Ads 468x60px

home

Tuesday, 24 June 2014

402.පරිඝනකයේ ආරක්ෂාව මැනගන්න Software එකක්

පරිඝනකයේ ආරක්ෂාව මැනගන්න Software එකක්


OPSWAT Security Score


අන්තර්ජාලය භාවිතය දිනෙන් දින වැඩි වීමත් සමඟ අවදානමට ලක් වන දෙයක් තමයි පරිගණකයේ ආරක්ෂාව කියන්නෙ. විවිධ අන්දමේ හැකර් ප්‍රහාර, වයිරස් වැඩසටහන් නිසා පරිගණක වල ආරක්ෂාව දිනෙන් දින තර්ජනයට ලක් වනවා. මෙයට විසඳුම් ලෙස විවිධාකාර ප්‍රති වයිරස වැඩසටහන් , ආරක්ෂක මෘදුකාංග භාවිතයට අප පෙළඹී සිටිනවා. නමුත් ඔබේ පරිගණකය සුරක්ෂිත දැයි ඔබ හරියාකාරවම දන්නවාද ? මෙන්න එය බලාගන්න කදිම මෘදුකාංගයක්…මෙය OPSWAT Security Score ලෙස හඳුන් වන portable ආකාරයේ මෘදුකාංගයක්. මෙම සබැඳිය භාවිතා කොට ඔබට මෙය බාගත කර ගැනීමට පුළුවන්.portable මෘදුකාංගයක් නිසා ස්ථාපනය කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙම මෘදුකාංගය Firewall, file sharing, disk encryption, anti virus, back up, anti phishing වැනි ක්ෂේස්ත්‍ර ගණනාවක ඇති අවදානමට ලක් විය හැකි තැන් සොයා බලනවා. 

අවසානයේ සියළු දේ සලකා බලා ඔබේ පරිගණකයට අදාල ලකුණු ප්‍රමාණය ඉදිරිපත් කරනවා. ලකුණු ප්‍රමාණය ගැන ඔබට වැඩි දුර විස්තර අවශ්‍ය නම් ඒවා සැපයීමද මේ මෘදුකාංගය මගින්ම සිදු කරනවා. ඒ නිසා එම අඩුපාඩු සොයා බලා නිවැරදි කරගැනීමට ඔබට පුළුවන්.මෙම ලකුණු ප්‍රමණයන් ගණනය කිරීම සඳහා OPSWAT Security Score යොදාගන්නේ අවුරුදු ගණනාවක පරිගණක ආරක්ෂාව පිළිබඳ විවිධ ආයතන එකතු කළ දත්ත හා ගවේෂණ කර ලබාගත් තොරතුරු එකතුවක්. ඒ නිසා මේය වෘතීමය මට්ටමේ මෘදුකාංගයක් බව මෙහි නිර්මාපකයන් පවසනවා.

මෙතනින් බාගන්න​.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-