Ads 468x60px

home

Tuesday 9 February 2016

1084.දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.

දුරකථනයේ අන්තර්ජාල පහසුකම නොමැති විට Google Maps භාවිතා කරන්නේ මෙහෙමයි.

Image result for Google Maps

Google සමාගම මේවන විට ඔවුන්ගේ Maps app එකට අලුත්ම අංගයක් එකතු කරල තියනවා. දැන් සිතියමේ තමාට අවශ්‍යය කොටස් offline ලෙස භාවිතා කිරීමට download කරගන්න පුළුවන්. ඔබේ දුරකථනයේ mobile data හෝ wi-fi නැති අවස්ථාවලදී වුවත් දැන් මේ app එක භාවිතා කිරීමට හැකි වෙනවා. මේ අංගය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නම් නොවෙයි. මීට පෙරත් අන්තර්ජාලය නොමැති විට ටික වේලාවක් සිතියමේ පෙර භාවිත කල ප්‍රදේශයන් දර්ශනය වුනා. නමුත් දැන් turn-by-turn driving directions සහ සිතියමෙහි ඇති ව්‍යාපාරික ස්ථාන පිලිබඳ තොරතුරුත් අන්තර්ජාලය නොමැතිව ලබා ගත හැකියි.


මේ අංගය භාවිතා කරන්නේ මෙහෙමයි,

මුලින්ම ඔබේ දුරකථනයෙහි Google Maps නොමැතිනම් එය install කරන්න. ඊට පස්සේ ස්ථානයක් search කරන්න. ඔබ සෙවූ ස්ථානයෙහි තොරතුරුත් සමගින් Download බටනයකුත් දක්නට ලැබේවි.මීළඟට කුමන ප්‍රදේශයද download කරගන්නට අවශ්‍යයද යන්න ඔබෙන් විමසනවා. ඔබට download කරගන්නට හැකි තනි සිතියම් කොටසක උපරිම ධාරිතාවය මෙගා බයිට් 2500 ක් වනවා. නමුත් එකම ස්ථානයෙහි සිතියම් කොටස් කිහිපයක් වුවද download කරගන්නට පුළුවන්.


download කිරීමට යොමු කල සිතියම කොටසට නමක් දෙන්න. පසුව සිතියම් කොටස download කිරීම ආරම්භ වේවි.


මෙලෙස ඔබ download කරගන්නා සිතියම් කොටස් “Your Places” විකල්පය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.


යම් කිසි අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති වූ විට මේ app එක ස්වයංක්‍රියව offline mode එකට පිවිසෙනවා.




______________

මෙතනින් යන්න​

Sunday 17 January 2016

1083.පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක්

පිට රටකට යන්න කලින් එහේ වියදම දැනගන්න ක්‍රමයක් 


Image result for Expensive Travel


යාලුවෙනේ වෙන රටකට job එකක් කරන්න හරි study කරන්න යන අපේ යාලුවන්ට වැදගත් පෝස්ට් එකක් තමයි මේක​ .


මේකට තියෙනවා හැමදාම වගේ update වන නියම website එකක්.. 


මේ site එකෙන් ඔයාට පුලුවන් එහෙදි ජීවත් වෙන්න යන මුදල් වගේම එහේ දැනට පවතින දේශපාලනික වතාවරනය සහ එහෙ පවතින සමාජ වාතාවරනය ගැන දැනුවත් වෙන්න..  ඔය හොයන රටේ health service එක වගේම පරිසරය දුශිතද නැතිද යන්න වගත් ඔයාට පුලුවන් දැන ගන්න.....

උදාහරණයක් ලෙස කිව්වොත්....

01. වායූ දූශන ප්‍රතිශතය.

02.පානීය ජලයේ ගුනාත්මක භාවය
 වගේ දේවලුත් ඔයාට පුලුවන් බලා ගන්න...



