උඳුගොව්වන් කෑම කියා රෝගයක් නැහැ
සමාන්‍ය ව්‍යාවහාරයේ උඳුගොව්වන් කෑම ලෙස අපි හඳුන්වන ඇලපේෂියා ඒරියාටා Alopecia areata (AA) නැමති චර්ම රෝගය පිළිබඳව අපි කතා කරන්නට සිතුවා. මෙම රෝග තත්වයෙදි සිදුවන්නේ අපේ කෙස් ගසේ මුලය කාලයක් පවතින ප්‍රදාහයක් නිසා ආසාදනයට පත්වි කෙස් ගස් ගැලවි යෑමයි. මෙම ප්‍රදාහය කේෂ මුලයට මෙන්ම අපේ නියපොතුවලටත් එක ලෙසම බලපෑම් ඇති කළ හැකිය. මෙය සමාන්‍ය ව්‍යාවහාරයේ උදුගොව්වන් කෑම ලෙස හැඳින්වුවත් පරපෝෂිත ජිවියකු හෝ වෙනත් ජිවියකු නිසා මෙය ඇති නොවන බව වටහා ගත යුතුය. මෙම රෝග තත්වය තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කිසිවිටකත් බෝ නොවේ.
රෝගය ඇති විමට බලපාන හේතු
1) ජානමය හේතුන්
2) පවුලේ කෙනෙකුට තිබේනම් එම පවුලේ අනෙකුත් සමාජිකයන්ට මෙම රෝග තත්වය වැළදිමේ සම්භාවිතාව සියයට 10ත් 20 ත් අතර වේ.
3) තයිරෝඩි ග්‍රන්ථියේ ඇතිවන රෝග තත්වයන්වල ප්‍රතිළුල ලෙසින්
4) රක්තහීනතාවය සහා දියවැඩියා තත්වයන්
රෝගය වැඩි පුරම ඇතිවන්නේ කාටද?
ගැහැනු සහා පිරිමි දෙපාර්ශවයම වෙනසක් නැතුවම මෙම රෝගයට ගොදුරු විය හැකිය. වැඩිපුරම රෝගය දක්නට ලැබෙන්නේ වයස් කාණ්ඩ 10 ත් 30ත් අතර වේ. මෙහිදි ඔලුවේ තිබෙන කෙස් ගස්වලට පමණක් නොව පිරිමින්ට නම් රැවුලද ඇහි බැම,ඇහි පිහාටු මෙන්ම අනෙකුත් රෝම තිබෙන තැන්වලටත් එක ලෙසම බලපෑම් එල්ල කළ හැකිය. එක් අවස්ථාවකදි කිහිප තැනක එක ලෙසම මෙම රෝග තත්වය ඇතිවිය හැකිය.
Going grey overnight ලෙසද මෙම රෝග තත්වය හඳුන්වයි. කළු පැහැති හිස කෙස් සහිතව නිදා ගත් කෙනෙකු පහුවෙනිදා අවදි වෙන විට කෙස් ඉවත් විමෙන් සුදු පැහැති ආකාරයෙන් දිසි විම මේසේ හැඳින්විමට හේතුවයි. මෙහිදි කෙස් ගසේ විශ්මයාර්ථ ලකුණු දිස් වන ආකාරයට වර්ණ ඉවත්මක් දැක ගත හැකිය. කේශ මුලය කළු පාටින්ද කෙස් ගසේ මැද කොටස සුදු පාටින්ද නැවත ඉතිරි කොටස කළු පාටින් ද දිස්විමට පටන් ගනි.
කෙස් ගස් ඉවත් වන ආකාර කිහිපයකි. එනම්
1) Patchy hair මෙහිදි - කොණ්ඩය තැන් තැන් වලින් පැච් ආකාරයට ඉවත් විම දැක ගත හැකිය.
2) Diffuse pattern Hair - කදි මෙහිදි කොණ්ඩය සෑම තැනින්ම එකම ආකාරයට ගැලවි යයී.
3) Alopecia totalis මෙහිදි - සම්පුර්ණයෙන්ම ඔලුවේ ඇති කොණ්ඩය ඉවත් වේ.
4) Alopecia univesails - මෙහිදි ශරිරයේ තිබෙන සියලුම කෙස් ගස් ඉවත් වේ.
5) Ophiasis Pattern - ඔලුවේ මැද කොටසේ කෙස් ඉතිරි වි අනිත් කෙස් ඉවත් විම සිඳුවේ.
6) Reveres Ophiasis Pattern - ඔල්ව වටේ කොණ්ඩය ඉතිරි වි මැද කොටසේ කොණ්ඩය ඉවත් වේ. Alopecia රෝග තත්වයන් තිබෙන අයගෙන් සියයට 15ත් 40ත් අතර ප්‍රමාණයකට නියපොතුවලද මෙම රෝග ලක්ෂණය ඇතිවිම දැක ගත හැකිය. මෙවන් නියපොතු පෙනෙරයක ආකාරයට හිල් ( Pitting) අැතිවි තිබෙනු දැක ගත හැකිය.
රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම
(1) සුදුසකම් වෛද්‍යවරයකු හමුවි රෝගය නිසි පරිදි හදුනා ගෙන ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මක්නිසාද යත් අප ඉහතදි සදහන් කල මෙම රෝගයේ රෝගි ලක්ෂණ වෙනත් රෝග තත්වයක් නිසාද ඇතිවිය හැකිය.
(2) වෛද්‍යවරුන් මෙම රෝග තත්වයේ ප්‍රතිකාර ලෙස ඖෂධ ප්‍රතිකාර, ආලේපන සහා නික්ෂේපන භාවිතය සිදු කරයි.
(3) අපේ ශරිරයේම ඇති වන ඔටෝ ඉමියුන් ප්‍රතික්‍රියාවක් ලෙස ඇති වන Alopecia තත්වයන් සඳහා ප්‍රතිකාර නොකළද වසරක කාලයක් තුළ කෙස් වර්ධනය විය හැකිය. නමුත් ළමා කාලයේදි ඇති වන Alopecia univesalis, Alopecia totalis, ophiasis, Pattern යන තත්වයන් නිට්ටාවට සුව විමේ අවස්ථාව 15% පමණ අහිමි වේ. අනෙත් රෝග තත්වයන් ප්‍රතිකාර මගින් සාර්ථක ලෙස නිය්යාවටම සුවකළ හැකිය. නමුත් එය යම් අවස්ථාවකදි මතුවිමේ සම්භාවිතාවන් ද ඇති බව මතක තබා ගන්න. එහෙත් මුලින් ප්‍රතිකාර සඳහා යොමුවන රෝගින්ය සාර්ථක ප්‍රතිළුල ලබා ගත හැකිය.
වෛද්‍ය කේ.පි නිශාන්ත පතිරණ
නවලිය පුවත්පත ඇසුරෙන්
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට