Ads 468x60px

home

Showing posts with label අනම් මනං. Show all posts
Showing posts with label අනම් මනං. Show all posts

Friday 20 March 2015

920.බිහිරි පුද්ගලයන්ට තමන්ගේ දිවෙන් විවිධ ශබ්ද ඇසිය හැකි ආකාරයේ උපකරණයක්

බිහිරි පුද්ගලයන්ට තමන්ගේ දිවෙන් විවිධ ශබ්ද ඇසිය හැකි ආකාරයේ උපකරණයක්

Image result for Tongue Mapping Research at Colorado State University

කොලරාඩෝ සරසවියේ පර්යේෂකයන් පිරිසක් මිනිස් දිවවල් ඇසුරෙන් මේ දින වල පර්යේෂණ කටයුතු වල යෙදී සිටින්නේ ඔවුන් දැනට නිර්මාණය කරමින් පවතින උපකරණයෙන් මිනිස් දිවට විවිධ ශබ්ද හඳුනාගත හැකි ආකාරය පුහුණු කිරීම පිළිබඳවයි. මෙමගින් බිහිරි පුද්ගලයන් හට නව ප්‍රතිකර්ම ලබා දීමේ ක්‍රම බිහිවේ. වර්තමානයේ බිහිරි පුද්ගලයන් සඳහා වන එකම විසඳුම කර්ණ ශංඛය (cochlea) බද්ද කිරීම පමණයි. මෙවැනි උපකරණ මිලෙන් $100,000(රුපියල් 10,000,000+) ක් තරම් අධික වන අතරම ශල්‍යකර්මයකටද භාජනය වීමට සිදු වේ.

මේ සෑම දෙකටම විසඳුමක් ඉදිරිපත් කිරීමට කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ උත්සාහයයි. මෙමගින්ද වර්තමානයේ පවතින ශල්‍යකර්මයට සමාන විසඳුමක් ලබා ගත හැකි බව ඔවුන්ගේ මතයයි. ඇසීම යථාතත්වයට පත් නොකෙරුනද, මොවුන්ගේ මෙම උපකරණය මගින් ශබ්ද තරංග , විවිධ රටා වල කම්පන තරංග වලට හරවා ඒවා දිවට දැනීමට සලස්වනවා. එමගින් ඔවුනට යම්කිසි ශබ්දයක් හෝ වචනයක් හදුනාගැනීමට ඉඩ සැලසෙනවා. මෙම උපකරණය Bluetooth සහිත කන් ඇබයකට සම්බන්ධ කර ඇති අතර එමගින් විවිධ ශබ්ධ තරංග ප්‍රොසෙසරයක් වෙත යවා යම් කිසි වචනයකට අදාළ කම්පන තරඟයක් නිපදවෙනවා. මෙම තරංගය අපේ කටේ සවිකර ඇති උපකරණ කොටසට සම්ප්‍රේෂණය වනවා. එම උපකරණය භාවිත කරන පුද්ගලයාගේ දිව මෙම උපකරණය තෙරපන විට කුඩා ඉලෙක්ට්‍රෝඩ මගින් විවිධ රටා වල සංඥා දිවට දැනෙන අතර එමගින් දිවේ ඇති ස්නායු උද්දීපනය වී මොලය වෙත සංඥා රැගෙන යාමක් සිද්ධ කරයි.

මෙම ක්‍රමයට එක වරම හුරුවීම තරමක් අපහසු නමුත් මාස කිහිපයක් ඇතුලත මෙම ක්‍රමයට දිව හා මොළය හැඩගැසුණු පසු මේ ක්‍රමය ශ්‍රව්‍යාබාධිතයන්ට ඉතා හොඳ විසඳුමක් වන බවට අපේක්ෂා කෙරේ.

මෙම නව ක්‍රමය ලාබදායි ක්‍රමයක් වන නිසා බොහෝ දෙනෙකුට මෙමගින් සෙත සැලසෙනු ඇත.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 14 March 2015

914.ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්

Image result for maths

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.





