Ads 468x60px

home

Monday 20 April 2015

951.සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

Image result for rapido

ඔයාල දැනටමත් ගිනි නරියා (Firefox) එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක පියවර අටකින් තමා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිනි නරියාට පියවර අටක සත්කාරයක් තියෙනවා. ඒක කලාට පස්සේ  වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා. 


පියවර 1: Firefox  වැඩසටහන Open කරලා ඒකේ New Tab එකක් Open කර ගන්න. දැන් Addressbar එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට ඒවි ඔය  පහල දාලා තියෙනවා වගේ අවවාදාත්මක වින්ඩෝ එකක්. බය වෙන්න එපා.  කියන විඩියටම කරන්න. සාර්තක ප්‍රතිපල ලැබෙයි. ඉතින් එතන තියෙන “I’ll be careful, I promise!” කියන බොත්තම මත Click කරන්න. 




පියවර 2 : ලැබෙන නව වින්ඩෝවේ හොදට බලන්න ඔයාලගේ වම් අත පැත්තට වෙන්න ඉහලින් "Search" කියලා දිග Text Box එකක් තියෙයි Address bar එකටත් පහලින්. දැක්ක නේද.. අන්න එතැන මෙන්න මේ pipelining කියන වචනය Type කරන්න. ගොඩක් හොදයි ඒ වචනය විතරක් Copy කරල එතෙන්ට Past කලා නම්. දැන් Entar කරන්න. 




පියවර 3: ලැබෙන List එකේ තියෙන network.http.pipelining කියන එකට අදාල Value එක false කියල තියේවි. අන්න ඒක true කරන්න. ඒ සදහා අදාල වචනය මත දෙවරක් Click කලයුතු වේ. ඒ වගෙම network.http.proxy.pipelining යන්නත් true කරන්න. network.http.pipelining.max-optimistic-requests යන්න Duble Click කර දැනට පවතින අගය 8 කරන්න. ඔය ඉහත රූපයේ මම edit කරපු settings තද කලුපාටින් පෙන්නල තියෙන්නේ. අන්න ඒ විදියටම වෙනස් කර ගන්න ඕනේ. 

පියවර 4: දැන් ඔය Page එකේම හිස් ඉඩකට ගිහිල්ලා Right Click කරලා New>Integer තෝරා ලැබෙන Text Box එකට nglayout.initialpaint.delay ලෙස ලබා දී OK කරන්න. 

OK කල සැනින් තවත් Input box එකක් එයි. එකේ Value එක 0 ලෙස තියන්න.OK කරන්න. 

පියවර 5: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.notify.interval ලෙස ලබා දී අගය 500000 ලෙස යොදා OK කරන්න. 

පියවර 6: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.switch.threshold ලෙස ලබා දී අගය 250000 ලෙස යොදා OK කරන්න. 

පියවර 7: හිස් ඉඩ මත Right Click කර New > Boolean ලෙස තෝරා පෙර අවස්තාවල වගේම නම සදහා content.notify.ontimer ලෙස දී අගය true ලෙස තබන්න. 

පියවර 8: ඉහට පියවර ලෙසට New>Boolean තෝරා නම ලෙස content.interrupt.parsing යන්න ලබා දී Value එක false ලෙස තබන්න. 

දැන් ඉති Firefox එක පොඩ්ඩක් Restart පාරක් දාලා බලන්නකෝ. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-