Ads 468x60px

home

Showing posts with label TECHNOLOGY. Show all posts
Showing posts with label TECHNOLOGY. Show all posts

Sunday 29 March 2015

931.copy කරන්න බැරි file copy කරමු

copy කරන්න බැරි file copy කරමු




ගොඩක් දුරට  system file එකක් වගේම .වෙනත් programme එහෙකින් use වෙන file එකක් copy කරන්න යද්දී ඔය ප්‍රශ්නේ එනවා .විශේෂයෙන්ම windows වලට ගේමක් දෙන්න යන අයට ඔය ප්‍රශ්නේ ගොඩක් එනවා
උදා:-
*SAM file එක copy කරද්දී
*temp folder එකේ ඇති file එකක් copy කරද්දී .
*වෙනත් use වෙන file එකක් copy කරද්දී
*system file එකක් copy කරද්දී 
*copywrite CD/DVD එකක් copy කරන්න යද්දී 


හරි එහෙනම් මේ copy කරන්න බැරි file copy කරන්නේ කොහොමද කියල අද බලමු!
මේකට අපි use කරන්නේ HoboCopy  කියලා පොඩි tool එකක්
තමන්ගේ පරිගණකයේ විදිහ  අනුව මුලින්ම පල්ලෙහින් tool එක බාගෙන ඉන්න



download වුනයින්  පස්සේ extract කරගන්න .
හරි දැන් ඔකේ ඔය තින files ටික windows folder එකට copy කරන්න .එතනදී අවසරේ ඉල්ලනවානම් continue දෙන්න .
හරි දැන් tool එක ස්ථාපිත කරලා ඉවරයි .
දැන් අපි ඕක හරහා copy කරන්න බැරි files copy කරන්නේ කොහොමද කියල බලමු .
මේක අපි කරන්නේ command promote එක හරහා .ඒ නිසා code එකක් තමයි ගහන්න තින්නේ .බයවෙන්න එපා මේකේ පාඩම් කරන දෙයක් දෙයක් නැ simple code එකක් තින්නේ .පල්ලෙහා තින්නේ code එකේ විදිහ

hobocopy   source   target\file

මේකේ source කියන්නේ copy කරන්න ඕන file එක තින folder එක.  target එකට දෙන්න ඕන copy කරන්න ඕන තැන .
file කියන්නේ copy කරන ඕන file එකේ නම සහ type එක (උදා:-  file.txt , speed.exe ).
හරි මේක හොදටම තේරුම් කරගන්න මම example ටිකක් පෙන්නනම් .

1 .c drive එකේ disk කියන folder එකේ  තින my.exe  කියන file එක, D drive එකේ  myfoler කියන folder එකට copy කරන විදිහ අපි බලමු .(මෙතනදී මේ කියන disk කියන folder එක සහ ඇතුලේ තින කිසිවක් copy කරන්න බැරියයි කියා සිතන්න )

*මුලින්ම අපි disk කියන folder එකම copy කරන විදිහ බලමු .එකට ගහන්න ඕන code එක තමයි (commnd promote එකේ )
hobocopy    C:\disk   D:\myfolder

*හරි එතකොට my.exe කියන file එක විතරක් copy කරන්න ඕනනම් මෙහෙම code එක ගහන්නේ  
hobocopy    C:\disk   D:\myfolder \my.exe
හරි ඔයාලට තේරෙන්න ඇති කියල මම හිතනවා .

ඔයාල හිතනවා ඇති ඕක මෙහෙම ගහන්න බැරිද කියලා
hobocopy    C:\disk\my.exe    D:\myfolder
එකියන්නේ මුලින්ම file එකත් එක්ක full path එකත් දීල .එත් මේ code එක වැඩකරනේ නැ .එක මතක තියාගන්න .
තව දෙයක් මෙතැනදී ඔයාලගේ පරිගණකයේ speed එක අනුව ටිකක් copy වෙලා ඉවර වෙන්න වෙලා යාවි .ඒ නිසා copy වෙනකන් ටිකක් ඉවසල ඉන්න .
තව මේ programm එක ගැන විස්තර දැනගන්න  මෙතනින් යන්න .




