Ads 468x60px

home

Showing posts with label COMPUTER TRICKS. Show all posts
Showing posts with label COMPUTER TRICKS. Show all posts

Thursday 30 July 2015

1018.Browser Hijacker Virus ඉවත් කරන හැටි

Browser Hijacker Virus ඉවත් කරන හැටි

Image result for Browser Hijacker Virus


Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.

මේවා web browser එකට සම්බන්ධ වූ විට, අප search කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අපි කවදාවත් බාවිතා කළ සුපුරුදු search engine එකෙන් නොව malware වෙතින් සපයන අමුතු නම් ඇති web පිටුවකි. මේවා පෙනුම අතින් උසස් වැඩසටහන් දෙන ඒවා මෙනි. එවිට ඉන් search කරන්නට නිතැතින්ම පෙළබේ. මෙසේ මෙම search engine එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මාතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි. එමෙන්ම අලුත් ටූල් බාර් එකක්ද web browser එක මත පෙන්වයි.


මෙම malware ඇති web browser එකක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු malware නිපදවුවන්ට ලබා දෙයි. මෙවැනි browser hijacker  වැඩසටහන් anti virus වැඩසටහන් වලට පවා සමහරවිට හසු නොවේ. එසේම වෙනත් browser plugin වැඩසටහන් මෙන් uninstall කිරීමටත් සමහර විට නොහැකි වේ. එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

මේවා ඉවත් කිරීමට මුලින්ම web browser එකේ options වෙත පිවිසිය යුතුය. දැන් එහි ඇති home page ටැබ් එක තුලින් home page එක ලෙස www.google.lk වැනි සාමාන්‍ය search engine එකක් ලබා දිය යුතුය. එමෙන්ම web browser එක තුල url සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා url මකා ඉවත් කළ යුතුය. එමෙන්ම add-ons තුලින් තේරී ඇති plugin අතරින් ටුල් බාර් plugin සියල්ල ඉවත් කළ යුතුය.


දැන් malware එක නැවත activate වීම නතර කළ යුතුය. 

1. මෙය කිරීමට windows key + R යතුරු ඔබන්න. 

2. ඉන් පසුව run ඩයලොග් box එක විවෘත වේ. එහි "msconfig" ලෙස type කර ok කරන්න. 

3. මෙවිට msconfig box එක විවෘත වෙයි. එහි ඇති start up ටැග් එක select කරන්න. 


මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වූ විට ඉබේම ක්‍රියාත්මක වන සියලු file මේ තුල පෙන්වයි. ඒවා අතරින් නිශ්චිතව හදුනා ගත නොහැකි වැඩසටහන් තෝරා disable කළ යුතුය. 



Windows 8 හිදී නම් start up ටැග් එක select කළ පසුව task manager වෙත යොමු වෙයි. ඒ තුලින් අනවශ්‍ය වැඩසටහන් disable කළ යුතුය.






මීලගට command prompt එකට පිවිසිය යුතුය. මේ සදහා පෙර පරිදිම windows key + R යතුරු ඔබන්න. ඉන් පසු cmd ලෙස type කර ok කරන්න. දැන් command prompt එක වෙතට පිවිසෙයි.

1. මුලින්ම ඒ තුල "del %temp%\*.exe /s /q" යන විධානය ලබාදෙන්න. එවිට temp folder එක තුල ඇති සියලු exe file මැකී යයි. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි. සාමාන්‍යයෙන් මෙතන වැදගත් exe file නැති බැවින් දෝෂයක් ඇති වන්නේ නැත.

2. ඉන් පසු කලින් විධානය දුන් ලෙසම "del %temp%\*.dll /s /q" යන විධානය ලබාදී temp folder එක තුල ඇති සියලු dll file ද මකා දැමිය යුතුය. එවැනි file නැත්තම් ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.



දැන් පරිගණකය restart කරන්න. එවිට සියලු malware ඉවත්ව තිබෙනු පෙනේවි. 


- -
මෙතනින් යන්න​

Monday 20 July 2015

1009.මොකක්ද මේ වින්ඩෝස් "Rating" කියන්නේ?

මොකක්ද මේ වින්ඩෝස් "Rating" කියන්නේ?

Image result for rating windows

 ඔබේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතිය "Windows 7" නම් ඔබ අහල ඇති "Windows Rating" කියලා දෙයක් ගැන.  අද කියලා දෙන්න යන්නේ "Windows Experience Index" මගින් පෙන්වන මේ "Rating" කියන්නේ මොකක්ද කියලා.

