Ads 468x60px

home

Wednesday 19 August 2015

1031.පරිගණක​මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය.

පරිගණක​මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය......

Image result for motherboard

මවුපුවරුව(motherboard)කියන්නේ පරිගණකයේ තියන ඉතාමත් වැදගත් අංගයක්.ඉතින් එක ටිකක් වැඩිපුර කාලෙකට පරිස්සම් කරගන්න පුලුවන් වුනොත් අපිට සාපේක්ෂව ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්. ඉතින් අද කාලේ තියන motherboard හොඳට පරිස්සම් කරගත්තේ නැත්තම් හරියටම warranty ඉවර වුනු ගමන්, ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් යද්දී ලෙඩ දෙන්න ගන්නවා. ඉතින් ලොකුම ප්‍රශ්නේ එක නෙවේ. අපි අලුත් මවුපුවරුවකට මාරු වෙද්දී සමහරවිට අලුතෙන් ගන්න වෙලා තියන මවුපුවරුවට අපේ තිබ්බ ram එක ,processor එක ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්.දැන් තියන ගැජට් දවසින් දවස අලුත් වෙනවනේ. එතකොට ලෝක අමාරුවේ. පාවිච්චි කරපු(used) motherboard ගැන විස්වාසය තියන්නත් අමාරුයිනේ.  ඉතින් කරදර ගොඩයි. පොකට් එකටත් අමාරුයි. ඉතින් මේ හින්දා තියන motherboard එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ ගැන තමා මේ කියන්න යන්නේ.

1.මවුපුවරු ජව සැපයුම (power supply) ගැන සැලකිලිමත් වෙන්න.
Image result for

        මවුපුවරුවේ ක්‍රියාකාරීත්වයට කෙලින්ම බලපාන දෙයක් තමා  power supply එකේ ක්‍රියාකාරීත්වය.අද කාලේ තියන  power supply ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ.  power supply එකක් ක්‍රියා කල  යුතු නියමිත ක්ෂමතාවක් තියනවා. සාමාන්‍යයෙන් මෙය 325W - 400W පරාසයක තිබිය යුතුයි.අද වෙළඳ පොලේ ඇති power supply වල මෙම අගයන් සඳහන් කර තිබුනද ඒවා ක්‍රියා කිරීමේදී ඒවාහි ක්ෂමතාව සඳහන් කර ඇති අගයට වඩා සැලකිය යුතු තරමකින් වෙනස් වෙනවා.  ඔබේ power supply එකෙහි ක්ෂමතාව මෙම නියමිත  පරාසයට වඩා සැලකිය යුතු තරමකින් අඩු නම් හෝ වැඩි නම් එය ඔබගේ මවුපුවරුවට පමණක් නොව හාඩ් ඩ්‍රයිව් ආදියේ ආයු කාලයටද කෙලින්ම බලපානවා. එම නිසා power supply එකක් මිලදී ගැනීමේදී මිලෙන් වැඩි වුවත් හොඳ තත්වයේ එකක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. එය ඔබ ඊට වියදම් කල මුදලට වඩා විශාල ඉතිරියක් අනාගතයේදී ඔබට අත් කර දෙනු ඇත. එමෙන්ම ඔබ සතුව දැනට UPS එකක් පැවතියද ඔබගේ power supply එක නියමාකාරයෙන් ක්‍රියා නොකරයි නම් එය මවුපුවරුවේ ආයු කාලයට අනිවාර්යෙන්ම බලපානවා. එම නිසා දැනට UPS එකක් තිබුනත් මෙය නොසලකා හරින්න එපා.


2.මවුපුවරුවේ උෂ්ණත්වය ගැන අවදානයෙන් සිටින්න.

