Ads 468x60px

home

Showing posts with label Hardware. Show all posts
Showing posts with label Hardware. Show all posts

Thursday 11 June 2015

986. Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?


Shift , Ctrl keys වැඩ කරන්නේ නැතුව ගියොත්?







අපේ පරිගනකය නිතර​ භාවිතා කරන විට එහි නිතර ප්‍රයෝජනවත්වන key එකක් වැඩ නොකරන විට එය මාරු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. පරිගනකයක භාවිතා කරන keys වලින් අඩුවෙන්ම භාවිතා කරන key එකක් විදියට Caps Lock key එක හදුන්වන්න පුලුවන්.
ඒ නිසා caps lock key එක වෙනුවට Shift , Ctrl වැනි key එකක් මාරු කරගන්නා ආකාරය පහත දක්වා ඇත.



මේ සදහා "Keaboard mapping Registry tweaks" download කල යුතුය.

මෙතනින් බා ගන්න​.

Image result for download gif




1. Change Caps ToControl.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Ctrl key  එකක් බවට පත් වීමයි.

2.Change Caps ToShift.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Shift key  එකක් බවට පත් වීමයි.

3. KillCapsLock.reg
           මෙමගින් සිදු වන්නේ Caps Lock හි ක්‍රියාකාරීත්වය නතර කිරීමයි.

4.DisableKeyboard Remap
        මෙමගින් අප වෙනස් කල වෙනස්කම් නැවත යථා තත්වයට පත්වේ..




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday 3 June 2015

982.ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න part 2

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    part 2

  අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. 
 පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    


1. Memory Cleaner

පහලින් ගන්න,


2. Extra Ram

 පහලින් ගන්න,



          3. Rizone Memory Booster

මෙන්න ගන්න,


4. KDT RAM Clerner

මෙන්න,
 


         තවද වින්ඩොව්ස් 7මෙහෙයුම් පද්ධතියේ ඇති ready boost මගින්ද පෙන් එකේ memory එක ram එක share කර ram එකේ වේගයද වැඩි කරගත හැක.


          
දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday 24 May 2015

977.පරිගනක anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙන virus සොයා විනශ කිරිම

anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙනvirus සොයා විනශ කිරිම


ඔබට ඔබ භාවිත කරන pen drive එක මගින් පැමිනෙන virus මහත් හිසරදයක්ද?මෙන්න ඒසඳහා කලහැකි හොදම විසදුම.කිසිදු පරිගනක වැඩසටහනක් අවශ්ය නොවේ.එතරම් විශාල කර්යයක් නොවේ.

පලමුව my computer ඕපන් කරගන්න

පසුව tools ගොස් folder option වෙත යන්න

එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.


එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.


පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න


පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න


දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න

shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)

දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න

එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)


දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය

සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Saturday 16 May 2015

972.මෙම​ Flash drive එකතැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි

මෙම​ Flash  drive එකතැනක අලවා දත්ත හුවමාරු කළ හැකි සියුම් උපාංගයකි



පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි. 

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය. 



ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස්  පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.

මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක  ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු  කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.


මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.




තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.




මේගැන තවදුරටත් දැනගන්න මෙතනින් ගිහින් බලන්න​


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 15 May 2015

971.Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....

Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....
Image result for Dot Net Framework 3.5 Internet

පලවෙනි ක්‍රමය...

Net Framework 3.5 කියන එක Windows 8 වලට ආවේණික දෙයක්...මේක නැතුව ඕගොල්ලන්ට සමහර software install කරන්නත් බෑ..සමහර softwares වල crack දාන්නත් බෑ Net Framework 3.5 කියන එක ඉල්ලනවා....

ඉතින් එකට විසදුම් 2ක් තියෙනවා  ඉස්සෙල්ලම කියල දෙන්නන් Net Framework 3.5 Internet නැතුව Install කරන විදිය...