මෙම මෘදුකාංගය සිංහල භසින් ඇතිනිසා ඉතා පහසුවෙන් ඔබගේ දක්ශතාව මැනගන්න පුලුවන්.මෙය ශ්‍රිලාංකික නිර්මානයක් වන අතර මෙහි නිර්මාතෘ වරයා වන්නේ පසන් රජිත මහතාය එහෙනම් පහලින් අරගෙනම් බලන්න​.


Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

913.අගුලුලැමක් කල පසු යතුර නැති උනානම් අරින්නෙ මෙහෙමයි

අගුලුලැමක් කල පසු යතුර නැති උනානම් අරින්නෙ මෙහෙමයි
Image result for Losing Your Keys? Use This!

ඔයාගේ ගෙදර හෝ වෙනත් තැනක යම් අගුලුලැමක් කල පසු යම් හෙය කින් ඔබට  එය විවෘත කර ගත නොහැකි උනොත් පහත් ක්‍රමය අත්හාදාබලන්න​








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


  - -
මෙතනින් යන්න​

Wednesday 11 March 2015

909.අපේ ඇඟ කොච්චර වටිනවා ද ?

අපේ ඇඟ කොච්චර වටිනවා ද ?


ඔයා කොච්චර වටිනවා ඇති කියල ඔයාට හිතෙනව ද ?
මටනං හිතෙන්නේ අපිව කාටවත් මිල කරන්න බෑ කියල. බලන්න අපේ අම්මලට තාත්තලට අපිව කොච්චර වටිනවද කියල.

අපිව මිල කරන්න ඇත්තටම බැරි වුනාට මිනිස් ශරීරය සහ එහි විවිධ කොටස් වලට යම් කිසි මිලක් නියම කරන්න පුළුවන්. මේ සඳහා අපිට අපේ ඇඟ වෙළඳ භාණ්ඩයක් ලෙස සලකන්න සිද්ධවෙනවා. හුවමාරු කරන්න පුළුවන් , නැත්තන් අලෙවි කරන්න පුළුවන් භාණ්ඩයක් ලෙස සලකන්න වෙනවා.

සාමාන්‍යයෙන් සැලකුවාම අපිට එදිනෙදා ජීවිතයේ කරන රැකියාව සහ වෙනත් කටයුතු මත මිලක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් වසරකට £25,000(රුපියල් 5,117,200) උපයන පුද්ගලයෙක් වසර 30ක් මුදල් ඉපැයීමේ නිරත වුනොත් ඔහුගේ හෝ ඇයගේ වටිනාකම £750,000(රුපියල් 153,515,100) ලෙස සලකන්න පුළුවන්. කෙසේ නමුත් මිනිස් සිරුර රන්, රිදී, මුතු, මැණික්, එහෙමත් නැත්තම් කෝපි ,පිටි, සහල් වැනි වෙළඳ භාණ්ඩ හා සැසඳීමේදී වෙනස්ම කෝණයකින් මිනිස් සිරුර සඳහා වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.

අපේ ඇඟේ එක එක කොටස් සලකා බලමු.



මුලින්ම බලමු අපේ ඇසේ කනීනිකාව (cornea) දෙස. ඔබ විශ්වාස කරනවාද අපේ ඇසේ කනීනිකා දෙක £15,000(රුපියල් 3,074,000) වටිනා බව?