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙතනින් යන්න​

Saturday 28 March 2015

930.ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි

ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි

Image result for led bulb

තම නිවසට අවශ්‍ය LED බල්බ ඇත්තටම අපටම සකසා ගන්න බැරිද? ඉලෙක්ට්‍රොණික විෂය නොදන්නා අයට මේක කරන්න බැරිද? මුලින්ම කියන්න ඕන දැන් LED බල්බ නිෂ්පාදනය ඉස්සර වගේ අමාරු නැති බව. විශාල LED ප්‍රමාණයක් පාස්සමින් දැන් කරදර විය යුතු නැහැ. LED බල්බයක් ඔබටම සකසා ගැනීමට ඔබට බවුත් එක භාවිතා කිරීමට දන්නවා නම් එය හොදටම ඇති.

ඔබට ඉතා අඩු මුදලට LED PLASTIC බල්බ සැකසිය හැක. සාමානයෙන් 3W පමණ ප්ලාස්ටික් LED බල්බයක් ඔබට රු 95 කට පමණ එහි උපාංග මිලට ගත හැක. මුලින්ම නිවසට අවශ්‍ය බල්බ ඔබම සකසා ගන්න. ඔබේ නිවසේ LED බල්බ සවිකර ඇති බව දකින අසල්වාසීනුත් ඔබගෙන් අසාවි එම බල්බ පිළිබඳව. එමගින් සැලකියයුතු ලෙස විදුලි බිල අඩුවන බව දකින විට ඔබේ බල්බ වලට විශාල ඉල්ලුමක් තියේවි. ඔබට තියෙන්නේ ලාබෙකුත් තියාගෙන ගෙදර ඉඳන් බල්බ නිෂ්පාදනය පටන් ගන්න එකයි. ඔබ 3W, 5W, 7W, 9W, 12W කුමන ප්ලාස්ටික් LED බල්බ හැදුවත් එය නිර්මාණය කර ගන්නා අන්දම බොහොම පහසුයි.රැකියවක් නොකර ගෙදර ඉන්න කෙනෙක් නම් මේවගේ දෙයක් කරල බලන්න හොද මුදලක් අතට ගන්න පුලුවන් 

පහල තියෙන්නේ  සිංහලෙන් කල වීඩියෝවක් . ඔබත් බලලා ඉගෙ ගන්න.
 වීඩියෝව ඉදිරිපත් කරන්නේ නාමල් මහතා..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 24 March 2015

926.Softwares නැතුව Windows 7 genuine කරමුද?

Softwares නැතුව Windows 7 genuine කරමුද?




ඔන්න windows 7 පාවිච්චි කරන අයටයි මේ Trick එක...කිසිම Software එකක් නැතුව ලේසියෙන් Windows genuine කරගන්න පුලුවන්...එහෙනන් වැඩේ කරල බලමු...



Windows Key + R ඔබන්න...
ඊටපස්සෙ 'Run' box එක එනවා,එකේ CMD කියල Type කරන්න...
ඊටපස්සෙ OK ඔබන්න...
*CMD එක Administrator විදිහට Run කරන්න...

CMD එකේ SLMGR -REARM කියල Type කරල Enter කරන්න...



 තත්පර 10 විතර ඉන්න
ඊටපස්සෙ පහළ තියෙනව වගේ Message එකක් එයි...



ඊටපස්සෙ PC එක Restart කරන්නයි තියෙන්නෙ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -


මෙතනින් යන්න​

Sunday 22 March 2015

924.ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට


 

ඔයාලගේ computer එකේ  user Accounts ගොඩක් තියෙනව නම්. Windows වලට Log වීමට මොකක් හරි Account එකක් Click කරන්න ඕනෙ වෙනවනෙ. එහෙම නැතුව ඔයාල කැමති Account එකෙන් Log වෙන්න පුළුවන් Account එක Click නොකර. අද කියන්න එහෙම කොහොමද කරන්නෙ කියල. එහෙනම් නොදන්නා අය හොඳට මේ ලිපිය බලන්නකො.  
  