 මුලින්ම මේක බලන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට කියලා දීලා ඉන්නම්. ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය මත ඇති "Computer" අයිකනය මත ඩබල් ක්ලික් කිරීමෙන් විවෘත වන වින්ඩෝවෙහි ඉහළ වම් පසට වන්නට ඇති System Properties" නම් ටැබ් එක මත ක්ලික් කළ විට විවෘත වන වින්ඩෝවෙහි "System" යන්න ඉදිරියේ ඇති "Rating" යටතේ ඔබේ පරිගණකයේ දැනට පවතින "Rating" අගය දැකගත හැකිය.




 එම ස්ථානයේ කිසියම් අගයක් දැකගත නොහැකි නම් ඉන් අදහස් වන්නේ ඔබේ පරිගණකය තවමත් "Rate" කර නොමැති බවයි. "Rate" කිරීම සඳහා "Rating" යන්නට ඉදිරියෙන් ඇති "Rate This Computer" මත ක්ලික් කිරීමෙන් පරිගණකය "Rate" කරගත හැකිය.

 "Rate" කරගැනීමෙන් අනතුරුව  "Rating" යන්න ඉදිරියේ ඇති "Windows Experience Index" මත ක්ලික් කිරීමෙන් විවෘත වන වින්ඩෝවෙහි "Rate and improve your computer's performance" යටතේ ඔබේ පරිගණකයේ ඇති ප්‍රධාන දෘඩාංග කොටස් වලට අදාළ "Rating" අගයන් දැකගත හැක.



 සරලවම මේ මගින් කරන්නේ ඔබේ පරිගණකයේ ඇති දෘඩාංග (Hardware) හා මෘදුකාංග (Software) සැකසුම් වල හැකියාව (Capability) මැනීම සහ එම මිනුම "Base Score" නම් අගයක් මගින් ප්‍රකාශ කිරීමය. පරිගණකයේ "Rating" එක හැටියට හඳුන්වන්නේ මෙන්න මේ "Base Score" නම් අගයයි.

 සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයේ "Base Score" එක ඉහළ අගයක් නම් එයින් අදහස් වන්නේ ඔබේ පරිගණකය අඩු "Base Score" අගයක් සහිත පරිගණකයකට සාපේක්ෂව වඩාත් හොඳින් මෙන්ම වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බවයි. ඒ වගේම විශේෂයෙන් උසස් (Advanced) හා වඩාත් තීව්‍ර (resource-intensive) පරිගණක කටයුතු වලදී ඉතා හොඳින් ක්‍රියාත්මක විය හැකි බවයි.

 "Windows Experience Index" මගින් පරිගණකයේ ඇති එක් එක් දෘඩාංග කොටසට වෙන වෙනම එහි හැකියාව පිළිබඳ මිනුමක් ලබාදේ. එය "Subscore" ලෙස හැඳින්වේ. වඩාත් වැදගත්ම කාරණය වන්නේ ඉහත කී "Base Score" අගය නිශ්චය වන්නේ අවම "Subscore" අගය මත වීමයි. එනම් අවම හැකියාව සහිත දෘඩාංග කොටස මත ඔබේ පරිගණකයේ "Rating" එක තීරණය වන බවයි. උදාහරණයක් විදිහට අවම "Subscore" අගය (lowest subscore) එක සහිත දෘඩාංගයේ අගය 2.9 නම් ඔබේ "Base Score" අගය වන්නේ 2.9 යන්නයි. මෙමගින් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ "Base Score" අගය යනු සියලුම "Subscore" අගයන්ගේ මධ්‍යන්‍ය (average) අගයක් නොවන බවයි.

 කෙසේ වෙතත් "Subscore" මගින් ඔබට අවශ්‍ය එක් එක් දෘඩාංග කොටස් ක්‍රියාත්මක වීමෙහි හැකියාව ඔබට බලාගන්න පුළුවන්. මෙමගින් ලැබෙන වාසියක් වන්නේ එම දැනට පවතින හැකියාව වැඩි කළ (upgrade) යුත්තේ කුමන දෘඩාංග කොටස් වලද යන්න අපට හඳුනාගත හැකි වීමයි. ඒ වගේම මෙම "Base Score" අගය මගින් ඔබේ පරිගණකයට ගැලපෙන්නේ කුමන පරිගණක වැඩසටහන්ද යන්න තෝරාගැනීමට උදව්වක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබේ පරිගණකයේ "Base Score" අගය 3.3 නම් ඔබට "Base Score" අගය 3 හෝ ඊට අඩු අගයක් අවශ්‍ය මෘදුකාංග හෝ වෙනත් පරිගණක වැඩසටහන් තෝරාගැනීම වඩාත් සුදුසු වනවා ඇති.

