Ads 468x60px

home

Thursday, 27 November 2014

714.Microsoft සමාගමින් රොබෝ ආරක්ෂකයෙක්


Microsoft සමාගමින් රොබෝ ආරක්ෂකයෙක්
Microsoft සමාගම මගින් රොබෝ ආරක්ෂකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ මේ දිනවල සිදු කරමින් සිටී. මේදිනවල මෙම රොබෝ යන්ත්‍ර 2 ක් සිලිකන් වැලි මයික්‍රොෙසාෆ්ට් සමාගම් භූමියේ සේවයට යොදවා ඇත. මෙම රොබෝ යන්ත්‍රය K5 ලෙසින් නම්කර ඇත. එහි බර කිලෝ ග්රෑම් 135 ක් පමණ වන බව පැවසේ. උස අඩි පහකි.

මෙම යන්ත්‍රයට සැක කරුවන් හදුනා ගැනීමට හැකි මෙන්ම එම සැකකරුවන් අඩපණ කිරීමටද හැකිය. මෙම යන්ත්‍රය වටා ඇති කැමරා මගින් නිරන්තරවම අවට පිලිබද දර්ශණ මෙහෙයුම් කාර්යාලයට ලබාදීම සිදුකරයි. එමෙන්ම අවට පරිසරය නිතරම ත්‍රිමාන දර්ශණයක් ආකාරයට සකසා ගනී. නිරන්තරයෙන්ම එහි පිහිටීම මෙහෙයුම් කාර්යාලයට ලබාදීම සිදුකරයි.

මයික්‍රොෙසාෆ්ට් සමාගම මෙම නිර්මාණය තුලින් ආරක්ෂක භටයන් ප්‍රමාණය අඩු කිරීමට සැලසුම්කර ඇත. මේ තුලින් වැටුප් සදහා වන වියදම් අවමකර ගැනීම ප්‍රධානම ඉලක්කයයි. මේ ඔස්සේ මුළු සංකීර්ණයම පරීක්ෂා කිරීමට සහ ඒ පිලිබද අධානයෙන් සිටීමට මුරභටයන් දෙදෙනකු හොදින්ම සෑහෙන බව පර්යේෂකයන් පවසා ඇත. මෙය වැඩකරණ සේවකයන්ට එතරම් හොද ප්‍රවෘත්තියක් නොවුනද තාක්ෂණික අතින් සුවිශාල දියුණුවකි.













දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-