Ads 468x60px

home

Friday 28 November 2014

715.Zorin OS Uninstall කරන්නේ කොහොමද? 3

Zorin OS Uninstall කරන්නේ කොහොමද?


මෙහි මුල් ලිපිදෙක මෙතනින් බලන්න​.
1=ලිපිය

2=ලිපිය​

මේ සඳහා මුලින්ම Zorin OS Live disc එකෙන් Boot කරන්න.(Boot the live system)ඉන්පසු 
Start>System Tools>Administration>GParted > delete  ext4 and linux-swap partitions(මේකෙදි මුලින්ම Delete කරන්න Option එක දෙන්නෙ නැත්නම් Partition එක Right Click කරලා Swapoff දෙන්න.ඊට පස්සෙ Delete කරන්න.)

ඊට පස්සෙ ඒ Window එකේ උඩින්ම තියෙන Apply all Oparations කියන option එක දෙන්න.ඊට පස්සෙ Close කරන්න. 
දැන් Zorin OS එක අයින්වෙලා ඉවරයි.ඒ උනාට අපි Zorin OS එක Install කලේ Windows XP හරි Windows 7 හරි එක්ක නම් Zorin OS එක අයින්කරාම කලින් තිබුන විදිහට Boot වෙන්නෙ නෑ.ඒකට හේතුව Boot වීමට අවශ්‍ය Master boot record එක වෙනස් වී තිබීමයි.ඒ නිසා නැවත එම mbr එක සකස් කල යුතුයි.
Win XP වලට සහ Win 7 වලට Master boot record එක හදන විදිහ වෙන වෙනම බලමු.


* Windows XP වල

 මුලින්ම XP CD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි R key එක ඔබන්න.



ඊට පස්සෙ එන Screen එකේදි 1 Key එක ගහලා Enter කරලා Administrator Password එකක් දීලා තියෙනවා නම් Password එක ඇතුල් කරන්න.Password එකක් දීලා නැත්නම් Enter කරන්න.ඊට පස්සෙ fixmbr කියලා Type කරලා Enter කරන්න.





* Windows 7 වල
   මුලින්ම Windows 7 DVD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි Repair Your computer  කියලා දෙන්න.
 ඊට පස්සෙ පහත Window එක Next  කරන්න.
ඊට පස්සෙ Window එකෙන් Commnand Promt එක ගන්න.
ඊට පස්සෙ Command Prompt එකේ fixmbr කියලා Type කරන්න.
මේ විදිහට කලින් තිබුන OS වලින් නැවත වැඩ කරන්න පුලුවන්.Windows XP සහ Windows 7 දෙකම install කරලා තියෙද්දි Zorin OS දාලා අයින් කරාම Windows XP වල විතරක් Master Boot Record එක හැදීම ප්‍රමාණවත්.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-