Ads 468x60px

home

Showing posts with label අනම් මනං. Show all posts
Showing posts with label අනම් මනං. Show all posts

Thursday 14 May 2015

970.හැංගුන ගොනු වැටලීම

හැංගුන ගොනු වැටලීම



අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි  සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව න්න බැරුව යනවනෙ!
… ඔය කියපු කාරනේ  ඔයටත් වෙලා අති....
මෙ තියෙන්නෙ එකට පහසුම විසදුම​

Notepad Open කරන්න
 මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
@echo off
title Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo       Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo          Done! For Exit Press any key
pause > NUL

දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
…දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Monday 11 May 2015

967. සුපිරිම දෘෂ්ටි මායා ටිකක්

 සුපිරිම දෘෂ්ටි මායා ටිකක්





ඔන්‍න‍ අද ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ගෙනාව.ඇස් දෙක රවට්ටන්න තමයි  යන්නෙ.පහළින් කියල තියෙන විදිහට කරන්න. 

මේ පින්තුරෙ නහය මැද තියෙන තිත් තුන දිහා තත්පර 10ක් 15ක් විතර ඇස් පිල්ලන් ගහන් නැතුව බලාගෙන ඉන්න.
ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ඉක්මනට බිත්තියක් දිහා බලාගෙන එක දිගට ඇස් පිල්ලන් ගහන්න. 
එතකොට මේ රූපෙ පාට වෙලා බිත්තියේ පේනව.එක පාරක් හරි ගියේ නැත්තන් දෙතුන් පාරක් කරන්න.අනිව හරි යනව.



පහල පින්තුරෙටත් ඒ විදිහටම කරන්න.



පහල තියෙන ලයිට් එක දිහා බලාගෙන ඉදල ඒ විදිහටම කලාම ලයිට් එක පත්තු වෙනව.
Light Bulb


පහල පින්තුරෙන් ජේසුස් වහන්සේව පේනව.



පහල එකෙන් චේ ගුවේරා පේනව.



මේකටත් ඒ දේම කලාම ඇමෙරිකාවෙ කොඩිය පාට වෙලා පේනව.



පහල රූපෙ තියෙන වචන දෙක මොනාද කියල හොයන්න පුලුවන්ද?
පොඩ්ඩක් ඇගිලි දෙකකින් ඇස් දෙක දෙපැත්තට ඇදල බලන්න.



පහළ එකේ ඔයාට අක්ලු පාට තිත් පේනවද ?ඒකෙ එක කළු තිතක්වත් නෑ.



පහල animation එකේ රතු තිත දිහා බලාගෙන ඉන්න.ටිකකින් රූපෙ පාට නැති වෙලා යනවා.එත් අපිට පාට  පේනව.



ඊළඟ රූපෙ +ලකුණ දිහා බලාගෙන ඉන්න.රෝස පාට තිත් කොලපාටට පෙනේවි


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Wednesday 6 May 2015

963.windows8 වලට පට්ටම gadgets ටිකක් මෙන්න

windows8 වලට පට්ටම gadgets ටිකක් මෙන්න


Image result for windows8  gadgets

ඔන්න තවත් windows 8 වලට ලස්සන gadgets ටිකක්.බාගෙනම බලන්නකෝ.




මෙතනින් අරගන්න​
Image result for download gif



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 4 May 2015

962.ලස්සන Wallpaper ගන්න පුලුවන් තැනක්

ලස්සන Wallpaper ගන්න පුලුවන් තැනක්

Road, Forest, Tree


ඔන්න  ඔයාලට ගෙනාව පට්ට Wallpaper  බාගන්න පුලුවන් සයිට් එකක් . .  සුපිරි . . . ගිහිල්ලම බලන්න .


මෙතැනින් යන්න
Image result for go button


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Friday 24 April 2015

955.විශ්මිත විශ්මජනක ලෝක වාර්තා 12ක්!

විශ්මිත විශ්මජනක ලෝක වාර්තා 12ක්



12. එකවර වැඩිම පිරිසක් “HULA-HOOP” කීරීම.


තායිවානය විසින් තැබූ පරණ වාර්ථාව බිඳ දමමින් 2013 වසරේ පෙබරවාරි 12 වන දින තායිලන්තයේ බැංකොක් හි මිනිසුන් 4483ක් විනාඩි හැටක් එක දිගටි “hula-hoop“ කරමින් මෙම අලුත් වාර්තාව තැබීය.

11. අධික සීතල ඉවසීම.


