Ads 468x60px

home

Tuesday 16 September 2014

609.SLT broadband router එක තනිවම configure කරගනිමු 3


SLT broadband router එක තනිවම configure කරගනිමු 



 ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු තුන්වැනි ලිපිය  ලිපියයි මේ ඉදිරිපත් කරන්නේ


WiFi ජාලය නිර්මාණය කරමු


හරි. මේ වෙනකොට ඔයාගෙ router එක නිවැරදිව Internet එකට connect වෙලා තියෙන්න ඕනෙ. අවශ්‍ය නම් කැමති web site එකකට ගිහින් හරියට වැඩකරනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ගැටළුවක් ඇති උනොත් පහලින් comment එකක් දාලා අහන්න.

එහෙනම් අපේ ඊලඟ පියවර තමයි router එකේ wireless access point එක configure කරගැනීම. ඇත්තටම මේකත් ඉතාම සරළ වැඩක්. මුලින්ම wireless settings page එකට යන්න ඕනෙ. ඒකට Interface setup page එකේ ඉහල තියන wireless කියන tab එක click කරන්න. (wireless settings වලට යන්න කලින් සකස් කරගත්තු internet settings ටික save කරන්න අමතක කරන්න එපා.)


දැන් ඔයාලට මෙන්න මේ විදිහට wireless settings page එක දැකගන්න පුළුවන් වෙයි.

මුලින්ම තියන Access Point කියන setting එක Activated තත්වයට පත් කරගන්න ඕනෙ.  පෝස්ට් එකේ මුලින්ම කිව්ව විදිහට router එකේ පිටිපස්සෙ තියන WiFi switch එක press කරන්නෙ නැතුව WiFi On කරන්නෙ මෙන්න මේ විදිහට. දැන් අනිත් සැකසුම් හදාගන්න විදිහ බලමු.

Page එකේ මැද හරියට වෙන්න තියන Broadcast SSID කියන තැනට Yes තෝරන්න. ඊට පස්සෙ SSID කියලා තියන තැනට ඔයාට කැමති නමක් ලබාදෙන්න. මින් ඉදිරියට ඔයාගෙ WiFi network එක හඳුනාගන්නෙ ඒ නමින්. එතනම පහල තියන Authentication type කියන තැනට WPA2-PSK කියන එක තෝරන්න.

දැන් පහල තියන Pre-Shared Key කියන තැනට ඔයාට කැමති password එකක් ලබාදෙන්න. ඉදිරියේදී WiFi ජාලයට සම්බන්ධ වෙනකොට දැන් ලබාදුන්නු SSID එකයි Key එකයි ලබාදීලා තමයි connect වෙන්න ඕනෙ.

අන්තිමට page එකේ පහළ තියන save button එක click කරලා browser එක close කරන්න.



Reset කිරීම

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හදිස්සියෙ වත් router එකට දාපු password එක එහෙම අමතක උනොත් අපිට ඒක reset කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. Router එකේ යට පැත්ත හරවලා බලන්න. මෙන්න මේ විදිහෙ පොඩි reset button එකක් දැකගන්න පුළුවන් වෙයි. මුලින්ම router එක ON කරන්න. ඊට පස්සෙ පෑනක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ පොඩි reset button එක තත්පර 5ක් විතර press කරගෙන ඉඳලා අතහරින්න. දැන් router එක reset වෙලා ඇති.




 WiFi ජාලය සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න භාවිතා කරන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම මිලග ලිපියෙන්

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-