Ads 468x60px

home

Saturday 31 January 2015

849.හරි මග යන්න SMART සපත්තු පළඳින්න

හරි මග යන්න SMART සපත්තු පළඳින්න


ස්මාර්ට් ජංගම භාවිතා කරන බොහෝ දෙනා පාර හොයාගන්න භාවිතා කරන්නේ GOOGLE MAPS ය. සාමාන්‍යයෙන් GPS තාක්ෂණයත් සමඟ තමන් ඉන්නා තැන හරියටම දැනගන්න වගේම ගමනාන්තය ඇතුලත් කර විට යායුතු මාර්ගය නිවැරදිව ම බලා ගන්න පුළුවන්. ගමනාත්තයට ලගා වීමට යායුතු නිවැරදි මාර්ගය දුරකථන තිරය මත පෙන්නනවා. නමුත් තද හිරු එළිය පතිත වන අවස්ථාවක එලිමහනේ phone එක භාවිතා කරන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් ඇවිදිමින් ඉන්න කොට.
ඔන්න ඔය ගැටළුවට විසදුමක් ලෙස තමයි SMART SHOES කරළියට එන්නේ.  BLUETOOTH තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ GOOGLE MAP සේවාව සමඟ දත්ත හුවමාරු කරමින් ඔබ ඉන්නා තැන පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගනී. ඒ ඔස්සේ ඔබ යායුතු මාර්ගය නිවැරදිව නිරවුල්ව ඔබ හට ලබා දේ. මෙම සපත්තු පැළඳ සිටින්නාට සපත්තුව මඟින් තොරතුරු ලබා දෙන්නේ ද අපුරු ආකාරයකට ය. එනම් යම්කිසි ස්ථානයකින් වමට හැරිය යුතු නම් වම් පාදයේ පැළඳ සිටින සපත්තුව කම්පනය (VIABRATE) වේ. දකුණු පාදයේ පැළඳ සිටින සපත්තුව කම්පනය වූයේ නම් ඔබ එම ස්ථායේදී දකුණට හැරිය යුතුය.
මෙම ‍SMART SHOES හී තවත් විශේෂත්වයක් වන්නේ නිවැරදි මාර්ගය සොයා දීම සඳහා අවශ්‍ය දත්ත ඔබ සැපයිය යුත්තේ  ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා වීමයි. එපමණක් නොව එය භාවිතා කරන්නේ ද ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථයේ සක්‍රීය කර ඇති GPS හා අන්තර්ජාල පහසුකමයි. ඒ සඳහ අවශ්‍ය කරන මෘදුකාංගය (app) සපත්තුව පැළඳ සිටින්නාගේ ස්මාර්ට් ජංගම දුරකථයේ ස්ථාපනය (install) කර තිබිය යුතය. දැනට මෙම සපත්තු භාවිතා කළ හැකි වනුයේ ANDROID සහ APPLE IOS  මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ඇති ස්මාර්ට් ජංගම දුරකථන සඳහා පමණී.


මෙම ‍සපත්තු යුගලයක් ඇමරිකානු ඩොලර් 100 ත්  150 ත් අතර මිලකට ලබන සැප්තැම්බර් අග සිට ලබා ගත හැකි වනු ඇත.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-