Ads 468x60px

home

Monday 28 July 2014

489.වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි


වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි


මෙන්න මේකයි කතාවේ ආරම්භය.A Level Maths වල තියනවනේ අවකලනය කියලා පාඩමක්.එක එක විදිහේ ගණන් දෙනවා අවකලනය කරලා දෙන්න කියලා.එත් ඉතින් ප්‍රශ්නේ තමා ඔකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා.අපි බලමු මේ මොකද්ද කියලා



වාහනයක් වංගුවක් ගද්දි එකේ වංගුව පැත්තේ තියන රෝදෙට වඩා වැඩි දුරක් වංගුවට පිටින් තියන රෝදේ ගමන් කරනවා.ඒ නිසා වංගුවකදී රෝද දෙක කැරකෙන speed එක වෙනස් වෙන්න ඕනේ.


එත් රෝද දෙකම එක ඇක්සල් එකකට හයි වෙලා තිබ්බොත් ඉතිං එහෙම වේග දෙකකින් රෝද දෙක කැරකෙන්නේ නෑ.ඒ නිසා තමා Differential එක හැදුවේ (ලොරි වල එහෙම ගෙඩියක් වගේ යට පේන්න තියෙන්නේ)

එහෙම නැති උනානම් අපි පොඩ්ඩක් speed ගියත් වංගුව ගන්න බැරුව පිට පනිනවා.

මේ නිසයි කියන්නේ වංගු වලදී brake කරන්න එපා කියලා.(වංගුවට කලින් speed එක අඩු කරගෙන එන්න දැනගන්න ඕනේ) වංගුවකදී brake කරාම Differential  එකේ ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ වෙන්නේ නෑ.එතකොට වාහනේ වංගුවෙන් පිට යන්න පුලුවන්.

මෙන්න මේ video එක බලන්න.එතකොට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-