අපේ ඇට සැකිල්ල? වටිනාකම £5,000(රුපියල් 1,024,600 ) ක් .
අපේ පෙනහළු දෙක £206,000(රුපියල් 42,225,500) වටිනවා කිව්වම නම් මගේ හුස්මත් ටිකක් හිර වුනා වගේ.
අපේ හෘදයවස්තුවට තියෙන්නේ ඉතා ඉහල වටිනාකමක් , £425,000(රුපියල් 87,115,800) ක් ! දැන් ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනේ වෙනත් කෙනෙකුගේ හදවතක් ලබාගන්න එක ගොඩක් අමාරු වෙන්නේ ඇයි කියල.
වකුගඩු අලෙවි කරන එක ගැන අහල තියනවනේ. වකුගඩුවක මිල £105,000(රුපියල් 21,522,700) ක්.
අපේ අක්මාව ගැන ඊළඟට බලමු. අක්මාවේ වටිනාකම £104,000(රුපියල් 21,317,000)ක්.
අපේ ඇඟේ අස්ථි සහ විලම්බක (bones and ligaments) වල වටිනාකම £3,600(රුපියල් 737,900). වැඩුණු පුද්ගලයෙක්ගේ අස්ථි 206ක් තියන හින්දා කෑලි කෑලි විකුණන්න බැරිවෙයිද දන්නේ නෑ.
රුධිරය සහ සම ගැන කතාකරද්දී වර්ග අඟල් 3168ක් පමණ සම තියනවා. ඒ වගේම ලේ පයින්ට් 10කුත් තියනවා. පයින්ට් එකක වටිනාකම £225 හින්දා මුළු වටිනාකම £2250(රුපියල් 461,200)ක් වගේ වෙනවා. වර්ග අඟලකට වටිනාකම £6 ගානේ මුළු සමටම £19,008(රුපියල් 3,896,100).

ඊළඟට අපි බලමු ප්‍රදර්ශක භාණ්ඩ විදියට අපේ ඇඟේ කොටස් විකිණෙන ගණන්.


මිනිසකුගේ ඔලුවෙන් කොටසක වටිනාකම $1,500(රුපියල් 199,700)ක්. ඒවගේම මුළු ඇගෙන් සිරස් කැපුමකදී වටිනාකම £15,000(රුපියල් 3,073,800)ක්. දුම් පානය කරපු පුද්ගලයෙක්ගේ පෙනහළු දෙකක් $3,600(රුපියල් 479,300) වටිනවා කියල කියන්නේ. එහෙනං බීපු නැති එක්කෙනෙක්ගේ කොච්චර වටිනවා ඇද්ද?
අපේ අතෙන් එක කොටසක වටිනාකම $185(රුපියල් 24,600)ක්.

ඒවගේම අපේ ඇඟේ ඉතා සුළු වශයෙන් අඩංගු වන රත්‍රන් , ප්ලැටිනම්, සහ තඹ වල වටිනාකම රූප සටහනෙන් බලාගන්න පුළුවන්.


අපේ ඇඟේ ක්‍රියාකාරිත්වය සැලකුවොත් විශාල ක්‍රියාකාරකම් රාශියක් සිදුවෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපේ ඇඟෙන් නිෂ්පාදනය වන විද්‍යුත් ශක්තියෙන් වොට් 100ක විදුලි බුබුලක් පය 24ක් දල්වල තියන්න පුළුවන්. වසරකට වැය වන £123(රුපියල් 25,200) මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙක් දවසකට පියවර 3500ක් පමණ තබනවා. වසරකට ඇවිදින දුර එහෙම බැලුවොත් දල වශයෙන් හැතැප්ම 639ක්. කාර් එකකින් ගියොත් වැයවන මුදල £287.55(රුපියල් 58,900).



අපේ මොලය ගොඩක් දුරට පරිගණකයක් වගේ වැඩ කරනවා. නමුත් පරිගණකයේ මතකයේ මෙන් දිගටම මතක හිටින්නේ නැති ප්‍රශ්න තියෙන එක සාමාන්‍ය දෙයක්. අපේ මොලයට ගබඩා කරගන්න පුළුවන් දත්ත ප්‍රමාණය ටෙරා බයිට් 100ක්. ඒකට HardDisk ගත්තොත් එහෙම £2,500(රුපියල් 511,700) පමණ මුදලක් වැයවෙනවා.



අපේ හදවතටත් මෙවැනිම වටිනාකමක් තියනවා. එකෙන් දිනකට පොම්ප කරන ලේ ප්‍රමාණය ගැලුම් 2000ක් විතර වෙනවා. ජල තටාකයක තියන පොම්පයක් එහෙම වැඩ කරොත් වසරකට ඒ සඳහා වන වියදම £85(රුපියල් 17,400).
දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 4 March 2015

901.අන්තර්ජාලයෙන් විනාඩියක්

අන්තර්ජාලයෙන් විනාඩියක්


අන්තර්ජාලය තුල දෛනිකව හුවමාරුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය අතිමහත් ය. ඒ අතුරින් විනාඩියක් තුල අන්තර්ජාලය හරහා සිදුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දක්වා ඇත.


මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ හුවමාරුවන දත්ත ප්‍රමාණය ගණනින් 1,572,877GB වේ.


වෙළද දැන්වීම් මිලියන 10ක් ප්‍රචාරය වේ. ට්විටර් වෙබ් අඩවිය හරහා විනාඩියකට ට්විටර් පණිවුඩ  347,222 ක් මුදාහැරේ.

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරෙන වෝල් පෝස්ට් ප්‍රමාණය මිලියන 3.3ක් වන අතර හුවමාරුවන  පුද්ගලික පණිවුඩ ප්‍රමාණය මිලියන 6.9 කි.


අන්තර්ජාලය හරහා හුවමාරුවන දත්ත තොරතුරු අතරින් හරි අඩක් යූටියුබ් සහ නෙට්ෆ්ලික්ස් හරහා හුවමාරුවන දත්ත වේ. (නෙට්ෆ්ලික්ස් යනු රූපවාහිනි වැඩසටහන් නැරඹිම සඳහාම වෙන්වූ වෙබ් අඩවියකි. දැනට මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

චීන සම්භවයක් සහිත ඔන්ලයින් බිස්නස් වෙබ් අඩවියෙ වැඩකරන දිනක දී විනාඩියක් තුල වෙළඳ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 400 කි.

අන්තර්ජාලයේ විශ්වකෝෂ ලෙස පිළිගැනෙන විකිපිඩියා හි විනාඩියක් තුල පරිශීලනය වන වෙබ් පිටු ගණන 438,801 කි.

විනාඩියට හුවමාරු වන කෙටි පණිවුඩ (SMS) ප්‍රමාණය මිලියන 34.7 කි.

වීචැට් (weChat) හරහා හුවමාරු වන පණිවුඩ ප්‍රමාණය මිලියන 10 කි.

ජංගම දුරකථන සදහා බාගත කර ස්ථාපනය කරනු ලබන ඇප්ස් ගණන 194,064 කි.

අන්තර්ජාල වෙළඳාම හරහා ඇමසන් වෙබ් අඩවිය විනාඩියකදී සිදුකරන ගනුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 133,436 කි

පැන්ඩෝරා වෙබ් අඩවිය හරහා විනාඩියක් තුල ධාවනය වන සංගීත කණ්ඩ ප්‍රමාණ තනි පුද්ගලයකු ශ්‍රවනය කරන්නේ නම් ඒ සඳහා පැය 31,773 ගතවේ.

ඉන්ස්ටග්‍රැම් සමාජ වෙබ් අඩවියට අලුතින් එකතුවන ජායාරූප ගණන 38,194 කි.

පින්ටරෙස්ට් (Pinterest) වෙබ් අඩවියේ වෙබ් පිටු 57,870 ක් විනාඩියක දී පරිශීලනයට ලක්වේ


ගුගල් වෙබ් අඩවිය හරහා මිනිත්තුවකට මිලියන 4.1 සෙවුම් ප්‍රමාණයක් සිදු කරනු ලබයි.

විනාඩිය ට යූටියුබ් වෙබ් අඩවියට අලුතින් එක්වන විඩියෝ ප්‍රමාණය නැරඹීමට පැය 100ක් ගත කළ යුතු අතර  පැය 138,889 කට අදාල විඩියෝ ප්‍රමාණයක් විනාඩ්යක් තුල නරඹනු ලබයි.

නෙට්ෆ්ලික් වෙබ් අඩවියේ විනාඩියට නරඹන විඩියෝ ප්‍රමාණය එක් පුද්ගලයකුට නැරඹිට පැය 23,148 ක් ගත වේ. 








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Sunday 1 March 2015

897.ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?


ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද​?

