Ads 468x60px

home

Tuesday 9 September 2014

594.SLT broadband router එක තනිවම configure කරගනිමු 1

SLT broadband router එක තනිවම configure කරගනිමු 1


 නිතර නිතර අහපු  ප්‍රශ්ණයක් තමයි අපි ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු. ඉතින් අද පෝස්ට් එකෙන් ඔයාලට කියලාදෙන්න යන්නෙ ඒ ගැන.

අපේ රටේ (ශ්‍රී ලංකාවෙ) ඉතින් ADSL කිව්වොත් SLT විතරයිනෙ තියෙන්නෙ. ඉතින් ADSL Internet සබඳතාවයක් භාවිතා කරන වැඩි දෙක් පාවිච්චි කරන්නෙ SLT ආයතනයෙන්ම ලබාදෙන ZTE zxv10 w300 කියන මාදිලියෙ router එක. ඒ නිසා මේ පෝස්ට් එකෙන් කියලාදෙන්න යන්නෙ ZTE zxv10 w300 කියන මාදිලියෙ router එකක් අන්තර්ජාලය සහ WiFi network එක සඳහා නිවැරදිව configure කරගන්න ආකාරය.

උපකරණය හඳුනාගනිමු

හරි. මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට ජීවිතේ කවදාවත් router එකක් දැකලා නැති කෙනෙකුට උනත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එකයි මගේ අරමුණ. ඒ නිසා Configure කරන්න කලින් අපි අපේ router එක භෞතිකව හඳුනාගනිමු.


අපි මේ කතා කරන්න යන ZTE zxv10 w300 router එකක ඉදිරිපස සහ පසුපස පෙනුම මෙන්න මේ විදිහට දැකගන්න පුළුවන්.

ඉදිරිපස පෙනුම


පසුපස පෙනුම


අපි අපේ router එක configure කරන්න කලින් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි අපේ cables (රැහැන්) ටික නිවැරදිව router එකට plug කරගන්න එක. ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරමු. කලින් රූපසටහනේ තිබුනු විදිහට router එකේ පිටිපස්සෙ විවිධ ස්විච් කිහිපයක් සහ ports කිහිපයක් දැකගන්න පුළුවන්. මුලින්ම ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගෙන ඉදිරියට යමු. 




මේ රූපසටහනේ හැටියට එක් එක් අංක වලට අදාලව මෙන්න මේ විදිහට අපේ router එක හඳුනාගන්න පුළුවන්.

1)     Power connector - මෙතනට තමයි අපේ router එකේ විදුලිබල සැපයුම ලබා දෙන්න ඕනෙ. Router එකත් එක්ක ලැබෙන කුඩා power pack එක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා අනිත් කෙළවර මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ.

2)     Power button - විදුලි බලය ලබාදුන්නට පස්සෙ router එක on/off කරන්නෙ මේ switch එකෙන්

3)     WiFi On/Off switch - අපේ router එකේ WiFi පහසුකම තියන නිසා ඒක On/Off කරන්නෙ මේ switch එකෙන්. (configuration settings වලිනුත් WiFi on/off කරන්න පුළුවන්)

4)     LAN ports - මේ තියෙන්නෙ අපේ පරිගනකය router එකට සම්බන්ධ කරන්න භාවිතා කරන port එක. CAT5 cable එකක් ඔස්සේ RJ45 සම්බන්ධකයක් කරහා පරිගනකය router එකට සම්බන්ධ කරන්න ඕනෙ. මේ මාදිලියෙ නම් LAN ports 4ක් ලබාදීලා තියනවා. (මේකට අවශ්‍ය එක් cable එකක් router එකත් සමග ලැබෙනවා. අමතරව ඕනෙ නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්)


5)     LINE - මේ තියෙන්නෙ අපේ ADSL සබඳතාවය router එකට සම්බන්ධ කරන port එක. SLT එකෙන් ඔයාලගෙ නිවසට ලබා දීලා තියන රැහැන Splitter කියන උපකරණයෙන් රැහැන් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සෙ එයින් එකක් දුරකතනය සම්බන්ධ කරන්න භාවිතා කරනවා. අනිත් රැහැන තමා ගෙනත් මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ. (බොහෝ විට Splitter උපකරණය දක්වා වැඩ ටික දුරකතන සමාගමෙන් සිදු කරන නිසා ඔයාලට තියෙන්නෙ එයාලා ලබාදීලා තියන ADSL රැහැන කෙලින්ම මෙතනට plug කරන එක. මේක RJ11 වර්ගයේ සම්බන්ධකයක්)


6)     WiFi antenna - මේ තියෙන්නෙ අපේ router එකේ WiFi ඇන්ටනාව. මේක හරහා තමයි WiFi signal සම්ප්‍රේශණය වෙන්නෙ. වැඩි ප්‍රදේශයකට WiFi ආවරණය ලබාගන්න නම් ඕනෙ ප්‍රභල ඇන්ටනාවක් භාවිතා කරන්න පුළුවන්.


නිවැරදිව cables ටික plug කරගත්තට පස්සෙ අන්තිමට power cable එක plug කරලා switch එක On කරන්න. දැන් ඔයාලගෙ router එකේ ඉස්සරහ තියන Power කියන LED එක රතු පාටින් දැල්විලා තිබිලා ඊට පස්සෙ කොළ පාට වෙයි. ඒ කියන්නෙ router එක නිවැරදිව On උනා කියන එක.

ඊට පස්සෙ ඔයාගෙ ADSL සබඳතාවය සහ පරිගනකයට සම්බන්ධ කරලා තියන LAN සබඳතාවය නිවැරදිව ක්‍රියාත්මක වෙනවනම් DSL සහ LAN කියන LED දෙකත් කොළ පාටින් දැල්වෙයි. (LAN LED එක නිවි නිවී දැල්වීම සාමාන්‍ය දෙයකි. DLS LED එක ක්‍රියාත්මක නොවේ නම් සබඳතාවයේ දෝශයක්.).
WLAN කියන්නෙ WiFi indicator එක. ඒක කොළපාටින් දැල්වෙයි. එහෙම නැත්නම් router එක පිටිපස්සෙ තියන WiFi switch එක (රූප සටහනේ අංක 3) එක පාරක් press කරන්න. එතකොට WLAN කියන LED එකත් දැල්වෙන්න පටන්ගනී.

නමුත්,  router එක ඉදිරිපස තියන Internet කියන LED එක “රතු පාටින්” දැල්වෙන්න පටන්ගනී. ඒ කියන්නෙ ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නෑ කියන එක. නිවැරදිව අන්තර්ජාලයට සම්බන්ධ උනාම මේ indicator එකත් අනිත් ඒවා වගේ “කොළ” පාට වෙන්න ඕනෙ. නමුත් router එකේ Internet settings ටික නිවැරදිව සකස් කරන තෙක් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා මිලග ලිපියෙන්බලමු කොහොමද හරියට Internet settings ටික configure කරගන්නෙ කියලා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-