Ads 468x60px

home

Monday 7 July 2014

435.Computer Hardware පාඩම-10 (Main Board 01-Expansion Slots)

Computer Hardware පාඩම-10  (Main Board 01-Expansion Slots)







 Computer Hardware පාඩම් මාලාවේ දහ වැනි  ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි නමයම  ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ නමයම    බලාගන්නකෝ.
1-ලිපිය2-ලිපිය3-ලිපිය , 4-ලිපිය  5-ලිපිය 6-ලිපිය 7- ලිපිය  8- ලිපිය   9- ලිපිය



අපේ Computer Hardware පාඩම ලිපි කීපයක්ම ලියා අවසන්. දැන් Mother Board එක ගැන ලිපි පෙල අවසන් කරන්නත් කාලේ හරි. ඒත් තව ටිකක් කියන්න තියනවනේ. Mother Board ගැන පොස්ට් 6ක් පමණ ලියන්න බලාපොරොත්තු වෙනවා.  ඒවායින් 5 වැන්න මේ. අපි අන්තිමට කතා කලේ Memory slot ගැනයි. එහෙම නම් අද Expansion Slots ගැන කතා කරමු.

මම අද ටිකක් කෙටියෙන් මේක හඳුන්වා දෙන්න සිතා සිටින්නේ. පරිගනකයක Expansion Slots භාවිතා කරන්නේ නිශ්පාදකයා විසින් සවි කර ඇති කොටස් වලට අමතරව අපට අළුතින් කොටස් එක්කර ගැනීමටයි. දැන් onboard sound, onboard video, NIC ආදිය දක්නට ඇතත් කලින් පැවති  Mother Board වල IO controllers (Hard disk, Floppy drive, Printer port වැනි දේ අයත් වන්නේ  IO controllers වලටයි) පවා වෙනම සවිකිරීමට සිදු වූවා. ඒසඳහා මුලින්ම භාවිතයට පැමිණියේ ISA (Industry Standard Architecture) මෙය පරිගනක Bus  Architecture එකකි. ඉන් පසුව PCI (Peripheral Component Interconnect) මෙයින් පසුව පැමිනියේ PCI Express slot එකයි. මේවාට අමතරව පසු කාලිනව video card සඳහා AGP (Accelerated Graphic Port) භාවිතයට එක් වූවා. ඊට අමතරව IDE හා FDD connectors ගැනද SATA  connectors ගැනද හැඳින්වීමක් මෙයින් සිදුකරනවා. 

 ISA (Industry Standard Architecture)
මෙය Bit ප්‍රමාණය අනුව width දෙකක් විය ඒ 8 Bit හා 16 bit වශයෙනි. මේවා 4.77 MHz සිට 8 MHz දක්වා පරාසයක පැවතිනි. එනම් 8 Bit ඒවා 4.77 MHz වූ අතර 16 Bit ඒවා 6-8 MHz විය.
මේ  8 Bit ISA slot එකකි. පසුව පැමිණි  16 bit ISA slot එකක් පහත දැක්වේ.

IBM ආයතනය 1981 8 Bit ISA bus හඳුන්වා දුන් අතර ඔවුන් විසින්ම 1984 දී 16 Bit ISA bus හඳුන්වා දෙන ලදී. මේවා සමගම 32 Bit EISA bus (Extended ISA) භාවිතයට එන්නේ 1988 දීය. මේවා සියල්ලම Parallel ආකාරයේ ඒවා වේ. මේ එවැන්නක රූපයකි.



 PCI (Peripheral Component Interconnect)
1993 දී හඳුන්වා දුන් මේවා තවමත් භාවිතයේ ඇත. නමුත් 2004 දී PCI Express හඳුන්වා දුන් නිසා දැනට හමුවන්නේ සීමා සහිතවයි. Width එක 32Bit හා 64 Bit ය. 
මේවායේ ධාරිතාවයන් වන්නේ,
133 MB/s (32-bit @ 33 MHz)
266 MB/s (32-bit @ 66 MHz හෝ 64-bit @ 33 MHz)
533 MB/s (64-bit @ 66 MHz)
මුල් කාලයේ Video cards සඳහාද PCI Slot භාවිතා විය. එහෙත් පසුව එය AGP Slot මගින් ප්‍රතිස්ථාපනය විය. මේවායේ Plug & Play (Plug n Play) තාක්‍ෂණයද භාවිතාවේ. 






රූපය wikipedia අඩවියෙනි 32Bit හා 64 Bit ඇතුලත්ය

මෙහි වැඩි දියුණු කිරීමක් වශයෙන්ද සර්වර් වල භාවිතා වන PCI-X තාක්‍ෂණය සඳහන් කළ හැක. මේවායේ ධාරිතාව 1024 MB/s වේ. 




මෙයට අමතරව Laptop/Notebook පරිගනක සඳහා Mini PCI නම් slot ඇත.
තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න ඇති නිසා ඉක්මනින් ඊළඟ කොටසට යමු.

