Ads 468x60px

home

Showing posts with label INTERNET SPEED. Show all posts
Showing posts with label INTERNET SPEED. Show all posts

Friday 12 June 2015

987.SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න

 SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න


මේ පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් . මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම  සෙට් වෙනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.

  • 1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්න මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න

Image result for go button icon

1. ඔයාගෙ Email Address එක

2. ඔයාගෙ Mobile Phone නම්බර් එක

3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ ) 

4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT  එකෙන් දෙන Pass එක

5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක

6. මේක නං දන්නවනේ. 


  • 2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න


  • 3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න


Firefox අය මෙතනින් බාගන්න


Chrome අය මෙතනින් බාගන්න


  •  Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.
  •  දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.


මෙන්න screenshot 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Friday 5 June 2015

983.Browser එකේ Bookmark ටික Backup කරගමු ?

Browser එකේ Bookmark ටික Backup කරගමු ?


Image result for bookmark browser


අන්තර්ජාලය බාවිතා කරන්න නම් අපිට අත්‍යවශ්‍යම දෙයක්නේ Web Browser එක කියන්නේ.  ඔහොම ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දි අපිට හම්බවෙන වැදගත්වෙබ් අඩවි අපි Bookmark කරගන්නවනේ. ඒත් මොනයම් හෝ හේතුවකට පරිගණකයට නැවත් Syestem දාන්න උනොත් හෝ වෙනත් හේතුවකට පරිගණකය වැඩ කරන්නේ 
නැතුව ගියොත් හරි අපි අර Bookmark කරගත්තු වටිනා වෙබ් අඩවි තොරතුරු අපිට නැති වෙනවනේ. ඉතින් ඒ වැඩේට කරන්න පහසුම ක්‍රමයක් තමයි අපේ Browser එකේ තියන Bookmark Online sync කරලා තියා ගන්න එක. එතකොට කොමාට මොනවා උනත් අපේ Bookmark List එකට නම් මොකුත්ම වෙන්නේ නෑ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.




මේ  xmarks.com කියන සයිට් එකට ගිහින් Acc එකක් හදා ගන්න.

Image result for click here button

ඊළගට ඔයගොල්ලන්ගේ Browser එකට අදාල Add on එක දාගෙන ඉදිරි පියවරවල් ටික අනුගමනය කරන්න
 Add On එක මෙතනින් ගන්න.
Image result for click here button

වැඩේ හරියට කරගත්තානම් අපි දැනට කරලා තියන Bookmark Set එකයි අලුතෙන් කරන  හැම Bookmark එකක්ම Online Sync වෙනවා. ඔයගොල්ලො මුලින් හදාගත්තු Acc එකට Log වෙලා
 ඔයගොල්ලගේ Bookmark වල විස්තර බලා ගන්න





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Friday 15 May 2015

971.Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....

Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....
Image result for Dot Net Framework 3.5 Internet

පලවෙනි ක්‍රමය...

Net Framework 3.5 කියන එක Windows 8 වලට ආවේණික දෙයක්...මේක නැතුව ඕගොල්ලන්ට සමහර software install කරන්නත් බෑ..සමහර softwares වල crack දාන්නත් බෑ Net Framework 3.5 කියන එක ඉල්ලනවා....

ඉතින් එකට විසදුම් 2ක් තියෙනවා  ඉස්සෙල්ලම කියල දෙන්නන් Net Framework 3.5 Internet නැතුව Install කරන විදිය...

මේකට අපිට ඕනේ වෙනවා Windows 8 DVD එකක්..

පියවර..

1.ඉස්සෙල්ලම Windows 8 DVD drive එකට දාගෙන ඉන්න..

2.ඊට පස්සේ ඔයාගේ mouse point එක desktop එකේ අයිනට අරන් ගියාම එන එකේ search එකේ C අකුර ගැහුවම CMD එක පෙන්නනවා එක run as administrator දීලා ඕපන් කරගන්න...පල්ලෙහා පින්තූරේ තියෙන්නේ...


3.දැන් ඔය පල්ලෙහා තියෙන command එකේ ඔයාගේ DVD ROM එකේ drive letter එක දීලා ඒක command prompt එකට දාලා enter කරන්න....මගේ නං drive letter එක h ඔයාලගෙත් ඒක නං මේක copy කරලා paste කරන්න....

DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs

enter කරලා ටික වෙලාවකින් The Operation complete successfully kiyala වැටෙයි එතකොට හරි 

දෙවන ක්‍රමය...

මේක තමයි දෙවෙනි ක්‍රමය...මේකත් ලේසි ක්‍රමය


පියවර.....

