Ads 468x60px

home

Sunday 5 January 2014

129.බැලූන වලින් අන්තර්ජාල සබඳතා googleහි මීළඟ ව්‍යාපෘතිය Project Loon


බැලූන වලින්  අන්තර්ජාල සබඳතා
googleහි මීළඟ ව්‍යාපෘතිය
(Project Loon)



  


යාලුවනේ මෙකනම් ඔයාට අමුතුම කථාවක් වේවි.ලොකය ගොඩක් දියුනුවේලා ඔබගේ නිවසට ඉහල අහසේ අති විශාල බැලූනයක්. එයින් නිකුත්වන 3G තරංගයන්ගෙන් බලගැන්වෙන ඔබගේ අධිවේගී අන්තර්ජාල සබඳතාවයක්.
මේ සුරංගනා කතාවක් නොව Google ගේ මීළඟ ව්‍යාපෘතියයි. ඉහල අහසේ රැඳි බැලූනයන් ජාලයක් යොදාගනිමින් ලොව සෑම දෙනාටම අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවකාශ සලසා දෙන මෙම ව්‍යාපෘතිය Project Loon ලෙස නම් කර තිබෙනවා.

 තාක්ෂණය එන්න එන්නම දියුණු වෙමින් පවතිනවා. නමුත් මේ තාක්ෂණික දියුණුවත් සමඟම මුලු ලෝකයටම ඉදිරියට යාමේ යම් යම් අපහසුතා තිබෙනවා. එයින් ප්‍රධානම අපහසුතාවක් නම් ලොව සෑම දෙනාම අලුතින් සිදු වන දේවල්, නව තාක්ෂණයන් ගැන දැනුවත් නොවීම සලකන්නට පුළුවන්. අප අතරින් සියල්ලන්ම අන්තර්ජාලය පරිහරණය නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. සමහර ප්‍රදේශ වල අන්තර්ජාලයට සම්බන්ධ වන අය කිසිවෙක් නැති වෙන්නටත් පුළුවන්. මේ අඩුව පුරවාලමින් ලොව සියලු දෙනාටම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි වන අයුරින් නිමවන අලුත්ම ජාලයයි මෙලෙස Project Loon ලෙස හඳුන්වන්නේ.


ඔවුන් මේ වන විට දක්ෂිණ අර්ධගෝලයට ඉහල අහසේ සූර්‍ය බලයෙන් බල ගැන්වෙන බැලූන ජාලයක් රඳවා පරීක්ෂණ කයටුතු අරඹා අවසන්. මේවා රඳවා තිබෙන්නේ භූමියේ සිට කිලෝමීටර 20ක් තරම් ඉහල අහසේයි. ගුවන්යානා ආදිය ගමන් ගන්නේ මීට පහතින්. මේ බැලූන සුළං මගින් එහා මෙහා පාවෙනවා. එමගින්
3G network එකක් නිර්මාණය කෙරෙන බව ගූගල් සමාගම පවසනවා. නිවසේ සවිකර ඇති උපකරණයක් ආධාරයෙන් ඉහල අහසේ ඇති බැලූනයකට සම්බන්ධ වනවා. අනතුරුව එම බැලූනය තවත් බැලූනයකටත්, අවසානයේ භූමියේ ඇති අන්තර්ජාල සේවා සපයන ආයතනය වෙතත් සම්බන්ධ වී නිවසට අන්තර්ජාල සබඳතාවය ලබාදෙනවා. දුශ්කර ප්‍රශේෂ වලට අන්තර්ජාලය ලඟා කරවීමට මෙම ක්‍රමය අනුගමණය කළ හැකි බව ඔවුන් විශ්වාසය පළ කරනවා.
මෙ video එකත්බලන්නකෝ.අපිත් ගියා 
සදා ජය​........













ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.
 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.

 
-