Ads 468x60px

home

Saturday 25 July 2015

1013.Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Image result for Singlish Type

ඔයාලා දන්නවා ඇති මේ වෙන විට සිංහල භාෂාව ටයිප් කරන්න පුලුවන් Tools සැහෙන ප්‍රමාණයක් තියනවා. යුනිකෝඩ් එසැණින් පරිවර්තකය (Real Time Unicode Converter), Online Sinhala Unicode Keyboard, Singreesi Unicode, Google Transliteration (දැන් Google Input Tool), පැන්සල... කියන්නේ ඔය අතරින් වැඩියෙන්ම භාවිතා වෙන ටූල් ටිකක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා මේ අතරින් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් Singreesi Unicode කියන පොඩි සොෆ්ට්වෙයාර් එක ගැන.

» අනිත් Tools අතරින් Singreesi Unicode එක වෙනස් වෙන්නේ කොහොමද?


 කලින් සදහන් කරපු අනිත් tools සහ මේ Singreesi Unicode එක අතර ඇති ලොකුම වෙනස්කම තමයි, Internet නැති අයට වුනත් මේ සිංග්‍රීසි මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන් වීම. ඒ වගේම මේ මෘදුකාංගයේ අතුරු මුහුණත ඉතාම සරල පෙනුමක් ගන්නවා.

» මෘදුකාංගය භාවිතා කිරීමට පෙර දැනගෙන සිටිය යුතු කරුණු


✶ මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පෙර Sinhala/Tamil Unicode KIT එක install කරගන්න කියලා මම මුලින්ම ඔයාලට කියන්න කැමතියි.

✶ ඊලගට ඔයාලා Windows XP භාවිතා කරනවනම් .NET Framework 2.0 හෝ අලුතෙන්ම පැමිණි සංස්කරණයක් (version එකක්) ස්ථාපිත (install) කරගන්න ඕනේ. මේක ඔයාලට Microsoft ලගේ ප්‍රධාන වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්.


✶ දැන් ඔයාලට මේ මෘදුකාංගය කිසිම දෝශයකින් තොරව භාවිතා කරන්න පුලුවන්. (මේක පොඩි ටූල් එකක් නිසා install කරන්න දෙයක් නෑ. නිකම්ම portable වගේ පාවිච්චි කරන්නයි තියෙන්නේ.)

පහල රූපයෙන් දැක්වෙන්නේ මේ මෘදුකාංගයේ අතුරු මුහුණතයි.


මෘදුකාංගය මෙතනින් ලබාගන්න.



දැන් උඩින් ලබාගත්ත Zip file එක right click කරලා Extract කරගන්න. එතකොට Singreesi_1_8 කියලා folder එකක් අලුතෙන් ඔයාලට දැකගන්න පුලුවන්. ඒ folder එක ඇතුලේ තියන Singreesi_1_8.exe කියන file එක දෙපාරක් ක්ලික් කරලා open කරගන්න.

» මෘදුකාංගය භාවිතයෙන් නිවැරදිව සිංහල අකුරු Type කරන හැටි


මේ මෘදුකාංගය විවෘත කරගත්තට පස්සේ File → Open (Ctrl+O) මගින්, කලින් Extract කරගත් Singreesi_1_8 කියන folder එක ඇතුලේ තියන Song1, Song2, Song3, Song4... කියන text file ටික open කරගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය දැනීමක් ලබාගන්න පුලුවන් මේ මෘදුකාංගයෙන් කොහොමද සිංහල අකුරු type කරන්නේ කියලා. සරලව කියනවනම් අපි SMS ගහනවා වගේ තමයි ටයිප් කරන්න තියෙන්නේ. නමුත් සමහර අකුරු තියනවා වෙනස් විදිහට ටයිප් කරන්න වෙන. ඒ ගැන ඔයාලට කලින් සදහන් කරපු folder එකේම තියන Singreesi_1_8_Help කියන pdf file එක කියවලා තේරුම් ගන්න පුලුවන්.


NOTE: PDF file කියවන්න Adobe Reader වැනි pdf file reader එකක් අවශ්‍ය වෙනවා.

මෘදුකාංගය ලබාගැනිමට විවෘත වන පිටුවේ තප්පර පහකට පසු දකුනුපස ඉහල අති skip button  එක click කරන්න​.






- -
 
-