icon
Leave a message

Ads 468x60px

home

Friday, 23 January 2015

833.වින්ඩෝස් 10 නොමිලේ.


වින්ඩෝස් 10 නොමිලේ.


ලොවම බලාසිටින තවත් මෙහෙයුම් පද්ධතියක් වූ  වින්ඩෝස් 10 නුදුරේදීම කළ එළි බැසීමට නියමිතයි. ඒ අනුව  (21) දිනයේදී මෙම නවතම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳව හඳුන්වාදීමේ උත්සවයකුත් පැවැත්වුනා..

එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මේ වන විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අය උදෙසා වසරක කාලයක්  වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ භාවිතා කිරීමට ඉඩ සලසා ඇති බවට වාර්තා වේ. ඒ අනුව Windows 7, Windows 8 හා Windows 8.1 යන මෙහෙයුම් පද්ධති භාවිතා කරන අය වෙනුවෙන් මෙම විශේෂ දීමනාව හිමිවනු ඇති.

නවතම මෙහෙයුම් පද්ධතිය බොහෝ පිරිසක් අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙලෙස නොමිලේ වසරක් පුරා එය භාවිතා කිරීමට ලබාදී ඇති බවට බොහෝ පිරිසක් පවසනවා. කෙසේ නමුත් Windows 7 හා 8.1 භාවිතා කිරීමේදී ඇති වූ දෘඩාංග දෝෂ වලට Windows 10 හිදී යම් පිළියමක් යොදා ඇති බවටත් පැවසෙනවා. හැබැයි නොමිලේ දෙන මේ අලුත් Windows10 දෙන්නේ ව්‍යාජ කොපි වලට නෙවෙයි කියලත් මතක තියාගන්න. ඒ කියන්නේ windows 7, 8, 8.1 කියන මෙහෙයුම් පද්ධති මුදල් දීලා ගත්ත අයට විතරයි වින්ඩෝස් 10 නොමිලේ වසරක කාලයක් භාවිතා කරන්න පුලුවන්.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-