Ads 468x60px

home

Showing posts with label error. Show all posts
Showing posts with label error. Show all posts

Friday 22 May 2015

976.ඔයාගේ පරිගනක Not Responding ද?

ඔයාගේ පරිගනක Not Responding ද?


ඔයාලගේ PC එකේ Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි Program එකක් Not Responding කියල වැටුන ගමන්ම අපි මොකෝ කරන්නේ Task Manager එක open කරල End Task කරනවා. එත් සමහර වෙලාවට Program එක End Task කරලා දාන්නත් Task Manager එකත් එන්නැති අවස්ථා තියෙනවා. ඉතිං ඕකට  පොඩි ලේසි Trick එකක් තමා  කියන්න හදන්නේ.


            මේක Registry එක edit කිරීමක්. මේකෙදි අපි කරන්නේ මොකක් හරි Program එකක් Not Responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , Program එක End Task වෙලා යන එක. මේකෙදි PC එක Struck කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි...


01. පියවර
Start > Run > Regedit



02. පියවර
දැන් Registry Edier එක open වෙයි
HKEY_CURRENT_USER > Control Panel > Desktop

03. පියවර
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )



        ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. පරිගනකය හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 15 May 2015

971.Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....

Windows 8 වල Dot Net Framework 3.5 Internet නැතුව Install කරමු....
Image result for Dot Net Framework 3.5 Internet

පලවෙනි ක්‍රමය...

Net Framework 3.5 කියන එක Windows 8 වලට ආවේණික දෙයක්...මේක නැතුව ඕගොල්ලන්ට සමහර software install කරන්නත් බෑ..සමහර softwares වල crack දාන්නත් බෑ Net Framework 3.5 කියන එක ඉල්ලනවා....

ඉතින් එකට විසදුම් 2ක් තියෙනවා  ඉස්සෙල්ලම කියල දෙන්නන් Net Framework 3.5 Internet නැතුව Install කරන විදිය...

මේකට අපිට ඕනේ වෙනවා Windows 8 DVD එකක්..

පියවර..

1.ඉස්සෙල්ලම Windows 8 DVD drive එකට දාගෙන ඉන්න..

2.ඊට පස්සේ ඔයාගේ mouse point එක desktop එකේ අයිනට අරන් ගියාම එන එකේ search එකේ C අකුර ගැහුවම CMD එක පෙන්නනවා එක run as administrator දීලා ඕපන් කරගන්න...පල්ලෙහා පින්තූරේ තියෙන්නේ...


3.දැන් ඔය පල්ලෙහා තියෙන command එකේ ඔයාගේ DVD ROM එකේ drive letter එක දීලා ඒක command prompt එකට දාලා enter කරන්න....මගේ නං drive letter එක h ඔයාලගෙත් ඒක නං මේක copy කරලා paste කරන්න....

DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs

enter කරලා ටික වෙලාවකින් The Operation complete successfully kiyala වැටෙයි එතකොට හරි 

දෙවන ක්‍රමය...

මේක තමයි දෙවෙනි ක්‍රමය...මේකත් ලේසි ක්‍රමය


පියවර.....

1.control panel එකට ගිහින් programs and features යන්න ගිහින් Turn Windows Features on or off එකට යන්න එකට ගිහින් පල්ලෙහා පින්තූරේ වගේ .NET Framework 3.5 (includes .NET 2.0 and 3.0) කියන එක උඩ mark කරන්න..




දැන් ok දෙන්න එතකොට නිකන්ම download වෙනවා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Thursday 14 May 2015

970.හැංගුන ගොනු වැටලීම

හැංගුන ගොනු වැටලීම



අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි  සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව න්න බැරුව යනවනෙ!
… ඔය කියපු කාරනේ  ඔයටත් වෙලා අති....
මෙ තියෙන්නෙ එකට පහසුම විසදුම​

Notepad Open කරන්න
 මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
@echo off
title Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo       Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo          Done! For Exit Press any key
pause > NUL

දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
…දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Friday 3 April 2015

936.ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ යැයි ඔබට විස්වාස ද?


ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රීයාත්මක වේ යැයි ඔබට විස්වාස ද?

                       
Image result for computer virus
                   ඔබ ස්ථාපනය කර ඇති ඔබගේ Virus වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක වේ දැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා Virus වැඩසටහන් නිෂ්පාදකයින් විසින් Virus වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා පොදු ප්‍රමිතියක් හඳුන්වා දී ඇත. මේ සඳහා ඔවුන් කුඩා Virus එකක මුහුණුවරක් ගන්නා කුඩා වැඩසටහනක් ක්‍රියාත්මක කර පරික්ෂා කර බලයි. 

ඔබත් එම කුඩා Virus එක යොදාගෙන ඔබගේ Virus වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වේ දැයි සැක හැර දැන ගන්න. 
පහත සඳහන් ආකාරයට එම Virus එක සකස් කර ගන්න.

1. Notepad එක විවෘත කරගන්න. දැන් පහත ඇති දත්තයන් ටික copy කර Paste කර ගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

2.  ඊළඟට Save as තෝරාගෙන File Type එක All Files ලෙසත්, File Name එක ELCAR.COM ලෙසත් නම් කොට Save කරන්නට උත්සහ ගන්න. ඔබගේ Anti Virus එක නිවැරදිව ක්‍රියාත්මක වේ නම් ඔබට එය Save කිරීමට ඉඩ නොදේ. නැතහොත් Save කළ විඟසම එය Virus එකක් ලෙස හඳුනා ගනී.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 16 March 2015

916.2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග

2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග

Image result for 2015 AVG

ලෝකෙ තියන හොදම  සහ අලුත්ම වයිරස් ගාඩ් එකක් තමයි දෙන්න යන්නේ .සමහරු කියනවා ක AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.කොහොම උනත් එක් එක් පුද්ගලයගෙ කැමැත්ත,පරිගනකය බාවිතා කරන්නෙ මොන වගේ වැඩ වලටද,පරිගනකයේ වේගය,පහසුව,අනුව මේ වගේ විවිද අදහස් දකින්න පුලුවන්.

මොනව උනත් වයිරස් ගාඩ් එකක් දැම්මටම බෑ.වයිරස් ගාඩ් එකකින් කරන්න ඕන මූලික වැඩේ නොවෙනව නම් ඒ ගාඩ් එකෙන් ඇත්තටම වැඩක් නෑ.දවසින් දවස අලුත් අලුත් වයිරස් එනව.ඒවට ප්‍රතිචාර දක්වන්න වයිරස් ගාඩ් එකට පුලුවන් වෙන්න ඕන.ඒක තමයි මූලික වැඩේ.අන්තර්ජාලය බාවිතා කරනව නම් අනිවාර්යයෙන් වයිරස් ගාඩ් එකක් තිබිය යුතුයි.ඒ විතරක් මදි අලුතෙන් එන වයිරස් වලට ප්‍රතිචාර දක්වන්න නම් ගාඩ් එක update කරන්න ඕන.එක එක අය විවිද අදහස් දරනන නිසාම ලෝකෙ හොදම යැයි නම් දරා තිබෙන වයිරස් ගාඩ් එකක් දෙනවා. [කී ෆයිල් සමග] 

AVG Internet Security 2015 With Working Key

මෙතනින් බාගන්න​

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Sunday 8 March 2015

906.සෑම software එකකටම password එකක් දාමු

සෑම software එකකටම password එකක් දාමු 

Image result for software
මේ software එකෙන් පුලුවන් අපේ  පරිගනකයේ තියෙන software වෙන අයට  open කරන්න බැරිවෙන්න password එකක් දාන්න
මෙක ගොඩක්  වටින්නෙ  පාසල් වල  පරිගනක  වගේ ගොඩක් අය බාවිතා කරන  පරිගනයක පෞද්ගලික software ආරක්ෂා කරගන්න  
Windows Xp/7/8 වල වැඩ 

