Ads 468x60px

home

Wednesday 11 March 2015

909.අපේ ඇඟ කොච්චර වටිනවා ද ?

අපේ ඇඟ කොච්චර වටිනවා ද ?


ඔයා කොච්චර වටිනවා ඇති කියල ඔයාට හිතෙනව ද ?
මටනං හිතෙන්නේ අපිව කාටවත් මිල කරන්න බෑ කියල. බලන්න අපේ අම්මලට තාත්තලට අපිව කොච්චර වටිනවද කියල.

අපිව මිල කරන්න ඇත්තටම බැරි වුනාට මිනිස් ශරීරය සහ එහි විවිධ කොටස් වලට යම් කිසි මිලක් නියම කරන්න පුළුවන්. මේ සඳහා අපිට අපේ ඇඟ වෙළඳ භාණ්ඩයක් ලෙස සලකන්න සිද්ධවෙනවා. හුවමාරු කරන්න පුළුවන් , නැත්තන් අලෙවි කරන්න පුළුවන් භාණ්ඩයක් ලෙස සලකන්න වෙනවා.

සාමාන්‍යයෙන් සැලකුවාම අපිට එදිනෙදා ජීවිතයේ කරන රැකියාව සහ වෙනත් කටයුතු මත මිලක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් වසරකට £25,000(රුපියල් 5,117,200) උපයන පුද්ගලයෙක් වසර 30ක් මුදල් ඉපැයීමේ නිරත වුනොත් ඔහුගේ හෝ ඇයගේ වටිනාකම £750,000(රුපියල් 153,515,100) ලෙස සලකන්න පුළුවන්. කෙසේ නමුත් මිනිස් සිරුර රන්, රිදී, මුතු, මැණික්, එහෙමත් නැත්තම් කෝපි ,පිටි, සහල් වැනි වෙළඳ භාණ්ඩ හා සැසඳීමේදී වෙනස්ම කෝණයකින් මිනිස් සිරුර සඳහා වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.

අපේ ඇඟේ එක එක කොටස් සලකා බලමු.



මුලින්ම බලමු අපේ ඇසේ කනීනිකාව (cornea) දෙස. ඔබ විශ්වාස කරනවාද අපේ ඇසේ කනීනිකා දෙක £15,000(රුපියල් 3,074,000) වටිනා බව?

අපේ ඇට සැකිල්ල? වටිනාකම £5,000(රුපියල් 1,024,600 ) ක් .
අපේ පෙනහළු දෙක £206,000(රුපියල් 42,225,500) වටිනවා කිව්වම නම් මගේ හුස්මත් ටිකක් හිර වුනා වගේ.
අපේ හෘදයවස්තුවට තියෙන්නේ ඉතා ඉහල වටිනාකමක් , £425,000(රුපියල් 87,115,800) ක් ! දැන් ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනේ වෙනත් කෙනෙකුගේ හදවතක් ලබාගන්න එක ගොඩක් අමාරු වෙන්නේ ඇයි කියල.
වකුගඩු අලෙවි කරන එක ගැන අහල තියනවනේ. වකුගඩුවක මිල £105,000(රුපියල් 21,522,700) ක්.
අපේ අක්මාව ගැන ඊළඟට බලමු. අක්මාවේ වටිනාකම £104,000(රුපියල් 21,317,000)ක්.
අපේ ඇඟේ අස්ථි සහ විලම්බක (bones and ligaments) වල වටිනාකම £3,600(රුපියල් 737,900). වැඩුණු පුද්ගලයෙක්ගේ අස්ථි 206ක් තියන හින්දා කෑලි කෑලි විකුණන්න බැරිවෙයිද දන්නේ නෑ.
රුධිරය සහ සම ගැන කතාකරද්දී වර්ග අඟල් 3168ක් පමණ සම තියනවා. ඒ වගේම ලේ පයින්ට් 10කුත් තියනවා. පයින්ට් එකක වටිනාකම £225 හින්දා මුළු වටිනාකම £2250(රුපියල් 461,200)ක් වගේ වෙනවා. වර්ග අඟලකට වටිනාකම £6 ගානේ මුළු සමටම £19,008(රුපියල් 3,896,100).

ඊළඟට අපි බලමු ප්‍රදර්ශක භාණ්ඩ විදියට අපේ ඇඟේ කොටස් විකිණෙන ගණන්.


මිනිසකුගේ ඔලුවෙන් කොටසක වටිනාකම $1,500(රුපියල් 199,700)ක්. ඒවගේම මුළු ඇගෙන් සිරස් කැපුමකදී වටිනාකම £15,000(රුපියල් 3,073,800)ක්. දුම් පානය කරපු පුද්ගලයෙක්ගේ පෙනහළු දෙකක් $3,600(රුපියල් 479,300) වටිනවා කියල කියන්නේ. එහෙනං බීපු නැති එක්කෙනෙක්ගේ කොච්චර වටිනවා ඇද්ද?
අපේ අතෙන් එක කොටසක වටිනාකම $185(රුපියල් 24,600)ක්.

ඒවගේම අපේ ඇඟේ ඉතා සුළු වශයෙන් අඩංගු වන රත්‍රන් , ප්ලැටිනම්, සහ තඹ වල වටිනාකම රූප සටහනෙන් බලාගන්න පුළුවන්.


අපේ ඇඟේ ක්‍රියාකාරිත්වය සැලකුවොත් විශාල ක්‍රියාකාරකම් රාශියක් සිදුවෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපේ ඇඟෙන් නිෂ්පාදනය වන විද්‍යුත් ශක්තියෙන් වොට් 100ක විදුලි බුබුලක් පය 24ක් දල්වල තියන්න පුළුවන්. වසරකට වැය වන £123(රුපියල් 25,200) මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙක් දවසකට පියවර 3500ක් පමණ තබනවා. වසරකට ඇවිදින දුර එහෙම බැලුවොත් දල වශයෙන් හැතැප්ම 639ක්. කාර් එකකින් ගියොත් වැයවන මුදල £287.55(රුපියල් 58,900).



අපේ මොලය ගොඩක් දුරට පරිගණකයක් වගේ වැඩ කරනවා. නමුත් පරිගණකයේ මතකයේ මෙන් දිගටම මතක හිටින්නේ නැති ප්‍රශ්න තියෙන එක සාමාන්‍ය දෙයක්. අපේ මොලයට ගබඩා කරගන්න පුළුවන් දත්ත ප්‍රමාණය ටෙරා බයිට් 100ක්. ඒකට HardDisk ගත්තොත් එහෙම £2,500(රුපියල් 511,700) පමණ මුදලක් වැයවෙනවා.



අපේ හදවතටත් මෙවැනිම වටිනාකමක් තියනවා. එකෙන් දිනකට පොම්ප කරන ලේ ප්‍රමාණය ගැලුම් 2000ක් විතර වෙනවා. ජල තටාකයක තියන පොම්පයක් එහෙම වැඩ කරොත් වසරකට ඒ සඳහා වන වියදම £85(රුපියල් 17,400).
දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-