පැතුරුණු වනාන්තරය සින්හයන්ගේද,දිවියන්ගේද,සිවලුන්ගේද,අප්‍රිකානු පඳුරු අලින්ගේද,කළු රයිනොසරුන්ගේද ,කඳුකර සීබ්‍රවන්ගේද නිජ බිම වේ.
                       
                                         ජේජු දුපත 

                                  
                                දර්ශනීය දියඇලි තුනක ජන්ම භුමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්දද්වීපයට අයත් වුවකි.වැලි සහිත දිගු වෙරළවල් සහ වන ගහනයෙන්ද යුත් මේ දුපත සංචාරක අකර්ශනයද වැඩි වශයෙන් දිනා ඇත.     විවිද වර්ගයේ මැණික වර්ගයන්ට උරුමකම් කියන මෙම දුපත සීත ඉර්තුවෙදී අදික ශීතලකින් යුක්ත වේ.
                             මීටර් 1950 න් යුත් මහල කඳු මුදුනක්දතවත් යමහල් කීපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසන් වන උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Friday 6 February 2015

859.සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...

සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...


    අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප ඇසුරෙන් අපිට දකින්න පුළුවන්.. . එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...



පළමු Mc-Donald අවන්හල


ලෝක ප්‍රසිද්ධ කෙටි කෑම හලක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සමූහයේ පළමු අවන්හලේ ඡායාරූපයක් තමයි මේ. ඡායාරූපයේ ඉහළ දැක්වෙන අත්සන අවන්හලේ ආරම්භකයා වන රිචඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ්ස් ගේයි. 1940 වර්ෂයේ කැල්ෆෝනියාවේ සැන්බර්නාඩිනෝ ප්‍රදේශයේදී මේ පළමු අවන්හල විවෘත වුනා.



චේ-ගුවේරා හා ෆිදෙල් කස්ත්‍රෝ


මේ සිනාබරව ඉන්නේ ලෝකයේ පීඩිත පන්තිය අතර වීරයන් වුනු චරිත දෙකක්. විප්ලවීය නායක චේ-ගුවේරා ජීවන විප්ලවය අත්හැර සදාකාලික විමුක්තිය සොයා ගිය මුත් කස්ත්‍රෝ සහෝදරයා නම් තවමත් සමාජවාදී කඳවුරේ ජීවමාන වීරයෙක්... ඔවුන් දෙදෙනාම පෙනී සිටින මෙවැනි ඡායාරූප ඉතාමත් විරලයි...


පිබිදෙන බ්‍රසීලියාව


බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ.



සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්...



බීට්ස්ල් පැටව්

උන්මාදයක් වන තරමටම ලෝක ප්‍රසිද්ධ වුනු බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියට පත්වීමට පෙර අවධියේ ඡායාරූපයක් මේ.



ගිලුනු යෝධයා


ලොවක් හඬවා මුහුදු පතුල සිපගත් ඓතිහාසික ශෝකාන්තය... ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 දින අයිස් කන්දක හැපී ගිලුණු පසු මුහුද පතුලේ තැන්පත් වී තිබුණු අයුරු මෑත කාලයේදී මේ ආකාරයට ඡායාරූපයට නැගී තිබෙනවා.



හමුදා ගායකයා

ලෝ ප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි හමුදා සේවයේ යෙදී සිටින අවස්ථාවේ ගත් ඡායාරූපයක්



ඡායාරූප කලාවේ මීමුත්තා

මේ නම් ඇත්තෙන්ම ඓතිහාසික ඡායාරූපයක්...! ඔව්, මේ තමයි ලොව පළමු ඡායාරූපය. ප්‍රංශයේ දී ඡායාරූපයට නැගුනු මෙය ලෝකයේ ඡායාරූප කලාවේ මීමුත්තා ලෙස සැලකුම් ලබනවා.



විස්මලන්තයට ඇරඹුම

ඔබත්, මමත්... ලොව පුරා වෙසෙන සෑම පොඩිත්තෙක්ම මෙන්ම වැඩිහිටියන් ද ජීවිතයේ එක්වරක් හෝ දැක බලාගත අපූර්ව ස්ථානයක් තමයි ඩිස්නිලන්තය. ඒ එය තරම්ම අපූර්වත්වයෙන් පිරුණු තැනක් නිසා. මේ දැක්වෙන්නේ 1950 දශකය ආරම්භයේදී ඩිස්නි වර්ල්ඩ් නම් විස්මලන්තයේ ඉදිකිරීම් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයකුයි.



බෙදීමක අවසානය

ජර්මනිය බෙදා වෙන් කල බර්ලින් තාප්පය කඩා දැමුනු අවස්ථාව... ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වන මෙය එක් අතකින් ඓතිහාසික වනවා සේම තවත් අතකින් අතිශය සංවේදී අවස්ථාවක්ද වෙනවා.



පරිනාමය ???

ආරම්භයේ සිය මේ දක්වා ලොව ජනප්‍රියම (?) පානය වන කොකාකෝලා බෝතලය වෙනස්වෙමින් පැමිණි අයුරු දැක්වෙන ඡායාරූපයක්... මේ ගැන වැඩි කැමැත්තක් නැතත් කැමැත්තක් ඇත්තන්ගේ දැනගැනීමට සුදුසු නිසා පළකලා...



හිට්ලර් බබා

මේ ඡායාරූපය මිනීමරු හිට්ලර් ළදරු වියේදී ගන්නා ලද්දක්... බලන්න මේ පොඩ්ඩා නපුරු පාට ද ? හුරතල් පාට ද කියලා...!



