Ads 468x60px

home

Thursday 26 March 2015

928.මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

Image result for polluted ocean underwater
සාගර විද්‍යාඥයන්ට පවසන අන්දමට ප්ලාස්ටික් මගින් ඇති කෙරෙන සාගර දුෂණය විශාල ප්‍රශ්නයක්. මෙය කැපී පෙනෙන ස්ථානයක් වන්නේ Great Pacific Garbage Patch නම් පැසිෆික් සයුරේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වූ ප්‍රදේශයයි. මෙම ප්ලාස්ටික් එකතුවේ විශාලත්වය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල බවත් ඈත අහසේ සිට වුවත් දැකගත හැකි බවද පැවසෙයි. මෙම පරිසර දුෂණය නිසා ප්ලැන්ක්ටන් සිට තල්මසුන් දක්වාම දැඩි ජීවිත අවදානමක් ඇති කර තිබේ.


එහෙනං කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇත්තටම තියනවද ? නවතම සමීක්ෂණයකට අනුව එය එතරම් සුන්දර අගයක් නම් නෙමෙයි. 2010 වසර වන විට මෙට්‍රික් ටොන් මිලියන 4.8ත් 12.7ත් අතර ප්‍රමාණයක් සාගරය තුල පවතින බවට ගණන් බලා තිබේ. එහි මාධ්‍යන අගය සැලකුවොත් ගීසාහි දැවැන්ත පිරමිඩයේ බර මෙන් 1.3න් ගුණයක්.


මෙම ප්ලාස්ටික් ප්‍රමාණය මුහුද එන්නේ කොහෙන් ද? ඒ ගැන සොයාගැනීම තමයි මේ සමීක්ෂණයේ මුලික අරමුණ වුනේ. මේ ගැන සෙවීමට ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරු ජෙනා ජැම්බෙක් යටතේ මෙහෙයවුණු විද්‍යාඥයන් කණ්ඩාමක් කටයුතු කරා. මේ සඳහා ඔවුන් ලෝකයේ මුහුදු වෙරලක් සහිත රටවල් 192ක් සැලකිල්ලට ගත්තා. මේ එක් එක් රටවල් වලින් මුදා හැරෙන අපද්‍රව්‍ය පිළිබඳව සොයා බැලුව. මේ සඳහා ඔවුන් මුහුදු සීමාවේ සිට කිලෝමීටර 50ක් ඇතුලත ජීවත් වන ජනතාව සැලකිල්ලට ගෙන ඔවුන් බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය හා අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය සැලකිල්ලට ගත්තා.
ඉන්පසු ඔවුන් පියවර ගත්තේ මෙම අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් වලින් කොපමණ ප්‍රමානයක් මුහුදට මුසු වනවා ද යන්න පිළිබඳවයි. මේ සඳහා ගංගා හා මුහුදු බොකු ආශ්‍රිත ප්‍රදේශ සැලකිල්ලට ගෙන සිතියම් ගත කිරීමක් සිදු කෙරුනා.

මෙම සමීක්ෂණයට අනුව 2010 වන විට ප්ලාස්ටික් බැහැර කිරීම වැඩි වශයෙන් ඇති රටවල් හඳුනා ගැනුනා. මෙහි උඩින්ම සිටින්නේ මධ්‍යම පන්තියේ වැටුප් ලබන රටවල් සහ මුහුදු වෙරල ආශ්‍රිතව සීග්‍ර ජනගහන වර්ධනයක් ඇති එහෙත් නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති රටවල් කිහිපයකි. මේ ලැයිස්තුව උඩින් ශ්‍රී ලංකාවද සිටීම කණගාටුදායක තත්වයක්.



ඔව්, චීනය පමණක් රාත්තල් බිලියන 5කට ආසන්න ප්ප්ලාස්ටික් ප්‍රමාණයක් 2010වන විට බැහැර කර තිබේ. නමුත් මෙහි ඇති බැරෑරුම් තත්ත්ව වන්නේ සීග්‍ර ජනගහන වර්ධන වේගයත් සමඟ අනුමාන කෙරෙන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාණයයි. මෙය පහත ප්‍රස්තාර සටහන ඇසුරෙන් බලාගන්න පුළුවන්.


මේ තත්වය මගහරවාගෙන සුන්දර පරිසරයක් ඒවගේම අනාගත පරපුරට සුන්දර ලෝකයක් ගොඩනැගීම අප සැමගේම වගකීමක් සහ යුතුකමක්. ඒවගේම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය තවතවත් රටතුල ව්‍යාප්ත කිරීමෙන්ද මේ තත්වය යම්තාක් දුරකට මගහරවා ගන්න පුළුවන් වෙයි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-