මේ link එකෙන් ගිහින්  download කරගන්න 
Image result for download icon gif


 install කරනකොට  මුලින්ම password එකක්  ඉල්ලයි  එතනටඔයා කැමති password එකක්  දාන්න confirm password එකටත් එකම දාන්න දැන් install කරන්න 


software එක install කරාට පස්සෙ register කරන්න කියල tab එකක් එයි එතනට 
download කරපු  key file එකෙ තියෙන code එක  copy කරන්න 
දැන්  තියෙන්නෙ protect a program ගිහින් ඔයාට ඔනෙ  software එක select කරන එක
      



දැන්  close කරල 
ඔයා  select කරපු  software එක open කරල බලන්න open කරනකොට  password එක ඉල්ලයි  


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 3 March 2015

900.ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්

ඔබේ හිතට ලෙඩ දෙන පරිගණක වෛරස්

මොකක්ද මේ වෛරස් කියන්නේ?

සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන  ඕනෑ එපාකම්වලට භාවිත කිරීම, පරිගණකයේ හිස්ව ඇති drive space තාවකාලිකව භාවිතා කිරීම, නොයෙකුත් ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙන්වීම මේවා අතර විශේෂයි. ඇත්තට ම මේවා අනවශ්‍ය තැරැුව්කරුවකු හෝ දුෂ්ඨයෙකු ලෙස ක‍්‍රියාකරයි. ඔබ තුළ නොරිස්සුම් ස්භාවයක් ඇති කරයි. සමහර අවස්ථාවල කළකිරීමට හෝ අලස බවට ඔබේ හිත පත්කරන්නට තරම් මේවා සමත් වෙනවා.

වෛරස් නිර්මාණය කරන්නේ කවුද ? කුමන අරමුණු සඳහා ද?

වෛරස් ඉතා සියුම්ව හා ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව නිර්මාණය කරනු ලබනව. කළින් සඳහන් කළ පරිදි අපේ පරිගණකය තුළට රිංගාගෙන අනිසි ක‍්‍රියාකාරකම් කිරීම වෛරස්වල ප‍්‍රධාන අරමුණයි. වෛරස් නිර්මාණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් හි අරමුණ මුදල් උපයා ගැනීමයි.

මොනවද ඒ?

සමහර වෛරස් නිපදවන්නන් විසින් අපේ පරිගණකය ග‍්‍රහණයට නතු කර ගන්නවා. අපට ඒක දැනෙන්නේ නැහැ. නමුත් අපේ පරිගණකය විවිධ වෛරස් මෘදුකාංග මගින් ඔවුන්ගේ ජාලයට ඈඳාගනු ලබනවා. පසුව එම ජාලය ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරනවා. ඔබට නොදැනීම ඔබේ පරිගණකය විශාල ජාලයකට අයත් ජාලයගත පරිගණකයක් බවට පත්වෙනවා. සමහර අවස්ථාවල ඔබට දැනිල ඇති ඔබේ ඉන්ටර්නෙට් වේගය ඉතා අඩු අවස්ථාවන්. ඒ ඔබේ පරිගණකය හරහා ඔවුන් අන්තර්ජාල වේගය භාවිත කරන අවස්ථාවන්. අපි එය bandwidth භාවිතා වීම ලෙස හඳුන්වනව. එපමණක් නොවෙයි,

මොනවගේ දත්ත ද අපෙන් සොරා ගන්නේ?

ඔබේ නම, ගම, රහස් මුරපද (passwords) ඔබේ mail addresses (contacts list), දුරකථන අංක මේවා පහසුවෙන් සොරාගනු ලබනවා. සමහර විට ඔබ කිසිදිනක නොහඳුනන ආයතන, පුද්ගලයන් ගෙන් ඔබට mail ලැබිල ඇති. ඒ ඔබේ යහළුවෙකුගෙන් හෝ සේවාදායකයෙකුගෙන් ඔබේ ලිපිනය සොරා ගැනීමෙනි. සමහර කණ්ඩායම් මේ mail address සහ දුරකථන අංක සොරකම්කර ඉතාම ඉහළ වටිනාකම්වලට විකුණනු ලබනවා. ඒ වගේ සමහර ආයතන නීත්‍යානුකූලයි.

