ඔබගේ මානසික ශක්තිය වැඩි කරගැනීමට ක්රම 5ක් (5 WAYS TO INCREASE YOUR MENTAL STRENGTH)
මිනිසෙකුගේ මානසික ශක්තිය යනු ඔහුගේ සාර්තකත්වයට,ජීවිතයට විශාල ලෙස බලපාන සාධකයකි.තීරණයක් ගැනීමට,ජීවිතයට මුහුන දීමට සහ හොද නරක තෝරා ගැනීමට අපිට හොද මනසක් තිබිය යුතුයි.ඒ වගේම ප්රශ්න වලට මුහුණ දීමට මෙන්ම වැටීම්,නැගීම් අතරින් ඒ මනස නිරවුල්ව තබාගැනීමට මනස ශක්තිමත් විය යුතුයි.
1) ඔබ ඔබේ සිත පාලනය කරගන්න නැතිනම් එය ඔබව පාලනය කරාවි.
මූලිකම දේ වෙන්නෙ ඔබේ සිත එය ක්රියාත්මක වෙන විදියටම තමයි අපිත් ක්රියාත්මක වෙන්නෙ.
මෙහි හිත පාලනය කියන්නෙ ඇත්තටම හැමවෙලාවෙම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි,උදාහරණයක් විදියට අපි රස කෑමක් දකිනව,එක දැකල අපේ බඩගින්න හොදටම වැඩි වෙනව.හිත අපිට කන්න කන්න කියනව,අවේලාවක් වෙන්න පුලුවන් එත් හිත අපිට කියන නිසා අපිට බඩගින්නක් දනෙන්නව,පලවෙනි දේ හිත පාලනය කරගන්න පුරුදු වෙන්න.එක අදහසක් දෙන්නම් එක දවසක හොද කටට කෙල උනන කෑමක් දැක්කම හිත අපිට කන්න බල කරපු වෙලාවක මෙහෙම තීරණයක් ගන්න,
නෑ මන් මගෙ වැඩේ ඉවර වෙලාම කනව,නැත්තම තව පැයකින් කනව කියල,මේ වගෙ ක්රම හොයාගන්න,පුරුදු කරන්න.
2) අලුත් අත්දැකීම් වලට ඉඩ දෙන්න.වෙනස් වෙන පරිසරයට හුරු වෙන්න.
සමාන්යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නෙ එකම පරිසරයකට,එකම පුරුදු ගොන්නකට ඒ වගේම අපි බලපොරොත්තු වෙන්නෙත් අපි පෙර ලබපු ආකාරයේම අත්දැකීම් ලබන්න.මෙයින් අපේ මනස එක් රාමුවකට කොටු වෙනව,අපි එතනින් එහාට දෙයක් ගැන හිතන්නත් බය වෙනව.
3) ඔබ ඔබේ හිතට දැනෙන හැගීම් විදින්න.
ඔබට දැනෙන ආදරය,යාලුකම,සෙනෙහස,කරුණාව වගේ අවංක සිතුවිලි,හැගීම් හදවතින්ම විදින්න,සමාජය ඉස්සරහ ඒ දේවල් පෙන්නන්න,විදින්න බය වෙන්න එපා.නැත්තම් ඒ හැගීම් හිත ඇතුලෙ තද කරගෙන මානසිකව පීඩා විදින්න වෙනව.
4) තමන් ගැන,තමන්ට කරගන්න බැරි උන දේවල් ගැන හිතින් දුක් වෙන එක නැවැත්විය යුතුයි.
මොකද ඒ වගේ දුක් වෙන එකෙන් තමන් ගැන තමන්ට තියෙන ආත්ම විශ්වාසෙ නැති වෙනව,
තමන්ට තමන්ව පහත් ලෙස හැගෙන්න ගන්නව.ඒකෙන් ඔබ කිසිම දෙයක් කරගන්න බැරි නිකමෙක් ලෙස ඔබව අවතක්සේරු වී මානසිකව වැටෙන්න පුලුවන්.
5) තමන් ගැන අවතක්සෙරුව පමණක්ම නෙමෙයි.තමන් ගැන අධිතක්සේරු කිරීමද නොකල යුතුයි.
මොකද අධිතක්සේරුව මගින් තමන් අනිත් අය ඉදිරියේ උඩගු,අහංකාර,පන්ඩිත පුද්ගලයෙක් වීමට ඉඩ ඇත.
තමන් අනිත් සෑම දෙනාටම වඩා දන්නව කියන සිතුවිල්ල ඇතුලෙ ඔබේ හැගීම්,අත්දැකීම්,
සිතුවිලි හා අදහස් එක රාමුවකට කොටු වේ.එය ඔබේ මානසික දියුණුවට අධික බලපෑමක් එල්ල කරයි.
මෙහි අධිතක්සේරුව යනු තමන් ගැන ඇති ආත්ම විශ්වාසය නොවේ.
මෙවැනි ක්රම තව තවත් සොයා බලන්න,පුරුදු කරන්න.එය ඔබේ පෞරුශ වර්ධනයට හා ජීවිතයට බෙහෙවින් වැදගත් වේවි..............
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.