icon
Leave a message

Ads 468x60px

home

Friday, 23 January 2015

832.WhatsApps දැන් ඔබේ පරිගණකයට

WhatsApps දැන් ඔබේ පරිගණකයට
ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් අතර WhatsApps ජනප්‍රිය ඇප්ස් එකකි.

එය ඔන්ලයින් මැසෙන්ජර් ගණයට අයත්ය. WhatsApps ඉතාමත් කෙටි කලකින් ජංගම දුරකථන භාවිතා කරනන් අතර ජනප්‍රිය ඇප්ස් එකක් බවට පත්වුණා. මෙය facebook සමගාම විසින් මෑත කාලයේදී මිලදී ගත්තා.

ඒ සමගම එහි තිබු තාක්ෂණික දුර්වලතා රැසක් ද සකස් කළා. ඒ සදහා ඔවුන් පැය ගණනකට සේවාව අත්හිටුවනු ලැබුවා. WhatsApps ජනප්‍රිය වීමත් සමගම එහි තාක්ෂණික අංශය විසින් Web Apps එකක් නිර්මාණය කර පරිශීලකයින්ට හදුන්වා දී තිබෙනවා.

දැන් ඔබට පරිගණකයෙන්ද චැට් කිරීමට හැකියාව තිබේ. නමුත් මෙය භාවිතා කිරීමට හැක්කේ ඇන්ඩ්රොයිඩ්, වින්ඩෝස් දුරකථන හෝ බ්ලැක්බෙරි පරිශීලකයන් හට පමණයි. මෙය ඇපල් ජංගම දුරකථන පරිශීලකයින්ට භාවිතයට ගැනීමට නොහැකියි. 


ඒ සදහා ඔබ මුලින්ම පහත සබැදිය වෙත පිවිසෙන්න.


එවිට ඔබට එහි ඉහල කෙලවරේ QR කෝඩ් දැක ගැනීමට හැකියි. ඉන්පසු ඔබ ඔබේ දුරකථනයෙන් ඔබ WahtsApps වෙත ඇතුල්වන්න.

උදා : ඇන්ඩ්රොයිඩ් දුරකථන සදහා (Open WhatsApps  -->  Menu --> WhatsApp Web)

ඉන්පසුව ස්කෑන් කිරීම මගින් ඔබට පහසුවෙන්ම ඔබේ පරිගණකයෙන් භාවිතා කල හැක.



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-