Ads 468x60px

home

Showing posts with label INTERNET HELP. Show all posts
Showing posts with label INTERNET HELP. Show all posts

Wednesday 24 June 2015

995.ඩේටා නැතත් online ගේමක් ගහමුද?

ඩේටා නැතත් online ගේමක් ගහමුද?

Image result for online games

 අද කියන්න යන්නේ ඩේටා නැතත් online ගේමක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන....එත් මේ ගේම වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.....ඔයාලා දැකලා ඇති ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට ඩයිනොසිරස් කෙනෙක්ගේ වගේ රූපයක් වැටිලා තියෙනවා..


මෙන්න මේ වගේ


සමහරු හිතනවා මෙහෙම වටෙනේ ඩේටා ඉවර වුනු වෙලාවට කියලා....එකෙත් වැරැද්දකම නෑ....ඩේටා ඉවර වුනත් නැතත් ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට,ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම මේවගේ රුපයක් වැටිලා තියෙනවා....

ඔයා දන්නවද මෙහෙම වැටෙන්නේ ගේම් එකක් බව...

මේ ගේම් හදලා තියෙන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම කම්මැලි කමේ බලන් ඉන්නැතිව ගහන්න...ටිකක් වෙලා යනකොට ස්ලෝ වෙච්ච එක හරි යනවා...
මේ ගේම් එක නිසා ටයිම් පාස් වෙනවනේ....

මුලින්ම මේ ඇනිමේෂන් එක බලන්න කෝ..

ගේම් එක play කරන්නේ මෙහෙමයි 




01.space bar click කරන විට ගේම් එක open වේ...
02.arrow key භාවිතා කර ඩයිනොසිරස් උඩ වන්නවන්න 
03.පතොක් ගස් වල නොවද්දීමට වගබලා ගන්න
04.හැකිතාක් ඉදිරියට ගමන් කරන්න 

කොහොමද ගේම් එක ?




- -
මෙතනින් යන්න​

Friday 12 June 2015

987.SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න

 SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න


මේ පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් . මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම  සෙට් වෙනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.

  • 1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්න මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න

Image result for go button icon

1. ඔයාගෙ Email Address එක

2. ඔයාගෙ Mobile Phone නම්බර් එක

3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ ) 

4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT  එකෙන් දෙන Pass එක

5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක

6. මේක නං දන්නවනේ. 


  • 2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න


  • 3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න


Firefox අය මෙතනින් බාගන්න


Chrome අය මෙතනින් බාගන්න


  •  Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.
  •  දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.


මෙන්න screenshot 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Sunday 7 June 2015

984.IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබා දෙන Download Manager මෘදුකාංග කිහිපයක්.

IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබා දෙන Download Manager මෘදුකාංග කිහිපයක්.

Image result for download manager icon

අන්තර්ජාලය බාවිතා කරන අපි හැමෝම අන්තර්ජාලය හරහා මොනයම් දෙයක් Download කරනවානේ. අපි Download Manager මෘදුකාංගයක්  බාවිතා කරනවානම් අපිට සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි වේගයකින් අදාල ගොනුව Download කරගන්න පුලුවන්නේ. Download Manager මෘදුකාංග කිව්වමත් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Interner Download Manager [ I D M ] මෘදුකාංගයනේ. ඒත් දැන්නම් ටික දෙනෙකුට IDM එපා වේගෙන යනවදෝ කියලත් හිතෙනවා. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ IDM වෙනුවට බාවිතා කල හැකි නොමිලේ ලබාදෙන Download Manager කීපයක් ගැන තමයි. හොද එකක් සෙට් උනොත් ට්‍රයි කරලා බලන්න.

අපි මිට කලින් ලබාදුන් Download Manager පිලිබද ලිපි දෙක මෙතනින් බලන්න​

ඔන්න ඉස්සෙල්ලම දෙන Download Manager මෘදුකාංගය. මං  හිතන්නේ FlashGet කියන්නේ IDM වලට පස්සෙ තියන හොදම Download Manager මෘදුකාංගයක්. මේකෙන් අපිට HTTP Direct Download වලට අමතරව Torrent ගොනුත් මේ හරහාම Download කරගන්න පුලුවන්. මේකේ තියන ලොකුම අඩුපාඩුව තමයි You Tube වැනි Online Videos බාගන්න නොහැකි වීම.

FlashGet Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.


Direct Download



මේ  EagleGet Download Manager මෘදුකාංගය ගැනත් දැන් හැමෝම වගේ දන්නවනේ.