Image result for Hack Your Brain
තරුන අය ජිම් එකකට ගිහින් ඇග හදාගන්න දැන් ගොඩක් දෙනෙක් පුරුදුවේලා තියෙන්නේ ඒක හොද දෙයක් ,ඒ වගේම අපේ වැදගත්ම ඉඳ්‍රිය හදාගන්න ජිම් ගිහින් බැ ඒ කියන්නේ මොලය​..නමුත් අපිට exercise කරල මොලය වර්දනය කරගන්න පුලුවන්.

මේ සදහා භාවිතාකල හැකි විවිද ක්‍රියාකාරකම් අද දකින්න් පුලුවන්.මේ අතරින් ප්‍රදාන තැනක් ගන්නmemory games ගැන අද කථා කරන්න හිතුවේ. 
මෙම memory games play කිරිම මගින් ඔබගේ
  • මතකය වර්ධනය කරගන්න පුලුවන්
  • මොලයේ ක්‍රියාකරිත්වය වැඩි කරගන්න් පුලුවන්
  • තර්ක කිරිමේ හැකියාව​
  • තේරුම් ගැනිමේ හැකියාව 
  • යමක් ග්‍රහනය කරගැනිම වැනි ආදි බොහොමයක් හැකියාවන් වර්දනය කරගැනිමට පුලුවන්.


මෙමෙ memory games play කිරිම ආරම්භයේදි ඔබගේ තත්වයත් එය දිගින් දිගටම playමගින් ඔබගේ ඇතිවන වෙනසත් ඔබටම අත් විදින්න පුලුවන්...

පහලින් ඒ වගේ ලොකයේ ජනප්‍රිය memory games  කිහිපයක් ලබාදිලා තියනවා උත්සාහ කරල බලන්න​..

Image result for go button gif



Image result for go button gif



Image result for go button gif



Image result for go button gif



Image result for go button gif

තව ඕනනම් මෙතනින් ගිහින් බලන්න​



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Saturday 21 February 2015

885.පෝන් එකට මේ මොකද්ද කලේ


පෝන් එකට මේ මොකද්ද කලේ

Image result for funny mobile phone

ලෝකයේ ජංගම දුරකථන​ භාවිතය ඉතා සිග්‍රයෙන් ඉහල ගිහින් තියෙන්නේ.මේ නිසා මේවා බාවිතා කරලා අලුත් අලුත් දේව ලෝකෙට දවසින් දවස එකතුවෙනවා.බලන්නකෝ මේ ජංගම දුරකථන​ කවර කොහොමද කියලා..



1.ඔබ මැසේජ් ටයිප් කරන කරන විට කප් එක අල්ලගන්නේ කවුද​?



2.ගැහැනු නාන එවා අපිට මොකටද​?

3.කාගෙද මේ?

4.හොරකන් කරනව බොරු ඉතින්

5.කොහේද ඇගිල්ල ගැහුවේ

6.1980 ගන්න්වල පොන් එකක්.

7.අතින්ම අල්ලගන්න​

8.විවාහවුනේ ලගදිනේ


9.ඇයි අවුල්ද​?

10.ඕකනේ ඉතින්.


11.මේවා මතකද​?

12.බයවෙන්න දෙයක් නැ

13.මගේ කන තමයි

14.චාර්ජ් කරගන්නත් පුලුවන්

15.පොලිස්සියෙන් අල්ලයිද​?



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Friday 20 February 2015

883.ලොව ලොකුම ලොතරැයි දිනුම්

ලොව ලොකුම ලොතරැයි දිනුම්

Image result for lottery

ලොතරැයි දිනුම් කවුරුත් දන්නා පරිදි ලොවට එක් රැයකින් මහා ධනස්පතියන් බිහිකරනු ලබන ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් කීවිට කොටසක් මීට අකැමැති වනු ඇත. මෙහි යම් සූදුවක ස්වභාවයක් සහ සම්පූර්යෙන්ම වාසනාව මත රැදුන ස්වභාවයක්ද දැක ගත හැකිය. ඔබ ලොව ලොකුම ලොතරැයි දිනුම් ගැන දන්නවාද? ඒ ගැන අපි අද දැන ගනිමු.