දැන් ඉතින් කාගෙන්වත් අහා අහ ඉන්නෙ මොකටද රටකට යන්න.. ඔයාම බලලා හොදද නැත්ද කියලා ඔයාටම තීරනය කරන්න පුලුවන්නේ......

Image result for click

මේකේ මුලින්ම අපිට අවශ්‍ය Town ඒකෙ නම search කරන්න ඕනේ.


ඊට පස්සේ අපිට අවශ්‍ය එක එක categories අනුව අපිට වෙන වෙනම මේ දේවල් හොයන්න පුළුවන්.



මේ විස්තර වලින් අපිට ඒ ඒ රටවලදී කොච්චර වියදමක් යනවද කියලා දළ වශයෙන් කියන්න පුළුවන් වෙනවා. 

ඔයාට මේක ගැන sure එකක් නැත්නම් colombo කියලා search කරලා බලන්නකෝ...








______________

මෙතනින් යන්න​

Friday 15 January 2016

1082.ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

ඔයාගේ samsung smart phone එකට පාවිච්චි කරන චාජර් එක ඔරිජිනලද ?

Image result for samsung smartphone charger

ස්මාර්ට් දුරකථන වැඩි වශයෙන් අලවි වෙනවාත් සමගම ඒවාට අවශ්‍ය උපාංගත් බහුල වශයෙන් විවිද මිලගන්න වලට වෙලදපොලේ දකින්න ලැබෙනවා ඒ අතර ඔයාගේ දුරකථනයට අවශ්‍යම උපාංග වන චාජර් එක හොද ඔරිජිනල් එකක්ද බලාගන්න විදිය ගැනයි මේ විස්තරය.....








_____________
මෙතනින් යන්න​

Wednesday 13 January 2016

1081.data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

data cabale නැතිව File Transfer කරන්නේ මෙහෙමයි

Image result for Zapya

Zapya File Transfer for Winodws PC / Android / IOS
ස්මාර්ට් පෝන් භාවිතා කරන්නට මෙය හොද ඇප් එකක් වන්නට පුලුවන් android / apple phone එකේ තිබෙන photos videos සහ අනෙකුත් files ඉක්මනින් හුවමාරු කරගන්න මේ ඇප් එකට පුලුවන්
ඔයාලා දන්නවා ඇති ඇපල් දුරකථන වලින් files වෙනත් උපාංග සමග දත්ත හුවමාරැ කරගන්න නොහැකියි නමුත් මේ මගින් WiFi මගින් android මගින් files ඉතා ඉක්මනින් හුවමාරැ කරගන්න පුලුවන්
අනෙකුත් filesTransfer මුදුකාංග සසදා බැලිමෙිදි 10mbps වෙිගයක් මෙි ඇප් එක සතුවිම විශේෂයෙන් දැක්විමට පුලුවන් film වුවද ඉතා ඉක්මනින් පරිගනකයට හෝ දුරකතනයකට හුවමාරු කර ගැනිමට පුලුවන්
මෙය WiFi hots-port එකක් විදිහටත් පාවිචිචි කරන්න පුලුවන්


android උපාංග සදහා
Image result for download gif

apple උපාංග සදහා
Image result for download gif
Image result for download gif

computer සදහා
Image result for download gif

_________________


මෙතනින් යන්න​

Tuesday 12 January 2016

1080.සිනමාවේ ඇස රවටන තාක්ෂණික ප්‍රයෝග

සිනමාවේ ඇස රවටන තාක්ෂණික ප්‍රයෝග

Image result for vfx shots before and after

සිනමා ලොව නොදුටු වැඩකිඩ ටිකක් පෙන්නයි මේ සූදානම. සිනමාපටයක් නිර්මාණයේදී දෘශ්‍ය ප්‍රයෝග රැසක් භාවිත කරන බව නොරහසක්. අපේ ඇසටත් වැලිගසා අපිවම රවටා ගන්නා ප්‍රයෝග ගැන ඉදිරිපත් කරන ලිපියක ඇරඹුමයි මේ.මේ ගැන ලියනවට වඩා ඔබම බලල තිරනය කරන්න අපි ආසාවෙන් බලන්නේ මොනතරම් බොරුඅවක්ද කියලා.