2013වසරේ ජනවාරි 12ස් වන දින, විනාඩි 46කුත් තප්පර 7කුත් හිම තුල සිට, Jin Songhao නව ලෝක වාර්ථාවක් තැබුවා.

10. එක වර වාදනය වූ වයොලින් වැඩිම ගණන.


යුක්රේනයේ Oleksandr Bozhyk එකවර වයෝලින් හතරක් වාදනය කරමින් 2012වසරේ දෙසැම්බර් 8වන දින නව ලෝක වාර්තාවක් තැබිය.

9. ලොව්ස් විශාලතම SANDWICH එක.


මෙක්සිකෝවේ පිරිසක් ලොව විශාලතම Sandwich එක, කිලෝග්‍රෑම් 3178 බර මෙය Bimbo සමාගම විසින් McCormick, Fud , Chalet හා Petalo Jumbo සමාගම් වල සහය ඇතුව 2014 වසරේ සාදා ඇත.

8. ලොකුව “LEGO” කුලුන


Lego සෙල්ලම් බඩු ගොඩ නගන කැබලි වලින් Oslo නගරයේහි සැදුදු මෙම කුලුන මීටර් 30.22 උසයි.2010 වසරේ තිබු වාර්තාව සෙන්ටිමීටර් 25 පරදවා ඇත.

7. ලොකුම ඔම්ලට් එක.


ලෝකේ දිගම සුරුට්ටුවේ වාර්තාවේ යන්නේ කියුබාවේ හවාන නගරයටයි. මෙන්න මේ සුරුට්ටුවේ දිග අඩි 268යි අගල් 4කි.මෙයට තිබු පරණ වාර්තාවට අයත් සුරුටුවේ දිග ආදි 148යි අඟල් 9ක්ලු.

5. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙ.


ඇමරිකාවේ චිකාගෝ වල හදපු මෙන්න මේ රබර් බොලේ බර කිලෝග්‍රෑම් 2084කී. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙට තිබුන පරණ වාර්තාව වන්නේ කිලෝග්‍රෑම් 1415කි.

4. බිත්තර සමබර කිරීම


ඇමරිකාවේ Brian Spotts එක වර බිත්තර 439 පොලවේ සමබරව තබා ඇත. ඇමරිකාවේ කොලරාඩෝ හි ජිවත් වන Brian මෙම වාර්තාව බිදීමට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.මෙයට තිබු පැරණි වාර්තාව බිත්තර 420කි.

3. ලොකුම සූට්කේස් එක


චිනේ තිබෙන ලෝකේ ලොකුම සුට්කේස් එකේ උස සෙන්ටිමීටර් 175 වන අතර මෙහි පළල 115 කි. චිනේ ගුවන්ඩෝන් පනගරයේ තිබු CHINESE EXPORT Commodities Fair හිදි මෙම සූට්කෙස් එක ගීනස් ලෝක වාර්තා පොතට එකතු වුනේ 2006 වසරේ ඔක්තෝබර් 6වෙනිදාය.

2. එක පාර ගහපු වැඩිම චෙස් ක්‍රීඩා ගණන.


චෙස්ස් ශුර Ehsan Ghaem-Maghami 2011 දි තරඟකරුවන් 604 දෙනෙක් සමග එකම වෙලාවේ චෙස් ක්‍රීඩා කර, එයින් 580ක් ජයත්,16 තීරණයක් නොමැතිවත්,8 පරාජයට පත්වී. ගිනස් වාර්තාවක් තබා ඇත.

1.ලෝකේ ලොකුම ලුඋනු ගෙඩිය


Grower Pete Glazebrook ට තමයි මෙන්නේ මේ ලොකු ලූනු ගෙඩිය අයිති වෙන්නේ. මෙන්න මේ ලූනු ගෙඩියේ බර කිලෝ 8.150 වෙනවා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday 12 April 2015

945.Windows 8 වලට ලස්සන Start Menu Menu ටිකක්...

Windows 8 වලට ලස්සන Start Menu Menu ටිකක්...

Image result for windows 8 start menu

 Windows 8 පාවිච්චි කරන අයට හොද වැදගත්,ප්‍රයෝජනවත් පෝස්ට් එකක්....හරි  අද Windows 8 ඕගොල්ලන්ට කියලා දෙන්නේ Windows 7එකට වගේ ලස්සන Start Menu 2ක් desktop එකට දාගන්න හැටි ...



Reviver star menu





Image result for download gif


Pokki Star menu

Image result for download gif

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.





