2013 වසර Google ගේ වසරවීමට හේතු මේවා යි.
සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි සිය අණසක පතුරවන්නට Google සමාගමට හැකිව තිබෙනවා. Apple, Facebook සහ Amazon වැනි තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් අතරින් Google පමණයි මෘදුකාංග (Software) වලට පමණක් සීමා නොවී දෘඩාංග (Hardware) අංශය, සමාජ ජාලය (Social Networking), අන්තර්ජාල වෙළඳාම සහ TV වැනි විවිධ අංශ වලින් සිය අණසක පැතිරවීමට අපේ භාෂාවෙන් ගූගල් දෙයියාට හැකිව ඇත.
Google Plus වැනි සමහර අංශ වලින් මුල් තැන හිමි කරගැනීමට සමත් නොවූවත් Google සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට හැකියාවක් ලැබී නැහැ. Google ගේ මේ සාර්ථකත්වයට මේ 2013 වසර වැදගත් වීමට හේතු වුනේ විවිධ නව සේවාවන් හා උපාංග කිහිපයක්ම මේ වසරේ දී නිකුත් වූ නිසයි.
1. Google Glass
2. Android Takes 81% of the Market
මීට පෙර මුල් තැනේ සිටි Apple iPhone වැනි ජංගම දුරකථනවල ස්ථානය කෙමෙන් කෙමෙන් 4 වන 5 වන ස්ථාන වලට වැටීමත් සමඟ වෙළඳ පළේ හිමි ස්ථානයත් කෙමෙන් කෙමෙන් පහළ වැටුනා. දැනට භාවිත වන ජංගම දුරකථන අතුරින් 5න් 4ක්ම පාහේ Android ජංගම දුරකතන වේ. Microsoft සමාගමේ Windows මෙහෙයම් පද්ධතිය මුදල් සොයන උල්පතක් වුවත් Android මෙහෙයුම් පද්ධතිය තවමත් නොමිලයේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක් නිසා හා එය Open Source මෙහෙයුම් පද්ධතියක් වන නිසා මෙලෙස Android භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවන බව විචාරකයින් පෙන්වා දේ. Android මෙහෙයුම් පද්ධතිය හරහා මුදල් උපයන්නේ ප්‍රධාන වශයෙන්ම වෙළඳ දැන්වීම් මඟින් වුවත් ඒ මුදල අනෙකුත් මෙහෙයුම් පද්ධති හා සසඳන කළ අති විශලයි.
නමුත් Apple ප්‍රධානී Tim Cook පෙන්වා දෙන දත්ත අනුව නම් ජංගම දුරකථන හරහා සිදුවන අන්තර්ජාල කටයුතු වලදී 55%ක පමණ ප්‍රතිශතයක් iOS ඇපල් මෙහෙයුම් පද්ධතිය හරහායි සිදුවන්නේ. ඒ වගේම ඔහු පෙන්වා දෙන්නේ Android මෙහෙයම් පද්ධතිය ක්‍රියාත්මක උපකරණ වලින් බොහෝමයක් කිසිදු ප්‍රමිතියකින් තොර උපකරණ බවයි.
3. Google Buys Waze for $1.1 Billion
Apple Maps වල සිදුවූ දෝෂ නිසා Apple Maps අසාර්ථක වීමත් සමඟම Google Maps සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා වාගේම හොඳ නමක් දිනාගන්නටත් හැකි වුනා. ඒත් Map කිරීම හෙවත් සිතියම්කරනය බොහෝ ඉක්මනින් වෙනස් වන දියුණු වන අංශයකි. Google සමාගම විසින් Waze නම් ඊෂ්රායිල සමාගම මිලට ගන්නේ ඒ නිස යි. සිතියම් වලට අමතරව රථවාහන තදබද පිළිබඳ විස්තර වැනි නිතර නිතර යාවත්කාලීන වන තොරතුරු බොහෝමයක් Waze සමාගම සතුව පැවතියා. Apple, Facebook වැනි ප්‍රභල සමාගම් හා තරඟ කොට ඇමරිකානු ඩොලර් බිලියන $1.1කට Waze සමාගම මිලදී ගැනීමට Google සමත් වුනා. ඉන්පසුව එම දත්ත හා Waze Apps හරහා සැනෙන් යාවත්කාලීන වන තොරතුරු Google Maps වෙත එක්කාසු වීම අරඹුනා.