මෙතනින් යන්න​
Image result for click button


බයිස්කෝප් මන්සලේ ඵලවු ලිපි බලන්න මෙතනින් යන්න​.
Image result for click button


_____________
මෙතනින් යන්න​

Monday 11 January 2016

1079.වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

 වියදම් පාලනය කරන්න මෙන්න නියම විදියක්

Image result for money icon png

 මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.


තව අපේ ය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම් ටික බලාගන්න. මේක Internet එකට Connect කරලා Update දුන්න ගමන්ම තියෙන USD Balance එක LKR වලට හරවගන්නත් පුලුවන්.

කොහොම උනත් හරියට වියදම් පාලනය කරගන්න බැරි අයට නම් ගොඩක් වැදගත් වෙයි. මේක සල්ලි දීලා ගන්නවනම් $ 30 වෙනවා. ඒත් අපි නිකන් දෙනවා.  මේකෙ Serial Number එකක් තියෙන්නෙ.

මෙතනින් අරගන්න​

________________


මෙතනින් යන්න​

Sunday 10 January 2016

1078.Facebook පිටුව ඔබේ ක්‍රමයට Design කරගන්න​

Facebook පිටුව ඔබේ ක්‍රමයට  Design කරගන්න​


Image result for facebook themes

මේ ඉහලින් තියන්නෙ Design කරපු Facebook account එකක්.ඔයාලත් එහෙම ලස්සන Fb Account එක්කට කැමති නම් කරන විදිය යටින් තියෙනව බලන්න.ඉස්සෙල්ලම පහල ලින්ක් එකෙන් ගිහින් Stylish කියන extensions එක Add කරගන්න.වැඩේ හරිනම් දකුණු පැත්තෙ උඩ S අකුරක් ඇවිත් ඇති.

                                                           



දැන් පහල ලින්ක් එකෙන් ගිහින් කැමති Design එක select කරන්න.ආයෙම install with stylish ක්ලික් කරල ඒක install උනාට පස්සෙ  fb account එකට log වෙලා බලන්න..







මේ දේ කරගන්න එහෙම නොතේරෙන කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.
ගොඩක් දෙනෙක් කියල තිබුනා ඇයි අදහස් දක්වන්න comment box එකක් site එකටදන්නෙ නැත්තෙකියලා,වැඩිදෙනාගේ ඉල්ලිම මත ඔන්න comment box දෙකක් ස්තාපිත කලා.ඔයාලගේ අදහස් ,දැනගන්න තියන දේවල් දැන් කෙලින්ම මෙතනින් අහන්න පුලුවන්.

_________
මෙතනින් යන්න​

Saturday 9 January 2016

1077.YouTube වීඩියෝ VLC Media Player එකෙන් බලමුද

YouTube වීඩියෝ VLC Media Player එකෙන් බලමුද

Image result for YouTube VLC Media Player


පහත පියවර අනුගමනය කරමින් ඉදිරියට යන්න.

1.VLC ඕපන් කරගෙන  File > Open Network වෙත යන්න. නැත්නම් කීබෝඩ් එකේ CTRL+N ඔබන්න.




2.ඔබට Play කිරීමට අවශ්‍ය You Tube වීඩියෝ එකේ Url එක එතන තියන Dialogue Box එකට Paste කරන්න. ඊට පස්සේ play බට්න් එක ඔබන්න. 
දැන් වීඩියෝ එක බලන්න.....!!!!!


VLC Media Player නැත්නම් මෙතනින් ගන්න​

______________

මෙතනින් යන්න​

Tuesday 5 January 2016

1076.Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු

Image result for apple computer laptop

 ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, 
වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. 





ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.

64bit
other








____________
මෙතනින් යන්න​

Saturday 2 January 2016

1075.වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

වැදගත් ඊමේල් ලිපිනයක් හදාගමු

Image result for email
ඊමේල් කියන නම දැන් කාටවත් අලුත් දෙයක් නෙමෙයි.ඔබ වැඩ කරන අයතනයේ ඊමේල ලිපිනය​,ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය​,ඔබගේ ෆේක් ඊ මේල් ලිපිනය ඒ සියල්ලම බොහෝ විට ඇත්තේ Gmail, yahoo, Hotmail යන උප නාමයන් ගෙන් අවසන් වන ගිනුම් නේද​.

මේම උප නාමයන් දැන් පොදුවේ භාවිතාවන නිසා නිතර අන්තර්ජාලය තුල සැරිසරන ඔබට එය ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. නැතහොත් ඔබට අවශ්‍ය උපනාමය සහිත ඔබගේ ගිනුම මේ වනවිටත් වෙනත් පුද්ගලයෙක් සදාගෙන වෙන්න පුලුවන්,නැතිනම් ඔබගේ වෘතිය අනුව ඔබට මෙම උපනාමයන් නොගැලපෙන්න පුලුවන්.

ඔබ වෛද්‍ය වරයෙක් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@doctor.com

ඔබ ග්‍රැෆික් ඩිසයින් ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@graphics.com

සංගිත ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@music.com

පරිගනක ආශිතවනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@computer.com

ඔබ ඇමරිකාවේ සිටින ලෙස පෙන්වීමටනම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@usa.com

ඔබා සාමනය්‍ය පුද්ගයෙක් නම් නම් ඔබට වාඩා සුදුසු වන්නේ මෙවැනි උප නාමයක් සහිත ඊමේල් ගිනුමක්
yourname@mail.com

යානාදි වෘතියන් හා බැදි වැදගත් ඊමේල් ලිපිනයක් දැන් ඔබටත් නොමිලේම හදාගන්න පුලුවන් පහලින් ගිහින් රේගිස්ටර් වෙලා කැමති විදියකට professional ඊමේල් ලිපිනයක් හදාගන්න​.


මෙතනින් යන්න​


_______________


මෙතනින් යන්න​

Thursday 31 December 2015

1074.ඩිජිටල් කැමරාවක Mode Dial උපාංගය නිවැරදිව භාවිතා කරමු.

ඩිජිටල් කැමරාවක උපාංගය නිවැරදිව භාවිතා කරමු.

Image result for digital slr camera

 අලුත් අවුරුද්දේ පලමු ලිපිය ඔයලට ගොඩක් වැදගත් වේවි.වැදගත් කරුනු ගොඩක් තියනවා සම්පුර්න ලිපියම කියවන්න​.

(රූප විශාල කර බැලිම සදහා ඒ මත click කරන්න​.)

ඉහත රූපයේ පෙන්වන්නේ නිකොන් කැමරාවක Mode Dial උපාංගයයි. ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙවැනිම  මුහුණතක් තිබෙන්නට පුලුවන. කැමරාවේ ඉතාම වැදගත් වැඩකොටසක් සිදුකරන මෙම ඩයලයේ ක්‍රියාකාරිත්වය පිලිබඳව නිවැරදි දැනුමක් තිබීම ඔබගේ කැමරාවෙන් ඉතා හොඳ තත්වයේ ඡායාරූප ලබාගැනීමට අත්‍යාවශ්‍ය වේ.

M A S P අකුරුවලින් දක්වන්නේ කුමණ ක්‍රියාකාරිත්වයන්ද?