මේකට අපිට ඕනේ වෙනවා Windows 8 DVD එකක්..

පියවර..

1.ඉස්සෙල්ලම Windows 8 DVD drive එකට දාගෙන ඉන්න..

2.ඊට පස්සේ ඔයාගේ mouse point එක desktop එකේ අයිනට අරන් ගියාම එන එකේ search එකේ C අකුර ගැහුවම CMD එක පෙන්නනවා එක run as administrator දීලා ඕපන් කරගන්න...පල්ලෙහා පින්තූරේ තියෙන්නේ...


3.දැන් ඔය පල්ලෙහා තියෙන command එකේ ඔයාගේ DVD ROM එකේ drive letter එක දීලා ඒක command prompt එකට දාලා enter කරන්න....මගේ නං drive letter එක h ඔයාලගෙත් ඒක නං මේක copy කරලා paste කරන්න....

DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs

enter කරලා ටික වෙලාවකින් The Operation complete successfully kiyala වැටෙයි එතකොට හරි 

දෙවන ක්‍රමය...

මේක තමයි දෙවෙනි ක්‍රමය...මේකත් ලේසි ක්‍රමය


පියවර.....

1.control panel එකට ගිහින් programs and features යන්න ගිහින් Turn Windows Features on or off එකට යන්න එකට ගිහින් පල්ලෙහා පින්තූරේ වගේ .NET Framework 3.5 (includes .NET 2.0 and 3.0) කියන එක උඩ mark කරන්න..




දැන් ok දෙන්න එතකොට නිකන්ම download වෙනවා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Thursday 14 May 2015

970.හැංගුන ගොනු වැටලීම

හැංගුන ගොනු වැටලීම



අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි  සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව න්න බැරුව යනවනෙ!
… ඔය කියපු කාරනේ  ඔයටත් වෙලා අති....
මෙ තියෙන්නෙ එකට පහසුම විසදුම​

Notepad Open කරන්න
 මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
@echo off
title Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo       Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo          Done! For Exit Press any key
pause > NUL

දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
…දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Monday 27 April 2015

957.100% DRIVERS BACKUP කරගන්න පුලුවන් විදියක් මෙන්න

100% DRIVERS BACKUP කරගන්න පුලුවන් විදියක් මෙන්න



කාටත් තියන ප්‍රශ්නයක් තමයි Drivers Backup කරගන්න එක.නෙට් එක පීරගෙන හොයනවා සමහර  ය Drivers.මොකටද එච්චර මහන්සි වෙන්නෙ.අද දෙන්න යන්නෙ Drivers ලෙසියෙන්ම Backup කරගන්න පුලුවන් සොෆ්ට් එකක්.පින්තූර ටික බලලම බාගන්න. 






Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Friday 3 April 2015

936.ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ යැයි ඔබට විස්වාස ද?


ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ යැයි ඔබට විස්වාස ද?

                       
Image result for computer virus
                   ඔබ ස්ථාපනය කර ඇති ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක වේ දැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා Virus වැඩසටහන් නිෂ්පාදකයින් විසින් Virus වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා පොදු ප්‍රමිතියක් හඳුන්වා දී ඇත. මේ සඳහා ඔවුන් කුඩා Virus එකක මුහුණුවරක් ගන්නා කුඩා වැඩසටහනක් ක්‍රියාත්මක කර පරික්ෂා කර බලයි. 

ඔබත් එම කුඩා Virus එක යොදාගෙන ඔබගේ Virus වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වේ දැයි සැක හැර දැන ගන්න. 
පහත සඳහන් ආකාරයට එම Virus එක සකස් කර ගන්න.