Image result for blue screen crash


       මවු පුවරුවේ කොටස්  සෑදීමට බෙහෙවින් බාවිතා කරන්නේ විවිද වර්ගයේ අර්ධ සන්නායකයි. එම නිසා මෙම අර්ධ සන්නායක වලින් සාදන උපාංග නියමිත ලෙස ක්‍රියා කරන්නේ යම්කිසි නිශ්චිත උෂ්ණත්ව පරාසයකයි. ඉතින් යම් හෙයකින් දීර්ගකාලීනව පමණට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වලට ලක්වීමෙන් මේවා ඉක්මනින් අකර්මන්‍ය වනවා.වර්තමානයේ බහුලව දක්නට ලැබෙන Stop error නොහොත්  blue screen error ඇති වීමට බෙහෙවින්ම බලපාන්නේ මෙලෙස වැඩි උෂ්ණත්ව වලට ලක් වී මවුපුවරුවේ  ඇතැම් තැන්වලින් විද්‍යුතය සන්නයනයට බාදා ඇති වීමයි. එම නිසා ඔබ පරිගණකය පවතින්නේ වැඩි පරිසර උෂ්ණත්ව තත්ත්ව යටතේ නම් සිස්ටම් කූලින් ෆෑන් (system cooling fan) එකක් හෝ දෙකක් බාවිතා කර ඔබගේ system unit එකෙහි උෂ්ණත්වය පාලනය කර ගතයුතු වෙනවා. එය පරිගණකයේ ආයු කාලයට පමණක් නොව පරිගණකයේ වේගයටද වැදගත් වනවා.

3.නඩත්තු කිරීම
Image result for
    system cooling fan  සහ  CPU cooling fan වල ක්‍රියාකාරීත්වය නිසා මවුපුවරුව මත දුහුවිලි අංශු තැන්පත් තැන්පත්  වීම වැඩිය.
මෙලෙස විශාල වශයෙන් විවිධ අංශු මවුපුවරුව මත තැන්පත් වීමෙන් එහි ක්‍රියාකාරීත්වයට හා ආයුකාලයට බලපෑම් ඇතිවේ.මීට හේතුව වන්නේ මෙලෙස තැන්පත් වන අංශු වල ආරෝපණ තිබිය හැකි බැවිනි. එම නිසා අඩුම තරමේ මාස 2 කට වරක් වත් බ්ලොවරයකින් හෝ සියුම් කුඩා පිරිසිදු පින්සලකින්  මවුපුවරුව පිරිසිදු කිරීමෙන්ද මවු පුවරුවේ ආයුකාලය දීර්ග කරගත හැකිය.

4.නිවැරදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම.

Image result for
          පරිගණකයට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීමේදී එය මවුපුවරු නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වර්තමානයේ  අන්තර්ජාලයේ විවිද පුද්ගලයන් විසින් විවිද අවශ්‍යතා(VGA overclock කිරීම වැනි) සඳහා modify කරන ලද ඩ්‍රයිවර්ස්  ඇති අතර එවැනි ඩ්‍රයිවර්ස්  බාවිතයෙන්ද මවුපුවරුවේ ආයුකාලය අඩු විය හැක.

5.ප්‍රශ්නයක් නැත්තම් බයෝස් යාවත් කාලින නොකරන්න.



        ඔබගේ මවුපුවරුව  හොදින් ක්‍රියාත්මක වේ නම් කිසි විටකත් bios update කිරීමට යාම නුවනට හුරු නැත. මවුපුවරුවේ යම් ගැටළු කාරී තත්වයක් පවතියි නම් පමනක් bios update කරන්න.ඊට හේතුව වන්නේ ඔබ පසුව ඉන්ස්ටෝල් කරන bios updateඑක  crash වීමට ඉඩ ඇති බැවිණි.


6.මවුපුවරුව තදින් තෙරපීමෙන් වලකින්න.

Image result for ram memory
   මවුපුවරුවේ ඇතැම් ස්ථාන තරමක් සංවේදී වේ. එම නිසා RAM,VGA card,Sound card ගැලවීමේදී හා සවි කිරීමේදී එය නිවැරදි ආකාරයට ස්පර්ශ කර සවිකළ යුතුවේ. එසේ නොමැතිව හිතුමතේ සවි කිරීමට යාමෙන් මවුපුවරුව අනවශ්‍ය ලෙස තෙරපි එහි ක්රියාකාරීතවයට් බාදා ඇතිවිය හැක.


7.වයිරස් වලින් බයෝස් ආරක්ෂා කරගන්න
Image result for bios virus
        වර්තමානයේ පරිගණක මවුපුවරුවේ බයෝස් වැඩසටහනටද ආසාදනය විය හැකි විවිධ හානිකර වැඩසටහන් ඇති බැවින් ඒවායින් වැලකි සිටිය හැකි හොඳ තත්වයේ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් බාවිතා කිරීම නුවනට හුරුය. වර්තමානයේ ඇති බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග මෙවැනි හානිකර වැඩසටහන් සොයාගැනීමට සහය දක්වයි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 -  -
 
-