දැනගැනීම සදහා 
1. එක Account එකක් තියෙනව නම් කිසිම අවුලක්  නෑ Automatically Windows වලට Log වෙනවා password එකක් දාල නැත්නම්. 

2. Accounts එකකට වඩා තියෙනව නම් තමයි මගේ ලිපිය වැදගත් වෙන්නෙ. 
3. Password දමා තිබේ නම් Password ඉවත් කරන්න ඔබ Automatically Log වෙන Account 
එකේ. 
4. Password Field emty තිබියදී Ok button එක click   කරන්න.





ඔයාල Startup එක Automatically කලවිට මේ වගේ window එකක් එන්නේ නෑ කෙලින්ම ඔයාලගේ Desktop එකට තමයි එන්නේ. කිසිම දේකට බය වෙන්න එපා. 


පියවරෙන් පියවර දාන්නම් නොදන්න අයට තේරුම් ගන්න පහසු වීම සදහා.  

1. start menu එක open කරන්න 
2. search Bar එකේ netplwiz කියල Type කරල Enter Button එක Press කරන්න. 




3. Turn On කිරීම Automatic Log On User Account සදහා.

(A) ඔයාලට Automatically Log වීමට අවශ්‍ය user name එක click කරන්න.

(B)  මම ලකුණු කර තිබෙන තැන හරිය ඉවත් කරන්න Users must enter a user name and password to use this computer කියන තැන තියෙන. 


(C)  Ok Button එක click කරන්න 


  
4. Automatic Log On ඉවත් කිරීම සදහා.


පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා ok කරන්න.


5. Automatically Log On වෙන  User Account වෙනස් කිරීම 

(A) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා Apply button එක click කරන්න.



(B) automatically log on වීමට අවශ්‍ය Account එක click කරන්න 

(C) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමන්න. 


(D) OK button එක click කරන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Thursday 19 March 2015

919.WINDOWS 8/8.1වල HIBERNATE MODE එක ENABLE කරමුද ?

WINDOWS  8/8.1වල HIBERNATE MODE එක ENABLE කරමුද ?
Image result for WINDOWS 8/8.1HIBERNATE MODE
Microsoft සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන Windows 8/8.1 සමග Windows 7/XP සමග පැවති HIBERNATE mode එක disable වී පැමිණේ මෙනිසා බොහෝදෙනෙක් ලොකු අපහසුතාවලට පත්වුනා එය enable කිරීමට නොදන්නාකම නිසා..

Microsoft සමාගම එය completely disable නොකළ නිසා userලා හට එය පහසුවෙන් enable කරගැනීමට හැකිය..ඒ සදහා පහත ක්‍රියාපිලිවල අනුගමනය කරන්න..



  • keyboard එකේ "win key" + "R" press කරන්න
  • ලැබෙන windows එකේ පහත command එක type කර enter කරන්න




  • අනතුරුව ලැබෙන window එකෙන් පහත පරදී HIGHLIGHT කර ඇති විදියට කරන්න








  • Hibernate option එක tick කර "Save Changes" click කරන්න..




නිවැරදිව කලානම් ඉහත ආකාරය ඔබට Hibernate mode එක enable වී ඇති අයුරු දැක ගත හැකිය...

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Sunday 15 March 2015

915.CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගමු.

CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගමු.

Image result for cd dvd lock

GiliSoft Secure Disc Creator 5.0 ඔන්න අලුත්ම වර්ශන් එක.මේකෙන් කරන්නෙ සීඩී,ඩීවීඩී වලට පාස්වර්ඩ් දාලා දෙන එක.ඒ කියන්නෙ අපි අපේ කම්පියුටර් එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් ඉල්ලනවා වගෙ සීඩී එක ඕපන් කරනකොට අපෙන් පාස්වඩ් ඉල්ලනවා. තමන්ගෙ ප්‍රයිවට් දේවල් ආරක්ශා කරගන්න තියන හොදම සොෆ්ට්වයා එකක්.
සොෆ්ට්වයා එක  අරගන්න.කී එක්කමයි තියෙන්නෙ.