- -
මෙතනින් යන්න​

Friday 10 April 2015

943.ස්වයං වින්දනයේ යෙදෙන ගමන් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරමු ද ?

ස්වයං වින්දනයේ යෙදෙන ගමන් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරමු ද ? 

Image result for The wearable tech that allows you to love the planet, by loving yourself

1947 වසරේදී Sigmund Freud (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්) මහතාගේ දක්ෂතම සිසුවෙකු වූ වෛද්‍ය Wilhelm Reich මහතා ඇමෙරිකානු රජය විසින් සිරගත කෙරුණේ ස්වයං වින්දනය තුලින් ශක්තිය උත්පාදනය කිරීමේ නව ක්‍රමයක් සම්බන්ධ පර්යේෂණ වල නිරත වීම නිසාවෙනි.


ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන PornHub වෙබ් අඩවිය පවසන්නේ පුරුෂයන් ස්වයං වින්දනයේ යෙදෙන ඔබ බොහෝ දෙනෙකු හොඳින් හඳුනන චලනය මගින් ඔබගේ ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ චාර්ජ් කල හැකි අත් පළඳනාවක් නිෂ්පාදනය කර ඇති බවයි.

ඔවුන් මෙම උපාංගය Wankband (වෑන්ක්බෑන්ඩ්) නමින් හඳුන්වයි. ඔරලෝසුවක් ආකාරයෙන් පැළඳිය හැකි ලෙස මෙය නිෂ්පාදනය කර තිබේ. පිරිමින්ට සතුටු වෙන අතරතුරම ලෝකය ගැන හිතන්නත් මෙමගින් අවස්තාව සැලසෙනවා.

මෙම උපාංගය ඇතුලෙ ඇති යම් කිසි බරක් ලිංගික චර්යාවේ යෙදෙන අවස්ථාවේ දී ඉහල පහල යෑමක් සිදු වේ. එම චලනයන් හේතුවෙන් ශක්තියක් උත්පාදනය වන අතර එය අනෙකුත් උපාංග චාර්ජ් කිරීමට යොදා ගත හැක. ඔබේ ජංගම දුරකථන USB කේබල් එක හරහා මෙම ඔරලෝසුවට සම්බන්ධ කල හැක.

එම වෙබ් අඩවියෙන් නිකුත් කල වීඩියෝව මෙතනින් නරඹන්න.



මොනවා කිව්වත් මේ උපකරණය සම්පුර්ණයෙන් චාර්ජ් වීමට කෙතරම් කාලයක් සතුටු විය යුතු දැයි ඔවුන් ප්‍රකාශ කරල නෑ. ඒ ගැන හිතද්දී හිතෙන්නේ ඒකට ගොඩක් වෙලා යයි කියල. ඒක හින්දා ඔබ භාවිතා කරන චාජරය දැන්ම විසිකරන්න හදන්න එපා !

ඔවුන් පවසන අනිත් කාරණය තමයි මේ උපකරණය භාවිතයෙන් කාන්තා පාර්ශවයටත් ශක්තිය ඉතිරි කරන්නත් දායක වෙන්න පුළුවන් කියන එක. මේ ගැන උනන්දුවක් තියන හැමෝටම මේ ලින්ක් එකට ගිහින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. මේක වැඩ කරන්නේ ඇත උඩට පල්ලෙහාට ගෙනියන එකෙන් නේ. ඒ කියන්නේ චලනය වෙන්නේ සිරස් තලයක. ඒක කාන්තාවන්ට අදාල වෙන්නේ කොහොමද කියල මේක මිලදී ගන්න කෙනෙක් ගෙන් දැනගන්න කැමතියි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
මෙතනින් යන්න​

Wednesday 8 April 2015

941.හදිසියට හොර Email එකක් හදමු

හදිසියට හොර Email එකක් හදමු



ඔන්න ඉතින්  අද කියල දෙන්නේ හොර email  එකක් හදාගන්න විදියක්.සමහර වෙලාවට ඔයාගේ වැඩවලට.net එකේ රවුම් ගහනකො​,net  එකේ හොරවැඩ කරනකො email ලිපිනයක් වුවමනා වෙන්න පුලුවන්නේ ඒත් හැම එකටම ඔයාගේ හරි mailඑක දෙන්න බැනේ අන්න එකට අපිට පුලුවන් මේවගේ හොර email එකක් ලබාගන්න​. හැබැයි මේක වැඩ කරන්නේ විනාඩ් 10 විතරයි.