1.control panel එකට ගිහින් programs and features යන්න ගිහින් Turn Windows Features on or off එකට යන්න එකට ගිහින් පල්ලෙහා පින්තූරේ වගේ .NET Framework 3.5 (includes .NET 2.0 and 3.0) කියන එක උඩ mark කරන්න..




දැන් ok දෙන්න එතකොට නිකන්ම download වෙනවා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Monday 20 April 2015

951.සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

Image result for rapido

ඔයාල දැනටමත් ගිනි නරියා (Firefox) එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක පියවර අටකින් තමා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිනි නරියාට පියවර අටක සත්කාරයක් තියෙනවා. ඒක කලාට පස්සේ  වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා. 


පියවර 1: Firefox  වැඩසටහන Open කරලා ඒකේ New Tab එකක් Open කර ගන්න. දැන් Addressbar එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට ඒවි ඔය  පහල දාලා තියෙනවා වගේ අවවාදාත්මක වින්ඩෝ එකක්. බය වෙන්න එපා.  කියන විඩියටම කරන්න. සාර්තක ප්‍රතිපල ලැබෙයි. ඉතින් එතන තියෙන “I’ll be careful, I promise!” කියන බොත්තම මත Click කරන්න. 




පියවර 2 : ලැබෙන නව වින්ඩෝවේ හොදට බලන්න ඔයාලගේ වම් අත පැත්තට වෙන්න ඉහලින් "Search" කියලා දිග Text Box එකක් තියෙයි Address bar එකටත් පහලින්. දැක්ක නේද.. අන්න එතැන මෙන්න මේ pipelining කියන වචනය Type කරන්න. ගොඩක් හොදයි ඒ වචනය විතරක් Copy කරල එතෙන්ට Past කලා නම්. දැන් Entar කරන්න. 




පියවර 3: ලැබෙන List එකේ තියෙන network.http.pipelining කියන එකට අදාල Value එක false කියල තියේවි. අන්න ඒක true කරන්න. ඒ සදහා අදාල වචනය මත දෙවරක් Click කලයුතු වේ. ඒ වගෙම network.http.proxy.pipelining යන්නත් true කරන්න. network.http.pipelining.max-optimistic-requests යන්න Duble Click කර දැනට පවතින අගය 8 කරන්න. ඔය ඉහත රූපයේ මම edit කරපු settings තද කලුපාටින් පෙන්නල තියෙන්නේ. අන්න ඒ විදියටම වෙනස් කර ගන්න ඕනේ. 

පියවර 4: දැන් ඔය Page එකේම හිස් ඉඩකට ගිහිල්ලා Right Click කරලා New>Integer තෝරා ලැබෙන Text Box එකට nglayout.initialpaint.delay ලෙස ලබා දී OK කරන්න. 

OK කල සැනින් තවත් Input box එකක් එයි. එකේ Value එක 0 ලෙස තියන්න.OK කරන්න. 

පියවර 5: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.notify.interval ලෙස ලබා දී අගය 500000 ලෙස යොදා OK කරන්න. 

පියවර 6: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.switch.threshold ලෙස ලබා දී අගය 250000 ලෙස යොදා OK කරන්න. 

පියවර 7: හිස් ඉඩ මත Right Click කර New > Boolean ලෙස තෝරා පෙර අවස්තාවල වගේම නම සදහා content.notify.ontimer ලෙස දී අගය true ලෙස තබන්න. 

පියවර 8: ඉහට පියවර ලෙසට New>Boolean තෝරා නම ලෙස content.interrupt.parsing යන්න ලබා දී Value එක false ලෙස තබන්න. 

දැන් ඉති Firefox එක පොඩ්ඩක් Restart පාරක් දාලා බලන්නකෝ. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 16 February 2015

877.වයි-ෆයි තාක්ෂණයේ වගතුග

වයි-ෆයි තාක්ෂණයේ වගතුග


රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් 


දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි. මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.




USB Wi-Fi ඇඩැප්ටරයක්

මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි. රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.

මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන,වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.



 වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

කණුවක පිහිටුවා අැති Wi-Fi විකාශනය කිරීමේ උපකරණයක්
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection)ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.

03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට ඇති වාසි

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

01) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
02) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.


වයි-ෆයි ජාලයකින් ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ

මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රථ එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
 වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua)සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය.  මෙම තාක්ෂණයේ විශ්මය ඔබටත් ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇත.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Sunday 15 February 2015

875.ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න

       ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    

  අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...

මුලින්ම notepad එක open කරගන්න.

ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න.
mystring=(800000)

කරලා save කරන්න. save කර යුත්තේ ram.vbe යනුවෙනි. එය මතක ඇති තැනක save කරන්න desktop එකේවුනත් කමක් නැ..දැන් එය ඩබ්ල් ක්ලික්කර වෙනස බලන්න​.

දැන් තව විදි තිබෙනවා ඒ මෘදුකාංග මගින්. පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

1. Memory Cleaner

Memory Cleaner

පහලින් ගන්න,






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Wednesday 28 January 2015

842.ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???

ඔයාගේ HARD DISK එක මැරෙන දවස බලාගමුද ???



මේකෙන් වන්නේ ඔයාගේ පරිගණකයේ hard disk එකෙක් life time එක හෙවත් ජිවිත කාලය බලාගැනීමයි. 
මෙක බලලා කලබල වෙන්න එපා. කැමති අය විතරක් බාගෙන බලන්න​.

හරි එහෙනම් පහලින් මෘදුකාංගය බාගන්නකො


ඕනන පහල ආකාරයට තමා life time එක පෙන්නන්නේ 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Monday 19 January 2015

824.Software මොනවත් නැතිව Internet Speed වැඩි කරගමු

Software මොනවත් නැතිව Internet Speed වැඩි කරගමු 


ලංකා වේ තියෙන slow internet එක speed  කරගන්න පොඩි වැඩක් තියෙන්නේ . ඒ පොඩි වැඩේටත් software මොනවත් ඕනේ නෑ එහෙනම් පහලින් බලමුකෝ කරන්නේ කොහොමද කියලා

01. මුලින්ම Network and shearing Center යන්න 





02. Change Adapter Setting  යන්න පහල රුපය වගේ එයි 



03. ඔයාල wi-fi වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන wi-fi connection එක උඩ  Right click Properties යන්න 



 04. ඔයාල Mobile Partner වලින් net යනවනම් පහල රුපයේ වගේ තියෙන Mobile broadband connection එක උඩ  Right click Properties යන්න 


05. උඩ දෙකෙන් කෝක ගියත් පහල තියෙනවා වගේ window එකක් open වෙයි එකේ Internet Protocol Version 4 (TCP/IPv4) යන්න



06. පහල රුපයේ තියෙනවා වගේ 
Preferred DNS Server (198 : 153 : 192 : 1) විදිහටත් 
Alternate DNS Server ( 198 : 153 : 194 : 1) විදිහට වෙනස් කරගන්න 




එහෙනම් යාලුවනේ වැඩේ හරි බලන්න internet එකේ speed එක වැඩි උනාද කියලා 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 3 December 2014

728.Use your Android Phone as a MODEM (ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මොඩමයක් විදියට පාවිච්චි කරමු)

Use your Android Phone as a MODEM (ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මොඩමයක් විදියට පාවිච්චි කරමු)

ඇන්ඩ්රොයිඩ් මොබයිල් භාවිතා කරන අයට (බොහෝ දෙනෙකුට) තියෙන ගැටළුවක් තමයි, ෆෝන් එක මොඩමයක් විදිහට භාවිතා කරලා , පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන අකාරය, ඉතින් විසදුමක් විදිහට පොඩි සොෆ්ට්වෙයාර් එකක් සම්බන්ධන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්, 


01. ඉස්සරවෙලාම ෆෝන් එකෙන් Android Market ප්ලේස් එකට ගිහින් PDANet  සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න,

02. සෙටින්ග්ස් වලට ගිහින්  USB debugging mode enable කරන්න, (Settings -> Developer options -> USB debugging) (Found new hardware Wizard  ආවොත් ඒක ඉන්ස්ටෝල් කරන්න,)



03. PDANet වින්ඩෝස් එක ඩවුන්ලෝඩ් කරලා පීසී එකට ඉන්ස්ටෝල් කරගන්න, ඊටපස්සේ පීසී එක Restart කරන්න






04. නැවත android Device එක පීසී එකට සම්බන්ධ කරන්න.(යූ එස් බී කේබල් එක හරහා)

05. දැන් android Device එකේ  PDANet  ඕපන් කරලා "Enable USB Tether" ටැප් කරන්න. මෙතනදී තමයි මොබයිල් ඩිවයිස් එක මොඩමයක් ක්‍රියාකාරී වෙන්නේ.

06. Found new hardware Wizard  ආවොත් ඒක ඉන්ස්ටෝල් කරන්න,

07. දැන් PDANet icon එක ක්ලික් කරලා කනෙක්ට් ඉන්ටර්නෙට් ක්ලික් කරන්න.

08. දැන් ඉතින් කරන්න ඕන දේ මම කියන්න ඕන නැහැනේ නේද?





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​
 
-