හරි EagleGet Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.





හරි දැන් IDM වලට ගොඩක් සමාන Free Download Manager මෘදුකාංගය



Free Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.





මෙන්න තවත් 100% ක් නොමිලේ දෙන තවත් සුපිරි Download Manager මෘදුකාංගයක්.  Orbit Downloader

Orbit Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.






මෙන්න තවත්  Download Manager මෘදුකාංගයක්. Download Accelerator Plus

Download Accelerator Plus FREE Version එක මෙතනින් ගන්න.





ඔන්න ඉතින් ඔය ටික තමා හොද Download Manager මෘදුකාංග විදිහට කියන්න පුලුවන් ටිකකට තියෙන්නේ. මීට අමතරව තවත් හොද  Download Manager කිහිපයක් ඉදිරි ලිපිවලදි ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Thursday 28 May 2015

979.Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්


Username, Password ඉල්ලන වෙබ් අඩවි වලට යන්න ලේසි ක්‍රමයක්



Image result for sign in
                                             
අපි යන ගොඩක් වෙබ් අඩවි වලට ඇතුළු වෙන්න  Username එකයි Password එකයි ඉල්ලනවා.e-mail දි  දී mail confirm  කර කර account  එකක් හදා ගද්දි  පැය ගාණක් යනවා.


කොහොමද එක පාරම Username එකකුයි Password එකකු යි  හොයා ගන්න පුලුවනන් නම් .පට්ටම ලේසියක් .මේ ඒකටම කියාපු Web site එකක්.



මේ Web site එකට ගිහිල්ල අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකේ web address එක  type කරල search  කලාම 

 අපිට Username ගොඩකුයි Password ගොඩකුයි ඒකෙන් ලබා දෙනවා.


ඒවා අරගෙන අපිට account එකක් හදා ගන්න ඕන කරන site එකට දුන්නම වැඩේ හරි .


පහලින් දාලා තියෙන්නේ ඒ Web site එකේ නම.ගිහිල්ලම බලන්න.


Image result for sign in button



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -
මෙතනින් යන්න​

Monday 18 May 2015

974.නිතරම පැනලා යන ඉන්ටර්නෙට් ලිමිට් එකට විසදුමක්

නිතරම පැනලා යන ඉන්ටර්නෙට් ලිමිට් එකට විසදුමක්
 ලිමිටඩ් කනෙක්ෂන් භාවිතයෙන් ඉන්ටර්නෙට් යන අපේ සහොදරයන්ට වැදගත් පොඩි ටූල් එකක්.මේකේ නම Networx. 
මේක Freeware එකක්.ඒක නිසා ඇක්ටිව් කරන්න ක්‍රැක් කරන්න ඕනනෑ...

මේකේ තියෙන වැඩකිඩ මෙහෙමයි
ඉන්ටර්නෙට් ස්පීඩ් එක මැන ගන්න පුළුවන්
මෙතෙක් භාවිතා වුනු දත්ත ප්‍රමාණය මැන ගන්න පුළුවනු
මේ වාරයේ
අද දවසේ
මාසයේ වශයෙන්
ක්වොටා එකක් ගන්න පුළුවන්
IP Trace කරන්නත් පුළුවන්
ඔන්න ඉතින් මේ මෙසේරම කරන එක මෙතනින් ගන්න පුළුවන්..








දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 4 May 2015

962.ලස්සන Wallpaper ගන්න පුලුවන් තැනක්

ලස්සන Wallpaper ගන්න පුලුවන් තැනක්

Road, Forest, Tree


ඔන්න  ඔයාලට ගෙනාව පට්ට Wallpaper  බාගන්න පුලුවන් සයිට් එකක් . .  සුපිරි . . . ගිහිල්ලම බලන්න .


මෙතැනින් යන්න
Image result for go button


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Tuesday 21 April 2015

952.Livecam Wallpaper

Livecam Wallpaper


මෙම මෘදුකාංගය මගින් ඔබට සැබැලොකයේ පවතින දහසකුත් වෙබ් කැමරා බාවිතයෙන් සජිවි වු නවතම රුප රාමු Wallpaper ලෙස සකසා ගත හැක​.




මෙතනින් අරගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 20 April 2015

951.සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන පියවර අටක්

Image result for rapido

ඔයාල දැනටමත් ගිනි නරියා (Firefox) එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක පියවර අටකින් තමා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිනි නරියාට පියවර අටක සත්කාරයක් තියෙනවා. ඒක කලාට පස්සේ  වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා. 