භයානක දේවලූත් සිදු කරනවා, credit card අංක" credit card information ආදියත් සොරා ගන්නවා. එපමණක් නොවෙයි, අපි බලන වෙබ් අඩවි මොනවද?, අපි වෙබ් අඩවි සමග කරන ගනුදෙනු මොනවාද? කොයි වගේ වෙබ් අඩවිවලට ද කැමැති ද? වැනි දේවලූත් හොරෙන් බලාගැනීම වැනි දේවල් වෛරස් මගින් සිදුකරනව. මේවා behavior tracking නමින් හඳුන්වනු ලබනව. මේ සියලූම දත්ත ඔවුන් එක්රැුස් කරගැනීමෙන් පසු ඒවාට කුමක් කරයි ද? අන්තර්ජලය හරහා ම විශාල වටිනාකම්වලට විකුණනු ලබනවා. මුදල් දී මේවා ගන්නත් පිරිසක් සිටිනවා. එසේ නම් තත්ත්වය භයානකයි. අපිව මුලූමනින් ම ආක‍්‍රමණය කර අවසන්. අපේ පෞද්ගලිකත්වයටත් බාධා පැමිණිලා. මේ තමයි තාක්‍ෂණ දියුණුවත් එක්ක අපිට මුහුණ දෙන්නවෙන ගැටලූ.

වෛරස් අපිට ලැබෙන්නේ කොහොමද?

හරිම සරලයි. පරිගණකය යනු යන්ත‍්‍රයක්. එය ක‍්‍රියාකරවන්නේ අප විසින්මයි. අපි එයට ඇතුළත් කරන දත්ත මගින්මයි වෛරස් ඇතුළු වෙන්නේ. කොහොමද ඒ? බොහෝ විද්වතුන් කියන්නේ වෛරස් ඇතුළු වන්නට ප‍්‍රධාන හේතුව එකක් නොසැලකිල්ල, අනෙක නොදැනුවත්කම කියලයි.

එයින් අදහස් වෙන්නේ අප විසින් ම අපේ පරිගණය තුළට වෛරස් ඇතුළු කිරීමක් ද? ඔව් අපි විසින්මයි වෛරස් ඇතුළු කරගනුයේ. යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කර එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට පෙර ඒ පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍යයි. නමුත් පරිගණක ක‍්‍රියාකරවන්නන්ගෙන් 60% ක් 70%ක්ම ඒ පිළිබඳව නිවැරැුදි දැනුමක් නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳවත් දැනුමක් නැහැ.

මේ නොදැනුවත්කම්වලින් වෛරස් නිපදවන්නන් අවස්ථා වාදීව පළ ලබනවා.

කොහොමද ඒ?

උදාහරණයකට ඔබට ලැබෙන mail සියල්ල ම ඔබ දිගහැර බලනවා නේද? ඇයි? ඔබ තුල පවතින කුතුහලය සහ නොසැලකිල්ල නිසයි. මේ එක් ප‍්‍රධාන ක‍්‍රමයක් වෛරස් ඒ තුළ සැගවිලා පරිගණකයට ඇතුළු වෙන. සමහර අවස්ථාවල දී mail open කිරීමේ දී වෙබ් අඩවියකට හෝ කිහිපයකට ඇතුළුවීම ඇරඹෙනව. social වෙබ් අඩවිවලට යාළුවන්ගෙන් ලැබෙන invites හොඳ උදාහරණක්. හොඳින් අධ්‍යයනයක යෙදිල බැලූවොත් බොහෝ social වෙබ් අඩවි තේරුමක් නැහැ. එහෙම නැත්තම් ආගම්වාදී, ජාතීවාදී කරුණු තමයි සාකච්ඡා කරන්නේ, සමහර විට අදාළ වෙබ් අඩවිය නොදැන ම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙනත් පුද්ගලයන් විසින් වෛරස් බෙදාහැරීම සිදුකරනව.

තවත් වෛරස් ඇතුළුවන ක‍්‍රමයක් විදියට ගීත, වීඩියෝ එහෙම නැත්තම් පින්තූර බාගන්න යන අවස්ථා. හරිම ලෙහෙසියෙන් මේවා එක්ක වෛරස් මලූ පිටින් පැමිණෙනවා. නමුත් මේ සෑම අවස්ථාවක දී ම නොවුනත් බොහෝ විට ඔබෙන් විමසීමක් කරනව ” ඕනෑ ද? එපා ද?” කියල. කාලයක් තිස්සේ අත්හදා බැලීම් කර අපිව හොඳින් අඳුනන වෛරස්වලින් අපිට බේරෙන්නත් පහසුම නැහැ. නමුත් ඔබට අන්තර්ජාල බාගත කිරීම්වලදි නොමිලේ ලැබෙන massages, request හෝ like ගැන සැලකිලිමත් වුනොත් මේ වෛරස්වලින් වළකින්න පුළුවන්.

උදාහරණයකට ඔබට යම්කිසි ගීතයක් බාගත කරන්න අවශ්‍ය වෙනව, ඒ පිළිබඳව search කර බැලූවොත් අදාළ ගීතය සඳහා වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. එයින් official වෙබ් අඩවිය පමණක් භාවිත කරන්න උත්සාහ ගත යුතුයි. අතර මැදි වෙබ් හරහා යනවිට තමයි වෛරස් ඇතුළුවන්නේ.

ඒ වගේම නොමිලේ බාගන්න software, මේවා හරිම ප‍්‍රවේසමෙන් කළ යුතුයි. කෙසේ හෝ නිල වෙබ් අඩවිය මගින් පමණක්  ඕනෑ කරන software පමණක් ගන්නට වග බලාගන්න.

මේ වෛරස් මගින් අපට වෙළෙඳ දැන්වීම් පෙන්වීමත් කරනවා. ඒකත් එක වෛරස් වර්ගයක්. අපිට අවශ්‍ය නැතත් අපේ screen එක එක පැතිවලින් වෙළෙඳ දැන්වීම් පෙන්වනවා. හරිම කරදරයි. එපමණක් නොවෙයි, සමහර අවස්ථාවල අසභ්‍ය දර්ශන සහිත දැන්වීම්, වීඩියෝ දැන්වීම් පවා මේ එක්ක පෙන්වනව.

තවත් අවස්ථාවල දී විවිධ වර්ගයේ toolbar ලැබෙනවා. අතපසුවීමකින් click, install කළහොත් අපේ browser හි default toolbar බවට පත්වෙනව. මේවා ඉවත් කිරීම හරිම අපහසුයි. ඒ toolbar හුඟක් භයානකයි. මොකද බොහොමයක් toolbar මගින් අපේ ක‍්‍රියාකාරකම් බලන් ඉන්න පුළුවනි.

මේ ලිපිය කියවන විට ඔබට පැහැදිලි එක කරුණක් වෙන්නේ අන්තර්ජාලයෙන් මගින් වෛරස් බොහොමයක් ඇතුළත්වන බව. නමුත් USB, CD මගිනුත්, අවශ්‍ය software ඇතුළත් කිරීමේදීත්  විශේෂයෙන් crack කර install කරනු ලබන හොර කොපි මගිනුත් වෛරස් එනවා.

පරිගණක තුළ ඇයි මේ වෛරස්වලට ඉඩකඩක් තියෙන්නේ?