ගැලවුම්කාරයාගේ මැවුම්කරණය

බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්‍රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්...



අපේ ආදී මුත්තා

මේක මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. ඔයාලා මේ ටික කියවන්නේ, බලන්නේ මෙයාගේ අඩිපාරේ ආපු මෙයාගේ මුනුපුරු පරම්පරාව හින්දා තමයි... මේ තමයි ලෝකේ පළමු පරිගණකය...!



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -


මෙතනින් යන්න​

Thursday 5 February 2015

857.පිටරට ලොව උගත්ම රටවල් 10ය

පිටරට ලොව උගත්ම රටවල් 10ය 

10. අයර්ලන්තය


7.3% වාර්ෂික වර්දනයක් අයර්ලන්තයේ ආර්ථිකයට ඇත. එම නිසා, අධ්‍යාපනය නගාසිටුවීමට ඔවුන් වාර්ෂිකව යුරෝ බිලියන 8.79 වෙන්කර  ඇත.  ජනගහනයෙන් 87% පාසල් අද්‍යාපනය නිමකර ඇති අතර ජනගහනයෙන් 47% උසස් ඩිප්ලෝමාවක් හෝ උපධියක්ද ඇත.

9. ෆින්ලන්තය


ෆින්ලන්තයේ සාක්ෂරතාව (Literacy Rate) 100%කි. තවද , ජනගහනයෙන් 63% උපාධියක් ඇත. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට අනුව, අමතර පන්ති නැත්නම් “Tuition “ පහසුකම නොමිලේ ලබා දේ. ෆින්ලන්තයේ සිසුන්ට ජනප්‍රිය විෂයන් වන්නේ විද්‍යාව හා නීතිය නොව, නිෂ්පාදනය, ඉංජීනේරු ශිල්පය හා ඉදිකිරීම් පිළිබද විෂයන්ය.

8. ඔස්ට්‍රේලියාව


3.3% වාර්ෂික වර්දනයක් ඔස්ට්‍රේලියාවට ආර්ථිකයට ඇත. තවද, ඩොලර් 40,719ක ඒකපුද්ගල අදායමක් ඔස්ට්‍රේලියාවට ඇත, එපමණක් නොව, ජනගහනයෙන් 59% උපාධියක් ඇත.

7. නෝර්වේ


නෝර්වේ ජනගහනයෙන් 37% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. තවද, නෝර්වේ රටට ඩොල්ලර් 56,617ක ඒකපුද්ගල අදායමක් ඇත.අධ්‍යාපනයට වැඩියෙන්ම වියදන් කරන රටවල් වලින් තුන්වන රටද වේ.

6. එක්සත් රාජධානිය (එංගලන්තය)


එක්සත් රාජධානියේ ජනගහනයේ 39% කට උප්දධියක් ඇත. Oxford හා Cambridge වැනි ඉහල පෙලේ විශ්වවිද්‍යාල නිසා එක්සත් රාජධානියට මෙම ලැයිස්තුවෙහි පස් වන ස්ථානය ලැබේ.

5. නවසීලන්තය


දක්ෂ ගුරුවරුන් හා ඉහල පෙලේ පහසුකම් හේතුවෙන් නවසීලන්තයට හොඳ අධ්‍යාප ක්‍රමයක් ඇත. නවසීලන්ත ජනගහනයෙන් 40% කට උපාධියක් ඇත.

4. ඇමරිකානු එක්සත් ජනපදය


ඇමරිකානු ජනගහනයෙන් 42% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. ලොව ඉහල පෙලේ විශ්වවිද්‍යාල රාශියක් තිබෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේය.  මෙම ලිස්තුවේ හතර වන ඉස්තනයට ඇමරිකානු එක්සත් ජනපදය පැමිණේ.

3. ජපානය


ජපාන ජනගහනයෙන් 45% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. 2.95% වාර්ෂික වර්ධනයක් ජපාන ආර්ථිකයට ඇති අතර ඩොල්ලර් 33,875ක ඒකපුද්ගල අදායමක්ද ඇත. ජාත්‍යන්තරයෙන් පිළිගත් පාසල් හා විශ්වවිද්‍යාල ජපානයට ඇති හෙයින් ජපානයට බලවත් අධ්‍යාපන ව්‍යූහයක් ඇත.

2. ඊශ්‍රායලය


ලොව පිළිගත් බුද්ධිමත් මනස් රාශියකට මෙම යුදෙව් ජාතිය වගකිය යුතුය. විශේෂයෙන්, තාක්ෂණය අංශයෙන් ඊශ්‍රායලය ඉතා ඉහල තැනක සිටින බව අමුතුවට කියා යුත කරුණක් නොව. ඊශ්‍රායලයට හොඳ අධ්‍යාපන පද්ධතියක් ඇත. ලොව පිළිගත් හොදම විශ්වවිද්‍යාල 500යෙන් හතක තිබෙන්නේ මෙම කුඩා ජතියේය.

1. කැනඩාව


කැනඩාවේ ජනගහනයෙන් 51% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇති අතර 99%ක සාක්ෂරතාවක් (Literacy Rate) ද ඇත. කැනඩාවේ තිබෙන උපාධි හා පාඨමාලා ලොව පිළිගත් උපාධි හා පාඨමාලා කිරීමට කැනඩානු අධ්‍යාපන අමාත්‍යංශයයේ උපදේශක සභාව දැඩි වෙහෙසක් යොදා ඇත.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​
 
-