2. SpaceSniffer
මේකට ගොඩාක් අය කැමති වෙලා තියෙන්නේ මේක බලපු ගමන්ම මේ ලේ අවුට් එක නිසා ගොඩාක් ලේසියි ගොඩාක් ෆයිල්ස් තියෙන්නේ මොන ෆෝල්ඩර් එකේද කියලා හිතාගන්න මොකද මේ පෙන්නලා තියන කොටුවල සයිස් එක වෙනස් වීම මගින් වැඩිපුර ෆයිල්ස් තියන ෆෝල්ඩර් එක ගැන ඔයාලට වුනත් ඉක්මනින්ම හිතාගන්න පුලුවන්නේ.කලින් එකේ වගේම මේකෙදිත් ඔයාලට කරන්න තියෙන්නේ ස්කෑන් කරලා බලන්න ඕනි කරන පාර්ටිෂන් එක සිලෙක්ට් කරන්න විතරයි . ඔයාලට ඊට පස්සේ මේ වගේම එකක් ඔයාලගේ මොනිටර් එකේත් බලාගන්න පුලුවන් වෙයි, කොටුවේ සයිස් එක වැඩියි කියන්නේ ඒ ෆොල්ඩර් එකේ සයිස් එක වැඩියි කියන එක. හරි ලේසියි හොයාගන්න මොනවද තියන සයිස් එක වැඩි ෆෝල්ඩර්ස් කියලා.මේකේදීත් මේ කොටුවල පාට ඔයාලට කැමති විදියකට වෙනස් කරගන්න එහෙම පුලුවන් එතකොට තවත් ලේසිවෙයි ඔයාගේ වැඩවලට. ඒවගේම මේ සොෆ්ට්වෙයාර් එකේදී ඔයාට පුලුවන්කම තියනවා විශේෂිත ආකාරයක ෆයිල්ස් ෆිල්ටර් කරන්නත් ඒ කියන්නේ උදාහරනයක් හැටියට ඔයාට පුලුවන් ඉමේජස් එක පාටකිනුත් ඒ වගේම හිතන්නකෝ ආර්කයිව් කරපු ෆයිල්ස් තියනවානම් ඒවා වෙනත් පාටකිනුත් පෙන්නන්න සලස්වන්න. ඒක එච්චර අමාරු නෑ සොෆ්ට්වෙයාර් එක යූස් කරනකොට ඔයාලට ඒක තේරේවි.ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න