වැදගත්ම ප‍්‍රශ්නයක්, මොකද මේ වෛරස් එහෙම නැත්තම් අනවශ්‍ය software පරිගණකයෙන් භාරගන්නේ කියන එක. ඒකට ප‍්‍රධාන හේතුවක් විදියට ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්තම් OS එහි තිබෙන අඩුපාඩු (සිදුරු) පෙන්වන්න පුළුවනි. ප‍්‍රධාන මෙහෙයුම් පද්ධතියේ තිබෙන සිදුරුවලින් මේ වෛරස් ඇතුළු වීමෙන්පසු ක‍්‍රියාත්මක වේ. වෛරස් නිපදවන්නන් හරිම දක්‍ෂයි. ඔවුන් මේ සිදුරු හරියටම අඳුරනව. ඒ වගේම ඉක්මනින් පැතිරෙන්නත්, අසුනොවී සැගව සිටින්නත් වෛරස් සමත්. OS පමණක් නොවෙයි දෝෂ සහිතව ලියන ලද අප විසින් භාවිත කරන  ඕනෑම මෘදුකාංගයක් නිසා වෛරස් ඇතුළු වෙනවා. උදාහරණයකට games පෙන්වා දෙන්න පුළුවනි. සමහර games ම තමයි වෛරස් එකක් විදියට ක‍්‍රියාකරනුයේ. මේ සිදුරු එහෙම නැත්තම් නිවැරැුදිව code නොකළ මෘදුකාංගවල දෝෂ bug ලෙස හඳුන්වනු ලබනව.

සිදුරු bugs නැති මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නැද්ද?

වෛරස්වලින් වැළකී සිටින්න නම් අපි bugs සිදුරු නැති OS සහ software භාවිතා කළයුතු වෙනවා. එනම් හොර කොපි භාවිතය නතර කරනව යන්නයි. නිතරම update කරන ලද windows භාවිතය අත්‍යවශ්‍යයි. ඒ වගේම genuine software භාවිත කරන්න  ඕන. එවිට වෛරස්වලට රිංගන්න අපහසුයි. නමුත් ඒකට ලොකු වියදමක් දරන්නට සිදුවෙනව. ඒ නිසා අපි නිතරම patch, windows update, service pack භාවිතා කරන්න  ඕන. software වුනත් අලූත් version භාවිත කිරීම තමයි සුදුසු ම.

ඇන්ටි වෛරස් හෙවත් Virus Guard ටම්රා

වෛරස් පාලනය කරන්න පුළුවනි, නමුත් නවත්වන්න බැහැ කියන එක ඔබ අවධාරණය කරගත යුතුයි. කොහොම වෙතත් මේ වෛරස් පාලනය සඳහා security virus guard නැත්තම් virus guard වලට ලොකු දෙයක් කරන්න බැහැ. මේවායින් කෙරෙන්නේ අපේ පරිගණකය තව ටිකක් සෙමින් වැඩකිරීම විතරයි. ප‍්‍රායෝගිකව බැලූවොත් virus guard කරන්නේ නිපදවන දිනය දක්වා සොයාගත් ප‍්‍රසිද්ධ වෛරස් පමණක් අල්ලා ඉවත්කිරීම පමණයි. නමුත් එදිනට පසුව ඇතිවන වෛරස් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. බොහෝවිට වෛරස් විසින් virus guard ට මුලින්ම attack හෙවත් පහර දී පරිගණකයට ඇතුළු වෙනව. එහෙම නැත්තම් update වීම වළක්වනව.

සමහර අය පරිගණයකට virus guard එකක් හෝ කීපයක් ම දමාගන්නව. සමහර ඒවා trial version. බොහෝ විට මේ virus guard තමයි වෛරස් බවට පත්වන්නේ. සෑමවිට ම එක් virus guard ක් අනෙක් virus guard ය වෛරස් එකක් විදියට තමයි හඳුනා ගන්නෙ. ඒ නිසා virus guard දාගන්න විටත් සැලකිලිමත් වෙන්න  ඕන.

පහත උපදෙස් අනුගමනය කිරීම මගින් වෛරස් මගින් සිදුවිය හැකි විශාල හානි මගහරවා ගන්න පුළුවනි.

සියලූම වැඩසටහන් හා OS update කිරීම.
Crack කරපු software භාවිත නොකිරීම.
Microsoft Security Essentialist ස්ථාපනය. (වෙනමම virus scanner අවශ්‍ය නොවේ)
Administrator ලොගින් භාවිතයෙන් වැළකීම. සෑම විටම සාමාන්‍ය user account වැඩ කිරීම.
Internet explorer වෙනුවට Google Chrome හෝ Mozilla Firefox භාවිතය.
Java ස්ථාපනයෙන් වැළකීම.
Java Script, web browser මගින් disable කිරීම හෝ noscript, firefox හා chrome සඳහා භාවිතය.
USB හි auto run disable කිරීම.
නොදන්නා link click කිරීමෙන් වැළකීම.
Software/drivers බාගත කිරීම සඳහා අදාළ නිල වෙබ් අඩවිය පමණක් භාවිත කිරීම.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 28 February 2015

896.Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු



Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

          පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති.

එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක. 

මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න 


For Windows 7


For Windows XP





පසුව පහත සඳහන් Code එක Copy කර  Command Prompt එක තුලට Copy කර Enter කරන්න.

attrib -h -r -s /s /d g:\*.*

සැ:යු - මෙහි g අකුර වෙනුවට ඔබගේ Pen Drive එකේ Drive       Letter එක යොදන්න 


දැන් Pen Drive එක Open කල විට Hidden වී තිබූ Data ඔබට දැක ගැනීමට හැකි වේවි.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 24 January 2015

835.ඔබගේ පරිගණකයේ VIRUS අසාදනය ඇති බව පෙන්වන රෝගලක්ෂන (10) ක්

ඔබගේ පරිගණකයේ VIRUS අසාදනය ඇති බව පෙන්වන රෝගලක්ෂන (10) ක්



රෝග 10ය..

1.පරිගණකය මන්දගාමීවීම

2.ඔබ අයිකනයක් හෝ වෙනත් අයිකනයක් කිලික් කළ විට කිසිදු ප්‍රතිචාරය නොදක්වයි.පරිගණකයේ ඇති මෘදුකාංග නිසි ලෙස ක්‍රියාත්මක නෙවේ

3.පරිගණකය නිතර restart වෙයි.හේතුවක් නැතිවම නිතර නිතර ඇන හිටියි

4.ප්‍රතිVirus  මෘදුකාංග හෝ පරිගණකයේ ෆයර්වෝල් එක ක්‍රියාවිරහිත වෙ

5.පරිගණකයේ හාඩ් ඩිස්කය හෝ වෙනත් දවනයන්ට පිවිසිය නෙහැකියා

6.ප්‍රින්ටරය හේතුවක් නොදක්වම අක්‍රිය වෙයි

7.අමුතුම ආකාරයේ පණිවිඩ නිතර නිතර දිස්වන්නට හටගනී.තවද ඔබ අසනැති නමකින් යුතු Virus මෘදුකාංගයක් මගින් ඔබේ පරිගණකයේ හදුනා නොගත්  Virusයක් ඇති බව නිතර නිතර දැනුම් දේයි. එසේම මෙවැනි පණිවිඩ වසා දමන්නටද නොහැකිය

8.සිටිහැටියේම පොප්-අප් දැන්වීම පරිගණක තිරයේ මතුවේ

9 .ප්‍රතිVirus  මෘදුකාංගයක් install කිරීමේදී හෝ වෙනත් මෘදුකාංගයක් Download කිරීමේදී/ install කිරීමේදී නොයෙක් දෝෂ මතුවේ. Downloadවීම මන්දගාමී හා අපහසුවේ

10.ඩෙස්ටොප් තිරයේ ඇති අයිකන් හිටිහැටියේ අතරුදහන් වෙයි.ෆෝල්ඩර ඇතුලත ඇති ෆයිල් හා ෆෝල්ඩ පෙන්වන්නේ නැත. එවෙනුවට Shortcuts පමණක් පෙන්න්වනු ලබයි


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Saturday 17 January 2015

820.පරිගනකයෙන Autorun.inf පහසුවෙන් ඉවත් කරමු

පරිගනකයෙන Autorun.inf  පහසුවෙන් ඉවත් කරමු



ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන Autorun එකක් තමා Autorun.inf කියන Autorun එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් computer එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ computer එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි Autorun එක ඉතා පහසුවෙන් අයින් කරමු.


මේ Autorun එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ Autorun එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.



01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.



02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න



පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න
03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)




05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න



- -
මෙතනින් යන්න​
 
-