Ads 468x60px

home

Tuesday, 1 July 2014

420.අපේ ලොතරැයි වෙළඳ පොළේ විප්ලවයක්. ළඟදීම SMS හා Web ලොතරැයි


අපේ ලොතරැයි වෙළඳ පොළේ විප්ලවයක්. ළඟදීම SMS හා Web ලොතරැයි


Exclusive- ජාතික ලොතරැයි මණ්ඩලය කෙටි පණිවුඩ හා වෙබ් ලොතරැයි වෙළඳ පොළට නිකුත් කරමින් ජංගම දුරකතන හා අන්තර් ජාල ලොතරැයි වෙළඳ පොළට මේ වසර අවසන් වීමට පෙර පිවිසීමට සූදානම් වේ.

මේ පිළිබඳව  අදහස් දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති, චමින්ද අතුළුවගේ මහතා පැවසුවේ මෙම ලොතරැයි ලංකාවට හඳුන්වාදීමට අදාළ යෝජනාව මේ වනවිට මුදල් අමාත්‍යංශයට යොමුකර තිබෙන බවත් එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකරනු ඇති බවයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු මේ වසරේ දෙසැම්බර් මාසයේදී පමණ ලංකාවට කෙටි පණිවුඩ හා වෙබ් ලොතරැයි හඳුන්වාදිය හැකියැයි තමන් විශ්වාස කරන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා  සඳහන් කළේය.

“අපි මෙම ලොතරැයි හඳුන්වාදීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීමට දේශීය සමාගමක් තෝරා ගන්නවා. වෙබ් ලොතරැයි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පිට රටවල වෙසෙන ලාංකිකයින් සඳහායි. කෙටි පණිවුඩ ලොතරැයි ලංකාවේ ජීවත් වන අය වෙනුවෙන් හඳුන්වා දෙනවා.“

යනුවෙන් අතුළුවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මණ්ඩලය විසින් මෙතෙක් වසරකදී ඉපයූ වැඩිම ආදායම ගිය වසරේදී වාර්තා කළ අතර එම ආදායම් මුදල රුපියල් බිලියන 15 කි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම ගිය වසරේදී සියයට 22 කින් වැඩි වුවද වියදම සියයට 25 කින් වැඩිවීම නිසා ලාභය අඩුවී ඇත.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-