Ads 468x60px

home

Wednesday 5 February 2014

174.මුළු පරිගණකයම එක මෙනුවක් යටතට...

මුළු පරිගණකයම එක මෙනුවක් යටතට...





ඔන්න යාලුවනේ දැන් කියල දෙන්නේ පුංච් ට්‍රික්ස් එකක්.ඔයාලට මෙකත් වැදගත් වේවි.අපිට අපේ පරිගණකයෙ ‍drive එකක කොහේ හරි අස්සක මුල්ලක තියෙන file එකක් විවෘත කරගන්න අපි සාමාන්‍යයෙන් කරන්නෙ Start Menu එකේ හරි Desktop එකේ හරි තියෙන My Computer icon එක මත click කරලා, අපිට අවශ්‍ය file එක තියෙන drive එක මත double click කරලා, තව folders කීපයක් මතත් double click කරලා, අන්තිමේට අපිට අවශ්‍ය file එක මත double click කරලා ඒ file එක විවෘත කරගන්න එකනෙ. Control Panel වල තියෙන මොකක් හරි task එකක් විවෘත කරගන්නත් අපිට ඔන්න ඔය වගේ කීප සැරයකම double click කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි My Documents, Shared Documents වැනි folders තුල ඇති file එකක් විවෘත කරගන්නත් අපිට එහෙම කරන්න වෙනවා.

ඉතිං ඔය වගේ හත් අට පාරක් double click කර කර ඉන්නැතුව ඔය කියපු සෑම තැනකට එකම තැනකින් පිවිසෙන්න හැකි නම් පට්ටයි නේද? 
මේ සඳහා කරන්න තියෙන්නෙ පුංචිම පුංචි සරල දෙයක්. ඔබේ Task Bar එක මත right click කලාම ඔබට දිස්වේවි ඔය රූපයේ දක්වලා තියෙනවා වගේ මෙනුවක්. ඒ මෙනුවෙන් Toolbars තෝරා එයින් New Toolbar තෝරන්න.



එවිට විවෘතවෙන මෙන්න මේ කවුළුවෙන්  My Computerතෝරා OK කරන්න.



( windows7=Toolbars > New Toolbar>My Computer>selest folder )


එතකොට ඔබට පෙනේවි task bar එක මත My Computer කියලා මේ රූපයේ තියෙන විදිය‍ට >> සලකුණත් සමග දිස්වෙනවා.




ඔය >> සලකුණ මත වරක් click කරාම ඔබට පෙනේවි අර ඉහත කියපු සියල්ලම ඇතුලත් මෙනුවක් දිස්වෙනවා. මේ මෙනුව දිගේ අපිට පරිගණකයේ තිබෙන ඕනෑම තැනකට එක් වරක්වත් click නොකර යන්න පුළුවන්. කලින් සඳහන් කලා වගේ My Computer හි තිබෙන drives (Floppy, Hard drives, Optical drives, Removable drives), Control Panel, My Documents, Shared Documents කියන ඕනෑම එකක් තුලට එකම මෙනුවක් හරහා ගොස් එක් වරක්වත් double click නොකර ඒ තුල ඇති ඕනෑම දෙයක් පහසුවෙන් ඉක්මණින් විවෘත කරගන්න පුළුවන්.

මෙහි තිබෙන තවත් පහසුවක් තමයි files විශාල ප්‍රමාණයක් තිබෙන folder එකක් මෙනුව දිගේ ගොස් විවෘත වූ විට එහි තිබෙන files සියල්ල දිස් කල නොහැකි විට මෙනුවේ යටම පහලට ඊතලයක් දිස්වීම. එම ඊතලය මත mouse pointer එක තැබූ විට එම list එකේ පහලට යන්න පුළුවන් වගේම ඒ මත mouse pointer එක තබාගෙන අපිට අවශ්‍ය file එකේ මුලකුර යතුරු පුවරුවෙන් එබූ විට එම අකුරින් පටන් ගන්නා files list එක එසැණින් දිස් කරවාගන්න පුළුවන්. මේ මගින් විශාල files ප්‍රමාණයක් ඇති folder එකක් තුල ඇති file එකක් උනත් පහසුවෙන් සොයා විවෘත කරගන්න පුළුවන්.




මේ පුංචි මෙනුව ඔබ භාවිතා කරන්න පටන් ගත්තට පස්සෙ ඔබේ Desktop එක මත ඇති My Computer icon එක දිහා ආයෙ කවදාවත් ඔබට බලන්නවත් ඕන වෙන එකක් නැහැ...
එහෙනම් අපි ගියා සදා ජය​..........




ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.

 
-