PCI Express 
2004 දී හඳුන්වා දෙන ලදී. මෙය වර්ථමානයේ භාවිතා කරන තාක්‍ෂණයයි. Bit width එක 1 සිට 32 දක්වා වේ. මේවා Serial ආකාරයේ ඒවා වේ. ධාරිතාවයන් පහත පරිදි වේ.

  • Per lane (each direction)
  • v1.x: 250 MB/s (2 Gbit/s)
  • v2.x: 500 MB/s (4 Gbit/s)
  • v3.0: 1 GB/s (8 Gbit/s)
  • 16 lane slot (each direction)
  • v1.x: 4 GB/s (32 Gbit/s)
  • v2.x: 8 GB/s (64 Gbit/s)
  • v3.0: 16 GB/s (128 Gbit/s)




PCI Express video card සඳහා slot එක.

මේවා Hot-plugging හා Plug n Play සඳහාද සහාය දක්වයි. 

AGP (Accelerated Graphic Port)
2004 දී හඳුන්වාදුන් මෙම තාක්‍ෂණය 2004 PCI Express එනතුරු භාවිතා විය. මෙය යොදා ගන්නේ Video Card එක සවිකිරීම සඳහා පමණි.
AGP 1.X
AGP Versions සඳහා විකිපීඩියාවෙන් ලබා ගත් මෙම සටහන බලන්න.




Disk Drivers Connectors 
IDE Hard Disk Connector.
1986 හඳුන්වා දුන් මෙය Pin 40 ක කනෙක්ටරයකි. Hard Disk, CD/DVD ROM ඇතුළු Optical drivers හා ZIP drivers සඳහා යොදා ගැනේ. මුල් කාලයේ I/O Card හෝ පසුව Mother Board එකේ දෙකක් පැවතිනි. ඒ එකක් සඳහා චැනල් දෙකකි.
Primary IDE Connector (Primary Master හා Primary Slave)
Secondary IDE Connector (Secondary Master හා Secondary Slave)
Width එක 16 කි. Bit rate එක 16, 33, 66, 100, 133 MB/s වේ.
මෙය Parallel ATA ලෙසද හැඳින්වේ. 

Floppy Disk Drivers Connector 
Pin 32ක connector එකකි. Drivers 2ක් සඳහා සහාය දක්වයි. එක් කනෙක්ටරයක් පමණක් ඇත. වර්ථමානයේ මේවා භාවිතයක් නැති තරම්ය.






SATA (Serial ATA)
මෙය 2003 හඳුන්වා දුන් තාක්‍ෂණයයි. වර්ථමානයේ සියලුම Hard Disk හා Optical Drivers ඇත්තේ මෙම පෝට් එක සඳහායි. 


අද ලිපියේ මම වෙනස් කම් කීපයක් කරනවා. කියවන ඔබටත් යමක් කරන්න අවස්ථාවක් දෙනවා. මෙම SATA ගැන විස්තර සොයාගන්න. තමා සොයාගත් දේ කෙටියෙන් කමෙන්ට් කරන්න. මම මෙහි රූපයට වඩා විස්තර කරන්නේ නෑ. ලැබෙන දේ අතරින් හොඳම විස්තරය අවසානයේ ප/ලි ලෙස පලකරනවා.
එහෙමනම් අප මෙහි අවසන් කොටසට යමු.
එහෙත් ඊට කලින් කිව යුතු දේ කීපයක් පවතිනවා. සර්වර් වල භාවිතා වන SCSI, Firewire ආදි දේ මම මෙහි විසතර කරනෑ. ඒවා නිතර බාවිතා නොවන නිසා.

USB (Universal Serial Bus)
1994 හඳුන්වා දෙන ලදී. එකිනෙකට වෙනස් devices ගණනාවක් සම්බන්ධ කිරිමට භාවිතා කරයි.

Mother Board එකේ පිටුපසින් කෙලින්ම සම්බන්ධ කල හැකි පෝට් කීපයක් ඇත. ඊට අමතරව ඉදිරිපසින් (Front USB) සම්බන්ධ කිරීමට කනෙක්ටර්ස් පමණක් ඇත. Versions 3කි. 
Version 1.0
Version 2.0
Version 3.0 
විවිධ USB සම්බන්ධක ආකාර


මෙයින් අද පොස්ට් එක අවසන් කරනවා. ඒ සමග 6වන පාඩම අවසන් වනවා 7 වන පාඩම Micro Processor ගැනයි. අද පාඩමේ වෙනස් කම් කීපයක් පවතින බව මම කලින් කීවනේ එයින් එකක් තමා පහලින් ඇති සටහන. එමෙන්ම අදත් ප්‍රශ්නයක් තිබෙනවා එයත් බලන්න.


සටහන.
නවකයින්ට මෙහි ඇතැමි වචන තේරුම් ගන්න අපහසු බව මට අවබෝධ වී ඇති නිසා සමහර යෙදුම් සෑම පොස්ට් එකකම පාහේ විස්තර කරන්න හිතුවා එයින් පළමු වැන්නයි මේ.

MB/s - Maga Bit per Second (තත්පරයට මෙගා බිට්) මෙය දත්ත හුවමාරු වන වේගය මැනීමට භාවිතා කරයි.සදා ජය​........



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-