පියවර 1: Firefox  වැඩසටහන Open කරලා ඒකේ New Tab එකක් Open කර ගන්න. දැන් Addressbar එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට ඒවි ඔය  පහල දාලා තියෙනවා වගේ අවවාදාත්මක වින්ඩෝ එකක්. බය වෙන්න එපා.  කියන විඩියටම කරන්න. සාර්තක ප්‍රතිපල ලැබෙයි. ඉතින් එතන තියෙන “I’ll be careful, I promise!” කියන බොත්තම මත Click කරන්න. 




පියවර 2 : ලැබෙන නව වින්ඩෝවේ හොදට බලන්න ඔයාලගේ වම් අත පැත්තට වෙන්න ඉහලින් "Search" කියලා දිග Text Box එකක් තියෙයි Address bar එකටත් පහලින්. දැක්ක නේද.. අන්න එතැන මෙන්න මේ pipelining කියන වචනය Type කරන්න. ගොඩක් හොදයි ඒ වචනය විතරක් Copy කරල එතෙන්ට Past කලා නම්. දැන් Entar කරන්න. 




පියවර 3: ලැබෙන List එකේ තියෙන network.http.pipelining කියන එකට අදාල Value එක false කියල තියේවි. අන්න ඒක true කරන්න. ඒ සදහා අදාල වචනය මත දෙවරක් Click කලයුතු වේ. ඒ වගෙම network.http.proxy.pipelining යන්නත් true කරන්න. network.http.pipelining.max-optimistic-requests යන්න Duble Click කර දැනට පවතින අගය 8 කරන්න. ඔය ඉහත රූපයේ මම edit කරපු settings තද කලුපාටින් පෙන්නල තියෙන්නේ. අන්න ඒ විදියටම වෙනස් කර ගන්න ඕනේ. 

පියවර 4: දැන් ඔය Page එකේම හිස් ඉඩකට ගිහිල්ලා Right Click කරලා New>Integer තෝරා ලැබෙන Text Box එකට nglayout.initialpaint.delay ලෙස ලබා දී OK කරන්න. 

OK කල සැනින් තවත් Input box එකක් එයි. එකේ Value එක 0 ලෙස තියන්න.OK කරන්න. 

පියවර 5: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.notify.interval ලෙස ලබා දී අගය 500000 ලෙස යොදා OK කරන්න. 

පියවර 6: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.switch.threshold ලෙස ලබා දී අගය 250000 ලෙස යොදා OK කරන්න. 

පියවර 7: හිස් ඉඩ මත Right Click කර New > Boolean ලෙස තෝරා පෙර අවස්තාවල වගේම නම සදහා content.notify.ontimer ලෙස දී අගය true ලෙස තබන්න. 

පියවර 8: ඉහට පියවර ලෙසට New>Boolean තෝරා නම ලෙස content.interrupt.parsing යන්න ලබා දී Value එක false ලෙස තබන්න. 

දැන් ඉති Firefox එක පොඩ්ඩක් Restart පාරක් දාලා බලන්නකෝ. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 13 April 2015

946.කොහොමද එක click එකෙන් facebook යාලුවෝ සේරටම අවුරුද්දට සුභපතල​ message යවන්නේ

කොහොමද එක click එකෙන් facebook යාලුවෝ සේරටම අවුරුද්දට සුභපතල​ message යවන්නේ

Image result for facebook message notification


ලබන්නාවු නව වසර සමය සතුට පිරි,නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා...


මුලින්ම  Facebook.com යන්න දැන් Sign-In කරන්නකෝ ඔයාගේ account එක 

දැන් Signing-In වුනානේ ඔයාලා යොදාගන්න browser එක crome එක නම් F12 ඔබන්නකෝ 

 ඔයාලා පාවිච්චි කරන්නේ firefox නම් මේක ඔබන්න Ctrl + Shift + K 

 හරිනේ දැන් ඔකේ  තියන Console Tab කියන එක open කරගන්න ...

දැන් copy කරගන්නකෝ script එක මෙතනින් [Link] දැන්  Ctrl + V ගහලා  paste කරන්න code එක  Console Tab එක ඇතුලේ දැන්   Enter press කරන්න . . 