 දැනට (currently) වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ මෙම අගයන් (Base Score) පවතින පරාසය වන්නේ 1.0 සිට 7.9 දක්වාය. "Windows Experience Index" වැඩසටහන තුළින් බලාපොරොත්තුවන අමතර වැදගත්කමක් නම් එය පරිගණක තාක්ෂණික කටයුතු වලට ප්‍රයෝජනවත් වීමය.

 ඔබේ පරිගණකයට වඩා වේගවත් අලුත් දෘඩාංග එක් කර "Windows Experience Index" හි ඇති "Re-run the assessment" මත ක්ලික් කිරීමෙන් ඔබ එක් කරන ලද නව දෘඩාංග හේතුවෙන් වැඩිවී ඇති නව "Base Score" අගය ලබා ගත හැකිය. එනම් ඔබ එක් කරන දෘඩාංග ක්‍රියාකාරීත්වයෙන් හා වේගවත් බවෙන් ඉතා ඉහළ නම් ඔබට වැඩි "Rating" අගයක් ලබා ගත හැක. නමුත් එක් එක් මට්ටම් වලට අදාල ප්‍රමිතීන් (standards) සාමාන්‍යයෙන් නියමිත ආකාරයෙන්ම පවතී.


 කෙසේ නමුත් සමහර අවස්ථා වලදී ඔබ එක් කරන දෘඩාංග සැකසුම් නිසා ලැබෙන "Base Score" අගය අඩු වීමටද හැකියාව ඇත. මේ නිසා ඔබේ පරිගණකයේ සමස්ථ සැකසුම්වලටම ගැලපෙන දෘඩාංග හා මෘදුකාංග කොටස් ඔබ විසින් තෝරා ගත යුතුවේ. එසේම ඒ ඒ දෘඩාංග කොටස් වලට අදාල නවතම "Driver" මෘදුකාංග, ඔබ විසින් පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමද ඉතා වැදගත්වේ.


- -
මෙතනින් යන්න​

Thursday 9 July 2015

1003.ඔයාලගේ සිස්ටම් එක දැම්ම දවසයි වෙලාවයි හොයාගමුද?

ඔයාලගේ සිස්ටම් එක දැම්ම දවසයි වෙලාවයි හොයාගමුද?
Image result for windows

අද ඔයාලට  පොඩි ට්‍රික් එකක් ගැන​ කියන්න යන්නේ, ඔයාලගේ මැෂින් එකට ඔයාලගේ OS එක දැම්ම දවසයි වෙලාවයි හොයාගන්න විදිය. 

පළමු පියවර, Start > Search CMD Then click "Command Prompt."
(windows + r ) 


Image result for cmd

Image result for cmd

දෙවන පියවර, Then type this systeminfo | find/i "install date"  > 

Image result for systeminfo | find/i "install date"

Image result for systeminfo | find/i "install date"

Press Enter Note : Don't work systeminfo | find/i "install date" ? Try to This code systeminfo | find/i ""install date" 






- -
මෙතනින් යන්න​

Tuesday 7 July 2015

1002.පරිගණකය උපරිමයෙන් වේගවත් කරමු.


පරිගණකය උපරිමයෙන් වේගවත් කරමු.
Image result for computer speed

අද කියන්න යන්නෙ utilities software එකක් ගැන utilities software කියන්නෙ පරිගණකයේකාර්යක්ෂම තාව වැඞි කර දෙන software වලට මේ software එකත් ඉතාමත් හොද වර්ගයේ utilities software එකක්.අපි computer Format කරපු අලුත නම්  speed හැබැයි ටිකදවසක් යනකොට නිකම්ම slow වෙලා.මේ‍ software දාලා දිනපතා හෝ අඞුම තරමින්සතිපතා හෝ run කලාම  Format කලා වගේ  speed කරගන්න පුලුවන්.

1.නිල් පාටින් පෙන්නා ඇති ස්තානයට click කරන්න​.

