Ads 468x60px

home

Thursday, 21 August 2014

550.කවුද මේ මෘදුකාංග ඉන්ජිනේරුවන් කියන්නේ....

කවුද මේ මෘදුකාංග ඉන්ජිනේරුවන් කියන්නේ....






ඔන්න උසස් පෙල කරල සොෆ්ට්වෙයා engineering course එකක් කරල degree එකත් අරගත්ත කියමුකො. අපි බලමු සොෆ්ට්වෙයා engineer කෙනෙකුගෙ වගකිම මොකක්ද කියලා ....
 මුලින්ම බලමු degree එක අරගත්තට පස්සෙ අපිට job එක ලැබෙන්නෙ මොන වගෙ company වලද කියලා...

1 . Mobitel , Dialog , Etisalat......වගේ company වල.
2. සොෆ්ට්වෙයා company’s වල , VIRTUSA වගෙ company වල


දැන් ඔය මොන company එකේ වුනත් සමහර ආවේනික නීති තියනවා. අපිට කොහේ Job එක ලැබුනත් අපි පලවෙනි මාස 3 වගෙ කාලය Training Period එක ලෙස තමයි සැලකෙන්නෙ.  ඒ කාලෙදි මෙයාලා අපිව check කරනව කියල කිව්වොත් නිවැරදියි. ඒ කියන්නෙ අපේ අඩු පාඩු , අපේ කාර්යක්ශමතාවය  , අපේ දක්ශතාවය , මිත්‍රශිලිත්වය , අපි කරන වැඩ වල නිරවද්‍යභාවය එහෙම මෙ මාස 3 කාලය ඇතුලත මෙයාල පරික්ශා කරල බලනවා.

ඔන්න දැන් තමයි ප්‍රධානම දේ... අර මම කිව්ව මාස 3 ඇතුලත අපි වැඩ පෙන්නලා අපේ ජොබ් එක Permanent වුනා කියමුකො. දැන් අපිට Company එකෙ IT section එකෙ Leader කරන්නෙ නැහැ . ක්‍රමානුකූලව තමයි අපිට promotion ලැබෙන්නෙ. මේ සදහා බලපාන ප්‍රධානතම සාධකය තමයි working experience.
 Working experience වැඩි වෙන්න වැඩි වෙන්න පඩිය සහ තනතුර ඉහල යනව.

මොනවද මේ තනතුරු ?


1. Trainee  programmer  :-  අපි මොන Institute එකෙන් degree එක ගත්තත් , අපි ලක්ශ කියක් වියදම් කලත් අපිට working experience නැත්තම් අපිට ලැබෙන්නේ මෙන්න මේ තනතුර තමයි. Trainee  programmer කෙනෙකුගෙ වගකිම තමයි programme කරන දෙය පිලිබදව නිරික්ශනය කිරිම සහ programmers ලට උදව් කිරිම.

2. Programmer :-  මොහුට කිරිමට ඇත්තේ දෙන ලද Pseudo code එක ලිවිම සහ එහි එන errors check කර QC එකට pass කිරිමයි.

3. Analyst programmer :-  මොහුට තිබෙන්නේ design එක බලාගෙන pseudo code එක type කිරිමයි. තවද අමාරු programmes ලිවිමටද මොහු වෙත පැවරෙන අතර ලියන ලද programmes check කිරිම start මොහුගෙනි.
4. Assistant Software engineer ( Trainee  Software engineer )   :-  මොහුට තිබෙන්නෙ උඩ පිරිස විසින් analysis කරන එක design කිරිම සහ design කල පසු එය team එක ලවා සෑදවීමයි.

5. Team leader :- මොහුට තිබෙන්නේ ලැබෙන project එකෙ system එක study කර , එයට අනුව අදාල requirements සාදා , process එක document කිරීමයි. තවද තම team එකෙ සාමාජිකයින් හට අදාල වැඩ කොටස පවරා දිමද මොහුගේ වගකිමකි. කලින් කී Assistant Software engineer ට කිරීමට අපහසු වැඩ නිම කරනුයේ ද team leader විසිනි

6. Software Project Manager :- මෙයා තමයි ලොක්කා . මෙයාට තියෙන්නෙ වැඩ බලන්න. සම්පුර්ණ වගකිම මොහු වෙත තමයි පැටවෙන්නෙ. ලොකුම ලොකු TL කරන්න අමාරු වැඩක් ආවොත් project manager ට අත ගහන්නම වෙනව.
ඔන්න ඔහොම තමයි යාලුවනෙ software engineer කෙනෙකුගෙ steps ටික පදනම් වෙන්නෙ.  ලැබෙන පඩිය ඉතින් company එක මත වෙනස් වෙනව 


වර්තමානයේදී පරිගණක අංශයෙන් දැකිය හැකි ජනප්‍රිය රැකියා.....



Software Engineer
Quality Assurance  Engineer 
Network  Engineer 
System  Engineer 
Database  Engineer 
Hardware  Engineer 
Business Systems Analyst 
Software Project Manager
IT Manager
Technical Writer
Web Designer
Web Master
Graphic Designer

මේවායින් වඩාත්ම ජනප්‍රිය රැකියා.....

Software Engineer
Quality Engineer
Business System Analyst
Technical Writers

මෙම රැකියා ලබා ගැනීමට උපාධි ලබා ගත හැකි (සුදුසු) ආයතන..........

රජයේ සරසවි...
කොළබ සරසවිය
මොරටුව සරසවිය
පේරාදෙණිය සරසවිය
රුහුණු සරසවිය
කැළණිය සරසවිය
විවෘත සරසවිය

රජයේ අනුග්‍රහය ඇති ආයතන
SLIIT
NIBM

පුද්ගලික ආයතන 
IIT
APIIT
Royal Institute
IDM

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-