මෙකේ කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා මෙතනින් යන්න..

මෙය වලංගුවන්නේ මිනිත්තු 10 කි.... මෙම ලිපිනයට යොමු වූ පසු වී ඇත්තේ ඔබට ලැබෙන තාවකාලික 
ඉමේල් ලිපිනයි... පහලින් ඇත්තේ ඔබට අදාල Inbox එකයි.. දැන් මෙතනින් යන්න​




මෙහිදී ලැබෙන කෙටුව තුල ලිපිනයක් ටයිප් කරන්න 
උදා-123@456  ලෙස

ඉන්පසු යන්න go මත click කරන්න 
දැන් ඔබට අදාල ඉමේල් ලිපිනය හා ලැබෙනු ඇත....  ලිපිනය රතු පාටින් දිස්වනු ඇත...  එම ලිපිනය copy කර පුයෝජනයට ගන්න..  .......




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Tuesday 31 March 2015

933.පාරිභෝගිකයාගේ හිත් ඇදගැනිමට කරපු දෙවල් බලන්නකො.


පාරිභෝගිකයාගේ හිත් ඇදගැනිමට කරපු දෙවල් බලන්නකො.



විවිධ වෙළඳ නාම කිහිපයක් යටතේ එන එකම නිෂ්පාදිතයක් තෝරා ගැනීමේදී  පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට සමත් එක් ප්‍රධාන කාරණයක් තමයි ඇසුරුම්කරණය කියන දේ. බලන්න මේ නිෂ්පාදකයින් ඇසුරුම්කරණය අතින් පාරිභෝගිකයින් ආකර්ෂණය කරගන්න කොයිතරම් මහන්සිවෙලා තියනවද කියල... 

මෙතන click  කරල බලන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Saturday 28 March 2015

930.ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි

ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි

Image result for led bulb

තම නිවසට අවශ්‍ය LED බල්බ ඇත්තටම අපටම සකසා ගන්න බැරිද? ඉලෙක්ට්‍රොණික විෂය නොදන්නා අයට මේක කරන්න බැරිද? මුලින්ම කියන්න ඕන දැන් LED බල්බ නිෂ්පාදනය ඉස්සර වගේ අමාරු නැති බව. විශාල LED ප්‍රමාණයක් පාස්සමින් දැන් කරදර විය යුතු නැහැ. LED බල්බයක් ඔබටම සකසා ගැනීමට ඔබට බවුත් එක භාවිතා කිරීමට දන්නවා නම් එය හොදටම ඇති.

ඔබට ඉතා අඩු මුදලට LED PLASTIC බල්බ සැකසිය හැක. සාමානයෙන් 3W පමණ ප්ලාස්ටික් LED බල්බයක් ඔබට රු 95 කට පමණ එහි උපාංග මිලට ගත හැක. මුලින්ම නිවසට අවශ්‍ය බල්බ ඔබම සකසා ගන්න. ඔබේ නිවසේ LED බල්බ සවිකර ඇති බව දකින අසල්වාසීනුත් ඔබගෙන් අසාවි එම බල්බ පිළිබඳව. එමගින් සැලකියයුතු ලෙස විදුලි බිල අඩුවන බව දකින විට ඔබේ බල්බ වලට විශාල ඉල්ලුමක් තියේවි. ඔබට තියෙන්නේ ලාබෙකුත් තියාගෙන ගෙදර ඉඳන් බල්බ නිෂ්පාදනය පටන් ගන්න එකයි. ඔබ 3W, 5W, 7W, 9W, 12W කුමන ප්ලාස්ටික් LED බල්බ හැදුවත් එය නිර්මාණය කර ගන්නා අන්දම බොහොම පහසුයි.රැකියවක් නොකර ගෙදර ඉන්න කෙනෙක් නම් මේවගේ දෙයක් කරල බලන්න හොද මුදලක් අතට ගන්න පුලුවන් 

පහල තියෙන්නේ  සිංහලෙන් කල වීඩියෝවක් . ඔබත් බලලා ඉගෙ ගන්න.
 වීඩියෝව ඉදිරිපත් කරන්නේ නාමල් මහතා..





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Thursday 26 March 2015

928.මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

මහ සයුරේ ඉතා විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් තියන බව දන්නවාද?