නිකොන්, ෆුජිෆිල්ම්, ඔලිම්පස්, සෝනි වැනි කැමරාවල මෝඩ් ඩයලයේ M A S P අක්ශර සඳහන් වන අතර කැනන් කැමරාවල M Av Tv P ලෙස සටහන් කර තිබේ. මෙහිදී නිකොන් ඇතුලු නිශ්පාදකයින් A හා S ලෙස දක්වන ආකාර කැනන් කැමරාවල දක්වන්නේ Av හා Tv යනුවෙනි.

M හෙවත් Manual Mode

මෝඩ් ඩයලය කරකවා Manual Mode තෝරාගත් විට කැමරාව සියලුම ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වයන් ගෙන් මිදී භාවතා කරන්නාට අවශ්‍ය ආකාරයට සියලුම settings, එනම් කැමරාවේ නාභිගත කිරීම (focus), ශටරයේ වේගය (shutter speed), ආලෝක තව්වේ (aperture) ප්‍රමාණය, ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) වැනි සියලුම තෝරාගැනීම් හා සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.

මැනුවල් මෝඩ් ආකාරයෙන් හොඳ ඡායාරූප ගැනීම සඳහා කැමරාවේ තාක්ශණික හැකියාවන් හා ඡායාරූපකරණයේ සිද්ධාන්ත පිලිබඳව සෑහෙන දැනුමක් තිබිය යුතුය.

A (Av) හෙවත් Aperture Priority Mode

ඇපචර් යනු, කැමරාවේ කාචය හරහා එන ආලෝකය, සෙන්සරය වෙත යාමේදී පසුකරන සිදුර හෙවත් ආලෝක තව්වයි. මෙම සිදුරේ විශාලත්වය අනුව ලැබෙන ඡායාරූපයේ යම් යම් වෙනස්වීම් සිදුවෙයි. Aperture Priority ආකාරය තෝරාගත්විට කැමරාව, භාවිතා කරන්නා හට ඇපචර් අගය තෝරා ගැනීමට ඉඩ දෙන අතර, තෝරාදෙන ඇපචර් අගයට අනුරූප වන ආකාරයට ශටරයේ වේගය (shutter speed), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) ස්වයංක්‍රීයව සකසා ගනියි.

ඡායාරූප ශිල්පීන් Aperture Priority ආකාරය භාවිතා කරන්නේ ඔවුන් ගන්නා ඡායාරූපයේ Depth of Field (DoF) අඩු වැඩි විය යුතු ආකරය අනුවයි. Depth of Field හෙවත් ඡායාරූපයේ ඈතින් ඇති වස්තූන් පවා පැහැදිලිව සටහන් වීම හෝ නොවීම කැමරාවේ ඇපචර් සිදුරේ විශාලත්වය අනුව තීරණය වේ. උදාහරණයක් ලෙස මල්වත්තක ඡායාරූපයක් ගන්නාවිට එම මල්වත්තේ ඡායාරූපයට හසුවන සියලුම ස්ථාන එකලෙස පැහැදිලිව පෙනිය යූතුය, එනම් Depth of Field තිබිය යුතුය. මේ සඳහා කුඩා ඇපර්චරයක් (කුඩා සිදුරක්) තිබෙන ආකාරයට ඇපර්චර් අගය සැකසිය යුතුය.



හොඳ Depth of Field ඇති ඡායාරූපයක්. මෙවැනි ඡායාරූප ගැනීමේදී ඇපචරය කුඩා විය යුතු අතර ඒ සඳහා විශාල f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/22

අඩු Depth of Field ඇති ඡායාරූපයක්. මෙහිදී නාභිගත කොට ඇති මල හැරුණකොට ගෙන අවට ඇති අනෙකුත් මල් සියල්ල බොඳවී ඇති ආකාරයට ඡායාරූප ගත වී ඇත. මෙවැනි ප්‍රථිපලයක් ලබා ගැනීමට ඇපචරයේ විශාලත්වය වැඩිවිය යුතු අතර, ඒ සඳහා කුඩා f-stop/f-number අගයක් තෝරාගත යුතුය. උදාහරණයක් ලෙස f/2

කැමරාකරණයේදී ඇපචර් අගයන් f-stops නැතහොත් f-number ලෙස හැඳින්වෙන අතර කැමරා කාචයේ, එම කාචයෙන් ලැබෙන ඇපර්චර් අගයන් 16 11 8 5.6 4 2.8 2 යනාදී ආකාරයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබේ. පහත රූපය බලන්න.




