Samsung ආයතනය විසින් ශත 50 කාසි පිරවු ලොරි 30ක් Apple ආයතනයට වෙත යවමින් ඩොලර් බිලියනය ගෙවිමට තිරණය කරයි |
පසුගිය දා උදෑසනක California හි පිහිටා ඇති Apple ආයතනයේ මූලස්ථානය වෙත ශත 50 කාසි වලින් පිරුණු ලොරි 30ක් පැමිණ ඇති බවට වාර්තා වේ. එහි සිටි ආරක්ෂක නිලධාරින් විසින් මෙම ලොරි වැරදි ස්ථානයකට පැමිණ ඇති බවට පැවසු නමුත්, ඉන් මිනිත්තු කිහිපයකට පසු Samsung ආයතනයේ CEO විසින් Apple ආයතනයේ CEO වෙත දුරකථන ඇමතුමක් ගෙන පවසා ඇත්තේ දකුණු කොරියානු ආයතනයකට විරුද්ධව තිබු නඩුවෙහි තින්දුවට අනුව තම ආයතනය වැරදිකරු විම හේතුවෙන් ගෙවිමට නියමිත ඩොලර් බිලියන 1 ක මුදල මේ අයුරින් ශත 50 කාසි වලින් ගෙවිමට ඔවුන් තිරණය කර ඇති බවය.
මෙහි විශේෂත්වය වනුයේ මෙම නඩු තින්දුවෙහි කිසි තැනක මුදල් ගෙවිය යුතු ක්‍රමවේදය සදහන් නොවි තිබිමය. එම නිසා Samsung ආයතනය කැමති ආකාරයකට මෙම මුදල් ගෙවිමට හැකියාව ඇත.
මෙම මුදල් ප්‍රමාණය නිවැරදිද යන්න තහවුරු කර ගැනිම සදහා මෙය ගණන් කිරිමට සිදු වන අතර, මෙම නුවණක්කාර විහිළුව හේතුවෙන් Apple ආයතනයේ නිලධාරින් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවට වාර්තා වේ.
Samsung ආයතනයේ ප්‍රධානියා විසින් මාධ්‍ය සදහා පවසා ඇත්තේ "his company is not going to be intimidated by a group of “geeks with style” and that if they want to play dirty, they also know how to do it" යනුවෙනි.