Image result for polluted ocean underwater
සාගර විද්‍යාඥයන්ට පවසන අන්දමට ප්ලාස්ටික් මගින් ඇති කෙරෙන සාගර දුෂණය විශාල ප්‍රශ්නයක්. මෙය කැපී පෙනෙන ස්ථානයක් වන්නේ Great Pacific Garbage Patch නම් පැසිෆික් සයුරේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වූ ප්‍රදේශයයි. මෙම ප්ලාස්ටික් එකතුවේ විශාලත්වය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල බවත් ඈත අහසේ සිට වුවත් දැකගත හැකි බවද පැවසෙයි. මෙම පරිසර දුෂණය නිසා ප්ලැන්ක්ටන් සිට තල්මසුන් දක්වාම දැඩි ජීවිත අවදානමක් ඇති කර තිබේ.


එහෙනං කොච්චර ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇත්තටම තියනවද ? නවතම සමීක්ෂණයකට අනුව එය එතරම් සුන්දර අගයක් නම් නෙමෙයි. 2010 වසර වන විට මෙට්‍රික් ටොන් මිලියන 4.8ත් 12.7ත් අතර ප්‍රමාණයක් සාගරය තුල පවතින බවට ගණන් බලා තිබේ. එහි මාධ්‍යන අගය සැලකුවොත් ගීසාහි දැවැන්ත පිරමිඩයේ බර මෙන් 1.3න් ගුණයක්.


මෙම ප්ලාස්ටික් ප්‍රමාණය මුහුද එන්නේ කොහෙන් ද? ඒ ගැන සොයාගැනීම තමයි මේ සමීක්ෂණයේ මුලික අරමුණ වුනේ. මේ ගැන සෙවීමට ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරු ජෙනා ජැම්බෙක් යටතේ මෙහෙයවුණු විද්‍යාඥයන් කණ්ඩාමක් කටයුතු කරා. මේ සඳහා ඔවුන් ලෝකයේ මුහුදු වෙරලක් සහිත රටවල් 192ක් සැලකිල්ලට ගත්තා. මේ එක් එක් රටවල් වලින් මුදා හැරෙන අපද්‍රව්‍ය පිළිබඳව සොයා බැලුව. මේ සඳහා ඔවුන් මුහුදු සීමාවේ සිට කිලෝමීටර 50ක් ඇතුලත ජීවත් වන ජනතාව සැලකිල්ලට ගෙන ඔවුන් බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය හා අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය සැලකිල්ලට ගත්තා.
ඉන්පසු ඔවුන් පියවර ගත්තේ මෙම අවිධිමත් ලෙස බැහැර කෙරෙන ප්ලාස්ටික් වලින් කොපමණ ප්‍රමානයක් මුහුදට මුසු වනවා ද යන්න පිළිබඳවයි. මේ සඳහා ගංගා හා මුහුදු බොකු ආශ්‍රිත ප්‍රදේශ සැලකිල්ලට ගෙන සිතියම් ගත කිරීමක් සිදු කෙරුනා.

මෙම සමීක්ෂණයට අනුව 2010 වන විට ප්ලාස්ටික් බැහැර කිරීම වැඩි වශයෙන් ඇති රටවල් හඳුනා ගැනුනා. මෙහි උඩින්ම සිටින්නේ මධ්‍යම පන්තියේ වැටුප් ලබන රටවල් සහ මුහුදු වෙරල ආශ්‍රිතව සීග්‍ර ජනගහන වර්ධනයක් ඇති එහෙත් නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති රටවල් කිහිපයකි. මේ ලැයිස්තුව උඩින් ශ්‍රී ලංකාවද සිටීම කණගාටුදායක තත්වයක්.



ඔව්, චීනය පමණක් රාත්තල් බිලියන 5කට ආසන්න ප්ප්ලාස්ටික් ප්‍රමාණයක් 2010වන විට බැහැර කර තිබේ. නමුත් මෙහි ඇති බැරෑරුම් තත්ත්ව වන්නේ සීග්‍ර ජනගහන වර්ධන වේගයත් සමඟ අනුමාන කෙරෙන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාණයයි. මෙය පහත ප්‍රස්තාර සටහන ඇසුරෙන් බලාගන්න පුළුවන්.


මේ තත්වය මගහරවාගෙන සුන්දර පරිසරයක් ඒවගේම අනාගත පරපුරට සුන්දර ලෝකයක් ගොඩනැගීම අප සැමගේම වගකීමක් සහ යුතුකමක්. ඒවගේම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය තවතවත් රටතුල ව්‍යාප්ත කිරීමෙන්ද මේ තත්වය යම්තාක් දුරකට මගහරවා ගන්න පුළුවන් වෙයි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-