4. Moto X Launches
Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 12කට Motorola සමාගම මිලට ගැනීමෙන් පසුව නිපදවුනු ප්‍රථම ජංගම දුරකථනයයි Moto X. මෙතෙක් Asus, LG වැනි විවිධ සමාගම් වල සහය ඇතිව ජංගම දුරකථන නිපදවූ Google, තමන්ගේම ජංගම දුරකථනයකට පිය එසවූයේ Moto X හරහායි. ඒ අනුව අඩු මිලට, Unlock ජංගම දුරකථන නිපදවීම සඳහා පුරෝගාමීන් ලෙස Google හැඳින් විය හැකියි. සම්පූර්ණ Android අත්දැකීමක් විඳිය හැකි ජංගම දුරකථන ලෙස නිකුත් වුණු මේ ජංගම දුරකථනයේ ස්පර්ශයෙන් තොරව “OK Google” යන වදන පමණක් භාවිත කොට බොහෝමයක් දේ සිදුකිරීමට හැකිවීම විශේෂත්වයක්.
මේ ජංගම දුරකථනයට පසුව නිකුත් වුණු Moto G ජංගම දුරකථනයත් දැනට ලංකාවේ මුදලින් රු 36 000 කට පමණ අඩු මිලකට මිලදී ගත හැකි හොඳම ජංගම දුරකථනයක් ලෙස හැඳින්විය හැකියි.
5. The Introduction of Chromecast
තරමක් අසාර්ථක වූ Google TV හා Nexus Q වලින් පසුව Google නැවතත් ටෙලිවිෂනය සඳහා Chromecast හඳුන්වා දෙනු ලැබුවා. USB pen එකක් හැඩැති මෙය Dongle එකක්. නමුත් USB port එක වෙනුවට මෙය සම්බන්ධ කළ යුත්තේ ඔබගේ TV යන්ත්‍රෙය් HDMI port එකටයි. මේ හරහා ඔබේ පරිගණකයේ, ටැබ්ලට් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ දත්ත ඔබට TV යන්ත්‍රය වෙත ප්රක්ෂේපණය කළ හැකිය. සිතන්න ඔබ ජංගම දුරකතනයෙන් Youtube වීඩියෝවක් නරඹනවා කියා. ඔබට Chormecast හරහා ඒ වීඩියෝ පටය ඔබේ රූපවාහිනී යන්ත්‍රය ඔස්සේ නැරඹිය හැකියි. එපමණක් නොව තවත් බොහෝ දේ Chormecast හරහා ඔබට අත්දකින්නට පුළුවනි. Chromcast පිළිබඳව වැඩි විස්තරයක් නුදුරේම
Apple TV මෙන්ම Google Chromecast ද සීග්‍රෙයන් ජනප්‍රියවූ අතර මේ වසරේ Amazon වෙබ් අඩවියේ වැඩිපුරම අලෙවි වූ උපාංගය වූයේද Chormcast ය.
6. Google Stock Hits $1,000
පසුගිය ඔක්තෝම්බරයේ Google සමාගමට ආදායම අතින් සුබදායක වූ වසරක් බව කියවෙන හොඳම උදාහරණය වන්නේ කොටස් වෙළඳ පොලේ Google හි කොටසක මිල ඇමරිකානු ඩොලර් 1000ක පමණ වාර්තාගත අගයක් හිමි කරගැනීමයි.
7. Google Play Passes 50 Billion App Downloads
පසුගිය ඔක්තෝබරයේ Apple සමාගම නිකුත් කළ වාර්තාවකට අනුව ඔවුන්ගේ App Store හරහා Apps බිලියන 50කය අධික ප්‍රමාණයක් භාගත කරගැනීම් සිදුව තිබෙනවා. ඊට සමගාමීවය Google සමාගමද සිය බිලියන 50 සීමාව පසුකර යාම විශේෂත්වයක්. 2008 දී ඇපල් සමාගම විසින් App Store හඳුන්වා දීමෙන් මාස ගණනාවකට පසුව Google Play Store හඳුන්වා දුන් නමුත් දැනට Apple හා කරට කර තරඟ කරන්නට Google සමත්ව සිටිනවා.
වෙළඳ පොලේ 80%ක හිමිකාරීත්වයත් සමඟ මේ අගය බොහෝම ඉක්මනින් වෙනස්වනු ඇති අතර Apple App නිර්මාණය කිරීම හා App Store හි ස්ථාපිත කිරීමේ ඇති දුෂ්කරතා Apple ගේ පසුබෑමට හේතු වී ඇත.
සදා ජය..........
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
සදා ජය..........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.