1. Notepad එක විවෘත කරගන්න. දැන් පහත ඇති දත්තයන් ටික copy කර Paste කර ගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2.  ඊළඟට Save as තෝරාගෙන File Type එක All Files ලෙසත්, File Name එක ELCAR.COM ලෙසත් නම් කොට Save කරන්නට උත්සහ ගන්න. ඔබගේ Anti Virus එක නිවැරදිව ක්‍රියාත්මක වේ නම් ඔබට එය Save කිරීමට ඉඩ නොදේ. නැතහොත් Save කළ විඟසම එය Virus එකක් ලෙස හඳුනා ගනී.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 30 March 2015

932.VGA card එක රැකගන්නා ආකාරය..

VGA card එක රැකගන්නා ආකාරය..

Image result for vga card for pc

 VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්. එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය  වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.

  VGA Card එකක කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)යන දේ වලට කෙලින්ම බලපාන කාරණයක් තමා එය පමණ ඉක්මවා රත්වීම නැත්තම් තේරෙන විදිහට කියනවා නම් 

overheat වීමයි. ඉතින් VGA card එකක්  overheat වීමට බලපාන කරුණු එකින් එක සලකා බලමු.




1.Heat sink එකෙහි දුහුවිලි තැන්පත් වීම.

    මේ දේත් අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති දෙයක්.දූවිලි කියන්නේ ඉතාමත් හොඳ තාප පරිවාරකයක්. ඒ නිසා Heat sink එකේ දූවිලි බැදුනාම තාපය පිට කිරීම මන්දගාමී වෙනවා.ප්‍රතිපලය තමා 

GPU එක පමණ ඉක්මවා රත්වීම. ඉතින් මාස කිහිපයකට වරක් වත් කුඩා පින්සලකින්  Heat sink එක පිරිසිදු කිරීමෙන්  VGA card එහි ක්‍රියාකාරීත්වය දිගු කාලයක් හොඳ මට්ටමක පවත්වාගෙන 
යන්න පුළුවන්.



2.Thermal Grease

   Grpahic Processor එක මගින්  Heat sink එක වෙත තාපය සන්නයනය කරන්නේ Grpahic Processor එක මත ආලේප කරනලද ඉතා තුනී විශේෂිත 

ආලේපයකින්.එය Thermal Grease/Paste/Gel ලෙස හදුන්වනවා. Heat sink එක ගැලවූ විටකදී මෙම ආලේපය ඉවත්ව යන්න ඉඩ තියනවා.  ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ 

වෙළඳපලේ ඉතා අඩු මිලකට ලබාගන්න තියන මේ Thermal Grease මිලදීගෙන අදාළ ස්ථානයේ පමණක් ඉතාම සියුම් ස්තරයක්  ආලේප කරන එක.
සැ.යු.- Thermal Grease පමණ ඉක්මවා ආලේප කිරීමෙන් ද තාප සන්නයනය අඩු වෙන බැවින් ඉතාම සියුම් ස්තරයක් පමණක් ආලේප කල යුතුය.


3.Over clock
  processor එකෙහි සාමාන්‍ය සංඛ්‍යාතය(frequency)ට වඩා වැඩි සංඛ්‍යාතයකින් එය ක්‍රියාකරවීමට සැලැස්වීම  Over clock කිරීම ලෙස හදුන්වන අතර මෙසේ කිරීමෙන්ද ග්‍රැපික් 

ප්‍රොසෙසරය රත්වීම වැඩි කරයි.හැකි තරම් Over clock කිරීමෙන් වැලකි සිටීමෙන්ද එහි ආයුකාලය දීර්ග කරගත හැකිවනු ඇත.

**VGA drivers ලබා ගැනීමේදී අදාළ නිෂ්පාදක සමාගමේ (Nvidia/ATI)නිල වෙබ් අඩවියෙන්ම ලබාගැනීමෙන් VGA card එකෙහි performance උපරිම තත්වයෙන් 
පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඊට හේතුව driver update එකක් නිකුත් කල සැනින් එය ප්‍රථමයෙන් ඇතුලත් වන්නේ එම නිල වෙබ් අඩවියේ බැවිනි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​
 
-