දැන් windows එකේ popup වුන එකේ ඔයාලට යාළුවන්ට යවන්න ඕන message එක type කරලා Post කියලා තියන button එක click කරන්න  ඊට පස්සේ please wait කියලා වැටෙනවනේ ..ඔහොම ටිකක් වෙලා 

ඉන්න එතකොට ඔයාලට message එකක් එයි Refresh කියලා ඒ message එක ok කරන්න  . . .
දැන් ඔයාලා ඔයාලගේ message වලට ගිහින් බලන්නකෝ ඔයා යවපු message ගිහින්ද කියලා .  



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
මෙතනින් යන්න​

Wednesday 1 April 2015

934.L100 / L200 / L800 පින්ටර්වල Reset Codes නොමිලේ

L100 / L200 / L800 පින්ටර්වල Reset Codes නොමිලේ

Image result for Epson L100

                     Epson L100 ප්‍රින්ටරය කියන්නෙ, ප්‍රින්ටර් අතර වාසි දායකම ප්‍රින්ටර් එකයි. නමුත් මේකෙ තියන පොඩි අවුලක් තමයි. ප්‍රින්ටර් එක Refill කරන්න වෙන්නෙ Epson සමාගම විසින් ලාබා දී තිබෙන තීන්ත වලින්ම පමණයි. මොකද? කියනවා නම් ඒ තීන්තවල Code එකක් තියනවා. Code No. එක නැතුව ප්‍රින්ටර් එක Refill කරන්න බෑ.  ඉතින් මේ Reset Code  ඒකෙන් පුළුවන් දැන් Epson තීන්තවලටත් වඩා වැඩිය හොඳ තීන්ත දාන්න. 

 හැබැයි Quality යෙන් අඩු තීන්ත දාලා ප්‍රින්ටර් එක කඩා ගන්න එහෙම එපා. තීන්ත තෝර ගද්දි ISO සහතිකයක් එහෙම තියනව ද කියලා බලන්න අමතක කරන්න එපා.


මෙතනින් ගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
මෙතනින් යන්න​

Monday 16 March 2015

916.2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග

2015 AVG වයිරස් ගාඩ් එක කී ෆයිල් සමග

Image result for 2015 AVG

ලෝකෙ තියන හොදම  සහ අලුත්ම වයිරස් ගාඩ් එකක් තමයි දෙන්න යන්නේ .සමහරු කියනවා ක AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.කොහොම උනත් එක් එක් පුද්ගලයගෙ කැමැත්ත,පරිගනකය බාවිතා කරන්නෙ මොන වගේ වැඩ වලටද,පරිගනකයේ වේගය,පහසුව,අනුව මේ වගේ විවිද අදහස් දකින්න පුලුවන්.

මොනව උනත් වයිරස් ගාඩ් එකක් දැම්මටම බෑ.වයිරස් ගාඩ් එකකින් කරන්න ඕන මූලික වැඩේ නොවෙනව නම් ඒ ගාඩ් එකෙන් ඇත්තටම වැඩක් නෑ.දවසින් දවස අලුත් අලුත් වයිරස් එනව.ඒවට ප්‍රතිචාර දක්වන්න වයිරස් ගාඩ් එකට පුලුවන් වෙන්න ඕන.ඒක තමයි මූලික වැඩේ.අන්තර්ජාලය බාවිතා කරනව නම් අනිවාර්යයෙන් වයිරස් ගාඩ් එකක් තිබිය යුතුයි.ඒ විතරක් මදි අලුතෙන් එන වයිරස් වලට ප්‍රතිචාර දක්වන්න නම් ගාඩ් එක update කරන්න ඕන.එක එක අය විවිද අදහස් දරනන නිසාම ලෝකෙ හොදම යැයි නම් දරා තිබෙන වයිරස් ගාඩ් එකක් දෙනවා. [කී ෆයිල් සමග] 

AVG Internet Security 2015 With Working Key

මෙතනින් බාගන්න​

Image result for download gif


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​

Monday 16 February 2015

877.වයි-ෆයි තාක්ෂණයේ වගතුග

වයි-ෆයි තාක්ෂණයේ වගතුග


රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් 


දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි. මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.




USB Wi-Fi ඇඩැප්ටරයක්

මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි. රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.

මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන,වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.



 වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

කණුවක පිහිටුවා අැති Wi-Fi විකාශනය කිරීමේ උපකරණයක්
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection)ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.

03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට ඇති වාසි

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

01) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
02) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.


වයි-ෆයි ජාලයකින් ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ

මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රථ එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
 වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua)සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය.  මෙම තාක්ෂණයේ විශ්මය ඔබටත් ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇත.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
මෙතනින් යන්න​
 
-