Ads 468x60px

home

Tuesday, 2 December 2014

725.3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න



 ලංකාවේ හැම තැනම 3D film පෙන්නන Hall නෑනෙ. ඒ  වගේම හැමෝම ගාව නෑනෙ 3D Tv /3D මොනිටර්ස්. ඒ වගේම තමයි 3D video බලන්න විශේෂිත කන්නාඩියක් ඕනෙ කියල හැමෝම දන්නව ඇති නේද? ඒ කන්නාඩියක් රුපියල් 1000 කට වඩා ගනන්නේ. ඒක නිසාම මම හිතුව ඔයාලට රුපියල් 40 කට වගේ පොඩි මුදලකට  කන්නාඩිය ගෙදරදිම හදාගෙන ගෙදර ඉඳලම 3D video බලන්න පුළුවන් විදිහක් කියන්න.                   
  
මම පියවරෙන් පියවර කියන්නම්.

1. මුලින්ම ඔයාල අයින් කරපු  Sun glass එකක් ගන්න(ලෙන්ස් දෙක අයින් කරන්න ). Sun glass එකක් නැති අය kard board එකක් අරගෙන කන්නාඩියක් විදිහට හදා ගන්න.

2.  ඒකට රතු පාට සහ නිල පාට cello pane කොලයක් ගානට කපල රැලි නැති වෙන්න අලවන්න. එක සැරයක් ඇලවුවට මදි.අලවපු එකට උඩින් තව එක සැරයක්(ඔක්කොම දෙපාරක්) ඇලවුවට පස්සේ තමයි නියමෙට Filter වෙන්නෙ.  (කන්නාඩිය දැම්මට පස්සෙ වම් ඇහැට එන්න ඕනෙ රතුපාට පැත්ත  මතක තියාගෙන අලවන්න)    

වැඩේ කොච්චර ලේසිද  බලන්න...




 දැන් තමයි හොඳම වැඩේ තියෙන්නෙ මේකට ගැලපෙන (3D Support කරන) software එක  Download කර ගන්න එක . හොඳටම 3D  වැඩ කරන්නෙ PowerDVD 11 වල විතරයි ඒක නිසා ඔයාලට PowerDVD 11 නැත්නම් download කර ගන්න වෙනවා.


 Download කර ගන්න ටිකක් ලොකු file එකක්



ඒක install කරලා ඉවර වෙලා පහල තියෙන ලින්ක් එකේ video ටික බලන්නකෝ.  online බලන්නත් පුළුවන් 


  
download කරගෙන  PowerDVD වලින් open කරාට පස්සෙ 3D කියල button එකක් තියෙනවා පහල ඒක click කරන්න. ඊට පස්සෙ කන්නාඩිය නැතුව video එක බලනකොට video එක බොඳ වෙලා වගේ පෙනෙයි. දැන් කන්නාඩිය දාල බලන්න. කොහොමද වැඩේ?  

ඔයාලට 3D කන්නාඩිය හදා ගන්න අමාරුයි වගේ නම් Ebay එකෙන් Order කරන්න පුළුවන් රුපියල් 250 ක් වගේ මුදලකට. Ebay එකෙන් Order කරනව නම් පහල තියෙන Ebay Photo එක උඩ Click karanna. 
  







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-