2.scan වී අවසන් වූ පසු පහත නිල්පාටින් පෙන්නා ඇති ස්තානයට click කර repair කරගන්න


Image result for download gif
                           





 -  -
මෙතනින් යන්න​

Monday 29 June 2015

997.පරිගණකය ලෙඩ වෙලා නම් මෙන්න බෙහෙත්

පරිගණකය ලෙඩ වෙලා නම් මෙන්න බෙහෙත්

Software

ඔබගේ පරිගණකය ඔස්සේ කරනා වැඩ​ වඩාත් පිලිවලකට මෙන්ම වේගවත්ව ඉ‍ටුකරවා ගැනීමට system registry නිවැරදිව තිබීම වැදගත් වේ. මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට පහසුවෙන් මෙම system registry වල correct errors , optimizes වැනි ක්‍රියාකාරකම් ඔස්සේ system stability ඉහල දැමීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම මෙම මෘදුකාංගය සමග එන අංගයන් ඔස්සේ එම රෙජිස්ට්‍රි clean හා repair කිරීම ඇතුලු හිතකර කාරනා 10ක් ඉ‍ටුකර දෙන්නට සූදානම්ව සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ භාවිතාකල හැකි නිකුතුවක් ලෙසට පැමිනෙන මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

මෙතනින් ගන්න​

Image result for download gif

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Sunday 14 June 2015

988.WINDOWS 8 FULL ඇක්ටිව් කරගන්න එක ප්‍රශ්නයක්ද මෙන්න නියම ACTIVATOR එකක්

WINDOWS 8 FULL ඇක්ටිව් කරගන්න එක ප්‍රශ්නයක්ද මෙන්න නියම ACTIVATOR එකක්

Image result for WINDOWS 8 FULL

 වින්ඩෝස් 8 පාවිච්චිකරන්න ඉන්න අයට වටිනා දෙයක්,windows 8 Activator එකක් සමහර අයට ලොකු ආසාවක් තියනවා 8 දාගන්න.හැබැයි දාගත්තහම තියන ලොකුම අවුල තමයි ඒක Active කරගන්න එක.මොනවා උනත් මම අද මේ දෙන Activator එකේ windows 8 professional,enterprise,ultimate වගේ ඕනේ සංස්කරණයක් නොමිලේම ඇක්ටිව් කරන්න පුළුවන්. තව දෙයක් තියනවා මේක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා මැල්වෙයා එකක් කියල බය වෙන්න එපා මේක වයිරස් එකක් නෙවෙයි.එකට මේක open කරන්න කලින් වයිරස් ගාර්ඩ් එක ඩිසේබල් කරන්න. ඔයාට කරන්න තියෙන්නේමම දෙන winrar එක මුලින්ම එක්ස්ට්‍රක් කරන්න තියන activator 1 කියන එකේ තියන W8 AIO Tool 1.1.0.1.exe කියන එක (පහල තියන විදියට කරන්න



1) මේක ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් run කරන්න.

2)ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ විස්තර ටික එක්ක එක open වෙයි.




3)මුලින්ම ඔයාගේ os එකේ සංස්කරණය තෝරාගෙන Insert key කියන එක click කරන්න.
4)අවසාන පියවර විදියට Activate windows 8 කියන එක click කරන්න.ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.වැඩේ ඉවරයි.ඊට පස්සේ මෙන්න මෙහෙම massage එකක් එයි.




එහෙනම් පහලින් download කරන්න

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 3 June 2015

982.ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න part 2

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    part 2

  අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට  තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. 
 පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

    ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න    


1. Memory Cleaner

පහලින් ගන්න,


2. Extra Ram

 පහලින් ගන්න,



          3. Rizone Memory Booster

මෙන්න ගන්න,


4. KDT RAM Clerner

මෙන්න,
 


         තවද වින්ඩොව්ස් 7මෙහෙයුම් පද්ධතියේ ඇති ready boost මගින්ද පෙන් එකේ memory එක ram එක share කර ram එකේ වේගයද වැඩි කරගත හැක.


          
දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Sunday 24 May 2015

977.පරිගනක anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙන virus සොයා විනශ කිරිම

anti virus වැඩ සටහනකින් තොරව pen drive එක මගින් පැමිනෙනvirus සොයා විනශ කිරිම


ඔබට ඔබ භාවිත කරන pen drive එක මගින් පැමිනෙන virus මහත් හිසරදයක්ද?මෙන්න ඒසඳහා කලහැකි හොදම විසදුම.කිසිදු පරිගනක වැඩසටහනක් අවශ්ය නොවේ.එතරම් විශාල කර්යයක් නොවේ.

පලමුව my computer ඕපන් කරගන්න

පසුව tools ගොස් folder option වෙත යන්න

එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.


එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.


පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න


පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න


දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න

shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)

දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න

එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)


දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය

සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​
 
-