Ads 468x60px

home

Monday 23 March 2015

925.පින්තූර සංස්කරණය කිරීමට හැකි නොමිලේම ලබා ගන්න පුළුවන් විශිෂ්ට මෘදුකාංගයක්.

පින්තූර සංස්කරණය කිරීමට හැකි නොමිලේම ලබා ගන්න පුළුවන් විශිෂ්ට මෘදුකාංගයක්.

Image result for photography photoshop actions

 ෆොටෝෂොප් මෘදුකාංගය වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඉතාමත් විශිෂ්ට මෘදුකාංගයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඕනෑම පින්තූරයක් කැමති විදියට සංස්කරණය කරගන්න පුළුවන් ආකාරයේ tools, filters, specials effects බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා . මෘදුකාංගය භාවිතා කිරීමේදී ඔබට විශ්වාස කිරීමට පවා නොහැකි වේවි මෙය නොමිලේ ලබා දෙනමෘදුකාංගයක්ද යන්න බව. 

විශේෂාංග 

 Photoscape කියන මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා පින්තූර නැරඹීමට, සංස්කරණය කරගැනීමට සහ ප්‍රින්ට් කිරීමට අවශ්‍ය වෙන සෑම දෙයක්ම. අන්න එම හේතුව නිසා තමයි මෙමමෘදුකාංගය ෆොටෝෂොප් මෘදුකාංගය වෙනුවට භාවිතා කරන්න පුළුවන් විකල්ප මෘදුකාංගයක් ලෙස හැමෝම හඳුන්වන්නේ. ෆොටෝෂොප් තරම්ම උසස් මට්ටමේ මෘදුකාංගයක් නොවුනත් ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් නොම්ලේ ලබා ගන්න පුලුවන් විකල්ප  මෘදුකාංගයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.  

භාවිතා කිරීමට පහසුවීම

 වැඩසටනේ මේන් වින්ඩෝ එකෙන් ඔබට අවශ්‍ය වන දේ පහසුවෙන්ම තෝරා ගන්න පුළුවන්. උදාහරණයක්  විදියට පින්තූර නැරඹීම, අඩු ගුණාත්මක භාවයකින් යුතු පින්තූර ඉහල ගුණාත්මක භාවයකින් සකස් කරගැනීම, එකම පේජ් එකක් තුල පින්තූර කිහිපයක් උනත් ප්‍රින්ට් කරගැනීම ( collage-style ) සහ specials effects මගින් පින්තූර අලංකාරවත් කරගැනීම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.  


පෙන්වා දිය හැකි කිසිම වැරද්දක් මෙම මෘදුකාංගයේ දකින්නට ඇත්තේ නැහැ. එම නිසා මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ස්තාපිත කර ගන්න. සම්පූර්නයෙන්ම නොමිලේම ලබා දෙන නිසා ජීවිත කාලයටම ඔබට මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්.  පහතින් එම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.  

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
 
-