Ads 468x60px

home

Monday 28 July 2014

490.DSLR ට සමුදෙන්න කාලය ඇවිත්

DSLR ට සමුදෙන්න කාලය ඇවිත්

lytro-illum-6

එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්‍රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D තාක්ෂණය යොදාගනිමින් ඡායාරූපයක් වඩාත් තාත්වික ඡායාරූප ගැනීමට මේ නව කැමරාවට හැකියාව ඇත.

w640

“ජීව මාන ඡායාරූප / Living Pictures” වල විශේෂත්වය වන්නේ ඡායාරූපය ගැනීමට පසුවත් විවිධ සංස්කරණ වලට ලක්කල හැකි වීමයි. මේ නව Lytro Illum කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී දිශා පිළිබඳ දත්ත, වර්ණ, වර්ණ තීව්‍රතාවය සහ ආලෝක කිරණ යොමුවීම පිළිබඳ දත්ත වැඩ ප්‍රමාණයක් ඡායාරූපය සමඟම සටහන් වන නිසා නරඹන්නන්ට ඡායාරූපයේ Focus Point එක වෙනස් කිරීම, Depth of Field වෙනස් කිරීම හා ත්‍රිමාණ ආකාරයෙන් නැරඹීම සිදු කළ හැකියි. මීට පෙර පැවති DSLR තාක්ෂණය හරහා ඡායාරූපය ගැනීමෙන් පසුව මේ වෙනස්කම් කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ අනුව මින් මතුවට නියමිත කාලය, ආලෝකය, දිශාව බලා ඡායාරූප ගැනීම වෙනුවට සම්පූර්ණ සිදුවීම capture කර පසුව සංස්කරණයට දැන් අවස්ථාව උදාවී ඇත.

w640 (1)

නමුත් මේ තාක්ෂණය නිසා ඡායාරූප ගැනීම වඩාත් පහසුවන බැවින් ඒ පිළිබඳ දැනීමක් හෝ පළපුරුද්දක් තිබීම අනවශ්‍ය දෙයක් කියා කෙනෙකු සිතන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ කලාව වියැකී යන ලෙසකින්ද කෙනෙකු තර්ක කරන්නට පුළුවනි. ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක කලාවත්, පළපුරුද්දත් එක් වූ විට මෙතෙක් නොවූ විරූ අපූරූ නිර්මාණ කළ හැකි වනු ඇති බවයි අපගේ මතය.

Lytro Illum කැමරාව වෙළඳ පළට නිකුත්වන මිල $1599 වන නමුත් මේ දිනවල ඔබට එය $1499 කට pre order කල හැක.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-