Ads 468x60px

home

Tuesday 17 March 2015

917.පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්

පිළිකා ගැන මින් පෙර අසා නැති කරුණු කිහිපයක්
Image result for types of cancer in women

තවමත් නිසි ඖෂධයක් නොමැති ලොව පවතින දරුණුම ලෙඩ රෝග වලින් එකක් වන මෙය නම ඇසු සැනින් අපේ සිතටද නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මෙවර ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ පිළිකාව සම්බන්දව අප නොදදත් ඉතා සරල කරණු කිහිපයකි. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.

* පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

* පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

* ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

* ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

* සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

* ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

* ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (BREAST CANCERS) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

* මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

* දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

* මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් MULTI-VITAMIN භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

* 1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

* ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.

* මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

* පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.

* රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -






මෙම ලිපිය deephe අඩවියෙන් උපුටාගැනිමක් වන අතර ,මෙහි මුල් කථුවරායාට සම්පුර්න අයිතිය සතුවේ
 
-