ලොව ලොකුම ලොතරැයි ජයග්‍රහණ ලෙසින් සැලකෙන්නේ ස්පාඤ්ඤයෙහි Spanish Christmas Lottery නම් ලොතරැයියයි. 2012 වර්ෂයේදී මෙම ලොතරැයිය මගින් ලොව විශාලතම ත්‍යාග මුදල ලබාදීමට සමත් වුනා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් විදියට මිලියන 941.8 ලංකාවේ මුදලින් රැපියල් කෝටි 12431.76ක්. ලේසි පහසු මුදලක් නෙවේ. ෆෝබ්ස් සගරාව පැවසූ විදියට ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ වත්කම රුපියල් කොටි 800 යි. මේ ජය ග්‍රාහකයා ලංකාවේ ලොකුම සල්ලිකාරය‍ා මෙන් 15 ගුණයක් පමණ විශාලයි. මෙම ජයග්‍රහණය ලැබුණු ලොතරැයි දිනුම අවස්ථවේදී අනෙකුත් එම ලොතරැයියේ ත්‍යාග සමග එක්කල විට එක් දිනුම් වාරයකදී මෙතෙක් ලබාදුන් ඉහලම ත්‍යාග මුදලත් වාර්ථා වනවා. එම මුදල ඩොලර් බිලියන 3.297 ක්. රුපියල් වලින් බිලියන 435.234 ක් වගේ සුවිශාල මුදලක්.

ඇමරිකාවේ ලොකුම ලොතරැයි ජයග්‍රහණය ඩොලර් මිලියන 656 ක ත්‍යාග මුදලක්. 2012 මාර්තුවේ පැවති මෙම ත්‍යාගය ජයග්‍රාහකයන් තිදෙනකුගේ ටිකට්පත්වල සටහන්වී තිබුනා. දෙවැන්න 2013 දෙසැම්බර් වල මිලියන 648 ක්වූ අතර එයටත් ජයග්‍රාහකයන් දෙදෙනකු බිහිවුනා. තෙවැන්න මිලියන 595.5 මුදලක්. ඒත් 2013 වර්ෂයේදීයි.

හැබැයි මේ දිනුම් ලබපු අය ගැන වසර කීපයකින් කල සමීක්ෂණ වලින් හෙලිවෙලා තිබෙන්නේ මෙම මුදල් නිසි විදියට යොදාගෙන ඇත්තේ 1% කටත් අඩු ජයග්‍රාහකයන් පිරිසක් බවයි. මේ අයගේ 10% ක ගේ පමණ ජීවිතත් නැතිවෙලා තිබෙනවා. බහුතරයකගේ ජීවිත විනාශයට පත්ව තිබෙනවා. මේ විනාශවුන ජීවිත ගැන බැලුවම ලොතරැයියක් කියන්නේ වාසනාවක්ද අවාසනාවක්ද කියලත් හිතෙනවා. 

මේ අතර ඉන්ටනෙට් එකෙන්  ඩොලර් මිලියන 30 40 ඇදිලා කියල එන ඊමේලුත්  ඔබට අලුත් දෙයක් වන්නේ නැතිවන්න පුලුවන් . කොහොම හරි මේ ඊමේල් ලොතරැයි නම් බොරුවක් බව මතක තියා ගන්න. ඒවාට අහුවෙන්න එපා 

පහලින් තියෙන්නේ මේ විදියට එක් අයකුට ලොතරැයයි දිනුමක් ඇදී ඇති බවට කල විහිළුවක් පිලිබදවයි. මෙයත් ඔබට අපූරු පාඩමක් වේවි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Friday 13 February 2015

872.මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ

මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ



ශාන්ත වැලන්ටයින් පියතුමාට ගල් ගහල මැරුවෙ ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා විසින්.
ක්ලෝඩියස්ට ඕන වුනේ ගොඩාක් ඉන්න බලවත්, කාටවත් යටත් වෙන්නෙ නැති ජවසම්පන්න හමුදාවක්.ක්ලෝඩියස් හිතුවෙ තමන්ගෙ හමුදාව ගැන විතරයි.
කොල්ලො,කෙල්ලො කසාද බැන්දොත් තමන්ට ඕන විදිහට හමුදාවක් ගොඩ නගා ගන්න බැරිවෙයි කියලා.
ඉතින් හැමදාම සිද්ධ වෙනවා වගේ මේ මේ අසරණ කොල්ලොන්ව බලෙන් අමුදාවට බන්ද ගන්න ක්ලෝඩියස් කටයුතු කළා.
අයුක්තියට අසාධාරණයට නැගී සිටින්න  කොන්ද පණ තියෙන එක මනුස්සයෙක් හරි එදත් හිටියා.


