Ads 468x60px

home

Tuesday 25 March 2014

232.Instagram වෙත සිය අවසන් මොහොත එක් කළ චීන රූමතිය



Instagram වෙත සිය අවසන් මොහොත එක් කළ චීන රූමතිය







Instagram වෙබ් අඩවියේ සිය අවසන් මොහොතේ ජායාරූප පළ කළ චීන ජාතික රූමත් තරුණියක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. තට්ටු නිවාසයක වාසය කළ ඇය ඇය සිය නවාතැනේ ජනේලයෙන් පහළට පැන ඇති බවයි වාර්තා වන්නේ.

ඇයට අයත් දේවල් වලට ගිනි තබා එහි පින්තූරයක්ද Instagram හි පළ කර අනතුරුව ඇය ජනේලයෙන් පැනීමට මෙහොතකට පෙර සිය පාද එළියට දමා පහල පෙනෙන අයුරුද Instagram හි පළ කර ඇති අතර ඉන් අනතුරව ඇය පහළට පැන ඇති බවයි වාර්තා වන්නේ. මේ මරණය තහවුරු කරමින් ඇගේ මළ සිරුර මෝටර් රථ ගාල අසල නාන තටාකයක් මත පාවෙමින් තිබෙන අයුරු දැක්වෙන ජායාරූපයක් Mop නම් වෙබ් අඩවියක පළව ඇති අතර මේ වන විට මරණය පිළිබඳ වැඩි දුර පර්යේශණ පැවැත්වෙමින් තිබේ. ඇය මිය යාමට පෙර ඇගේ පෙර පෙම්වතා වෙත අවසන් වරට පහත පනිවුඩය සටහන් කර තබා ඇත.

‘I will haunt you day and night after I’m dead,’ jojostai1012, from Shanghai.

ඇය පෙම් සබඳතාවය බිඳීම නිසා මහත් සේ සිත් තැවුලෙන් සිටි බව වාර්තා වන අතර ඇය විසින් පළකල ඡායාරූප සඳහා සියගණනක් ප්‍රතිචාර Likes ලැබී ඇති නමුත් ඒ ඇගේ අවසන් මොහොත බව කිසිවකුත් සිතන්නට නැතිවා විය හැක.




















 
-