එක් එක් f-stop/f-number අගයන් හිදී ඇපචරයේ විශාලත්වයද රූප සටහනේ දක්වා ඇත. මෙහිදී ආධුනිකයින් ව්‍යාකූලත්වයට පත්විය හැකි එක් කරුණක් නම් f-stop/f-number අගය විශාලවන විට, ඊට අනුබද්ධ ඇපචර් සිදුරේ ප්‍රමාණය (aperture size) කුඩාවන බවයි. උදාහරණයක් ලෙස f/22 අගයේදි ඇපචරයේ ප්‍රමාණය ඉතා කුඩා බව රූපසටහනෙන් ඔබට පෙනෙනු ඇත. f/2අගයේදී ඇපචරයේ ප්‍රමාණය ඉතා විශාල වේ. එනම් f-stop/f-number අගය හා ඇපර්චරයේ විශාලත්වය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී.

කැමරා ලෙන්සයක ඉදිරියේ Focal Length හා f-stop/f-number සටහන් කොට ඇති ආකාරය



Focal Length ඇසුරින් ලෙන්සයක Optical Zoom අගය ගණනය කරගන්නා ආකාරය

18-55mm ලෙස දක්වා ඇති ඉහත ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය කොතරම්ද? වැඩි මිලිමීටර් අගය, අඩු මිලිමීටර් අගයෙන් බෙදීමෙන් සූම් අගය ලබාගත හැකිය. එනම් 55/18=3. මෙම ලෙන්සයේ ඔප්ටිකල් සූම් අගය හෙවත් දුර ඇති වස්තූන් ලං කොට ඡායාරූප ගතකිරීමේ හැකියාව 3ගුණයකි.

Telephoto Zoom

ඉතා ඈත ඇති වස්තූන් ඡායාරූපගත කිරීමට ටෙලිෆොටෝ සූම් ලෙන්සයක් අවශ්‍යය. මෙවැනි ලෙන්සවල අගය 18-400mm වැනි අගයන් ගනී. 18-400mm. ලෙන්සයක ඔප්ටිකල් සූම් අගය : 400/18=22 වේ.


S (Tv) හෙවත් Shutter Priority Mode 

Shutter Priority Mode ආකාරය තෝරාගත් විට ඡායාරූප ශිල්පියා කැමරාවේ ශටරයේ වේගය තෝරාගන්නා අතර, කැමරාව තෝරාදෙන ශටර් වේගයට අනුරූපව ඇපචර් අගය හා අනෙකුත් සීරුමාරු ස්වයංක්‍රීයව සිදුකරගනී.

ඇපචර් ප්‍රයෝරිටි ආකාරය ඡායාරූපයේ depth of field වෙනස් කිරීමට භාවතා කරනවා මෙන් ඡායාරූප ශිල්පීන්ට Shutter Priority Mode ආධාරයෙන් ශටරයේ වේගය පාලනය කිරීමෙන්ද විවිධාකාරයේ ඡායාරූපී ප්‍රථිපල (photographic effects) ලබාගත හැකියි. හොඳ කැමරාවක ශටරයේ වේගය තත්පර 30ක-60ක අවම වේගයේ සිට තත්පරයෙන් 1/4000ක් තරමේ අධික වේගයක් දක්වා සීරුමාරු කිරීමේ හැකියාව තිබේ.

Shutter Priority Mode ආධාරයෙන් ලබාගත හැකි photographic effects මොනවාද?

