Ads 468x60px

home

Tuesday 10 March 2015

908.පෝෂණය සම්බන්ධ මිත්‍යා මත

පෝෂණය සම්බන්ධ මිත්‍යා මත
Image result for පෝෂණය
පෝෂණය ගැන කතාකරද්දී අපිට එක එක වෙලාවට නොයෙක් දේ අස්සනට ලැබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් හොඳයි කියන දෙයක් තවත් අයෙක් හොඳ නෑ කියන දේ ගැන ඔබටත් මටත් අත්දැකීම් නැතුවාම නොවෙයි. විද්‍යාත්මක සාධක මගින් පැහැදිලි කර ඇති පෝෂණය සම්බන්ධ විවිධ වැරදි මත ක පිළිබඳව අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 


1. මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට කන්න

කාලෙකට ඉස්සර මේවගේ දේවල් අපිට ඇහෙනවා. ඒත් එක පර්යේෂණයකින්වත් ම බව ඔප්පු වෙලා නෑ. ඒක හින්ද මේ ගැන ගැඹුරින් කරපු සමීක්ෂණයකින් හෙළි වුනේ බර අඩු කරගැනීමත්, පිළිකා අවදානම අඩු කරගැනීමත් හෘදයාභාද අවදානම අඩු කිරීමත් මේදය අඩු , පිටි සහිත ඇට ජාති වැඩියෙන් කෑමට ගන්න එක අතර සම්බන්ධයක් නොමැති බවයි.

2. රුධිර පීඩනය අවම කරගැනීමට සහ හෘදයාභාද ඇති වීම අවම කිරීමට ලුණු ආහාරයට ගැනීම අවම කල යුතුයි.

මේ කාරණය නම් අපිට අදටත් අහන්න ලැබෙන දෙයක්. ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය 1-5 mm /Hg පමණ අඩු කිරීමට සමත් වන නමුත් හෘදයාභාධයක් ඇතිවීම කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි. නමුත් ලුණු අධි මාත්‍රාවක් ආහාරයට ගැනීමෙන් ඇති වන රෝග තත්ව නැතුවා නොවෙයි. ලුණු පමණට වැඩියෙන් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහල යෑමට බලපායි. මේ ගැන විශාල ලෙස පර්යේෂණ කර නැති වුනත් ලුණු අවශ්‍ය පමණට ආහාරයට ගන්න කියල තමයි උපදෙස් ලැබෙන්නේ.

3. අපේ ඇඟේ පරිවෘත්තිය නිසියාකාරව සිද්ධ වෙන්න කුඩා ආහාර වෙල් කිහිපයක් දිනපතාම ගන්න ඕනේ.

මේ කතාවත් ඔබ අහල ඇති. නමුත් මේ ගැන වැඩි දුර අධ්‍යනය කරලා හොයාගෙන තියෙන්නේ දිනකට ආහාර වේල් 2-3ක් ගත්තම සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණයයි ආහාර වේල් 5-6ක් ගත්තට පස්සෙයි වෙනසක් නෑ කියල. හැබැයි ඒකෙ මෙහෙම පැත්තකුත් තියනවා. වැඩියෙන් බඩගිනි වෙන එක තරමක් දුර මගහැර ගන්න පුළුවන්. අනික් කාරණය තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා සිරුරේ මේධය තැන්පත් වීමත් වැඩි වෙන එක.

4. බිත්තර කහමද කන්න හොඳ නෑ. කොලෙස්ටරෝල් වැඩියි. හදවත් රෝග වලට බලපානවා.

මෙහෙම කියනවා ඔබත් අහල ඇති. නමුත් ගොඩක් දෙනෙක්ට කෑම වල තියන කොලෙස්ටරෝල් ලේ වල කොලෙස්ටරෝල් වලට ඇති කරන බලපෑම අඩුයි. මේ ගැන කරපු අධ්‍යනයකින් දැගන්න ලැබෙන්නේ බිත්තර වලින් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන බවත් හදවත් රෝග වල බල නොපාන බවත්ය. හැබැයි මේ සියල්ල වලංගු වෙන්නේ ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයකු නම් පමණයි. මොකද දියවැඩියා රෝගීන්ට නම් මෙමගින් හදවත් රෝග වැළඳීමේ අවදානමක් ඇති කරන බැවින්.

5. තිරිඟු පිටි වලින් හදන කෑම සෞඛ්‍යදායි සමබර ආහාර වේලක කොටසක්.
Image result for low fat foods
ගොඩක් වෙලාවට තිරිඟු පිටි වලින් හදන කෑම වලට මිනිස්සු පුරුදු වෙලා හිටියා. නමුත් වර්තමානය වන විට ජාන තාක්ෂණයේ බලපෑමත් එක්ක මෙහි පෝෂණ ගුණය පිළිබඳව ගැටළු ඇති වී තිබෙනවා. මුලික අදියරේ පර්යේෂණ වලින් පෙනී යන්නේ වර්තමානයේ භාවිත කරන තිරිඟු පිටි වලින් කොලෙස්ටරෝල් මෙන්ම විවිධ ආසාත්මිකතා ඇති කිරීමේ අවදානමත් වැඩි කරන බවයි. ඉස්ස‍ර තිරිඟු වල මේ ප්‍රශ්න නොතිබුන බවත් ඔවුන් පවසනවා.

