Ads 468x60px

home

Monday 2 February 2015

851.මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය


මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය



හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පිරිසක් ස්විට්සර්ලන්තයේ ඩේවෝස් ලෝක ආර්ථික සම්මේලනයේදී අණතුරු අඟවයි.....


"ඉතාම නුදුරු අනාගතයේදී රජයේ ආරක්ශක හා බුද්ධි අංශ පමණක් නොව දැවැන්ත පෞද්ගලික සමාගම් මගින්ද මුදා හැරෙන මදුරුවෙකු මෙන් කුඩා රොබෝ ඩ්‍රෝන යානා ඔබට නොදැනෙන්නට ඔබගේ ලේ සොරාගෙන ඔබගේ ජාන පිලිබඳ විස්තර ඔවුන්ගේ පරිගණක ජාලවලට ඇතුලත් කරගනු ඇත.... එමගින් ඔවුන් නිරන්තරයෙන්ම ඔබ කරනා දේවල්, යන එන තැන් පිලිබඳව ඔබට හොරා සෙවිල්ලෙන් සිටිනු ඇත.....

දැවැන්ත රක්ශණ සමාගම් ඔබගේ ජාන සොරෙන් අධ්‍යයනය කොට, ඔබට ඇති නිදන්ගත රෝග හඳුනාගෙන එම රෝග සඳහා ඔබ අනාගතයේදී ලබාගන්නා ප්‍රතිකාර සඳහා යන රක්ශණ වන්දි වෙනුවෙන්, එම රෝග පහලවීමට වසර ගණනාවකට පෙර සිටම ඔබගෙන් වැඩිපුර රක්ශණ වාරික මුදල් (insurance premium) අය කරගන්නවා ඇත...... 


ඔබ කාන්තාවක් නම් ඔබ නිතර බඩු ගන්නා සුපිරි වෙළඳසැල ඔබගේ කුසෙහි දරුවෙකු පිලිසිඳගෙන ඇති බව ඔබගේ පවුලට, සැමියාට පමණක් නොව සමහර විට ඔබටද පෙර දැනගනු ඇත...."

මෑත අනාගතය පිලිබඳව මේ බියකරු චිත්‍රය මවාපෑවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ශණය පිලිබඳ මහාචාර්යවරියක් වන මාගෝ සෙල්ට්සර්, ස්විටර්ලන්තයේ ඩේවෝස් නුවර  පැවැත්වු ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum - Davos. Switzerland) පසුගිය  (22/01/2015) පැවැත්වුනු එක් වැඩමුළුවකදීය.

"දැන් ඇත්තේ මෙවැනිදේ සිදුවේවිද නැද්ද යන්න පිලිබඳ ගැටලුවක් නොවේ.....මෙම තාක්ශණය දැනටමත් ඉතා විශාල ලෙස දියුණුවෙලා.....

දැන් ඇත්තේ මෙම බියකරු සිදුවීම් වෙන්නට පටන්ගන්නේ කවදාදැයි යන්න පිලිබඳව අවධානයෙන් සිටීමයි....

මේ නිසා අපි පෞද්ගලිකත්වය පිලිබඳව දරන මතවාද වෙනස් කරන්නට අවශ්‍යයි. සැබැවින්ම මේවැනි තාක්ශණයන් නිසා පෞද්ගලිකත්වයක් කියලා දෙයක් නැත්තටම නැතිවෙනවා.....

රජයට විතරක් නෙමෙයි, බලසම්පන්න සමාගම් වලට, විදෙස් රටවල්වලට, ධනවත් පාතාලයට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් මෙම තාක්ශණය ලැබෙන එක වලක්වන්නට බැහැ...."

මෙම වැඩමුලුවට සහභාගීවූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විශේෂඥ සොෆියා රූත් පවසන ආකාරයට දැනටමත් අමෙරිකානු හා වෙනත් බටහිර බුද්ධි අංශ, විදෙස් රටවල නායකයන්ගේ ජාන තොරතුරු රැස්කිරීමේ යෙදී සිටිනවා. ඒ ඔවුන්ගේ නිරෝගීභාවය, නිදන්ගත රෝග මෙන්ම ජීවිතාපේක්ශ කාලය නිර්ණය කරගැනීම සඳහායි.

"මේ තාක්ශණය නරකට වගේම හොඳ දේට යොදාගන්නත් පුලුවන්. උදාහරණයක් ලෙසට බටහිර අප්‍රිකානු රටවල පැතිරෙන ඉබෝලා වසංගතය ගන්න. මේ අති දුශ්කර රටවල සෑම මිනිසෙකුට, ගැහැනියකට හා ළදරුවෙකුටම ඉබෝලා සඳහා ප්‍රතිවෛරස ලබාදීම සායන මගින් කරන්නට බැහැ ඒත්, ඩ්‍රෝන මදුරුවන් දහස් ගණනක් මෙම එන්නට ඇති කුඩා වයල සමග මුදාහැරියොත් එම ඩ්‍රෝන වලට පුලුවන් සෑම කෙනෙකුටම මෙම එන්නත දෙන්නට...."

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-