1] Fast shutter speed for freezing action.




ඉහත අධිවිබේධන ඡායාරූපය බලන්න. F1 ධාවන තරඟයකදී සිදුවන අණතුරක්, ඒ ඇසිල්ලේම ඡායාරූපගත වී ඇති අතර, වාහන දෙකෙහි කොටස් අහසේ රැඳී තිබෙන්නාක් මෙන් ඉතා පැහැදිලිව සටහන් වී ඇත. පැයට කිලෝමීටර් 200ක් පමණ වේගයෙන් ධාවනය වන රථ දෙකක් එකට ගැටීමකදී පවා මෙතරම් පැහැදිලිව සියලු දේ සටහන් වී ඇත්තේ ඡායාරූප ශිල්පියා ඉතා ඉහල (1/4000 පමණ) ශටර් වේගයක් සහිතව ඡායාරූපය ගෙන ඇති නිසාය. මෙවැනි freeze-action ඡායාරූප ගැනීමට Shutter Priority Mode ඉතා වැදගත් වේ.

2] Very slow shutter speed for special effect photography




ඉහත ඡායාරූපය බලන්න. රාත්‍රීකාලයේ මහා මාර්ගයක ගෙන ඇති මෙම ඡායාරූපයෙහි වාහන සටහන් වී නොමැති අතර ඉදිරියට එන වාහනවල ප්‍රධාන ලාම්පු හා විරුද්ධ අතට යන වාහනවල පසුපස රතු ලාම්පු රේඛා ලෙසට සටහන් වී ඇත. Light trails photograph ලෙස හඳුන්වන මෙම ආකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා කැමරාව ශටර් ප්‍රයෝරිටි ආකාරයට සකස්කරගෙන ශටර් වේගය තත්පර 30ක් හෝ 60ක් දක්වා අඩුකර ඡායාරූපය ගත යුතුය.

P හෙවත් Program Mode

ප්‍රෝග්‍රෑම් මෝඩ් ආකාරයේදී කැමරාව ලැබෙන ආලෝකයට අනුව ස්වයංක්‍රීයව ඇපචර් විශාලත්වය හා ශටර් වේගය තීරණය කරනු ලබයි. ඡායාරූප ශිල්පියාට ISO අගය, ස්වේතාලෝක සීරුමාරුව (white balance), ආලෝක නිරාවරණ සීරුමාරුව (exposure value) සීරුමාරු සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.

Program Mode පිලිබඳව දැනගත යුතු වැදගත් කරුණක් නම් Program Mode යනු කැමරාව පූර්ණලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන (fully automatic) අවස්ථාවක් නොවන බවයි. පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයට පත්කර ගැනීමට මෝඩ් ඩයලය AUTO ලෙස දක්වා ඇති ස්ථානය වෙත කරකැවිය යුතුය. එවිට ඕනෑම සංකීර්ණ කැමරාවක්, සරල point & shoot වර්ගයේ පොකට් කැමරාවක් මෙන්ම පහසුවෙන් ක්‍රියාත්මක කල හැකිය. AUTO අවස්ථාවේදී ඡායාරූපය ගන්නා තැනැත්තා කැමරාව එල්ලකොට ශටර්-රිලීස් බොත්තම එබීම පමණක් සෑහේ.

Scene Modes





M A S P AUTO යන තෝරාගැනීම් වලට අමතරව බොහෝ කැමරාවල මෝඩ් ඩයලයේ විවිධ අයිකන රැසක් දක්වා ඇත. Scene Modes ලෙසින් හඳුන්වන මෙම අයිකන විශේෂිත ඡායාරූප අවස්ථාවන් සඳහා කැමරාව ස්වයංක්‍රීයව සූදානම් කරන තෝරාගැනීම් පෙලකි.


Scene Modes තෝරාගන්නා ආකාරය වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.


________________  _  ________________
මෙතනින් යන්න​
 
-