6. සංතෘප්ත මේද මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර හෘදයාභාධ ඇති වීමේ අවදානම වැඩි කරයි.

දශක ගණනාවක සිටම මේ ගැන කතාබහ වන දෙයක්. නමුත් මෑත කාලයේ සිදු කල මහා පරිමානයේ සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ සංතෘප්ත මේධ හදවත් රෝග නිසා වන මරණ වැඩිවීම කෙරෙහි සම්බන්ධයක් නොමැති බවයි. එහි සැබෑ පැතිකඩ වනුයේ සංතෘප්ත මේද HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර LDL අංශු වල ප්‍රමාණය විශාල කර අවදානම අඩු කරන බවයි. කෙසේ නමුත් පමණට සංතෘප්ත මේද සහිත ආහාර ගැනීම සුදුසුයි.

7. කෝපි පානය අහිතකරයි.
Image result for people drinking coffee
කෝපි පානය අහිතකර බවට බොහෝ විට සැලකෙන්නේ කැෆින් අඩංගු වන නිසයි. කෙසේ නමුත් කෝපි පානය කිරීමෙන් අත්වන ප්‍රධාන වාසි ද තිබේ. කෝපි යනු බටහිර රටවල් වලට ඇති ඉතා ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. කෝපි මගින් මානසික අවපීඩනය ,දෙවන අදියරේ දියවැඩියාව , ඇල්සයිමර් , පාර්කින්සන් වැනි රෝග වැළඳීමේ හැකියාව අවම කරයි.

8. තෙල් කෑවම මහත් වෙනවා. ඒක හින්ද තෙල් කන්නේ නැතුව ඉඳල බර අඩු කරගන්න.

අපේ හම යටින් තියෙන්නේ මේද ස්ථරයක්. ඒක හින්ද තමයි මෘදු බවක් සහ පිරුණු බවක් ලැබිල තියෙන්නේ. ඒක හින්ද තෙල් කන එක අඩු කරන්න ඕනේ කියන එක සාධාරණ හේතුවක් වගේ පෙනුණත් ඇත්ත කතාව මේකයි. මේදය වැඩි කාබොහයිඩ්‍රේට වැඩි ආහාර ඔබව තරබාරු කරයි. එහෙම වෙන්නේ මේදය හින්දා නෙමෙයි. මේදය වැඩි පිෂ්ටය අඩු ආහාර ගන්න පුරුදු වුනොත් මේදය අඩු ආහාර වේල් ගන්න පුරුදු වුනාටත් වඩා කෙට්ටු වෙන්න පටන් ගන්නවා.

9. අධි ප්‍රෝටීන සහිත ආහාර මගින් වකුගඩු වලට බලපෑම් ඇති කරන හින්දා වකුගඩු ආශ්‍රිත ලෙඩ හැදෙන්න පුළුවන්.

වකුගඩු රෝග වැළඳුනු පුද්ගලයන්ට ප්‍රෝටීන සහිත ආහාර අඩුවෙන් ගන්න කිව්වත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මේ කාරණය වලංගු වෙන්නේ නෑ. මේ ගැන නොයෙක් අධ්‍යන මගින් පිළිගෙන තිබෙනවා. ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අඩු කිරීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාවත් ඇති වීම අවම කරනවා. බොහෝ විට වකුගඩු නරක වීමට බලපාන සාධක වන්නේ මේවායි.

10. සම්පුර්ණ යොදය සහිත කිරි ආහාර සංතෘප්ත මේද සහ කැලරි වලින් ගහනයි. තරබාරුකම වගේම හදවත් රෝග වැළඳීමේ අවදානමත් වැඩි කරනවා.

සම්පුර්ණ යොදය සහිත ආහාර සංතෘප්ත මේදය සහ කැලරි වලින් පරිපුර්නයි. මේ හේතුව නිසාම යොදය රහිත ආහාර අනුභව කරන්න උපදෙස් ලැබෙනවා. නමුත් පර්යේෂණ වලින් පෙනීයන්නේ සම්පුර්ණ යොදය සහිත ආහාර හදවත් රෝග වැළඳීම හා සම්බන්ධ නොවන අතර තරබාරු බවටත් විශාල ලෙස බලනොපාන බවයි. නමුත් මෙමගින් පැවසෙන්නේ නෑ ඔබට ඕනෑතරම් යොදය සහිත ආහාර පාන අනුභව කරන්න පුළුවන් කියල. කලින් මතක් කර වගේම හැම දේටම සීමාවක් තියන බව මතක තියාගන්න.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
 
-