මෙහෙමයි සීඩී එකට පාස්වර්ඩ් දාන්නෙ

01 සොෆ්ට්වයා එක කොම්පියුටර් එකට දාගන්න
02 සීඩී,ඩීවීඩී එක රොම් එකට දාන්න
03 GiliSoft Secure Disc Creator 5.0 සොෆ්ට් එක ඕපන් කරලා ඇඩ් ෆයිල් කිලික් කරන්න
04 ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා කියන එකට ෆයිල් ඇඩ් කරගන්න.
05 ඇඩ් කරගෙන ඉඅවර වෙලා ඩිස්ක් එකට නමක් එහෙම දීල බර්න් කියන බටන් එක ක්ලික් කරන්න
06 බර්න් කියන එක ක්ලික් කලාම පාස්වර්ඩ් එක දාගන්න බොක්ස් එකක් එනවා.ඔයාලට කැමති පාස්වර්ඩ් එකක්දෙන්න

වැඩේ ඉවරයි.ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා එකට ලොක් කරන්න ඕන ෆයිල් ටික දාගන්න.පබ්ලික් ඒරියා කියන එකට ඇඩ් කරන ෆයිල් ඕනම කෙනෙකුට බලන්න පුලුවන්..

මෙි විඩියෝ එකත් බලන්න​







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 25 February 2015

891.power supply එක වැඩද කියලා බලන්න විදියක්.


power supply එක වැඩද කියලා බලන්න විදියක්.





අද  කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියක වැඩක්. මේක පරිඝණක දෘඩාංග වැඩක්. ගොඩක් අය පරිඝනක පාවිච්චි කලාට මොනවා හරි උනොත් කරන්නෙ ගත්තු තැනට ගිහින් දීලා හදා ගන්න එකනේ.  අද කියලා දෙන්න යන්නේ cpu එකට විදුලිය බෙදා හරින power supply එක වැඩද නැද්ද කියලා බලන විදියක් ගැන. මේ ක්‍රමය මගින් ප්‍රධාන මවුපුවරුවද නැතහොත් වෙනයම් කිසි හේතුවක් නිසා තමාගේ පරිඝණකය ක්‍රියා විරහිත වී ඇත්නම් එහ දෝශය හරියාකාරව බලාගන්න පුලුවන්. උදාහරනයක් ලෙස තමන්ගේ‍ පරිඝණකය ක්‍රියාත්මක වෙවී තිබී හදිස්සියේම එය ක්‍රියා විරහිත වුවහොත් තමන්ට නිගමන කිහිපයකට එලබිය හැකි වනු ඇත. එනම් මවු පුවරුවේ හෝ වෙනත් කොටසක දෝෂයක් ලෙස නැතිනම්, මේකෙ කාලය හරි තමා කියලා. නමුත් මෙම දෝෂය හරියාකාරව නිරාකරනය කර ගැනීම සදහා කිසියම් ක්‍රම කිහිපයක් මගින් අක්‍රීය වූ කොටස හදුනා ගත යුතු වේ. මෙසේ හදුනා ගැනීම සදහා  මේ කියන්නට යන්නා වූ කාරනාව වැදගත් වේ 



ප්‍රතමයෙන් ඔබේ පරිඝණකය ලබා ගත් ස්ථානය මගින් ලබා දී ඇති වගකීම පිලිබදව සැලකිලිමත් වන්න. ඇතැම් අවස්ථා වලදී පරිඝණකයේ මෙසේ වෙනස් කම් සිදුකිරීමට යාම නිසා ඔබගේ වගකීම අහෝසි වීමට ඉඩ කඩ තිබේ. ඔබේ පරිඝණකයේ වගකීම කල්ඉකුත් වී ඇත්නම් මෙම ක්‍රමය ගැටලුවක් නැත. නමුත් පරිඝණක දෘඩාංග පිලිබදව මූලික දැනුම නැතිව මෙම දේවල් අත්හදා බැලීමට යාම ඔබටත් පරිඝණකයටත් අනුතුරුදායක විය හැක.



මුලින්ම ඔබේ පරිඝණකයේ power supply එක මවු පුවරුවට හා අනෙකුත් දේවල් වලට සම්බන්ධ වී ඇති සියලු වයර් ගලවන්න. ඉන් පසුව එහි ඇති විශාලම වයර් ගොනුව සොයා ගන්න. එය එක එල්ලේම මවුපුවරුවට සම්බන්ද වන වයර් 19 කින් ඇති සොකට්ටුවකි(මෙම අගය වෙනස් වීමට ඉඩ ඇත). එහි ඇති වර්න නිරීක්ශනය කල විට ඔබට කළු පාට වයර කිහියයක් හා එක් කොල පාට වයර් එකක් දැක ගැනීමට හැකිවනු ඇත. මෙහි කළු පාට වයර( -අගය) සහිත වේ. නමුත් මෙහි ඇති කොළ පාට වයරය power supply එකක්‍රියාත්මක වීමට අදාල වයරය යි. අප විසින් තනිවම මෙම power supply එක ක්‍රියාත්මක කිරීමට නම් මෙම කොළ වයරය හා එක් කළු වයරයක් එකට සම්බන්ද කල යුතු වේ. මේ සදහා කුඩා කම්බි හෝ වයර් කැබැල්ලක් යොදා ගැනීමට පුලුවනිය. මෙසේ සම්බන්ද කර විදුලිය ලබා දුන් පසු power supply එක මවු පුවරුව නැතිව ක්‍රියාත්මක වේ. එසේ ක්‍රියාත්මක නොවේනම්  නියත වශයෙන්ම එය අක්‍රිය වී ඇත. .

මෙම වයර නිවරැදිව සම්බන්ධ කරන ආකාරය  පහත රූපයේ දක්වා තිබේ.













සම්බන්ද කරන අයුරු

මෙම ක්‍රමය අත්හදා බැලීම මගින් දෝෂය ඇත්තේ මවු පුවරුවේද නැතිනම් power supply එකේද කියා සොයාගත හැක. නමුත් මවුපුවරුවේ දෝෂයක් යයි හරියට කිව නොහැක. power supply එක ක්‍රියාත්මක වන්නේ නැතිනම් නියත වශයෙන්ම එය අක්‍රිය වී ඇත.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 14 February 2015

874.ඔබගේ පරිගනකය DualCoreද? Core2Duoද?

ඔබගේ පරිගනකය DualCoreද? Core2Duoද?

Image result for intel core 2 duo

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ  upgrade කිරීමේදි DualCore ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා Core2Duo ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ. ඒ අපහසුතාවයෙන් බේරෙන්න  විදිහ අපි  බලමු.

පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද ඇත්තටම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දීල නෑ. Dual Core කියන්නේ Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමයක්. ඒකියන්නේ ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වෙන්නෙත් Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගන්න පුලුවන්.


ඒ හින්දා ඔය පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.



  Core-Duo

 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz





  Pentium Dual-Core



එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz


  Celeron Dual-Core


 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512MB, Front Side Bus-800MHz


  Pentium D


 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz


  Core2Duo



  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 4 February 2015

856.එක එක විදියේ FONTS තියෙන සිහල​ FONTS MEGA PACK එක.....

එක එක විදියේ FONTS තියෙන සිහල​ FONTS MEGA PACK එක.....

    
මේ තමයි එක එක විදියේ Fonts තියෙන Fonts Mega Pack එක. සමහර අය එක එක නම් වලින් තියෙන Fonts හොයන්න ගිහිල්ලා Net එක පුරාම ගිහින් පුදුම කට්ට්ක් නේ කන්නේ ,  සිංහල Fonts 1775 ක්  බාගත කරගන්න පුලුවන්. 

                                     Sinhala Fonts Pack ( Fonts 1775 )  _ 96.47MB
                 





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​
 
-