Ads 468x60px

home

Sunday, 25 May 2014

340.මොනවද මේ ගෝරිල්ලා ග්ලාස්- What are known as Gorilla Glasses

මොනවද මේ ගෝරිල්ලා ග්ලාස්- What are known as Gorilla Glasses


ඔබ නවීන ස්පර්ශක සංවේදී ජංගම දුරකථනයක හිමි කරුවෙක් නම් දැනටමත් මේ නම අසා ඇති. ඔව් මේ තමයි ඔබගේ ජංගම දුරකථනයේ භාවිතා වන ස්පර්ශක සංවේදී තිරය වඩාත් ශක්තිමත් ආකාරයෙන් පවත්වා ගැනීමට භාවිතා කර ඇති වීදුරු වර්ගය.









 ඇත්ත වශයෙන්ම මේ ගෝරිල්ල ග්ලාස් යන නාමය ඇමෙරිකා එක්සත් ජනපදයේ වීදුරු නිශ්පාදක සමාගමක් වන සමාගම මඟින් හඳුන්වා දුන් වෙළඳ නාමයක් වන අතර මේ වීදුරු වර්ගය ක්ෂාරමය ඇලුමිනේසිලිකේට් විශේෂයක් උපයෝගී කර ගෙන නිපදවා ඇත. එම වීදුරු වර්ගය ඉතා සිහින් නමුත් ශක්තිමත් මෙන්ම රළු භාවිතයන් සඳහා ඔරොත්තු දෙන ලෙස වැඩි දියුණු කර ඇත්තේ නවීන ජංගම දුරකථන තිර වල ආරක්ෂාව සඳහාය. එමෙන්ම මේවා පරිගණක තිර සහ රූපවාහිනී තිර වැනි අනෙකුත් උපකරණ වල තිරයේ ප්‍රාථමික ආවරණය සඳහා ද යොදා ගැනේ.



 ඒවා නිපදවා ඇත්තේ අයන හුවමාරු ක්‍රමය උපයෝගී කර ගෙන වන අතර එමඟින් අමතර ශක්තියක් මේ සඳහා ලබා ගෙන ඇත.
පහත වීඩියෝව නරඹන්න. එමඟින් මේ විදුරු වර්ගයේ ශක්තිමත් භාවය ඔබට මැන ගත හැක.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-