ඔහු තමයි,”ශාන්ත වැලන්ටයින් මුනිතුමා. එතුමා මේ සිද්ධියට එරෙහිව නැගී සිටියා.තරුණ තරුණයින් වෙනුවෙන් තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කටයුතු කළා.

පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම ශාන්ත වැලන්ටයින් පියතුමාගේ තවත් එක් වගකීමක් වුණා.ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පියතුමා කොල්ලො කෙල්ලොන්ව රහසින් විවාහ කළා.

Image result for valentine
ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි.
ක්ලෝඩියස් වැලන්ටයින් පියතුමාව හිරේ දැම්මා.
ආගමික විශ්වාස අතහැර දාන්න බල කරලා, තමන්ට විරුද්ධව මේ කරගෙන යන වැඩේ නතර කරන්න කියලා කිව්වා. 
ඒත් එතුමා නොසැලී දෙවියන්වහන්සේ තුළ විශ්වාසයෙන් සිටියා.
තමන් වෙනුවෙන් පෙනි හිටපු මේ වීරයා වෙනුවෙන් කොල්ලො කෙල්ලො හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කළා.
වැලන්ටයින් පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත් උනා.
ශු.වැලන්ටයින් පියතුමාව ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න උත්සාහ කළා.
ඒත් ඒකත් අසාර්ථක වුනාම පොලු මුගුරුවලින් පහර දීලා වැලන්ටයින් පියතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා.ඒක හරි ගියෙත් නෑ. අදත් මෙහෙම වැඩ කරන ක්ලෝඩියස්ලා ඉන්නවා.
අන්තිමේදී මරා දමන්න අණ කළා. ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පියතුමා ඝාතනය කෙරුණා. ගල් පොලු මුගුරුවලින් පහර දීලා මරල දැම්මා.
අන්තිමට හිසත් කඳින් වෙන් කළා.

ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව. 496දී ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව ආදරවන්තයන්ගේ සාන්තුවරයා වශයෙන් නම් කරලා තියෙනවා.

සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා. 


ඉතින් පෙම්වතුන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පවා පරිත්‍යාග කරපු ශුද්ධවූ වැලන්ටයින් මුනිතුමාව සිහිකරන දිනේ තමයි පෙබරවාරි 14 වෙනිදා.ඒ කියන්නේ අද දවස.



ඒත් අද අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක එක් කෙනාගේ දුෂණයට ලක් වෙච්ච “ආදරය” නමින් වූ කුණු ගොඩක් විතරයි.
ඊට අමතරව,සැබෑ ආදරය වෙනුවෙන් කළ හැකිදේ කව් රුත් කරන්නෙ නැතුව ඉතිරි වෙලා තියෙනවා.
වර්තමානයේ ඇත්තටම ආදරය අහිමි කරපු පිරිසක් අපි.
දෙමව්පියන් මේ දේ දකින්නෙ එක විදිහකට,
තරුණ කොල්ලො,කෙල්ලො මේ දේ දකින්නෙ තවත් විදිහකට,
සමහර මාධ්‍ය මේ දේ දකින්නේ තවත් එක් මාකට් කරන්න පුලුවන් දෙයක් කියලා විතරයි.
මේ සේරම අරගල මැද්දේ අපි දැන ගන්න ඕනේ අපිට ආදරය කිරීමේ අයිතියක් තියෙනවා.
ඒ අයිතිය අපි ලබා ගන්න ඕනේ කියලා..

2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා නිකුත් කරපු කාසියක්.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-